ත්‍රිත්ව සහ සාන්ත පීතර විද්‍යාල අවසන් මහා තරග වෙත පියමනියි

U19 Division 1 School Cricket Tournament 2023/24

67
U19 Division 1 School Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් අවසන් පූර්ව තරග දෙකක් අද (02) නිමාවට පත් වුනා.

මෙහි දී කොළඹ මහානාම විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමත් වූ අතර, කොළඹ ඉසිපතන විද්‍යාලය හමුවේ පළමු ඉනිමේ පරාජයක් ලැබීමෙන් අනතුරුව පූර්ණ ජයග්‍රහණයක් කරා යෑමට කොළඹ සාන්ත පීතර විද්‍යාලයට හැකියාව ලැබුණා.

මෙම තරගවල දී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් දිනුක තෙන්නකෝන් කඩුලු 5 දස්කමක් වාර්තා කළා.

එමෙන්ම කොළඹ සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් ශෙනන් රොද්‍රිගෝ කඩුලු 6 දස්කමක් සමඟින් සමස්ත තරගයේ කඩුලු 8ක් බිඳ හෙළීමට සමත් වුනා.

පළමු කොටසේ Tier A තරග

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය

සාන්ත පීතර විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (අප්‍රේල් 02  03)

  • ත්‍රිත්ව විද්‍යාලය – 228/10 (89.2) දිමන්ත මහවිතාන 68, වතිල උදාර 45, ඉනුක කරන්නාගොඩ 6/71, කූජන පෙරේරා 3/27
  • මහානාම විද්‍යාලය– 194/10 (71.4) රශ්මික පෙරේරා 90, දුල්නිත් සිගේරා 31, දිනුක තෙන්නකෝන් 5/44, මනුල කුලරත්න 2/30

තරගය ජය පරාජයෙන් තොරයි, ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉනිමේ ජයක් සමඟින් අවසන් මහා තරගයට.

පළමු කොටසේ Tier B තරග

කොළඹ සාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය

වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී (අප්‍රේල් 02  03)

  • කොළඹ සාන්ත පීතර විද්‍යාලය– 128/10 (52.4) ඉශිර ආයුපාල 28, සිතුක ගුණවර්ධන 4/49 & 195/9d (30) විශේන් හැළඹගේ 76, ඉශිර ආයුපාල 32, සිතුක ගුණවර්ධන 3/77
  • කොළඹ ඉසිපතන විද්‍යාලය – 144/10 (56.2) රුචිත් රොද්‍රිගෝ 42, ශෙනන් රොද්‍රිගෝ 6/39 & 119/10 (57.3) ලෙසඳු කල්පගේ 26, ලශ්මික පෙරේරා 4/19, දිලන දම්සර 3/20

කොළඹ සාන්ත පීතර විද්‍යාලය ලකුණු 60ක් සමඟින් අවසන් මහා තරගයට.

මේ අනුව වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ Tier A සහ B කාණ්ඩවල අවසන් මහා තරග සඳහා කණ්ඩායම් තේරී පත් වී අවසන්.

Tier A

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය

කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ දී (අප්‍රේල් 8,9 සහ 10)

Tier B

කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ කොළඹ සාන්ත පීතර විද්‍යාලය (අප්‍රේල් 10 සහ 11)

මෙම තරග ද්විත්වයේ ම සජීවී දසුන් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්.

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ නැවුම් තතු විත්ති ඔබ වෙත රැගෙන ඒමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<