නෙතට හුරු නුඹ

නෙතට හුරු නුඹෙ රුවට සමු දී
දිවියෙ මින් මතු චාරිකාවට
මියෙන තුරු අපෙ මතක පොදි බැඳ
කැටුව යන්නම් හද දරාගෙන

අසම්පූරණ පෙමක සිර වී
කවට නැගුවත් අපෙ කතාව ම
හද හඬාවි ය දෑස් බොඳ කර
පටුන එහි මා ලියන දිනයට

නිතින් අමතක වෙනා මා රූ
නුඹේ මතකයෙ සදා රැඳෙනට
නගන් මා සිත්තමට නුඹ හෙට
ඉවත ලූ පෙම මතක්වෙන්නට

Comments