නොකී රහස්: නුඹෙ අත දිනු රුව

උපන් දිනයට නුඹට තිළිණය ලෙසින් ගමනක් කැටුව යන්නට
නුඹේ ප්‍රියතම නාටකේ නුඹ නොදුටු මනමේ පෙන්නවන්නට
කල් තියා මම අසුන් වෙන් කර නුඹත් එක්කල එය බලන්නට
නාටකෙන් පසු ගිවිසි ලෙස ඇරලනා බව ගම යනෙන බසයට

නුඹේ දිවියෙන් ටිකෙන් ටික මා ගිලිහෙනා බව මමත් දැනගෙන
මතු දිනෙක නුඹ අතින් අල්ලන් දිවි තුරා කල් ගෙවන රුව ගැන
සිතා මා නුඹෙ සතුට ගැන නුඹෙ තිළිණෙ අනගි ම කරන අටියෙන
කතා කෙරුවෙමි රුවට නුඹෙ අත දිනූ එදිනේ ලෙසට පැමිණෙන

රහසකැයි එය තබා ගැනුමට මාකි දෑ හොඳ ලෙසින් දැනගෙන
අසා ඇති හැඳුනුම්කමට විශ්වාසෙ තබලා මගැන යහමින
නුඹට විස්මය දනවලා දෙන උපන් දින තිළිණයක් වෙනුවෙන
වෙනා නොවෙනා බව ද නොම දැන බලා සිටියෙමි දෑස් දල්වන

කෙසේ මුත් මා නොසිතු ලෙස නුඹ නො එන බව මට දැනුම් දුන් විට
බොහෝ රෑ වී දෙමාපියනුත් කැමති නැති බව ගෙදර එනවට
නුඹත් එක්කල පැතූ සිහිනය තවත් වරකදි බොඳව ගිය විට
එදින නුඹ ගැන හිත හිතා මනමේ බලන්නට වුනි ය මා හට

Comments