Main Logo

Wednesday 21 February 2024

ආසනික් මොටාවෝ පඬි නැට්ටෝ හා රාජපක්‍ෂලා

 

ආසනික් මොටාවෝ පඬි නැට්ටෝ හා රාජපක්‍ෂලා

 

මා හිතන් හිටියෙ උයන්ගොඩ හා වි පෙ ගැන කතා කරන්න. අවුරුදු හැටකට විතර පස්සෙ උයන්ගොඩලා නැවතත් වි පෙට කිට්ටුවෙලා. ඔවුන් නිර්ධන පංතියේ ඉඳන් නිර්ප්‍රභූ කතාවලට මාරුවෙලා. ඔවුන් හැට ගණන්වලවත් කම්කරු පංතියක් ගැන කතා කෙළේ නැහැ. කාලෙ පශ්චාත් කතා තිබුණෙ නැහැ. ඔවුන් කම්කරු පංතියක් ගැන එදා දැන හිටියෙත් නැහැ. නිර්ධන පංතියක් ගැන කතා කෙළේ නිසයි. දැනුමේ ප්‍රශ්නයක්. කාලෙ ට්‍රොට්ස්කිවාදීන් වි පෙන් අහපු ප්‍රශ්නයක් වුනේ හිඟන්නොත් නිර්ධන පංතියට අයිති කියල. සුමනසිරි ලියනගේගෙන් අහන්න. එහි වරද  ලෝකෙ නැති කම්කරු පංතියක් ගැන කිවුව මාක්ස්ගෙ. පශ්චාත් මාක්ස්වාදී කතාවලින් පෙන්වන්නේ මාක්ස්වාදයත් පශ්චාත් මාක්ස්වාදයත් දෙකම අඩුම තරමේ පට්ටපල් බොරුවත් නොවීමයි.

 

ගැන අපි පසුව තවදුරටත් කතා කරමු. ලිපියට ලැබුණු ප්‍රතිචාර වගේ හත් අට ගුණයක් අර පට්ටපල් බොරු විද්‍යාව ගැන තිබුණ.  අපි අද එය කතා කරමු. අවුරුදු තිහකට විතර පස්සෙත් බටහිර විද්‍යාව පට්ටපල් බොරු කියන කතාව පඬි නැට්ටන් ජෙප්පන් සෙප්පන් තේරුම් ගන්න උත්සාහ කරන්නෙ නැහැ. බටහිර විද්‍යාව පට්ටපල් බොරු කියන එකෙන් කියන්නෙ අනෙක් දැනුම් ඇත්ත කියන එක නො වෙයි. සියලු දැනුම් බොරු. මා මෙහි කියන දේත් බොරු. එක වැඩේ සමහර බොරු වැඩ කිරීමයි. වියුක්ත දැනුම්වලට මා පට්ටපල් බොරු කියනවා. ඒක මගේ සංස්කරණයක්.  මාක්ස්වාදය කිසිසේත් වැඩ කරන පද්ධතියක් නො වෙයි.   

 

මේ රටේ බෞද්ධයන් නැති කමයි මූලික ප්‍රශ්නය. ඉන්නෙ බුද්ධාගම්කාරයන්. මේ සියලු දැනුම් බොරු කියල දේශනා කරල තියෙන්නෙ බුදුහාමුදුරුවන්. ඕන නම් කටුකුරුන්දෙ ඤාණනන්ද හාමුදුරුවන්ගෙ පොත් කියවන්න. ඒත් ඒක අවශ්‍ය නැහැ. අනාත්මවාදය කියන්නෙ මොකක් ? මේ භවයෙන් ඊළඟ භවයට යන කිසිවක් නැහැ කියන එක ? ඊළඟ භවයට නොවෙයි ඊළඟ ක්‍ෂණයට යන කිසිවක් නැහැ. කෙටියෙන් කියනව නම් මම කියා කෙනෙක් නැහැ. එහෙත් අප මම යනවා මම කනවා මම හිතනවා වගේ කතා කියනවා. මම කියන එක බොරුවක්. ඒත් බොරුව වැඩ කරනවා. බොරුව නැතුව මොහොතක් ගත කරන්න බැහැ.

 

මම කියන එක විතරක් නොවෙයි මොහොතක් ක්‍ෂණයක් කියා දේත් නැහැ. කාලය කියා එකකුත් නැහැ. සියල්ල මිනිසුන්ගෙ සංස්කරණ. අපට නිරීක්‍ෂණ තියෙනවා. නිරීක්‍ෂණත් මනස විසින් සංස්කරණය කෙරෙන දේ. නිරීක්‍ෂණ තේරුම් කරන්න විස්තර කරන්න අපි කතා හදනවා. ඒවා හිතළු. සමහර හිතළු වැඩ කරනවා. එච්චරයි. ඔය කතන්දර හදනකම් අපි සසර සැරිසරනවා.   සසර කෙළවර කරන්න නම් කතන්දර හදන එක නවත්තන්න ඕන.

 

අපි කියනවා නිවන කියන්නෙ දුක නැති කිරීම කියා. අපට ඕන නම් අහන්න පුළුවන් දුකට හේතුව කුමක් කියා. එය තණ්හාව කියා අප කියනවා. දැන් ඇහුවොත් තණ්හාවට හේතුව මොකක් කියා දෙන උත්තරේ මොකක් ? අප නැති දේ ඇති දේ ලෙස ගෙන නැති නැති දේට ඇලෙනවා. මම නැති මටත් ඇලෙනවා. දුක නැති කරන්න නම් ඇලීම් නැති කරන්න ඕන. දේ ඇත්තට තියෙන බව විශ්වාස කරනකම් ඇලීම් නැති කරන්න බැහැ. බුදුහාමුදුරුවන් මේ කතා ගෙතුව නො වෙයි. බුදුහාමුදුරුවන් ප්‍රත්‍යක්‍ෂයෙන් දැන ගත්තා. එක තමයි අපේ ක්‍රමය. බෞද්ධයන්ගෙ ක්‍රමය. සිංහල බෞද්ධයන්ගෙ ක්‍රමය.

 

එය බටහිර විද්‍යාවෙන් විතරක් නො වෙයි භාරතීය බ්‍රාහ්මණ සම්ප්‍රදායෙ විද්‍යාවන්ගෙන් වෙනස්. ශ්‍රමණ සම්ප්‍රදාය. ආයුර්වේදය ඇත්තේ බ්‍රාහ්මණ සම්ප්‍රදායෙ. අපේ පාරම්පරික වෙදකම ශ්‍රමණ සම්ප්‍රදායෙ. එහි ඊනියා ප්‍රවාද හෙවත් කතා හෙවත් වැඩ කරන හිතළු නැහැ. ඇත්තේ අත්දුටුවයි ප්‍රත්‍යක්‍ෂයි. අපටත් එදා ආධ්‍යාත්මික දැනුම ලබා ගන්න පුළුවන්කම තිබුණා. භාවනා කිරීමෙන් හරි වෙනත් ක්‍රමයකින් හරි. සමහර විට ආධ්‍යාත්මික දැන ගත් අයගෙන් අහගෙන. අද අප බොහෝ දෙනෙක් දැනුම ලබා ගන්නෙ බටහිර පඬියන්ගෙන් අහගෙන.  අපට ඔවුන්ට වගේ දැනුම සංස්කරණය කරන්න බැහැ. ලංකාවෙ කිසිම පඬි නැට්ටෙක් දැනුමක් සංස්කරණය කරල නැහැ.

 

අප අර වකුගඩු රෝගයට හේතුව දැන ගත්තෙ නාථ දේව මණ්ඩලයෙන්. ආසනික් තමයි ප්‍රධාන හේතුව. අප අනුව කටයුතු කළා. චන්න ජයසුමන තමයි පරීක්‍ෂණ කටයුතු කළේ. ඔහුට උපදෙස් දුන්නෙ මහාචාර්ය ප්‍රියානි පරණගම, ප්‍රියන්ති සේනානායක, මහාචාර්ය මාලා අමරසිංහ පසුව කැලිෆෝනියා සරසවියේ මහාචාර්ය සරත් ගුණතිලක. චන්න ජයසුමන හා සරත් ගුණතිලක මහජන සෞඛ්‍යය වෙනුවෙන් කරන ලද සේවයට ඇමරිකානු විද්‍යාභිවර්ධන සංගමය 2019 දී තිළිණයක් ප්‍රදානය කළා. එහෙත් එයට බටහිර පඬියන් හා මෙරට පඬි නැට්ටන් විරුද්ධ වුණා. ආසනික් සහිත පොහොර නිෂ්ඳාදනය කරන ආයතනත් මෙරට පොහොර ගෙන්වන ආයතනත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින මොටාලත් විරුද්ධ වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස තිළිණ ප්‍රදානය අත්හිටෙවුවා. දැන් කරුණු විභාග කිරීමෙන් පසුව තිළිණය ඔවුන්ට ප්‍රදානය කර තියෙනවා. එය ඇත්තට ඇමරිකානු විද්‍යාභිවර්ධන සංගමය නාථ දේව මණ්ඩලයට විශේෂයෙන් විපස්සක දෙවියන්ට දුන් තිළිණයක්.

 

මා මේ තිළිණය ගැන සඳහන් කරන්නේ ඇමරිකානු විද්‍යාභිවර්ධන සංගමය උසස් ලෙස සලකන නිසා නො වෙයි. මෙරට පඬි නැට්ටන් එවැනි සංවිධාන උසස් ලෙස සලකන බැවින්. එමෙන් පඬි නැට්ටන් එහි දී ක්‍රියා කළ ආකාරයත් පැවසීමට. මෙහි දී මෙරට ඊනියා විද්‍යාඥයන් හා රාජපක්‍ෂලා ක්‍රියා කළ ආකාරය සඳහන් කරන්න ඕන. මේ සම්බන්ධ චෝදනා වැඩි වශයෙන් එල්ල වුණේ මට. මා නාථ දේව මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටියා. අදත් මට නාථයා කියා ගරු බුහුමන් ලැබෙනවා.

 

මම ලංකා විද්‍යාභිවර්ධන සංගමයේත් ඇමරිකානු විද්‍යාභිවර්ධන සංගමයේත් සමාජිකයෙක්. මා නාථ දේව මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි නිසා සුසන්ත ගුණතිලක ප්‍රධාන පිරිසකට අවශ්‍ය වුණා මා ලංකා විද්‍යාභිවර්ධන සංගමයෙන් අස් කරන්න. මා ඔවුන්ට අභියෝග කළා පුළුවන් නම් අස් කරන්න කියා. අභියෝගය අදටත් තියෙනවා. තවමත් මා සාමාජිකයෙක්. එවකට මා කැලණිය මොටාවේ විද්‍යා පීඨයේ පීඨාධිපති.

 

අප ඔය පොහොර ගෙන්වන සමාගම්වල නියෝජිතයන්ට මොටාවට පැමිණීමට ආරාධනා කර පොහොරවල ආසනික් ඇති බව පෙන්නුවා. අප ආසනික් අදහස ගත්තේ දේව මණ්ඩලයකින්. එයට පීඨයේ මොටාවන් විරුද්ධ වුණා. ඔවුන් කීවේ විද්‍යාත්මක විධි ක්‍රමය නො වේය කියා. ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමයක් නැහැ. ඇත්තේ නිරීක්‍ෂණ > හිතළු > නිරීක්‍ෂණ> හිතළු පමණයි. එය චක්‍රයක්. සමහර නිරීක්‍ෂණ සඳහා පරීක්‍ෂණ කරන්න වෙනවා. එච්චරයි. ඔය පොතේ තියෙන පරික්‍ෂණ නිරීක්‍ෂණ නිගමන කතාවක් නැහැ. ලිඳ ළඟත් කෙරුණෙ නිරීක්‍ෂණ සඳහා හිතළු ගෙතීමයි. සමහර හිතළුත් වැඩ කළා.

 

නිරීක්‍ෂණයක් විස්තර කිරීමට හිතළුවක් කෙසේ ගෙතුවා යන්න ප්‍රශ්නයක් නො වෙයි. එය කෙක්‍යුලේට මෙන් හීනෙන් ලැබුණා ප්‍රියන්තා සේනානායකට මෙන් විපස්සක දෙවියන්ගෙන් ලැබුණා වෙනත් ක්‍රමයකින් ලැබුණා යන්න ප්‍රශ්නයක් නො වෙයි. කළ යුත්තේ හිතළුව පරීක්‍ෂණයට ලක් කර වැඩ කරනවා කියා බැලීම පමණයි. චන්න හා පිරිස කළා. මා නම් කළ ඉටිගෙඩියක් නැහැ. එහෙත් කැලණි විද්‍යා මොටාවන්ට මා පීඨාධිපතිකමෙන් අස් කරන්න ඕන වුණා. ඒත් බැරි වුණා. පීඨාධිපති කෙනකු පත් කරන්නේ කෙසේ යන්න මිස අස් කරන්නේ කෙසේ යන්න විශ්වවිද්‍යාල පනතේ සඳහන් වන්නේ නැහැ. මා සියළු පරීක්‍ෂණ අවසන් වීමෙන් පසු කැලණියේ සේවය අත්හැරියා.

 

මෙහි දී කිවයුතු කරුණක් නම් පරීක්‍ෂණ අවසන් වන තුරු මට සේවා දිගුවක් ලබා දීමට මහින්ද රාජපක්‍ෂ කටයුතු කළ බවයි. එයත් අර දේව මණ්ඩලයේ උපදෙසින්. එහෙත් රාජපක්‍ෂලාට ආසනික් කතාව තේරුණේ නැහැ. හාල්වල ආසනික් ඇති බවටත් දේව මණ්ඩලයෙන් පැවසුනා. චන්න ගැනත් මට මතක හැටියට විදුසරට ලිපියක් ලිවුවා. එයට ඇතැමුන් විරුද්ධ වුණා. බැසිල් රාජපක්‍ෂ කියා හිටියේ අප ප්‍රීමා සමාගමෙන් මුදල් ගෙන පාන් පිටි විකිණීමට කොන්ත්‍රත්තුවක් කරන බවයි.

 

මහින්ද රාජපක්‍ෂ මට එන්න කියා  කිවුවා. ඔහු කියා සිටියේ ආසනික් ප්‍රශ්නය නිසා ඉරාකය අපේ තේ මිල දී ගැනීම නවත්වා ඇති බව. මුසාවක් බව මට වැටහුණා. කෙසේ වෙතත් බත් කෑම අගුණ නොවන බව සඳහන් කරමින් මා ලිපියක් ලිවුවා. මිනිසුන් අදත් බත් කනවා. හාල්වල ආසනික් ඇති බව කවුරුත් දැන් දන්නවා.එහෙත් එය අගුණ නැහැ.

 

රාජපක්‍ෂලා යම් ප්‍රමාණයකට ජාතිකවාදීන් වුවත් සියල්ලන් අපේ දැනුම ගැන විශ්වාසයක් ඇති අය නො වෙයි. මා හිතන්නේ දැනුම ගැන මා කියන දේ පිළිබඳ යම් අවබෝධයක් ඇති ජ්‍යෙෂ්ඨයන් නම් ගෝඨාභය රාජපක්‍ෂ, දිනේෂ් ගුණවර්ධන, සරත් වීරසේකර හා රනිල් වික්‍රමසිංහ කියා. දැන් කියන්න එපා මා රනිල්ට කොක්කක් ගහන්න හදනවා කියා. ඔවුන් කරන කියන දෙයින් මට වැටහෙන දෙයයි මා කියන්නේ. මහින්ද හා ගෝඨාභය නැත්නම් අදත් එක්කෝ අපි ප්‍රභාකරන් එක්ක බොරු සටන් කරනවා නැත්නම් ඊළම දීලා. ආර්ථික අර්බුදයට හේතුව ඊනියා හොරා කෑමක් නොව අපේ ආකල්ප 1953 සිට අධිපරිභෝජනය ණයට කෑම විවෘත ආර්ථිකය හා බොරු උගත්කම් ඇතුළු බොරු ෂෝක්.

 

මේ නුවර නාථ දේවාලය