විරේන් නෙත්තසිංහ ඔලිම්පික් වරම් ලබයි!

Paris Olympics 2024

48
Viren Neththasingha

ශ්‍රී ලංකා යොවුන් බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ එළඹෙන පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමට සමත් වී තිබෙනවා. 

මෙවර තරගවාරය තුළ ප්‍රසාද ලකුණු 24030ක් රැස් කර ගැනීමට සමත් වී ඇති විරේන් මෙවර ඔලිම්පික් බැඩ්මින්ටන් ඉසව්ව සඳහා සුදුසුකම් ලද ක්‍රීඩකයින් අතර 32 වැනි ස්ථානයේ පසු වනවා. 

ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ඔහු 72 ස්ථානයේ පසු වන අතර, ඔලිම්පික් නීති රෙගුලාසි අනුව එක් රටකින්, එක් ඉසව්වකට සහභාගී වීමට වරම් හිමිවන්නේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට පමණයි. 

ඔලිම්පික් උළෙලේ බැඩ්මින්ටන් ඉසව්ව සඳහා සුදුසුකම් ලබා ගැනීමේ කාල සීමාව මෙම මස 28 වැනිදායින් අවසන් වනවා. 

තවමත් විසි හැවිරිදි වියේ පසු වන විරේන් ඒ අනුව එළඹෙන පැරිස් ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාවේ අභිමානය වෙනුවෙන් තරගබිමට පිවිසෙනු ඇති. 

2024 පැරිස් ඔලිම්පික් උළෙල පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<