Main Logo

Saturday 24 February 2024

අපට ඇත්තේ හීනමානයක්

අපට ඇත්තේ හීනමානයක්

 

ඊයේ මේ ලිපියේ පළමුවැනි කොටසට ප්‍රතිචාර කිහිපයක් ලැබී තිබුණා. මා ප්‍රතිචාරවලට පිළිතුරු දෙන්න බලාපෙරොත්තුවක් නැහැ. එහෙත් අපට අදාළ කරුණු පමණක් කියැවෙනවා ඇති.

 

ඉන්දියාවේ හැමදාමත් තිබුණේ හින්දී හින්දු ජාතිකත්වයක්. ලංකාවේ කිසි දා නොතිබුණේ හරිහමන් සිංහල බෞද්ධ ජාතිකත්වයක්. ඕල්කට්තුමාට ධර්මපාලතුමා පරාජය වීමත් එහි ප්‍රතිඵලයක්. අදත් අපට සිංහල බෞද්ධ ජාතිකත්වයක් වෙනුවෙන් වැඩ කිරීමට සිදු වී ඇත්තේ එබැවින්. ගාන්ධිවත් මෝදිවත් හින්දි කතා කරන ප්‍රදේශවල අය නො වෙයි. ඔවුන් ගුජරාටි ප්‍රාන්තයේ. දකුණු ඉන්දියාවේ හැරෙන්න අනෙක් ප්‍රාන්තවල හින්දි විරෝධයක් නැහැ. සැම ප්‍රාන්තයක හින්දි උගන්වනවා. ප්‍රාන්තයේ භාෂාවත් ඉංගිරිසිත් ඉගැන්වෙනවා. අපේ රටේ අද වන තුරුත් ශ්‍රෙෂ්ඨාධිකරණයේ සිංහලෙන් තීන්දුවක් දී නැති බව පහුගිය දා කියා තිබුණේ මෙරට අගමැති. උතුරු හා නැගෙනහිර පළාත්වල අදත් සිංහලෙන් නඩුවක් කියන්න බැහැ. පළාත්වල බෞද්ධ සිද්ධස්ථාන ආරක්‍ෂා කර ගන්න බැහැ. වෙනුවෙන් නඩු කියන්න ගිය අය දන්නවා කතාව.

 

අද මෝදි මුස්ලිම් පල්ලි තිබූ තැන්වල පල්ලි කඩා හින්දු කෝවිල් හදනවා. මෙරට තිබූ ගෝකණ්න විහාරයට වෙච්ච දෙයක් හොයන්න බැහැ. අපේ තාත්තා තරුණ කළ විහාරය දැක තිබුණා. අපට එය බලන්න බැරි වුණා. මා කියන්නේ අප හින්දු කෝවිල් කඩා විහාර හදන්න ඕන කියන එක නො වෙයි. මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන ලබා දිය යුතු බවයි. අප ඊනියා බහු සංස්කෘතික බහුබූතය කියව කියවා ඉන්නවා. ලෝකයේ හැම රටක් බහු සංස්කෘතිකයි. එහෙත් රටවල විශේෂිත සංස්කෘති සමහර රටවල අධිපතිවාදී සංස්කෘති තියෙනවා. ලංකාවේ පමණක් එහෙම විශේෂයක් කරන්න දෙන්නේ නැහැ. ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන දෙන්නේ නැහැ.

 

ඊනියා උගතුන් එය ගෝත්‍රවාදය අරක මේක කියනවා. එය ගෝත්‍රවාදය නම් අද ඉන්දියාව අමු ගෝත්‍රවාදී රටක් වෙන්න ඕන. මෝදි අමු ගෝත්‍රවාදියෙක් වෙන්න ඕන. පහුගිය දා චන්ද්‍රයානය යැවූ ඉන්දීය විද්‍යාඥයන් තිරුපති ගියා. ප්‍රසිද්ධියේ කණ්ඩායමක් ලෙස. අපට චන්ද්‍රයානයක් යවන්න තබා ගුවන්යානයක් යවා ගන්න බැහැ. ශ්‍රී ලංකා ගුවන් සේවාව විකුණන්නේ කාට කියමින් අප ඇඟිලි ගණිනවා. මෙරට ඊනියා උගතුන් නම් ප්‍රසිද්ධියේ භාරහාර වෙන එකක් නැහැ. එහෙත් අප්‍රසිද්ධියේ භාරහාර වන අය එමටයි. පෞද්ගලික .

 

එතැන තමයි ප්‍රශ්නය තියෙනනේ. අපේ දීනකම මිසක් වෙන එකක් නො වෙයි. මෙහි දී මා අපේ කියන්නේ සිංහල බෞද්ධයන්ගේ. ඉන්දියාවේ බහුතරය හින්දු. දකුණු ඉන්දියාවෙත් හින්දු බහුතරය. ඔවුන් විවිධ භාෂා කතා කරනවා. දකුණු ඉන්දියාවටත් හින්දියට විරුද්ධ වුණත් හින්දුත්වයට විරුද්ධ වෙන්න බැහැ. ඉන්දියාවේ හින්දු බහුතරයට අභියෝග කරන්න කිසිවකු ඉදිරියට එන්නේ නැහැ. ඉන්දියාව බැඳ තබන්නේ හින්දුත්වයෙන්.

 

මෙරට බහුතරය බෞද්ධයන්. කවු කිවුවා දෙමළ බෞද්ධයන් තිස්දාහක් පමණ ඉන්නවා කියා. සෙස්සන් සිංහල. එහෙත් අපට සිංහල බෞද්ධත්වයක් වටා එකතු වෙන්න බැහැ. අපි උගත්තු. ගෝත්‍රවාදී නැහැ. අපි ඉංගිරිසි උගත්තු. සඳහා ඉංගිරිසි හොඳට දැන ගන්න ඕන නැහැ. සිංහල කතා කරන්න දැන ගත්ත ප්‍රමාණවත්. සිංහලයන්ට බටහිර දැනුම පංති මගින් රූපවාහිනියෙන් ගුවන්විදුලියෙන් බෙදා දීමට හැකි අය මෙටාවෙත් මොටාවෙත් ඉන්නවා

 

ශ්‍රිනිවාස රාමනුජන් කියන්නෙ චෙන්නායි හි හිටි ගණිතඥයෙක්.ඔහු නාමගිරි දෙවඟනගෙන් ගණිතය දැන ගත් බව කී විට කිසිවකු හිනහ වුණේ නැහැ. ඔහු ගණිත සාධනය යනු කුමක් දැයි දැන හිටියේ නැහැ. ඔහු සාධනයක් ගැන ඇසු විට කියා සිටියේ දේව  වචනය සාධනය කිරීම අනවශ්‍ය බවයි. අප නාථ දේව මණ්ඩලයෙන් වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් බව දැන ගත් විට සකල ලාංකීය බුද්ධිමණ්ඩලය කැළඹීමට පත් වුණා. අපට කෙණෙහිළිකම් කළා. අපට විරුද්ධ විවිධ තැන්වලට ගතු කිවුවා. අද සම්බන්ධ කළ කටයුතු සඳහා මෙරට ඊනියා විද්‍යාඥයන්ගේ ස්වාමිවරුන් ඉන්න  ඇමරිකානු විද්‍යාභිවර්ධන සංගමය චන්න ජයසුමනට හා සරත් ගුණතිලකට සම්මානයක් ප්‍රදානය කර තියෙනවා.

 

ධමිමික පැණියට මෙරට උගතුන් නොකී දෙයක් නැහැ. එහෙත් ධම්මික පැණිය බීමෙන් කිසිවකුටවත් මුල් කොවිඩ් රෝගය වැළඳුනේ නැහැ. ඔහු කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයට නම් පැණියක් නිෂ්පාදනය කෙළේ නැහැ. ඔහුට කරන්න ඉඩ තිබ්බෙ නැහැ. කෙසේ නමුත් ධම්මික පැණිය බීමෙන් කිසිවකු මිය ගියේ නැහැ. එහෙත් කොවිඩ් එන්නත නිසා විවිධ ආබාධ ඇති වී තියෙනවා. සම්බන්ධයෙන් අලුත් තොරතුරු පළමු ප්‍රතිචාරයේ සබැඳියෙන්https://www.msn.com/en-us/health/medical/two-new-rare-covid-vaccine-side-effects-revealed-by-global-study-of-over-99-million-people/ar-BB1iKkYk    .

 

අපට ඇති දීනකම අපේ බොරු උගත්කම බොරු ෂෝක් ඉන්දියානුවන්ට නැහැ. අපි නිකම් බොරු උපාධිධාරීන් පශ්චාත් උපාධිධාරීන් පමණයි. මා දන්නවා මගේ උපාධිවල වටිනාකම. සතපහක් වටින්නේ නැහැ. ඒකෙන් රස්සාවක් නම් ලැබුණා. ඒත් එයට විරුද්ධ වෙන කොට රස්සාවත් නැති කළා.  අප හරි හමන් දැනුමක් ලෝකෙට දී නැහැ. එය අද ඊයේ වැඩක් නො වෙයි. අවුරුදු දහස් ගණනකට දී නැහැ. එහෙම දෙන්න පුරුදු කර නැහැ.

 

අප ථෙරවාදී බෞද්ධයන්. අප භාරතීය බෞද්ධයන් මෙන් අලුත් දෙයක් දී නැහැ. අපට අසංගලා වසුබන්ධුලා නාගර්ජුනලා නැහැ. අපට ශාස්ත්‍රය අභිමානයක් නැහැ. අපට ශිල්පීය අභිමානයක් නම් තියෙනවා. එහෙත් එය ප්‍රමාණවත් නැහැ. (මතු සම්බන්ධයි