දිනක හිතුනොත්

දිනක හිතුනොත් නුඹ සෙවූ පෙම
තිබුනෙ මා ලඟමයැයි කියලා
අගුල් හැර ඇත නුඹට වඩිනට
පසු තැවී තව කාලෙ නොයවා

එකල වෙන විට නැති වුනොත් මම
නොඑන ගමනක් ගිහින් තිබිලා
පොරොන්දුවකුත් වෙන්න මා හට
පසු තැවී දුක් නොවෙන ලෙසිනා

සතුටු වනු ඒ දිනට මා දුන්
තිළිණ සිහිවටනයන් බලලා
මා ද එහි නිති ඉන්න බව සිත
බෝ ලඟින් නුඹෙ පෙරට වැඩිනා

එදින ආ පසු සතුටු වන් නිති
නුඹව කිසි හැර නොගිය කියලා
නුඹේ තනියට නුඹේ අසල ම
මා ඉඳියි සිහිවටන වීලා

මහා පෙමකින් පරදිලත් මම
පැරදිලා නැති සෙයකි ඉතිනා
නුඹ දිහා නිති බලාගෙන මම
පතමි සෙත් නුඹෙ දියුණ පතලා

Comments