Main Logo

Sunday 24 March 2024

කථානායකවරයාගේ හෙළිදරවුව

 

කථානායකවරයාගේ හෙළිදරවුව

 

පසුගිය දා පාර්ලිමේන්තුවේ දී කථානායකවරයා ඉතා බරපතළ හෙළිදරවුවක් කළා. තමාට විදේශීය හා දේශීය බලපැම් තිබුණ බවටත් ජනාධිපති ධුරයේ කටයුතු කිරීමටත් කී බව ඔහු කියා සිටියා. මෙය ඉතාමත් බරපතළ ප්‍රකාශයක්. පරගලය හා සම්බන්ධ බටහිර හා ඉන්දීය සැලැස්ම මේ ප්‍රකාශය මගින් හෙළිවෙනවා. තමන් ගෝඨාභය එළවූ බවක් කියන පඬි නැට්ටන්ට මේ සියල්ල අතුල් පහරක්. මට  තොරතුරු ලැබෙන්නේ නැහැ. සිද්ධි දාමය ගැලපීමෙන් කතාවක් හදාගන්න එක පමණයි මා කරන්නේ. බටහිර සැලැස්ම ගැන කියන්නේත් කිවුවේත් එලෙසයි.

 

විදේශීය බලවතුන් මෙරට පිනුම් ගහනවා. තානාපතිවරු දේශපාලනඥයන් හා වෙනත් අය නිතර හමුවෙනවා. එහෙත් ඔවුන්ට විරුද්ධ කිසිවක් කෙරෙන්නේ නැහැ. ඊනියා බලධාරීන්ගේ නිවටකම. බටහිර සැලැස්මේ වෙනස්කම් තිබී ඇති බව පැහැදිලියි. සාමාන්‍ය සැලැස්ම වී ඇත්තේ ගෝඨාභය හා මහින්ද ඉවත් කර රනිල් ජනාධිපති කිරීම. එහෙත් ඇතැමුනට එයටත් එහා ගොස් කථානායකවරයා ජනාධිපති ධුරයේ වැඩ බැලීමට පත් කරන්න වුවමනාවක් තිබී තියෙනවා.

 

කථානායකවරයාගේ හෙළිදරවුව සම්බන්ධවයි. තමා හමු වූ විදේශීය බලවතුන් කවුද කියා කථානායකවරයා කියන්නේ නැහැ. එහෙත් කථානායකවරයාට ජනාධිපති ධුරයේ වැඩ බැලීමට ව්‍යවස්ථාවේ ඉඩක් තියෙනවා. ව්‍යවස්ථාවේ අදාළ වගන්ති පහත උපුටා දක්වනවා.

 

“37. (1) රෝගාතුර වීම නිසා හෝ ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටීම නිසා හෝ වෙනත් යම් හේතුවක් නිසා හෝ ස්වකීය ධුරයට අයත් බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමට සහ ඉටු කිරීමට තමාට නොහැකි වේ යයි ජනාධිපතිවරයාගේ මතය වේ නම්, එම කාල සීමා තුළ ජනාධිපති ධුරයේ බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම සහ ඉටු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා පත් කළ හැක්කේ . තව එම කාල සීමාව තුළ අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ බැලීම පිණිස ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ වෙනත් අමාත්‍යවරයකු පත් කළ හැක්කේ එසේ වුවද, අග්‍රාමාත්‍ය ධුරය අවස්ථාව වන විට හිස්ව පවතී නම් හෝ අග්‍රාමාත්‍යවරයාට ජනාධිපති ධුරයේ වැඩ බැලීමට නොහැකි නම් කාල සීමාව තුළ ජනාධිපති ධුරයේ බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම සහ ඉටු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කථානායකවරයා පත් කළ හැක්කේ

 

 (2) ………...එවිට අග්‍රාමාත්‍යවරයා එම කාල සීමාව තුළ ජනාධිපති ධුරයේ බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කළ යුත්තේ ¦ ඉටු කළ යුත්තේ . තව , මෙම ව්‍යවස්ථාවේ (1) වැනි අනුව්‍යවස්ථාවේ විධිවිධාන සලස්වා ඇති පරිදි පත් කිරීමක් කරනු නොලැබ තිබුණ එම කාල සීමාව තුළ අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ බැලීම පිණිස ඔහු විසින් අමාත්‍ය මණ්ඩලයේ වෙනත් අමාත්‍යවරයකු පත් කළ යුත්තේ එසේ වුව , අග්‍රාමාත්‍ය ධුරය අවස්ථාව වන විට හිස්ව පවතී නම් හෝ අග්‍රාමාත්‍යවරයාට ජනාධිපති ධුරයේ වැඩ බැලීමට නොහැකි නම්, කථානායකවරයා කාලසීමාව තුළ ජනාධිපති ධුරයේ බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කළ යුත්තේ ¦ ඉටු කළ යුත්තේ .”

 

අවශ්‍ය අයකුට ව්‍යවස්ථාව කියවා සම්පූර්ණ විස්තරය දැන ගන්න පුළුවන්. එහෙත් පැහැදිලිව කථානායකවරයාට ජනාධිපති ධුරයේ වැඩ බැලීමට නම් අග්‍රාමාත්‍ය ධුරය හිස් තියෙන්න ඕන. ඔය කාලයේ අගමැති ධුරය දැරුවේ රනිල් වික්‍රමසිංහ. අගමැති ධුරය හිස්වෙන්නෙ නැතුව කථානායකවරයාට ජනාධිපති ධුරයේ වැඩ බලන්න බැහැ. පැහැදිලිව කථානායකවරයාට බලපෑම් කළ අයට රනිල් අගමැති ධුරයෙන් අස්කිරීමටත් වැඩ පිළිවෙළක් තිබීම අනිවාර්යයි. රනිල්ට අගමැති ධුරයෙන් අස්වන ලෙස බලපෑම් කළ අය කවුද? රනිල්වත් කථානායකවරයාවත් කිසිවක් හෙළිදරවු කරාවිය කියා හිතන්න අමාරුයි. එහෙත් රටේ ගෞරවය ආරක්‍ෂා කිරීමට නම් කළ යුතුව තිබුණේ අදාළ තානාපතිවරුන්ට රටින් පිටවෙන්න කියන්න.

 

එහෙත් රනිල් ජේ ආර් මෙන් රට තුළ චන්ඩියකු මෙන් ක්‍රියා කළ රටින් පිට හරි බයාදු ආකාරයට වැඩ කරන්නෙ. මෑත කාලයේ රටේ ගෞරවය ආරක්‍ෂා කරමින් විදේශීය තානාපතිවරුන්ට ඇමතිවරුන්ට තදින් ක්‍රියා කෙළේ අර් ප්‍රේමදාස හා මහින්ද රාජපක්‍ෂ. ප්‍රේමදාස  බිරිතානි තානාපතිට රටින් යන්න කිවුවා. මහින්ද බිරිතානි හා ප්‍රංශ විදේශ ඇමතිවරුන් කොටින්ට එරෙහි මෙහෙයුම් නවත්වන ලෙස ඇඹිලිපිටියේ දී කී විට ලංකාව ස්වෛරී රටක් බව ඔවුන්ට තදින් කියා හිටියා. රනිල්ට හැකියාව නැහැ. මා දන්නවා මේ ලිපි නිතිපතා කියවන  රනිල් ගැත්තන්ට මේ ප්‍රකාශයට තරහ යන බව.

 

කථානායක ජනාධිපති ධුරයේ වැඩ බැලීමට පත් කිරීමෙන් විදේශීය බලවතුන් බලාපොරොත්තු වුණේ කුමක් ? මෙරට ලේ විලක් බවට පත් කිරීම ? මහින්දට හා ගෝඨාභයට ගඩාෆි ඉරණමක් අත්කර දීම ? මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය ඉක්මණින් විනාශ කිරීම ? මේ එකකටවත් මට නිශ්චිත පිළිතුරු නැහැ. සමහර විට වෙනත් හේතුවක් තියෙන්න ඇති.