මා නැති ලෙසින්

මගේ තනියට
නුඹ ලඟ නැතත්
සඳත් ඉන්නව
මා දෙස බලන්

කෙතෙක් සිටිමුත්
මා මග බලන්
නුඹේ නැත්තෙ ද
පෙම් මග ගමන්

හදේ ඉන්නට
නැති බව ඉඩක්
නුඹේ දින පොත
පිරුමට මගෙන්

දිනත් යනවා
පැතුමන් දවන්
නුඹත් ඉන්නව
මා නැති ලෙසින්

Comments