කලා ගමන

කලා ගමනට නුඹේ මා හට කරන්නට තව යමක් ඇත්තේ
නුඹේ පිණකට වේ ද නුඹ හට මෙලෙස මා හමු වෙලා ඇත්තේ
ලැබීමක් ඇති වන්න අපමණ පිණක් නුඹ පෙර කරල ඇත්තේ
දොසක් නොවඩා නුඹේ දිවියට දියුණ මා නිති පතා ඇත්තේ

පෙමක් කෙරුව ද අසීමිත නෑ මහට සරණක් නුඹේ පැත්තේ
නුඹට පමණක් නොවේ මා පෙම් බැන්දෙ නුඹෙ ශිල්පියත් ඇත්තේ
ශිල්ප දක්වන දාට නුඹ හට මගේ ආසිරි නිතින් ඇත්තේ
සිත් පිනා නුඹ දිලෙනු නිසැක ය මා නැතත් හෙට නුඹේ මත්තේ

Comments