Main Logo

Monday 25 March 2024

මෛත්‍රිපාලගේ දේශපාලන ඉරණම

 

මෛත්‍රිපාලගේ දේශපාලන ඉරණම

 

මෛත්‍රිපාල ගැන මට ඇත්තේ අනුකම්පාවක්. එසේ කීම ගැන උරණ වන පිරිසක් ඉන්න බව මා දන්නවා. එහෙත් ඔහු අද එළිමහන් සිරකරුවකු වෙලා. ඔහුට විරුද්ධ නඩු තීන්දුවක් තියෙනවා. ඔහුට රුපියල් කෝටි ගණනක් ගෙවීමට නියම වුණා. ඔහු ඕනෑම මොහොතක අත් අඩංගුවට ගන්න හැකියාවක් තියෙනවා. ඔහු ජීවත් වන්නේ බියෙන් කියා මට හිතෙනවා.

 

ඔහු දේශපාලනයේ ප්‍රධාන වැරදි දෙකක් කළා. එකක් 2015 දී ශ්‍රී නි අත්හැර ගොස් මහින්දට විරුද්ධ තරග කිරීම. ඔහු ශ්‍රී නි අත්හැර යෑමට ප්‍රධාන හේතුව බැසිල්. බව කී ගමන් බැසිල්වාදීන් මට මෙටාවෙ පහර ගහනවා. බැසිල්වාදීන්ට අනුව මා කොටින්ට විරුද්ධ මෙහෙයුම්වල දී නිශ්චිත පැත්තක් අරගෙන නැහැ! අසු ගණන්වල සිට කොටි පැරදවිය හැකිය පැරදවිය යුතු කීවේ කවුද කියා ඔවුන් වුවමනාවෙන් අමතක කරනවා. එහෙත් මා නව සමසමාජ පක්‍ෂයේ සිටිය දී කී කතා ඔවුන්ට මතකයි. අතර බර්ලින් තාප්පය වැටෙන්නටත් පෙර මාක්ස්වාදය වැඩ නොකරන දැනුම් පද්ධතියක් බව කියා මාක්ස්වාදයෙන් සම්පූර්ණයෙන් කැඩුණු බව අමතක කරනවා. අද ඉන් අවුරුදු හතළිහකටත් පසු ඇතැමුන් මාක්ස්වාදයෙන් කැඩිලා මෝදිදාස් (රනිල්දාස) ආවඩනවා. එක ප්‍රශ්නය මෝදිදාස් මාක්ස්වාදය අත්හැර ඇති බව නොකියන්නේ ඇයි යන්නයි. අද ඔහු අනුගමනය කරන මාක්ස්වාදයක් නැහැ.

 

මෛත්‍රිපාල කළ දෙවැනි ප්‍රධාන වරද යහපාලන ආණ්ඩුව පිහිටුවීම. මා එය වරදක් බව කියන්නේ ඔහුගේ පැත්තෙන්. එහෙත් කිරීම ගැන මා ඔහුට කෘතඥ වෙනවා. යහපාලනය ව්‍යවස්ථානුකූල බිඳ දාන්න පුළුවන් බව අප පෙන්වා දුන්නා. එහෙත් කොටි පැරදවීම ගැන බටහිරයන් හා ඉන්දියාව මහින්දට හා ගෝඨාභයට කිසි දා සමාව නොදෙන්නාක් මෙන් රනිල් දින පනස්දෙකේ ආණ්ඩුව පිහිටුවීම ගැන මහින්දටත් මෛත්‍රිපාලටත් කිසි දා සමාව දෙන එකක් නැහැ. රාජපක්‍ෂලාට විරුද්ධවත් නඩු තීන්දුවක් තියෙනවා. එයත් බරපතළයි. එහෙත් මෛත්‍රිපාලට මෙන් නොව මහින්දට තවමත් ජනබලයක් තියෙනවා. මහින්ද අත්අඩංගුවට ගැනීමට පෙර දෙවරක් නොව කිහිපවරක් හිතන්නෙ වේවි.

 

මෛත්‍රිපාල කියන්නේ පාස්කු ප්‍රහාරය ගැන ඔහු දන්නා බවයි. පාස්කු ප්‍රහාරය සිදු වූයේ ඔහු ජනාධිපති කාලයේ. එහෙත් ප්‍රහාරය ගැන ඔහු දැනගෙන තියෙන්නේ සති තුනකට කලින්. බැසිල් ජනාධිපතිවරණයට පෙර මහා මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා සිටියට පස්සෙ. රනිල් බැසිල්ගේ ඉල්ලීමට ඉඩ දේවි කියා හිතන්න බැහැ. මේ තියෙන පාර්ලිමේන්තුව රනිල්ට හොඳයි. ඔහුට වෙන පාර්ලිමේන්තුවක් සමග කටයුතු කරන එක අමාරු වේවි.

 

රනිල් තවමත් ජනාධිපතිවරණය ගැන හිතනවා. ඔහුට දිනන්න පුළුවන් කියල ඒත්තු ගියොත් ඔහු ඔය නියමිත කාලයට ජනාධිපතිවරණය පවත්වා තරගයට ඉදිරිපත් වේවි. එසේ ඒත්තු නොගියොත් ඔහුට විකල්ප කිහිපයක් තියෙනවා. ඒත් ඔහු තවමත් කරන්නේ ඡන්ද එකතු කරන එක. අරුන් සිද්ධාර්ථන් ජා පක්‍ෂයට ගැනීම එහි එක් පියවරක් පමණයි.

 

පොහොට්ටුවේ ඇමතිවරු හා මන්ත්‍රීවරු කිහිප දෙනෙක් දැනටමත් ප්‍රකාශ කර තියෙනවා තමන් රනිල්ගේ ජනාධිපති අපේක්‍ෂකත්වයට සහාය දක්වන බව. මොන ප්‍රශ්න තිබුණත් පොහොට්ටුවට ජන පදනමක් තියෙනවා. ඒ යම් ජාතිකත්වයක් ඇති මහින්ද නිසා. එය සියයට පනහක් නොවෙන්න පුළුවන්. ඒත් සජබය ළඟට ජන පදනමක් තියෙන්නෙ පොහොට්ටුවට. මහින්ද තවමත් ආකර්ෂණීය නායකයෙක්. රනිල්ට පොහොට්ටුවේ ජන පදනම අවශ්‍යයි.

 

ජනාධිපතිවරණයක් පැවැත්වුණොත් පොහොට්ටුවට ඉදිරිපත් කළ හැකි අපේක්‍ෂකයකු නැහැ. පොහොට්ටුවට ජන පදනමක් තිබුණත් අපේක්‍ෂකයකු නැති වීම ප්‍රශ්නයක්, පාර්ලිමේන්තුවේ ආසන යම් ප්‍රමාණයක් දිනා ගත හැකි වුවත් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න අපේක්‍ෂකයකු නැති වීම ප්‍රශ්නයක්. මහා මැතිවරණය මුලින් පැවැත්තුවත් ප්‍රශ්නයට පිළිතුරක් නැහැ.

 

මේ සියල්ල මැද බැසිල්ට සිද්ධ වෙලා ජනාධිපතිවරණයේ දී රනිල්ට සහාය දෙන බව කියන්න. මෛත්‍රිපාලගේ ප්‍රකාශයෙන් කියැවෙන දෙයක් තියෙනවා. පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු ගැන නොවෙයි. ඔහු එය කියන්නේ රහසිගතව විනිසුරුවන්ට පමණයිලු. අද සියලු තත්වයන් යටතේ   ජා පක්‍ෂයට හා පොදු ජන පෙරමුණට නිල හෝ නිල නොවන ආකාරයකට සංධානයකට එළඹීමට සිදු වෙන බවක් ප්‍රකාශයෙන් කියැවෙන බවක් පේන්න  තියෙනවා. පඬි නැට්ටන් හා ජෙප්පන් නම් කියාවි කොහොමටත් මේ තියෙන්නෙ රනිල් රාජපක්‍ෂ ආණ්ඩුවක් කියා. ඔවුන්ට පෙනෙන දේ.

 

එහෙත් එවැනි ජා පොහොට්ටු සංධානයක් සමග පොහොට්ටුවේ කිහිප දෙනකු පක්‍ෂයෙන් ඉවත් වීමට ඉඩ තියෙනවා. ඔවුන් රොෂාන් රණසිංහ සහ තවත් අය වෙනත් සංධානයකට යොමු වෙන්න පුළුවන්.

 

කෙසේ වෙතත් රනිල් ඡන්ද එකතු කරමින් සිටිනවා. මෛත්‍රිපාලට අද කරන්න දෙයක් නැහැ. තමන්ට ප්‍රශ්න ඇති කරන අනුන්ට වැඩක් ඇති ප්‍රකාශ කියවීම ඔහුගේ දේශපාලන ඉරණම වී තියෙනවා. මට දැන ගන්න ඕන සති තුනකට පෙර මෛත්‍රිපාල හමු වූයේ කවුද යන්න පමණයි.