නුඹ නැති කල

සීත කඳුකරෙ සැඟවි යන නුඹ
සෑම වාරෙ ම මාව තනි කර
කොළඹ තනිව ම ඉන්න වෙනකොට
නුඹව සිහි වේ තදින් නිතර ම

හිත ම පාළුයි නුඹත් නැති කල
කොළඹ හිටියට වඩා එතකොට
නුඹව මග හැරෙනා විටේ හැම
නුඹව අමතාලන්න තදියම

ගමේ ගොස් එන ඉරු දිනේ හැම
නුඹව දැකුමට හිතයි එනු මට
නුඹට එලෙසේ සිතක් නැතිවැ ද
අසනු රිසි නම් කියන් මා හට

Comments