නුඹේ අසල පණ අදින හද

නුඹට වුවමන සියළු දෑ මම නුඹේ අසලින් තබා යන්නම්
මගේ හදවත ඒ ගොඩේ ඇති ගැහි ගැහී පණ ඇදන් යන්තම්
නුඹේ දිවියේ සදා ඉන්නට ඉඩක් දෙන්නට හිතක් නැත්නම්
නුඹේ හදවත මහට පුදනට නුඹේ හිතෙ තෙතමනක් නැත්නම්

නුඹේ අසබඩ නවාතැන් ගෙන නුඹේ තුරුලේ ඉන්න ඇත්නම්
ලොවක් වුව නුඹෙ දෙපා මුල මට තබන සවියක් නුඹත් වේ යම්
නුඹේ ගුණ දොස් සියල් දැන මම නුඹට තවමත් පෙමක් දේ නම්
කිම ද නුඹ තව පසු තැවී මා ලඟට නොඑනේ හිතක් ඇත්නම්

තිළිණ කල මා සියල් දෑ මා නුඹේ මතකෙට ගෙනෙන්නේ නම්
නුඹේ දිවියට දැනෙන හිස් කම ඒ බලා කිසි පිරෙන්නැත්නම්
මියෙන්නට පෙර කාලෙ තවමත් ඉතිරි වීලා ඇතැයි හිතෙනම්
පමා නෑ නුඹ ඒ ද මා නුඹෙ ලඟට ගෙන පෙම් කරන්නට නම්

නුඹේ සන්තකෙ ගැහෙන මා හද නවතිනා යම් දිනක් වේ නම්
නුඹ ම මාගෙන් ගිලිහිලා වෙන ලොවක් තනනා කලක වෙයි යම්
හදට එකඟව ලොවක් නොමුලා කරන් දිවියක් ගෙවන්නට නම්
වංක නොම වී නුඹ ම වනු නුඹෙ සැපෙන් අන් හද නොම තැවේ නම්

Comments