Main Logo

Sunday 10 March 2024

සිංහල බෞද්ධයන්ගේ අසරණකම

 

සිංහල බෞද්ධයන්ගේ අසරණකම

 

ගෝඨාභය ඉවත් කිරීම ගැන බොහෝ අය ප්‍රතිචාර දක්වල තිබුණා. අතර ජාතිකවාදීන් යැයි කිව හැකි අයත් හිටියා. ඔවුන් මා කියන දේට එකඟ නැහැ. මගේ නම් පරගලය පටන්ගත් දින සිට මතය වුණේ මෙය සිංහල බෞද්ධ නායකත්වය නැති කිරීම සඳහා බටහිරයන් හා ඉන්දියාව කළ සැලසුමක ප්‍රතිඵලයක් බවයි. මිනිසුන් එදා නිකම් පාරට බැස්සා නො වෙයි. පාරට බැස්සුවා. එය බටහිර ගැති රනිල් බලයට පත් කිරීම සඳහා කරන ලද සැලැස්මක්. රුවන් විජේවරධන ලවා රනිල් පරගලය ආරක්‍ෂා කළ බව අමතක කරන්න එපා.

 

ගැන නැවත නැවත ලියන්න මට අවශ්‍ය නැහැ. සම්බන්ධයෙන් මා ලියූ ලිපි රාශියක් තියෙනවා. පරගලයෙ මූලිකත්වය දැරුවෙ කවුද කියන එක පැහැදිලිව පේන්න තිබුණා. මෙරට නායකත්වය. එහෙත් පරගලය පිටුපස සිටියෙ බටහිරයන් හා ඉන්දියාව. අපට කිසි දිනෙක මාස හයක භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඩොලර සංචිත තිබුණෙ නැහැ. අපි ජාතියක් හැටියට ආදායමට වඩා වියදම් කළා. අපි ණයට කැවා. අද ඊයේ නො වෙයි. 1950 පමණ සිට. අප නිෂ්පාදනයක් ගැන හිත යොමු කළා නම් බණ්ඩාරනායක මැතිණියගෙ කාලයේ. ජේ ආර් රොනී ලලිත් ඇතුළු පිරිස ඊනියා විවෘත අර්ථිකයකින් එය සුණු විසුණු කර දැම්මා. අපේ ආදායමට වඩා වියදම වැඩි වීම අධි පරිභෝජනය බොරු උගත්කම ඇතුළු බොරු ෂෝක් මේ සියල්ලට මුල.

 

කාට හරි කියන්න පුළුවන් රනිල් අගමැති කෙළෙ ගෝඨාභය කියලා. අවස්ථාව බටහිරයන් සැලසුම් කරල තිබුණෙ වෙනත් අයකුට අගමැතිකම භාර අරන් කරන්න බැරි වෙන විධියට. වෙන අයකු අගමැති වුණා නම් ණය ගෙවීම කල්දාන්න දෙන්නෙ නැහැ. මා පුදුම වෙන්නෙ නැහැ වෙනත් කිසිවකු ඉදිරිපත් නොවීම ගැන. ගෝඨාභයට රනිල් හැර වෙනත් විකල්පයක් තිබුණෙ නැහැ.  පසු අවස්ථාවක ජනාධිපතිකමට රනිල්ගෙ හා ඩලස්ගෙ නම් ඉදිරිපත් වුණු අවස්ථාවෙ  පොහොට්ටුව නම් දෙකෙන් රනිල් තෝරාගත්තා. ඩලස් තෝරා ගත්තා නම් රට අරාජික වෙන එක වළක්වන්න බැහැ. 

 

මෙරට විද්වතුන් නැහැ. ඉන්නෙ තම ඊනියා උගත්කම ලෝකෙට (රටට) පෙන්වන්න හදන පිරිසක් පමණයි. කවුද කියල තිබුණ මෙරට වැඩ්ඩන් නැති බව. ඔහු එය කියා තිබුණෙ සිංහලයන් දෙවැනි පෙළට වැටීමට හේතුව ඔවුන් වැඩ්ඩන් නොවන බව කීමට. එහෙත් ඔහුට අමතක වූ කරුණ නම් පළමු පෙළේ ඉන්න සිංහල බෞද්ධයන් නොවන්නන් ඔහු කී පරිදි වැඩ්ඩන් නොවන බවයි. ඔවුන් වැඩ්ඩන් නොවී පළමු පෙළට අයත් වුණේ මෙරටට පැමිණි බටහිරයන් ඔවුන් තත්වයට පත් කළ නිසා.

 

සිංහල බෞද්ධයන්ට යම් වටිනාකමක් දෙන්න කටයුතු කරල තියෙන්නෙ  චන්ද්‍රිකාගෙ ආණ්ඩුව හැරෙන්න ශ්‍රී නි ප්‍රමුඛ ආණ්ඩුවලින්. ජේ ආර් රනිල් තනි බටහිර ගැත්තන්. ජේ ආර්ට දවස්වල කිවුවෙ යැංකි ඩිකී කියල. ඔහු රිචඩ් කෙනකු නිසා ඩිකී වුණා. ඇමරිකාවට කත් ඇද්ද නිසා යැංකි වුණා. රනිල්  එංගලන්ත ගැත්තෙක්. එහෙත් මේ දෙදෙනාටම ඉන්දියාවට අවනත වීමට සිදුවීම අහම්බයක් නො වෙයි. ඉන්දියාව බටහිරත් සමග මොන සම්බන්ධකම් තිබුණත් ලංකාව තමන්ට අවශ්‍ය ආකාරයට හසුරවන්න බලා ඉන්නෙ. මා මේ ඊනියා භූ දේශපාලන යථාර්ථයක් ගැන කියනවා නො වෙයි. මා දන්නේ නැහැ.

 

මා දැන ගැනීමට උගතකුවත් බුද්ධිමතකුවත් නො වෙයි. නිසා කළු කුහර නැහැ කියන්නත් මට පුළුවන්. අර කර් මිතිකය (Kerr Metric) ගැන නම් මා ටිකක් දන්නවා. ඒත් එහි අභ්‍යන්තර විසඳුමක් නැහැ. බැරිද ඔය  විද්‍යාඥයකුට භ්‍රමණය වන වස්තුවක් සඳහා අභ්‍යන්තර විසඳුමක් ඉදිරිපත් කරන්න. කොහොමටත් කර  පහුගිය දවස්වල කියල තිබුණ අපූර්වතා නැහැ කියල. අදාළ පත්‍රිකාව මා මේ පිටුවල ඉදිරිපත් කර ඇති.

 

මා උගතකු බුද්ධිමතකු නොවීම වාසියක්. මට බටහිර දැනුම් ආධිපත්‍යයට යට වීමට අවශ්‍ය නැහැ. මට නාථ දෙවියන් ධම්මික පැණිය විශ්වාස කිරීම ප්‍රශ්නයක් නො වෙයි. අප කියා සිටියේ බටහිර ක්‍රමයට අවශ්‍ය නම් පැණිය පරීක්‍ෂා කර බලන්න කියා. එහෙත් මට දැනගන්න ලැබී ඇති අකාරයට නැහැසුම් කඩා කප්පල් කෙරුණා. මෙරට උගතකු වීමට බුද්ධිමතකු වීමට බටහිර දැනුම් ආධිපත්‍යයට යට වීම අනිවාර්යයි. කලාකරුවන්ටත් එහෙමයි. මා බටහිර දැනුම ප්‍රතික්‍ෂෙප කරන්නේ නැහැ. ප්‍රතික්‍ෂෙප කරනවා නම් මට මේ ලිපිය පරිගණකයේ ලියන්නත් බැහැ. ඒත් මා බටහිරයන් හා ඔවුන්ගේ ගැත්තන් අපට ලබා දෙන සමහර දේ පිළිගන්නේ නැහැ.

 

බටහිරයන් (හා ඉන්දියාව) කිසි දිනෙක කියන එකක් නැහැ ගෝඨාභය ඉවත් කෙළේ තමන් කියා. බොහෝ ජාතිකවාදීන් පිළිගන්නේ නැහැ. අද මෙරට බොහෝ දෙනා තැත් කරන්නේ ජාතියේ පවු (අර අධි පරිභෝජනය නිෂ්පාදනය නැති කිරීම ණයට කෑම බොරු උගත්කම් ඇතුළු බොරු ෂෝක් ආදිය)  ගෝඨාභය පිටින් අරින්න. මා දන්නවා ජාතිකවාදීන්ට අද විශාල ප්‍රශ්නයක් තිබෙන බව. මහත් ඕනෑකමකින් බලාපොරොත්තුවකින් පත් කර ගත් ගෝඨාභය ඉවත් කෙරිලා. ගෝඨාභයගේ දුර්වලකම් නැහැ කියා මා කියන්නෙ නැහැ. එහෙත් බණ්ඩාරනායක මැතිණියගෙත් මහින්දගෙත් දුර්වලකම් තිබුණා. ගෝඨාභයට හොඳ උපදේශක මණ්ඩලයක් තිබුණෙ නැහැ.

 

ඔහුට මුල දී පවුලේ සහයෝගය ලැබුණෙත් නැහැ. පවුල ඔහුගේ අපේක්‍ෂකත්වයට විරුද්ධ වුණා. ජාතිකවාදීන්ගේ බලවත් වුවමනාවට තමයි ඔහු ජනාධිපති අපේක්‍ෂක වුණෙ. අවාසනාවකට ගෝඨාභය වටා හිටි ඊනියා ජාතිකවාදීන් වුණෙ වියත්මග කණ්ඩායම. අනෙක් ජාතිකවාදීන් හිටියෙ පරිධියේ. ඊට අමතරව ජයසුන්දර ආදීන්. ඔවුන්ගෙ උපදෙස් මත තමයි ගෝඨාභය ක්‍රියාත්මක වුණෙ. මා එක උදාහරණයක් පමණක් කියන්නම්. එයත් මා කලින් කියා තියෙනවා. ඔහු පොහොර තහනම් කෙළෙ ජාතිකවාදීන්ගෙ  වුවමනාවකට නො වෙයි. ජයසුන්දර ගණන් හදලා පෙන්නුව පොහොර තහනම ආර්ථික වශයෙන් ලාබයි කියා. ගෝඨාභයගෙ තවත් උපදේශකයකු වූ සලේ තමයි අර නැහැසුම් වඩේ පිටුපස හිටියෙ. ගෝඨාභයට මහින්ද පුත්‍රයන්ගෙන් ලැබුණෙ බැනුම් මිස ආධාර නො වෙයි.

 

එහෙත් ගෝඨාභය සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන ලබා දීම සඳහා තමාට හැකි අයුරින් ක්‍රියා කළා. රනිල් පහුගිය දා කියා හිටියා ඔහුට වැඩ බලන ජනාධිපති ලෙස දිවුරුම් දෙන්න තැනක් තිබණෙ නැහැ කියා. ගෝඨාභයට නම් ප්‍රශ්නය තිබුණෙ නැහැ. ඔහු සංකේතාත්මක තෝරා ගත්තෙ රුවන්වැලි මහා සෑ මළුව. ජාතිකවාදීන් ලෙස මා සලකන සමහර අය ගෝඨාභය අරක කෙළේ නැත මේක කළේ නැත කියනවා. ඔහුගෙ කාලයෙන් වැඩි හරියක් ගත වුණෙ කොවිඩ් මර්දනයට. ඔහු එය සාර්ථක කළා.

 

එහෙත් බටහිරයනට හා ඉන්දියාවට කොවිඩ් අස්සෙ වෙනත් සැලසුම් තිබුණා. තෙල් නැවුවලට මුදල් ගෙවීම හරි හැටි සිදු වුණෙ නැහැ. ගෑස් පිපිරීම් ගැන පරික්‍ෂණයක් කළ යුතුව තිබුණා. ගෑස් සිලින්ඩර දහයක්වත් පිපිරුණෙ නැහැ. එහෙත් එහි සැලැස්මක් තිබුණා. දෙරණත් පිපිරීම්වලට විශාල ප්‍රසිද්ධියක් ලබා දුන්න. විදෙස් ශ්‍රමිකයන්ට මුදල් එවන්න එපා කිවුව. ගෝඨාභයට නන්දලාල් වීරසිංහ ගෙන ඒමට උපදෙස් දුන්නෙ කවුද? ඔහු පැමිණ රට බංකොළොත් කිවුව. ණය ගෙවන්න බැහැ කියන්නෙ රට බංකොළොත් කීම මිසක් වෙන දෙයක් නො වෙයි.

 

කාට හරි කියන්න පුළුවන් ගෝඨාභය වැරදි උපදේශකයන් තියා ගත්තෙ මොකද කියා. ඔහුට බලාපොරොත්තු උපදෙස් ලැබුණෙ නැහැ. බණ්ඩාරනායක මැතිණියට ෆීලික්ස් ඩයස් බෑණා හිටියා. ගෝඨාභයගෙ වැරදි ඇති. වැරදි නැති අය ඉන්නෙ සිංහල බෞද්ධ විරෝධීන් හා ඇතැම් ජාතිකවාදීන් අතර වෙන්න පුළුවන්. ඒත් වැරදිවලටත් උපදේශකයන් නොහිටීමටත් වඩා බලවත් වුණෙ බටහිර හා ඉන්දීය සැලැස්ම. ඔවුන් තම අනුග්‍රහය ලැබූ කොටි පරාජය කිරීම ගැන කිසි දා කිසිම සමාවක් දෙන්නෙ නැහැ. ඔවුන්ට අවශ්‍ය සිංහල බෞද්ධ නායකත්වය නැති කරන්න.

 

මතක තබා ගන්න සිංහල බෞද්ධයන්ට ලෝකයේ කිසිම පිළිසරණක් නැහැ. ථෙරවාද බෞද්ධ සභ්‍යත්වයක් ලෝකයේ නැහැ. මුස්ලිම් සභ්‍යත්වයක් ක්‍රිස්තියානි සභ්‍යත්වයක් ආදී වශයෙන් තිබුණත් ථෙරවාද සභ්‍යත්වයක් නැහැ. අපේ ආධාරයට මියන්මා එන්නෙ නැහැ. තායිලන්තය එන්නෙ ඇමරිකාවෙ වුමනාවට. අප අප ගැන බලා ගන්න ඕන.

 

කාට හරි කියන්න පුළුවන් මා රෙදි අපුල්ලනවා කියා. එහෙමත් නැත්තන් මියන්මාහි තානාපතිකම දුන්න එකට ස්තෝත්‍ර ගයනවා කියා.  තවත් සමහරු කියන්න පුළුවන් මා ඇමරිකාවෙ ඉඳගෙන සිංහල බෞද්ධ සංස්කෘතියක් ගැන බොරු කතා කියනවා කියා. සුපුරුදු පරිදි මගේ දරුවන් පිටරට ඉගෙන ගත්තා රාජකීය විදුහලේ ඉගෙන ගත්තා කියා මා කුහකයකු වංචනිකයකු බව කියන්න පුළුවන්. ඒත් මා කරන්නේ යම් සංසිද්ධියක ප්‍රධාන හේතුව හඳුනා ගන්න එක පමණයි. මා ඒක හේතුවාදියෙක් නොවෙයි. එහෙත් ඇතැම් සංසිද්ධිවලට අතැම් අවස්ථාවල ප්‍රධාන හේතුවක් තියෙනවා.  බටහිර භෞතික විද්‍යාවේ බොහෝ විට ප්‍රධාන හේතුව එක හේතුව ලෙස ගැනෙනවා. ඇතැම් විද්වත් ජාතිකවාදීන් ප්‍රධාන ප්‍රශ්නය අමතක කර වටේ යනවා