පතමි ලොවින් නික්මීමක්

පතමි මමත්
ඉක්මණ් නික්මීමක්
නොවේ නුඹගෙන්
මතක පිරී ඉතිරෙන
මේ දිවියෙන්

කරගත්තත්
නුඹව ජීවිතය
නුඹත් නොමැතිව
නොහැක ගෙවනට
මෙවන් දිවියක්

ඉදින් අප හමු නූනත්
මේ භවයේ දි වත්
මතු භවක පතමි හමුවක්
දතත් නැති බව තනියක්
නුඹට මගෙන් මිදුනත්

ඉදින් කුමට ද තවත්
නුඹත් නැති දිවියක්
යන්න හැකි වෙනම්
කැටුව මේ හදත්
ලොවෙන් ඈතට හැකි දුරක්

Comments