පෙම් කරාවි ද තරම් මම්

ගතින් නැතිමුත් වටේ යන හිත - නුඹට අවනත නොවේ නම්
එක් හදක් ලඟ නවාතැන් ගෙන - ඉන්න හැඟුමක් නැතේ නම්
බොහෝ හිත් තුල ලැගුම් අරගෙන - ඉන්න රුචියක් වේ ද යම්
එක හදක් නොපතා ම ඉන්නේ - කියන් සඳ මට හැකියි නම්

සයිබර් අවකාශයේ නුඹ පස - වැටුනු හිස් බෝ ඇත් ද දැන්
නිතින් දකිනා මා රුවේ ඇති - පිරිය මැකිලා ගොස් ද දැන්
පෙමක් හමුවේ මෙළෙක් වෙන්නට - හදක් නැති වෙද පසුව මින්
දිවි තුරා අත්වැල් බඳින්නට - හිතක් මං ගැන නැති ද දැන්

මුණ ගැහෙන්නට පහස විඳිනට - හිතේ ඇඳි රූ වේ ද යම්
නුඹේ හිත ගිය එලෙස කරනට - බැඳුම් ගොඩනැගිලා ද යම්
මාව නුඹගේ කර නොගන්නේ - ඒ නිසාදැයි කීව නම්
කව්රුවත් ඒ නුඹව වටහන් - පෙම් කරාවි ද තරම් මම්

Comments