උපන් දිනය

පස් දිනක් පහු වෙනා නවමේ සුබ ම මොහොතක් එළඹුනා
එළිය දුටු ලොව බිළිඳු අද උස් මහත හැඩ රුවකිය මනා
සිව් වනා දශකේ තවත් කඩ ඉමක් නුඹ යලි පසු කලා
මගේ හමුවෙන් පසුව සමරන මුල් උපන් දිනෙ එය වුනා

සීත කඳුකර ඉමේ නුඹෙ ලබැඳියන් හා නුඹ එක් වුනා
පුරුදු ලෙස නුඹ නිහඬ විය නුඹ හිමේ තනි වෙන විට ගෙනා
අවදි වී හිමිදිරියෙ පැතුමන් අමත නුඹ මා එක් කලා
වසරෙ වටින ම දිනය නුඹ බෝ පැතුම් මැද නුඹ ගත කලා

ඇතත් බෝ දුර යන්න දිවියේ හොඳ ගතිත් තව වඩ වඩා
නැතත් මා ලඟ නුඹට දිරියක් නිතින් වන්නෙමි හඬ හඬා
මගේ තුරුලේ ලැගුම් ගෙන නුඹෙ ජන්ම දින සමරන තැනා
කෙදින අප හට උදා වේවි ද සිහින නොදකිමි දුක නිසා

එතැන් මතු හැම වසක් පාසා නුඹට සුබ පතනට පතා
නුඹේ ඇසුරේ නුඹට පෙම් කර නුඹ ම පතමින් ඉන්නටා
හිතට සවියක් ලැබේදෝ යැයි නොදැන නුඹ හා ඉන්නටා
නුඹෙ පෙමක් මා නොලැබුවත් සුබ පතමි මම නුඹ හට සදා

Comments