නුඹත් ලඟ නැත

පෙම් කලා මා වැඩියි නුඹ හට
කාලෙකින් හද පෙමින් පිරුණම
නුඹත් ලඟ නැත එහැම විඳිනට
සුළඟෙ ගහගෙන ගියා ඒ පෙම

කිසි කෙනෙක් ලඟ හුඟක් කල් නුඹ
රැඳෙන්නැති එක නුඹේ හැටිය ද
දිනක්වත් ආදරෙන් ඉන්නට
බැරි වුනේ ඇයි අපිට මගෙ සඳ

කාලෙ දුන්න ද මාත් අපමණ
නුඹේ අරමුණ නොවෙ ද මා අද
බැගෑපත් වී අයැදුව ම පෙම
නුඹෙ හිතේ මා දිය වුනාව ද

නැති වෙනා බව නොහිතුවත් කිසි
දමා යන්නට නුඹෙත් හිත් ඇති
ආදරේ මා කලේ හොඳ හැටි
යන්න දෙන්නට නොවේ වී ගැති

Comments