ඇෆ්ගන් A සහ ශ්‍රී ලංකා A තරග කාලසටහන නිවේදනය කරයි

Afghanistan A Tour of Sri Lanka 2024

123

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සමඟ තරග 5කින් සමන්විත එක්දින තරගාවලියකට සහ එක් සිව් දින තරගයකට සහභාගී වීම සඳහා ඇෆ්ගනිස්තාන A කණ්ඩායම එළඹෙන අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. 

අප්‍රේල් මස 28 වැනි දා පළමු එක්දින තරගය පැවැත්වීමට නියමිත අතර මැයි මස 07 වැනි දා දක්වා එක්දින තරගාවලිය පැවැත්වීමට නියමිතයි. එම සියලු තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර, මැයි මස 11 සිට 14 දක්වා පී.සරා ඔවල් ක්‍රීඩාංගණයේ දී සිව් දින තරගය පැවැත්වීමට නියමිතයි. 

Date   Format   Venue  
අප්‍රේල් 28   පළමු එක්දින තරගය   හම්බන්තොට   
අප්‍රේල් 30   දෙවන එක්දින තරගය   හම්බන්තොට  
මැයි 03   තෙවන එක්දින තරගය   හම්බන්තොට  
මැයි 05   සිව්වැනි එක්දින තරගය    හම්බන්තොට  
මැයි 07   පස්වැනි එක්දින තරගය   හම්බන්තොට  
        
මැයි 11 සිට 14 දක්වා   සිව් දින තරගය   පී.සරා ඕවල්  

 තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<