නුඹ අමතන මා

නුඹේ කට හඬ අහන්නට හිත
නුඹට අමතන බොහෝ කල් වල
නුඹෙන් පිළිතුරු නොලැබ යන එක
බොහෝ පුරුදුයි මටත් දැන් සඳ

ඇතත් දාහක් අසන්නට හිත
ගොළුව ඉන්නට වේ ය බෝ කල
නුඹට නැතිව ද කිසිත් අසනට
පාළු නැත්තේ හිතේ සෙනග ද

මගේ ඇවටිලි දරාගෙන හිත
මහට වෛරය කරන්නෙ ද නුඹ
නුඹව නිති දැක දොඩා කල් යව
ඉඳුම පමණි ය සැනසුමත් අද

ගිලන් වී හද නුඹ ම ගැන හිත
සෙනෙහසක් පාවිදැයි යලි නුඹ
එදා උන් නුඹ මිය ගිහින් ව ද
මා එපාදැයි කියනව ද සඳ

Comments