තව ම ලිවෙන අපෙ කතාව

මගේ හිත නිති නුඹට පෙම් බැඳ පෑරෙමින් තව තියෙනවා
මගේ දිවියේ මගේ පණ ලෙස ඉන්න නුඹ පසු බහිනවා
කෙසේ හිත නුඹ දරාගෙන මා තවත් ඉන්නෙ ද හිතෙනවා
නුඹෙන් තොර වූ ලොවක් මින් මතු හිතද්දිත් හද දැවෙනවා

හමු වෙනා විට ලංව අපි ගත් අපේ රූ ගොඩ ගැහෙනවා
ඒ රු තුල අපි පෙමින් බැඳි පෙම්වතුන් ලෙස නිති පේනවා
මිතු දමින් ඔබ්බට ගියා වූ පෙම් හැඟුම් අපෙ තියෙනවා
නුහුරු අන් ලොව හිත වඩා නුඹ නුඹට බොරු කර ගන්නවා

වෙනින් අත් මා නොඅල්ලාගෙන නුඹේ අත නිති පතනවා
මගේ අත නුඹ අල්ලගන්නට හේතු තව නුඹ හොයනවා
නුඹේ හිත අන් තැනක සිර කර ප්‍රාතිහර නුඹ පතනවා
අසම්මත වුව අපේ ලඟ ආදරේ අපමණ තියෙනවා

අඩ වසක් මා නුඹව පතමින් නුඹෙන් අයැදුම් කරනවා
තුන් වනෙක් හට ලංව ගෙවනට නුඹත් සැලසුම් හදනවා
නිතින් නුඹ හා පෙමින් උන් මා නොතක නුඹ එය තනනවා
නුඹේ සැලසුම් තුන් වනෙක් ලඟ බිඳෙන බව මට දැනෙනවා

වසක් පිරෙනට ලං වෙනා අපෙ කතාවත් තව ලියෙනවා
ඒ කතාවේ දෙකොණ අපි වෙන වෙන ම තනිව ම ඉන්නවා
හැල හැපුම් සොම්නස් පිරිත් අප තව ම එකට ම ගෙවනවා
මියෙන්නට පෙර වරක් හෝ නුඹ මා පතාවියි හිතෙනවා

Comments