Main Logo

Sunday 18 February 2024

ඉංගිරිසින් සසුනට කළ වෙනස්කම්වලට ඉංගිරිසි ආර්ථිකයෙන් ම විරුද්ධත්වය

 

ඉංගිරිසින් සසුනට කළ වෙනස්කම්වලට ඉංගිරිසි ආර්ථිකයෙන් විරුද්ධත්වය

 

අද ලියන්න අවශ්‍ය ඕල්කට්තුමා ගැන. ගැනත් බොහෝ දේ මා කලින් ලියා තියෙනවා. එහෙත් ඇතැම් පඬි නැට්ටන් ලිපි කියවන්නේ පළමු වතාවට. එවිට ඔවුන් තමන් පඬි නැට්ටන් බැවින් නලියා මෝඩයා යන අදහස පිට මොන මෙනාවා හරි ලියනවා. මා දැන් අවුරුදු හතළිහකට ආසන්න කාලයක් තිස්සේ කියනවා දැනුම යනු ඊනියා හොයා ගැනීමක් නොව අපේ සංස්කරණයක් බව හා එය අවිජ්ජා පච්චයා සංඛාරා මත පදනම් වන බව හා දැනුම සංස්කරණය වන්නේ යම් චින්තනයක බව. මගේ ලෝකය කෘතියෙහිත් ගැන සඳහනක් තියෙනවා. 

එහෙත් අද ඊයේ මේ ලිපි කියවන්න පටන්ගත් සමහරුන්ට ගැන කිසිම වගවිභාගයක් නැහැ. අර කළු කුහර ගැන මා සඳහන් කළ දෙයට ප්‍රතිචාර දෙන ලෙස මා ඉල්ලා සිටියා. මා හිතුවා පෙන්රෝස් කියා ඇති අපූර්වතා අනිවාර්ය බවට සඳහන් ලිපි ආදියෙන් ගත් කරුණු ලියාවි කියා. එහෙත් එසේ ලියැවී නැහැ. වෙනුවට මැවීම හා මහා පිපිරුම අතර ඇති සම්බන්ධය කුමක් වගේ මහා පඬි ප්‍රශ්න අසා තිබුණා. මදිවාට බුදුන් වහන්සේ මහා පිපිරුමට විරුද්ධ නැත කියාත් තිබුණා. අග්ගඤ්ඤ සූත්‍රයේ සංවට්ට කප්ප විවට්ට කප්ප විශ්වය මහා පිපිරුමත් සමග සම්බන්ධ ඇති. ඊනියා සරල රේඛාවක් හා සංවෘත වක්‍රයක් එකක් වෙන්නැති.

 

එක් මොටාවක ඉන්නවා ඕනෑම දෙයක් දන්නා යෙච සංඝා අතීතාච අයකු. ඔහු ජර්මන් බසින් අයින්ස්ටයින්ගේ ලිපි කියවා මොටාවේ ශිෂ්‍යයන්ට සාධාරණ සාපේක්‍ෂතා වාදය උගන්වනවා කියා මට එහි එක් අයකු කිවුවා. ගැන මා කියන්න දන්නේ නැහැ. කෙසේ වෙතත් එතුමා කළු කුහර ගැන යමක් ප්‍රවාදාත්මක කියාවි කියා මා හිතුවා. අද වන තුරුත් නැහැ.

 

කළු කුහර ගැන දැනුම පමණක් නො වෙයි. අපේ ඉතිගාසය ගැන දැනුමත් අද අපට ලබා දෙන්නේ බටහිරයන්. මහාවංසය ගැන ඇතැම් විවේචන කරන්නේත් බටහිර ඇසින්. මාත් ඇතැම් විට මහාවංසය විවේචනය කරනවා. මෙරට යක්‍ෂ හා වෙනත් සංස්කෘතීන් වෙනුවෙන් මිසක් බටහිර අනුග්‍රහය ලබන වෙල්ලාලයන්ගේ දෙමළ ජාතිවාදය වෙනුවෙන් නො වෙයි. අප මෑත ඉතිහාසයේ ඕල්කට්තුමා ගැන ඉගෙන ගන්නෙත් බටහිරයන්ට අවශ්‍ය අන්දමට. ඉංගිරිසින් බිහි කළ ඉංගිරිසි ක්‍රිස්තියානි දැනුම ලබා ගත් අයට අවශ්‍ය අන්දමට.   

 

බොහෝ ජාතිකවාදීන් ලබා ඇත්තේ බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනයක්. ඔවුන් ඕල්කට්තුමා ගැන කියන්නේ බටහිරයන් කියන දේ. ඔවුන්ට ඉන් කැඩෙන්න බැහැ. මා ඕල්කට්තුමා විවේචනය කර කතෝලික සභාව ගැන නොකියන්නේ කතෝලික සභාවට බයෙන් කියාත් එක් අයකු කියා තිබුණා. බුදු සසුනට විපතක් කෙළේ කතෝලික සභාව මිස ඕල්කට්තුමා නො වේය යන්න අයගේ මතයයි. මේ පුදුම තර්ක. මා කතෝලික සභාවෙන් සසුනට විපතක් වී නැතැයි කීවා ? කතෝලික සභාවේ කාදිනල්තුමාගේ හා සභාවේ ක්‍රියා පටිපාටිය මා අදත් විවේචනය කරනවා.

 

එකල සසුනට වඩාත් විපත් කෙළේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි ගා මෙතෝදිස්ත සභා. ඉංගිරිසි පාලකයන්ගේ අනුහසින් . සභාවල පූජකයන් මෙන් ගිහි දේශකයන් සසුනට පරිභව කළා. එයට විරුද්ධ නැගී හිටියේ භික්‍ෂූන් වහන්සේ. පංච මහා වාද සංවිධානය කිරීමේ දී ඉංගිරිසි ආර්ථිකය නිසා ධනවත් වී සිටි බෞද්ධ ගිහියන් සහාය දුන්නා. ධර්මපාලතුමාගේ පවුලේ අයත් විශේෂයෙන් මවත් ඇතුළුව.

 

මේ අය ඉංගිරිසි ආර්ථිකය නිසා ධනවත් වූ අය. සමහරු අරක්කු රේන්දයෙන් ධනවත් වූ අය. එය ප්‍රශ්නයක් නො වෙයි. අර කුමාරි සොයිසා ජයවර්ධන අයට නින්දා කිරීම සඳහා කිවුවේ තමා පදිංචි කොළඹ හතේ ග්‍රෙගරි පාරේ නිචසේ බිත්ති හීරු විට අරක්කු  ගඳ එන බව. ඇයට අමතක වෙලා කියන්න ඇය ඉගෙන ගත් විශාඛා විද්‍යාලයේ බිත්ති හීරු විටත් අරක්කු ගඳ එන බව. විදුහලේ නිර්මාතෘවරුන් වරියන් බොහොමයක් පාණදුරේ. මා ඔවුන් ගැන දැන ගත්තේ පොතින් පතින් මෙන් ආච්චි අම්මාගෙන් අම්මාගෙන් හා තාත්තාගෙන්. ආච්චි අම්මා අපට අර රේන්ද නෝනා ගැන කියා දුන්නා. පාණදුරා වාදයටත් ඔවුන් දායක වුණා. අදත් විශාඛා විදුහලේ පාලක මණ්ඩලයේ ගාමිණි ලක්‍ෂමන් පීරිස් ඉන්නේ හිටපු ඇමතිවරයකු වශයෙන් නොව රේන්ද නෝනාගේ මුණුබුරකු ලෙස.

 

ඉංගිරිසි ක්‍රිස්තියානි ආධිපත්‍යයට විරුද්ධ වීමට ශක්තියක් තිබුණේ  අර්ථිකයෙන් ධනවත් වූ අයට මිස ආප්ප පුච්චා දරුවන්ට කන්න බොන්න දී අමරුවෙන් අධ්‍යාපනයක් ලබා දුන් අපේ ආච්චි අම්මා වැනි අයට නො වෙයි. අම්මා ගමේ පාසලෙන් සිංහලෙන් ලැබුවෙත් ඉංගිරිසි ක්‍රිස්තියානි අධ්‍යාපනයක්. සිංහල ගුරුවරුන් වූ අම්මාත් තාත්තාත් අපට ලංකාවේ එකල ලබාගත හැකි තිබූ හොඳ අනුකාරක අධ්‍යාපනය ලබා දුන්නා. අධ්‍යාපනය නිසා මට අද හැකි වී තිබෙනවා සමස්ත අධ්‍යාපනයට දැනුමට  අභියෝග කරන්න. මාත් දරුවන්ට ලබා දුන්නේ අධ්‍යාපනය. 

 

ඇතැමුන් හිතන්නේ මට විද්‍යාඥයකු වීමට නොහැකි වීම නිසා එංගලන්තයේ දී ඇති වූ හීනමානයක් නිසා එසේ කරන බව. මට එංගලන්තයේ දී ඇති වූ හීනමානයක් නැහැ. ලංකාවේ කිසිවකු විද්‍යාඥයකු වී නැහැ. සසෙක්ස් විශ්වවිිද්‍යාලය මට ආචාර්ය උපාධිය ලබා දුන්නේ අවම වශයෙන් අවුරුදු දෙකක් උපාධිය වෙනුවෙන් වැය කළ යුතුය යන රෙගුලාසිය මා වෙනුවෙන් සංශෝධනය කර අවුරුදු එකහාමාරකින් උපාධි නිබන්ධනය ඉදිරිපත් කිරීමට අවසර දීමෙන්. අවසරයෙන් ඇති වෙන හීනමානය මොකක් ? 

 

ලිපිය දික්වුණා. හෙටත් මෙය ඉදිරියට ගෙන යමු. වි පෙ සම්බන්ධ අර්ධ ප්‍රභූ ජයදේව උයන්ගොඩ ගැන ලිපිය අනිද්දාට කල් යනවා.  වි පෙ හා ජා එකක් නොවන බව නිර්ප්‍රභූ ටිල්වින්ට කියන්න වේවි.