නුඹට ලියූ ගී වන කවි

නුඹට පෙම් බැඳ දුරක් යන්නට පිණක් අප හට නැතත් කිසිනා
අපේ මතකය නිතර ඇහෙනා රාවයක් කරවන්න හිතුනා
නුඹ පතා ලියු කවි ම නුඹෙ සිහිවටන තිළිණය කරන අටිනා
නුඹට ලියු කවි ගීත කරනට හැඟීමක් හිත යටින් තිබුනා

කොමෝ නගරය වී ය ඒ ලෙස ගීයකට මා නැගුව සොඳිනා
නුඹේ පහසක් ලබපු නගරයෙ අප ද මා දුටු හීන මැවෙනා
නුඹේ හැඳුනුම්කමුත් හරහා හොඳ ම තරුවක හඬින් අසනා
මගේ පෙම මුළු ලොවක් දැන ගනු මුල් ම ගීතය වේ ද සිතුනා

එකට දිවි නොම ගෙවූවත් ආදරෙත් නොලැබ ම නුඹෙන් කිසිදා
නුඹට දින දින වැඩෙන පෙම මත කවිත් ලීවෙමි නිතින් සැමදා
පොතක් පිරෙනට තරම් කවි ගී සතුව මා දැන් තියෙන හන්දා
නුඹේ නමට ම පිදුන කවි මින් මතුව ගී ලෙස ඇසෙ ද මන්දා

Comments