.

.

Mar 13, 2024

රනිල්ගේ කලිසම, ඩ්‍රෙස් කෝඩ් හා වැලෙට් රෝල්


 

රනිල්ගේ කලිසම, ඩ්‍රෙස් කෝඩ් හා

වැලෙට් රෝල්

➖➖➖➖➖➖➖➖⭕▪️


සංචාරක ක්ෂේත්‍රය ගැන අවබෝධයක් නැතත්, කාගේ හෝ මගුළකට තම වාහනයෙන් ගිය එකෙක්, "වැලේ පාර්කින්" කියා දෙයක් අසා ඇතිවාට සැකයක් නැතිය. වැලේ පාර්කින් කියන්නේ හෝටලයේ ආලින්දයේදී රියදුරකුට තම රථය බාර දීමය. එවිට ඔහු වාහනය පාර්කින් ඒරියා එකට ගෙනගොස් නැවත ඔබ පැමිණෙන විට ඔබේ වාහනය නැවත ආලින්දය වෙත රැගෙන එනු ලබන්නේය. කන පැලෙන්නට ගසා සිටී නම් බිරින්දෑට එය බාර දීම වඩා සුදුසුය.


මේ අයුරින් ඇමරිකානූ ජනාධිපතිවරයාගේ ආවතේව කටයුතු කිරීම සඳහා, "වැලෙට්" (Valet ) වරයකු අනිවාර්යයෙන් පත් කෙරෙන්නේය. ඔහු බොහෝ විට හමුදා සේවයේ නිලධාරියකු වනාතර, අනෙකුත් විශේෂිත කාර්‍යභාරයන් රාශියක් අතරේ, ජනාධිපතිවරයාගේ ඇඳුම් පැළඳුම් ගැන වගකීමද ඔහු සතු වන්නේය. මෙය විශේෂයෙන් ඩ්‍රෙස් කෝඩ් එකට පමණක් සීමා නොවන අතර ඇඳුම නිසි ලෙස ඇඳ සිටීමද ඊට ඇතුලත් වේ.


මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වරයා නොවුනද, නෙවිල් විසින් අදටත් කරනුයේ මේ ආවතේවකරු හෙවත් වැලේට් වරයාගේ කාර්‍යභාරයය. මහින්ද මහත්තයා තල්ලු කරගෙන ආවද, ඔහුගේ ඇඳුම, කොන්ඩය  රැවුල මෙන්ම සාටකයද නිසි ලෙස තිබෙන බව ලෝකයම දැකලා තියෙනවාය.


ජෝ බයිඩන් රනිල්ට වඩා වයසින් වැඩිමල් මෙන්ම, ටයි කෝට් පිටින්ම බල්ටි ගසමින් සර්කස් පෙන්නුවද, ඔහුගේ කලසම ඇද වැටෙන්නේ නැතිය. ටයි ගැටේ නියමිත පරිදිය, එය කොලර් අස්සේ ගොස් නැතිය. රනිල්ගේ කොලරය මෙන්, කොලර් අහසට ඉගිලෙන්නට බලන්නේ නැතිය. කොන්ඩය ජෙල් ගා නිසි පිලිවලට පීරා තිබෙනවාය.


මේවා වැදගත් නොවනවා කියන්නේ, මේවා ගැන මෙලෝ අලබෝලයක් නොදන්නා දේශපාලන වහලුන් හා වහලියන් පමණි. අද දේශපාලුවන් හා පක්ෂ මේ සඳහාම වූ පෞද්ගලික ආයතනයන්ගේ සේවය ඩොලර් මිලියන ගනන් ගෙවා ලබාගන්නා බව නොදන්නා ළිං මැඩියෝය. මොකා මොන බයිලා ගැහුවත් අපි තාමත් පොතට කලින් බලන්නේ පිට කවරයමය. සජිත්ගේ කිට් එක තවමත් ඇටෙන්ඩන් කිට් එක ලෙස සරදමට ලක් වෙන්නේ එබැවිනි.


ගොබ්බ ගෝටා ඉන්දියාවට ලිනන් ෂර්ට් එකක් ඇඳගෙන යාම ඉන්දියාව සැලකුවේ ඔවුන්ට කළ අවමානයක් ලෙසටය. ඩ්‍රෙස් කෝඩ් එක රාජතාන්ත්‍රික ගමන් වලදි එතරම් වැදගත් වන්නේය.


අනුර කුමාරට මෙතරම් රැල්ලක් ඇති වීමට මෙන්ම ආකර්ෂණීය නායකයකු වීමට, ඔහුගේ භාහිර පෙනුම, රැවුල හා ඇඳුම් පැළඳුම් විමල් කැටිපෙකරණයකට ලක්වීම බොහෝ සෙයින් බලපෑ බව මාතලන්ගේ මතයය. එමෙන්ම ඔහුගේ ඇඳුම් පැළඳුම් බ්‍රෑන්ඩඩ් වීම, අප විසින් අගය කළ යුතුය. 


මේ සත්‍යයයන් වහලුන්ට අවබෝධ කර ගැනීමට නොහැක. මෑතකම පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාෂයක් කරමින් සිටින මොහොතේද රනිල්ගේ කලිසම තව ටිකෙන් බිම වැටෙනවාය. එමෙන්ම කුලියාපිටියේදීද ඔහුගේ කතාව කරගෙන යනවාට වඩා ඔහුගේ අවධානය යොමුව තිබුනේ කලිසම බිම වැටීම නවතා ගැන්ම බව ඒ ගැන සැලකීමෙන් බැලූ කෙනෙකුට පහසුවෙන් අවබෝධ වන්නට ඇතිය.


නායකයින්ට බයේ මේ පිළිබඳව ඔහුගේ අවධානය මේ කෙරේ යොමු නොකරන්නන් ඔහුට කරන්නේ අවැඩක් මිස වෙන කිසිවක් නොවේමය. ඔහුගේ හිතවාදින් විසින් කළ යුතු හොඳම දෙය,

 මේ ගැන ඔහු දැණුම්වත් කර ඔහුටත් නෙවිල් කෙනෙක් සෙට් කරනා එකය.


මන්ද, නායකයාටම කලිසම ඔසවාගෙන යන්නට සිඳුවීමෙන් රට උස්සන වැඩේ පරක්කු වන නිසාය. එබැවින් කර පටි හෙවත් සස්පැන්ඩර් පැළඳීම නොකලකොත් කලසම බිම වැටී රට මෙන්ම රනිල්ද ලැජ්ජාවට පත්වන දිනය  වැඩි ඈතක නොවනා නිසාය.


.

5 comments:

  1. මාතලන් කියන ගස් ගෙවලයට පොන්නයා කියා ආමන්ත්‍ර‍ණය කිරීම සැබැවින්ම ගැලපෙන නිසා මමද ඔහු මාතලන් පොන්නයා ලෙස මේ කමෙන්ටුව තුල හදුන්වමි. 2014 ජූනි 27 වන දින මගේ අඩවියේ පල කල සෞදියේ ඉන්දික ලියූ සෞදි අරාබියේ උණු කදුළු නම් ලිපිය අරඹයා මාතලන් පොන්නයා විසින් පල කල ගැලපීමක් නැති කමෙන්ටු වලට එරෙහිව ඇනෝ මිත්‍ර‍යන් විසින් පල කල අදහස් සමග ගැටුන මාතලන් පොන්නයා අද මෙන්ම එදාද ඒ ඇනෝ කමෙන්ට් මගේ යයි චෝදනා කලේය. ඒවා මකා දමන ලෙස මා හට තර්ජනය කලේය. එහෙත් මගේ නවාතැන මාරු කර අලුත් නවාතැනකට සම්බන්ධ වී, අන්තර්ජාල පහසුකම් නොමැතිව සිටි මා හට ඔහුගේ ඉල්ලීම ඉටු කරන්නට දින දෙක තුනක් ගත විය. මේ අතර තුර කාලයේ මගේ ආදරණීය මව් තුමියට පවා අපහාස කරමින් මාතලන් පොන්නයා මවෙත එවූ සියලුම පණිවිඩ තවමත් මා ලග සුරැකිව තිබේ. මවට සහ පියාට ඉතාම ආදරය කරන පුත්‍ර‍යකු ලෙස ඒ අවස්ථාවේ මා තුල ඇති වූ ආවේගයේ තරම අනුව මා එම අවස්ථාවේ ලංකාවේ සිටියා නම් මා අතින් මාතලන් පොන්නයාගේ අත පය ගැලවෙන්නට ඉඩ තිබුනි. තත්වය එසේ වුවද මා හට පොන්නයා යැයි ඌ දන්නා දහම අනුව චෝදනා කරමින්..මාතලන් සින්ඩිය නැමති කැලෑ පත්තර අලවන ස්ථානයේ සිරා කොලුවාට එරෙහිව කැලෑ පත්තරයක් පල කල මාතලන් පොන්නයා ඒ අරභයා මවිසින් කරුණු දක්වන ලද කිසිම කමෙන්ටුවක් එහි පල නොකරන ලදී. මිතුරු වේෂයෙන් මා සමග ඇසුරු කල අතීතයේ අප අතර ඇති වූ කථා බහ පවා එහි ප්‍ර‍සිද්ධියට පත් කොට තිබුන අතර මාතලන් යනු සැබෑ ලෙසම පොන්නයෙකු බවත්, නිසි අධ්‍යාපනයක් නොලැබූ මෝඩ තක්කඩියෙකු බවත් මම තේරුම් ගතිමි. ඒ අවස්ථාවේ මධ්‍යස්ථ සිතින් අදහස් දැක්වූ රාජ්, දේශකයා වැන්නවුන් පිළබද මා සිතේ ඇත්තේ ගෞරවයකි.

    එයින් අනතුරුව ගත වූ කාලය තුල සිංහල බ්ලොග් අවකාශය තමන්ගේ බූදලයක් යයිද, තමා එහි පොලිස් කාරයා යනුවෙන්ද සිතා මහත් වූ හීනමානයකින් කටයුතු කල මාතලන් පොන්නයා වෙත වසරේ හොදම බ්ලොග් කාරයා යැයි කටු ඔටුන්නක් පැළදවීම මේ මෝඩ මූසලයාගේ මෝඩ තකතීරුකම් තවත් වර්ධනය කරන්නට සහාය වූවේය. එතැන් සිට අද දක්වා සිදු වූ සියලු දේ ඔබට දැන් පැහැදිලි වී තිබේ. සිංහල බ්ලොග් අවකාශය තුල තිබූ සහජීවනයට මරු පහරක් වූ මේ පාහරයා නිසා බ්ලොග් ලිවීම නතර කල උන් කීප දෙනෙකි. එහෙත් මාතලන් වැනි පොන්නයින් දුසිමක් වට කරගෙන නෙලුවත් සිරා කොලුවාගේ බ්ලොග් කෙරුවාව නතර කරන්නට බැරි බව අවසානයේ මාතලන් පොන්නයා වටහා ගත්තේය.

    මාතලන් පොන්නයාගේ මෑත කාලීන ලිපියක මා පිළිබදව සටහනක් ඇති බව මාගේ මිත්තරයෙක් සැළ කල හෙයින් මම එය කියවීමි. එහිද මවිසින් තැබූ කිසිම කමෙන්ටුවක් මේ මරි මෝඩ හරකා පල කලේ නැත. තමන්ගේ කිල්ලෝටයේ හුණු තබාගෙන අන් අයට චෝදනා කිරීම මාතලන් පොන්නයාට ටොයිස් වැඩකි.

    මෙවැනි පොන්නයෙක් මිත්තරයෙක් ලෙස ඇසුරු කරන අයෙකුට ලැබෙන්නේ මොනවාදැයි මට සිතෙයි. පහුගිය දින කීපයේ මාතලන් පොන්නයා විසින් කියන ලියන ලද දෑ...උගේ දරුවෙකු මතු දිනයක දුටුවහොත් තමන්ගේ පියා පිළිබද ඒ දරුවාගේ සිතෙහි කුමන තක්සේරුවක් ඇති වේද ?

    කෙසේ හෝ ස්වභාව ධර්මයා අවසානයේ නිසි පිළි්තුරු ලබා දී තිබේ. නිකරුනේ මා වෙත චෝදනා කොට පොන්න ලේබලයක් ඇලවූ...මාතලන් පොන්නයා සැබෑ ලෙසම පොන්නයෙකු බවට දැන් පත් වී හමාරයි. ඔබට ජය රාජ් !

    ReplyDelete
  2. “අද කාලෙ ප්‍රේමෙයි මාමයි බෑනයි”

    ප්‍රේමේ - අපෙ හොඳ මාමණ්ඩිට බුද්ධං සරණේ සරණයි
    මාමා - අපෙ හොඳ ප්‍රේමෙටත් ධම්මං සරණේ සරණයි
    ප්‍රේමේ - අපෙ හොඳ මාමණ්ඩිට සංඝං සරණේ සරණයි
    ප්‍රේමේ සහ මාමා - අනේ ඉතිං අපි දෙන්නට
    හඳහන් සරණේ සරණයි

    ප්‍රේමේ - මාමණ්ඩිට එන්න කියල යැවුවා මං පණිවුඩයක්
    මාමා - ප්‍රේමෙ මචං ඒ හින්දයි අවේ මං තකහනියක්

    ප්‍රේමේ - කලබල වෙන්න එපා හිත නරක් කර ගන්න එපා
    සිද්ද වෙච්ච දේ කියන්නත් මොකක්ද වාගේ
    මාමා - අයියෝ මොන පිස්සුද කියන්න ඕන දෙයක්
    කිසි වරදක් නැති මගෙ හිත මට විශ්වාසයි


    ප්‍රේමේ - ගෙදර උන්නු උඹේ කෙල්ලට අයියෝ වෙච්ච දෙයක්
    ඒකයි මට කණගාටූ
    මාමා - ඒකි බඳින්නට කලියෙන් හඳහන නැතිවුනා නේද
    ඒකයි මට කණගාටූ

    ප්‍රේමේ - අපෙ හොඳ මාමණ්ඩිට බුද්ධං සරණේ සරණයි
    මාමා - අපෙ හොඳ ප්‍රේමෙටත් ධම්මං සරණේ සරණයි
    ප්‍රේමේ - අපෙ හොඳ මාමණ්ඩිට සංඝං සරණේ සරණයි
    ප්‍රේමේ සහ මාමා - අනේ ඉතිං අපි දෙන්නට
    හඳහන් සරණේ සරණයි

    ප්‍රේමේ - බ්ලොග් ලෝකෙම ගඳ ගස්සන ගූතා දන්නවා නේද?
    මාමා - අපොයි මොකද මං නොදන්නෙ මගේ බෑන ගයිඩ නේද?

    ප්‍රේමේ - අපි කළ දෙයක් නොවෙයි තරහ ගන්න එපා මාමේ
    දෝනියන්ද වෙන එකෙක්ට රෙද්ද උස්සලා
    මාමා - අයියෝ සුළු දෙයක්නෙ එකිත් බල බලා උන්නෙ
    පොන්නයගෙන් ගැලවෙන්නේ කොහොමද කියලා

    ප්‍රේමේ - කුණුහරපම කියන එකා බ්ලොග් ලෝකෙට කෙලින එකා
    ඒකයි මට කණගාටූ
    මාමා - ආස්සරේ කරනු එපා කරන මිනිහ අමාරුවේ
    ඒකයි මට කණගාටූ

    ප්‍රේමේ - අපෙ හොඳ මාමණ්ඩිට බුද්ධං සරණේ සරණයි
    මාමා - අපෙ හොඳ ප්‍රේමෙටත් ධම්මං සරණේ සරණයි
    ප්‍රේමේ - අපෙ හොඳ මාමණ්ඩිට සංඝං සරණේ සරණයි
    ප්‍රේමේ සහ මාමා - අනේ ඉතිං බ්ලොග් ලෝකෙට
    ගූත නිසා අබ සරණයි

    ReplyDelete
  3. මාතලන් කියන කතාව එක්ක මමත් 100% ක් එකඟයි ට්‍රම්ප් වගේම ඊටත් වඩා හද්ද නාකි පණනැති මලහෝන්තුවක් වන ජෝ බයිඩං දාර බයියයටත් රෙදි හොඳම විදියට අන්දලා තියෙනවනේ ඒ ගොන් මීහරකා කොච්චර පිස්සු කෙලියත්... අනෙක සැබෑ ඇමරිකාව සහ මේ වෝක් පිස්සො ටිකක් දැනට කන්ට්‍රෝල් කරන හොලිවුඩය කියන්නෙ මොන තරම් මායවක් බොරුවක් ද කියල බලන්න ට්‍රම්ප් ගේ රැළියක් බලන්න ඕනෙ.
    වැදගත් තර්කය විතරයි. වෝක් පිස්සො වගේ ඉමෝශනල් නෑ.

    ජෝන් සීනගේ හෙලුවැලි නාඩගම නටපු ඔස්කාර් උළෙලවල් වගේම හොලිවුඩ් බිග් ස්ටුඩියෝස් නටන මේ පිස්සු වල මේ යන්නෙ අන්තිම රවුම. ඩිස්නි ස්ටොක් එකට වෙලා තියෙන හරියෙන් ඒක අපිට තේරුම් ගන්න පුලුවන්.

    ReplyDelete
  4. රනිල්ගේ නායකත්වය පෞරුෂය වගේම ඇඳුම පැළඳුම පවා ආණ්ඩුවට ඉතාම අවාසිදායක දෙයක්. රනිල් වික්‍රමසිංහ සහ ඔහු මත යැපෙන පොහොට්ටුවේ කොටස් මේ පිළිබඳව වැඩිදුර අවධානය යොමුකරන එක ඔවුන්ගේම දේශපාලනික අනාගතය තීරණය කරන සාධකයක් වේවි.

    මාතලන් කවදා හරි මොසෙස්ගේ කතාව කියවලා තියෙනවද?

    ඒ කතාව කියවලා නැතත් ඉස්සර TV එකේ ගිය මෝසෙස් දසපණත ගාන සිනමා නිර්මාණ නැත්නම් අඩුගානේ Animation Film එක හරි බලලා ඇති නේද?

    පාරාවෝ යටතේ ඊජිත්තුවන් ළඟ හැදිලා වැඩුණු යුදෙව් දරුවෙකු උස් මහත් වෙද්දී තමාගේ ජනතාව ඊජිත්තුවන් අතින් පරපීඩනයට ලක්වෙන හැටි, ඔවුන් වහලුන් ලෙස දුක් විඳින විදිහ දරාගත නොහැකිව, ඒ යුදෙව් වැසියන්ව රතු මුහුද දෙකඩ කොට දෙවියන් විසින් දුන්නා වූ භූමිය වෙත රැගෙන ගිය දෙවියන්ගේ පණිවිඩකරුවා කියලා සරළව මෝසෙස් කෙටියෙන් හඳුන්වාදෙන්නට පුළුවන්. මොසෙස්ට මේ දේවල් කරන්න දෙවියන්ගෙන් බලවත් දෙයක් ලැබෙනවා ඒක හීබෲ භාෂාවෙන් matteh නමින් ඉංග්‍රීසි පරිවර්තනයේ දී Staff of God (දෙවියන්ගේ යෂ්ටිය) කියලත් හඳුන්වනවා.

    මොසෙස්, ඊජිත්තුවට ගිහින් ඒ යෂ්ටියේ බලයෙන් පාරාවෝගෙන් සිය ජනතාව ගලවා ගන්නවා.

    මේක සිනමා නිර්මාණවලින් බැලුවොත් මේ මොසෙස්ගේ කතාව Shawshank Redemption කියන ෆිල්ම් එකේ Symbolism කරලා තියෙනවා කියලා දන්නවද?

    ඒකේ Andy විසින් අවසානයේ සිය අතේ තිබුණු බයිබලය සිරගෙදර භාරකරු ලෙස කටයුතු කළ නොර්ටන්ගේ සේප්පුවට දානවා, නොර්ටන් එය පෙරළා බලද්දී මිටිය හංගලා තිබුණු විදිහ දකිනවා.

    ඒ මිටිය හංගලා තිබුණේ බයිබලයේ 71 වෙනි පිටුවේ, එතකොට 70 වෙනි පිටුවේ තමා Book Of Exodus නැත්නම් මොසෙස්ගේ කතාව ආරම්භ වෙන්නේ..

    එතකොට නොර්ටන් එක අවස්ථාවක් ඇන්ඩිගේ සිරකුටිය පරික්ෂා කරද්දී ඇන්ඩිගේ බයිබලය නැවත අතට දෙමින් කියනවා, "𝙎𝙖𝙡𝙫𝙖𝙩𝙞𝙤𝙣 𝙡𝙞𝙚𝙨 𝙬𝙞𝙩𝙝𝙞𝙣…" කියලා. ඒ කිව්වේ ගැලවීමේ මඟ බයිබලය තුළ තිබෙනවා කියන එක, ඒ වෙද්දීත් ඇන්ඩි බයිබලය තුළ මිටිය හංගලා තිබුණා 𝘽𝙤𝙤𝙠 𝙊𝙛 𝙀𝙭𝙤𝙙𝙪𝙨 කියන පරිච්ඡේදයේ.

    මොසෙස්ට සිය ගැලවීමේ මාර්ගය සොයා ගැනීම සඳහා දෙවියන්ගෙන් ලැබෙන දේ තමා දෙවියන්ගේ යෂ්ටිය, එතකොට ඇන්ඩි පුංචි ගල් කැඩිය හැකි මිටිය..

    දැන් මේක මෙතනින් ඉවර වෙන්නේ නෑ, ඇන්ඩි හිරෙන් නිදහස් වුණු ගමන් සිරගෙදර බාරකාරයාටයි, අර හිරගෙදර පොලිස් ලොක්කාටයි එරෙහිව සාක්ෂි වගයක් මාධ්‍යයට දීලා නීතිය ක්‍රියාත්මක කරනවා.

    එතකොට හිරගෙදර භාරකාරයා වුණු නොර්ටන්ගේ අවධානය එක්වරම යන්නේ ඔහුගේ බිරිඳ විසින් නිර්මාණය කළා කියපු ​ වාක්‍යයක් වෙතට "𝙃𝙞𝙨 𝙅𝙪𝙙𝙜𝙢𝙚𝙣𝙩 𝘾𝙤𝙢𝙚𝙩𝙝 𝙖𝙣𝙙 𝙄𝙩𝙨 𝙍𝙞𝙜𝙝𝙩 𝙎𝙤𝙤𝙣..." කියලා. මොසෙස් ඊජිත්තුවට ගිහින් කරන්නෙත් අන්න ඒ වගේ දෙයක්, අර පාරාවෝ කළ අපරාධයන්ට එරෙහිව දෙවියන්ගේ විනිශ්චය ලබාදෙන එක.. එතකොට ඇන්ඩි කරන්නෙත් නොර්ටන් සහ ඔහුගේ හෙංචියන් කළ අපරාධයන්ට නීතියේ විනිශ්චය ලබාදෙන එක...

    මේ කතාව දකිනකොට අපට පුදුමයක් නැහැනේ ප්‍රේක්ෂකාගාරය මේ කතාව SR එක 𝙄𝙈𝘿𝙗 ලැයිස්තුවේ පළමු තැනම රඳවාගෙන ඉන්න එක..

    ReplyDelete
  5. ඇමෙරිකාව සහ එංගලන්තය බලන්නේ ඔවුනගේ සුවච කීකරු සහ රට පාලනය ගැන මෙලෝ හසරක දැනුම නැති මෝඩයන් රැලක් වන ජවිපෙ ජාතීක ජන බලවේගය ලෙස මාලිමා රජයක් පත්කර ලංකාව US සහ UK බේස් එකක් බවට පත්කර නේටෝ කල්ලියට රූකඩ පාලන භූමියක් ලෙස ඇෆ්ගනිස්ථානය සහ යුක්රේනය අහිමි වූ හිදැස පුරවා ගන්නයි. ලංකාව මේ මගින් සම්පූර්ණයෙන්ම විනාශ වීමට නියමිතයි.

    නමුත් ඒ අතරම ඉන්දියාව Geopolitical සංග්‍රාමික උපාය මාර්ගයේදී ඉන්නේ රුසියාව සමගයි. ඒ නිසා මාලිමාවට බලයට පැමිනීමට ඉන්දියාව කිසිසේත්ම ඉඩ නොතබන ඇති බවයි මම නම් හිතන්නේ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න