නොකී රහස්: හොඳ ම මිතුරා

නුඹේ මත නැහි නැහී හිඳිමින් කඳුළු සැලු දින මහ ගණන්
මහට ඇමතුම පැමිණියා නාඳුනන අංකෙක හැඩරුවින්
කෙලෙස කිම මා අංකෙ නුඹ දුන්නෙ ද කියාවත් නොම දැනන්
නුඹේ මිතුරා වී ය මා ඇමතුවේ මා සනසන අටින්

කියූවෙ ය නුඹෙ ගති පෙවෙත් පවුලේ තතුත් පෙර විස්තරත්
අතීතයෙ නුඹෙ හොඳ හිතත් නුඹ වෙනස් වී බව දැන් මහත්
සියලු තතු නුඹ පවසනා එක ලඟ ම පවතින මිතු දමත්
කියා පා නුඹෙ තතු හොඳින් තැනුවේ හදන්නට මා හිතත්

නුඹෙ රහස් එක දෙක කෙමින් මා සවන් මත රැව් දී ගියත්
කෝපි බොන්නට මහ ගොඩක් හමුවන්න යන හැටි මැවි ගියත්
මතට මෙන් දුම අදින්නට රැකියාවෙ ගුරු හරු ඇති බවත්
නුඹට ඒ දිවි රුචිව මා වෙත රසය දැන් නැති වී බවත්

මිතුරු වදනේ තිබුනෙ මා හට වෙන්න වෙනසක් ඔබ නමින්
මා නමින් කිසි විටෙක නුඹ වෙනසකට නොයනා බව නිතින්
දුරක් යන්නට දෙදෙන හට මට ඉන්න හැටි ගැන කැප කරන්
එයට සූදානම් නොවේ නම් දෙ අත යන ලෙස හිත හදන්

එදින අනතුරු විටින් විට මා හිත දුකක් නිති පැවසුවත්
නුඹේ සිහියට කරුණු වටහා දෙන්න ඔහු නිති තැත් කලත්
විටින් විට නුඹ මවෙත හැරෙමින් ඒ අසා හොඳ පෙන්නුවත්
මහා වෙනසක් නුඹේ නොම විය මිතුරු අදහස් පල වුනත්

අසරණව හමු වුව ද දිනකදි නුඹේ මිතුරා සෝකයෙන්
පලක් නොම විය නිමාවට හද තැවිනි තව මා ඇසු දෙයින්
මා ද මාගේ කතාවේ අඩු වැඩිය හැකි ලෙස අමුණමින්
මේ කතාවට නිමාවක් නැති බවකි සතුටක් ඇති ලෙසින්

Comments