Main Logo

Saturday 2 March 2024

ජාතික කඳවුරේ ජාතික හා විජාතික නායකයෝ

 

 

ජාතික කඳවුරේ ජාතික හා විජාතික නායකයෝ

 

පහුගිය පෙබරවාරි 10 වැනි දා හා 14 වැනි දා පොහොට්ටුව හා මා මැයෙන් හා ජාතිකත්වය හා නායකයෝ යන මැයෙන් ලියූ ලිපි පෙළේ තුන්වැනි ලිපියයි. වෙනත් මාතෘකා නිසා මේ ලිපිය ලිවීම තරමක් කල් ගියා. ලිපිවල පොහොට්ටුව හා මා අතර සම්බන්ධයක් නැති බවත් ජාතිකවාදය හා වාමවාදය අතර පටලැවිල්ලක් තිබෙන බවත් මෙරට බහුතරය ජාතිකවාදීන් එහෙත් ජාතිකවාදීන්ට නායකත්වය දෙන සියල්ලන් ජාතිකවාදීන් නොවන බවත් ඇතැම්විට සමහර නායකයන් ජාතිකවාදයට විරුද්ධ වූවන් බවත් ඇතැම් විට නායකයන් ජාතිකත්වය දෙසට තල්ලු කෙරුණු බවත් සඳහන් වුණා.

 

බණ්ඩාරනායක මහතා ජාතිකවාදය දෙසට තල්ලු වූ නායකයෙක්. එතුමාට යම් ජාතිකත්වයක් තිබුණා. එයටත් වඩා ජාතිකවාදීන්ගෙන් ලැබුණු තල්ලුව විශාලයි. එමෙන් එහි දී වාමවාදයත් මිශ්‍ර වී තිබුණා. සිංහලය රාජ්‍ය භාෂාව කිරීම ජනසතු ව්‍යාපාර ආදිය එහි ප්‍රතිඵල. එමෙන් එතුමා චෙල්වනායගම් සමග යම් සම්මුති ඇති කර ගත් අවස්ථාවේ ජාතිකවාදී භික්‍ෂූන් වහන්සේගේ මැදිහත් වීම නිසා අකුළා ගැනීමට සිදු වුණා.

 

බණ්ඩාරනායක මැතිණියට වඩා ජාතිකත්වයක් තිබුණා. එහෙත් ඇය දේශපාලනයේ නියෑදි සිටි කාන්තාවක් නො වෙයි. ඇය දේශපාලනයට ගෙනාවේ ජාතිකවාදි භික්‍ෂූන් වහන්සේ විසින්. එක්තරා ආකාරයකින් භික්‍ෂූන් වහන්සේ රජුන් තෑනීමේ ජාතික ප්‍රතිපත්තිය  අනුගමනය කිරීමක්. ඇයටත් යම් ආකාරයක වාමවාදී බලපෑමක් තිබුණා. මෙරට නිෂ්පාදන ශක්තිය වැඩි කිරීමෙහි ලා ඇය වැදගත් කාර්යභාරයක් ඉටු කළා. එහි දී ඇගේ ප්‍රතිපත්ති විජාතිකවාදී ජේ ආර් - රනිල් මාමා බෑණගෙ ප්‍රතිපත්ති සමග සන්සන්දනය කරන්න පුළුවන්.

 

චන්ද්‍රිකා කිසිම ජාතිකත්වයක් තිබූ අයකු නො වෙයි. එහෙත් වාමවාදී පිරිස් අනූවේ දශකයේ මුල ඇය එංගලන්තයේ සිට ආනයනය කර ජාතිකවාදී කඳවුරෙ නායකත්වයට පත් කර ගත්තා. බලය බෙදීම රනිල්ගේ මෙන් චන්ද්‍රිකාගෙත් මන්තරය වුණා. මංගල සමරවීර ජී එල් පීරිස් ආදීන් ඇයට සහාය වුණා. සුදු නෙළුම් අවලම් තවලම් ආදිය එහි දී අමතක කළ යුතු නැහැ. ජාතිකවාදී නොවන බව කීමට අමුතු මාපකයක් යොදා ගන්න අවශ්‍ය නැහැ.

 

මෙහි ඇති පරස්පරය නම් ජාතිකවාදී බලවේගයට විජාතික නායකත්වයක් ලැබීමයි. එය විය හැක්කක් බව චන්ද්‍රිකාගෙන් මනාව පිළිබිඹූ වෙනවා. මෙරට බහුතරය සිංහල බෞද්ධ පමණක් නොව ජාතිකත්වය සිංහල බෞද්ධයි. සිංහල බෞද්ධ ජාතිකවාදී බලවේගය සමජාතීය බලවේගයක් නො වෙයි. ලොවෙහි කිසිදු මිනිස් බලවේගයක් සමජාතීය නො වෙයි. සිංහල බෞද්ධ ජාතිකවාදී  බලවේගයෙහිත් විවිධ මත තියෙනවා. අනූවේ දශකයේ මුල ජාතිකවාදී බලවේගයේ විශාල පිරිසකට අවශ්‍ය වුණේ විජාතික ජා ආණ්ඩු එළවා දැමීමයි.

 

අවශ්‍යතාවයෙන් ප්‍රයෝජන ගත් ඊනියා වාමවාදී ජාතිකවාදී කඳවුරේ වික්ටර් අයිවන් රාජිත සේනාරත්න වැන්නන් චන්ද්‍රිකා ජාතිකවාදී කඳවුරේ නායකත්වයට පත් කර ගැනීමට කටයුතු කළා. ජාතිකවාදී කඳවුරේ අති විශාල බහුතරයට චන්ද්‍රිකාගේ ආගමනයෙන් ජාතිකත්වය සිදු වීමට යන හානිය මුල දී අවබෝධ කර ගන්න බැරි වුණා. එහෙත් පසුව ඇය තම විජාතිකවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන විට කඳවුර එයට විරුද්ධ වුණා. ඇයට කිසිවක් කර ගන්න බැරි වුණා.

 

මහින්දටත් යම් ජාතිකත්වයක් මුල සිට තිබුණා. ඔහු චන්ද්‍රිකාට විරුද්ධ වීම ජාතිකවාදී ප්‍රතිපත්ති මත සිදු වූවක් නොවූවත් ඔහුගේ ජාතිකත්වය තේරුම් ගත් ජාතික බලවේගවලට ඔහු තම නායකයා ලෙස හඳුනා ගැනීමේ ප්‍රශ්නයක් වුණේ නැහැ. මා  දන්නවා කිසිවකුට කියන්න පුළුවන් මහින්ද නායකයා ලෙස තෝරා ගත්තේ පක්‍ෂය මිසක් වටා සිටි පිරිස නොවේය කියා. එහෙත් පක්‍ෂයටත් අවට පිරිස බලපානවා.

 

මහින්ද මුල දී දෙමළ කොටි හමුදා මෙහෙයුම්  මගින් පරාජය කිරීමේ ස්ථාවරයක හිටියේ නැහැ. එහෙත් ජාතිකවාදී බලවේගවල බලපෑම මත ඔහුට අවසානයේ දී කොටි හමුදා පරාජය කිරීමට දේශපාලන නායකත්වය දීමට සිදු වුණා. එහි දී ඔහුට ගෝඨාභයගේ අනගි සහාය හා ශක්තිය ලැබුණා.

 

ගෝඨාභයට මහින්දට වඩා ජාතිකත්වයත් තිබුණා. මෙරට ජාතිකවාදී කඳවුර වඩාත් අනන්‍ය වූ ජාතිකවාදී නායකයා ගෝඨාභය. මෙරට පමණක් නොව පිටරට පවා යම් ජාතිකත්වයක් තිබූ අයත් ගෝඨාභයට ඡන්දය දීමට ලංකාවට පැමිණියේ එබැවිනුයි. එය අපට වඩා හොඳින් අධ්‍යයනය කෙළේ විජාතිකයන්. එන පොට හොඳ නැති බව ඔවුන් තේරුම් ගත්තා. බටහිරයන් හා ඉන්දියාව එකතු වී  මහින්දත් ගෝඨාභයත් එලවා දැමීමට සැලසුම් කළා.

 

හොරා කතාව පාස්කු මහ මොළකරු සෙවීම ගැස් පිපිරවීම මූල්‍ය අර්බුදය පිටරට සේවය කළ ශ්‍රමිකයන්ට මුදල් නොඑචන ලෙස කීම ආදිය කොවිඩ් වසංගතයත් සමග බද්ධ කිරීමට ඔවුන්ට හැකි වුණා. සිංහල බෞද්ධ විරෝධී පිරිස් එකතු කෙරුණා. අවස්ථාවේ රනිල් හැර වෙනත් කිසිවකුට බටහිරයන්ගෙ ආධාර ලැබුණේ නැහැ. දශක ගණනාවක දේශපාලනයේ කිසිම දක්‍ෂකමක් දක්වා නැති රනිල් ආර්ථික අර්බුදය ජයගැනීමට පෙරට ගෙනාවා. ජාමුල හා ඉන්දියාව තෝන් ලනුව අතට ගත්තා. ඔවුන් අද රට දක්කනවා. හැරෙන්න පරගලය නායකත්වයක් ගත්තේ නැහැ. අද පරගල න්‍යායාචාර්යයන් ආතල්ගම කෑම බෙදු අය ගැන කියනවා.

 

අද ජාතික කඳවුරට ජාතික නායකයෙකු නැහැ. එහෙත් ජාතිකවාදී බලවේගවල ශක්තිය නැති වී නැහැ. රනිල්ලා මෙන් රනිල්දාසලාත් (මෝදිදාස්ලා) බව වැඩි කල් නොගොස් වටහා ගනීවි