නුඹෙන් නිම විය

නොවේ නුඹ මා පළමු ප්‍රේමය
ස්නේහයේ අක්මුල් සොයාලූ
හුදෙකලා වූ පෙමකි හද අද
එයයි පෑ පෙම නුඹට අවසන

දයාබර වූ මගේ ආලය
හද ඉරා මා නුඹට දන් දූ
දිවි තුරා මා නැතත් නුඹ ලඟ
තලා විසි නොම කරන් කිසි කල

පලා යන්නට හේතු අපමණ
අපතරේ එකිනෙකට දිස් වූ
මතක ගොන්නක බැඳුනු සිත් මල
වියෝගෙක ඉඟි දවයි මදකට

නොවූවත් මා නූඹේ ප්‍රේමය
හිමි නුඹෙයි මා හදේ ප්‍රාණය
පිය මනින්නට නැතත් පැතු මග
නුඹෙන් නිම විය ප්‍රේම සිහිනය

Comments