රාජිතට බංග්ලාදේශය සමඟ දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි

Sri Lanka Tour of Bangladesh 2024

61
Sri lanka Tour of Bangladesh 2024

කසුන් රාජිතට බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිත මීළඟ ටෙස්ට් තරගය ආබාධයක් නිසා මඟ හැරී යන වාර්තා වනවා. 

ඒ අනුව ඔහු නැවතත් සිය ආබාධයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව බලා පැමිණෙන බවත්, ඔහු වෙනුවට අසිත ප්‍රනාන්දු බංග්ලාදේශය බලා පිටත්ව යන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

බංග්ලාදේශය සමඟ පැවැත්වුණු පළමු ටෙස්ට් තරගය අතරතුර කසුන්ගේ පිට කොන්දේ ආබධයක් ඇති වූ අතර, ඔහු එයට ප්‍රතිකාර ලබා ගන්නා අතරේයි ඔහු තරගය ක්‍රීඩා කළේ. එහි දී ඔහු විසින් කඩුලු 5 දස්කමක් සමඟින් සමස්ත තරගයේ කඩුලු 8ක් බිඳ හෙළීමට සමත් වුනා.

මේ අතර ඔහු වෙනුවට බංග්ලාදේශය බලා පිටත්ව යන අසිත ප්‍රනාන්දු හට ද ආබාධයක් නිසා මෙම තරගාවලිය සම්පූර්ණයෙන්ම අහිමි වන බවයි මීට පෙර සඳහන් කර තිබුණේ. කෙසේ වෙතත් ඔහු මේ වන විට සිය ආබාධයෙන් සම්පූර්ණ සුවය ලබා ඇති අතර, ඒ අනුවයි ඔහු ශ්‍රී ලංකා සංචිතය සමඟ එක් වන්නේ.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 30 වැනි දා ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<