ඉසිපතන විද්‍යාලය පළමු ඉනිමේ ලද තියුණු ජය නිසා අවසන් පූර්ව වටයට

U19 Division 1 School Cricket Tournament 2023/24

44
U19 Division 1 School Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තවත් එක් තරගයක් අද (27) දිනයෙන් අවසන් වුනා.

කොළඹ ඉසිපතන විද්‍යාලය සහ ගාල්ල සාන්ත ඇලෝශියස් විද්‍යාලය අතර පැවැත්වුණු මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලැබීමට ඉසිපතන විද්‍යාලය විසින් සමත් වූ අතර, මෙහි දී තරගයේ කැපී පෙනෙන ක්‍රීඩකයා වූ ඉසිපතන නායක සිතුක ගුණවර්ධන කඩුලු 6 දස්කමක් ප්‍රදර්ශනය කළා. එමෙන්ම කෙවින් සැමුවෙල් ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් ඉනිම් දෙකේ දී ම අර්ධ ශතක වාර්තා කිරීමට ද සමත් වුනා. ඊට අමතරව ගාල්ල ඇලෝශියස් විද්‍යාලයේ දුල්සත් නිම්විරු සහ සසිඳු රන්දීප කඩුලු 4 දස්කම් දැක්වීමට ද සමත් වුනා.

මෙම තරගයේ දී ඉසිපතන පළමු ඉනිමට වඩා ඇලෝශියස් පළමු ඉනිම ලකුණු 6ක් පිටුපසින් සිටීම නිසා ඉසිපතනයට පළමු ඉනිමේ ජයක් හිමි වීම වඩාත් සුවිශේෂී සිදුවීමක්.

පළමු කොටසේ Tier B තරග

කොළඹ ඉසිපතන විද්‍යාලය සහ ගාල්ල සාන්ත ඇලෝශියස් විද්‍යාලය

ඉසිපතන විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (මාර්තු 26 – 27)

  • කොළඹ ඉසිපතන විද්‍යාලය – 156/10 (64) කෙවින් සැමුවෙල් 53, සසිඳු රන්දීප 4/3 & 185/7 (76.1) කෙවින් සැමුවෙල් 73, චනුල් දිනෝත් 40, දුල්සත් නිම්විරු 4/80
  • ගාල්ල ඇලෝශියස් විද්‍යාලය – 150/10 (61.5) තාරුක පෙරේරා 40, සිතුක ගුණවර්ධන 6/33

තරගය ජය පැරදුමෙන් තොරයි, ඉසිපතන විද්‍යාලය පළමු ඉනිමේ ජයක් සමඟින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ නැවුම් තතු විත්ති ඔබ වෙත රැගෙන ඒමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<