නොකී රහස්: හෙළි නොවූ පෙම

දතිමි නුඹ මට පවස ඇති හැම සියල්ල ම නොම වන බවත්
ලදිමි තොරතුර වෙනත් අය නුඹ පෙමින් බැඳ ඇති බව තවත්
මහා දෙනෙකුන් නොවූව ද එක් රුවක් නව ඒ ගොඩේ යම්
මෙමා හැඳිනෙමි බලා හිටි මට කරනු බැහැ සඟවනු තවත්

අමත සිටියෙමි දන්නවාදැයි ඔබව ඔහුගෙන් දිනක යම්
ඔහුත් මාගේ ගති පෙවෙත් දින රූප දැක සැක හැර අරන්
මගෙ කතාවට පෙරවදන් ලෙස මුසු කලා ඔහු සිය වදන්
මගේ පටුන ම ඔහු පොතේ ලියැවුනේ කිම තව හිතමි මම්

නුඹත් ඔහු හා ගෙවූ හැටි හැම මහට සැල කෙරුණි ය තදින්
ඔහුත් මා මෙන් තැවී ඇති බව වැටහුනා ඒ කල හොඳින්
මා ද අත්විඳි බොහෝ දෑ විඳ ඔහු ද යට ගිය කල නිතින්
පසු තැවී ඔහු අද ද ඒ පෙම ගැන කරයි සිහි දොම්නසින්

හිතට තරහක් දුකක් මහ පසු තැවිල්ලක් එය ඇති කලත්
කඳුළු එක දෙක වෑහි මහ ගංගාවකට මග පෑදුනත්
නුඹේ වන් හිත පෙළුවෙ කෙලෙස ද එවන් පෙම් කල හදවතක්
මගැන කිම කියනේ ද ඔහු ගෙව් දුක මහත් නුඹ පෙම් කලත්

ලඟින් හිටි හිත් පාරවන්නට නුඹෙ හිතත් නිති පිට ගියත්
පිටින් හුන් රසිකයන් සනසන තරු වෙසක් ගත් නුඹ සිතත්
එදා සිට වු ද කිසිදු අඩුවක් ඒත් මම කිසි නොම කලත්
නුඹට මදි විය මගේ පෙම දිය වන්න ගල් වූ ඔය හිතත්

කිසිදු අඩුවක් මමත් නොකලෙමි දැනගෙනත් නුඹ ගැන හැමත්
වචනෙකින් හෝ හිත රිදෙන්නට සැර කලේ නැත කිසි ලෙසත්
හිතේ කප්පර තබා ගෙන මම ගෙවූව ද නුඹ අභියසත්
නුඹට පෑ සෙනෙහසේ අඩුවක් කලේ නැත මා හද කිසිත්

Comments