නිරුත්තර පැණ

කොතෙක් කලමුත් අසන පැණයට නුඹට පිළිතුරු බඳිනු බැරි නම්
නුඹේ ගැන මිස නුඹේ තිබෙනා මිතුරු භජනය ගැන ම කිසියම්
කෝප වීලා පැණෙන් පැන යන හිතක් නිති නුඹෙ කොතෙක් වේ නම්
අසන්නටවත් නුඹෙන් පැණයක් මහට අයිතිය නැති ද කිසියම්

මෙතෙක් කල් නුඹ සමග මේ දුර බොහෝ කර්කෂ වුවත් මොනයම්
ඇවිද ආවෙමි අතින් අත්හැර නොයා නුඹගේ පසින් මෙතරම්
සඟව ගන්නට බොහෝ දෑ නුඹෙ කතාවේ ඇති නමුත් කෙතරම්
කිසිත් දැනගනු බැරි ද මා හට පිටස්තරයෙකු වේද කිව මම්

දහක් පැතුමන් හිතේ මරමින් මෙතෙක් කල් මම බැඳී සිටියත්
දහක් පැතුමන් නුඹත් එක්කල සැබෑ වන මහ සිහින දැක්කත්
දහක් ගව් තව යන්න ඇතිමුත් මම ම අපමණ බරකි නුඹටත්
දහක් රූ නුඹ මතේ නැහි ඉන් එකෙක් වන්නෙමි හදත් බිඳගත්

Comments