හේරත්ගේ වගකීම Mushtaqට

ICC Men's T20 World Cup 2024

40
ICC Men's T20 World Cup 2024

හිටපු පාකිස්තාන දඟපන්දු යවන්නකු වන Mushtaq Ahmed බංග්ලාදේශය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.

2021 වසරේ සිට බංග්ලාදේශ දඟපන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ රංගන හේරත් සිය ධුරයෙන් ඉවත් වීමත් සමඟ බංග්ලාදේශය Mushtaq වෙත හැරීමට තීරණය කළ අතර, ඒ අනුව ඔහු එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය තෙක් සිය ධුරයේ කටයුතු කරනු ඇති.

ඒ අනුව මෙහි දී ඔහු චන්දික හතුරුසිංහ, Nic Pothas, David Hemp සහ Andre Adams යන අය සමඟ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන සිහිනයේ පුහුණුකරුවන් ලෙස කටයුතු කිරීමට නියමිතයි.

1992 එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කළ පාකිස්තාන කණ්ඩායම් ද සාමාජිකයකු වූ Mushtaq Ahmed පසු කාලීන ව පුහුණුකරුවකු ලෙස සිය වෘත්තිය දිවිය ආරම්භ කළා. ඉන් පසුව එංගලන්තය සහ පාකිස්තානය සමඟ දඟපන්දු පුහුණුකරුවකු ලෙස ඔහු වසර ගණනාවක් කටයුතු කළා.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

ESPN Cricinfo ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<