.

.

Feb 11, 2024

පෝට්ටු බයියන්ගේ පසුබෑම ඔවුන්ගේ අවසානය විය හැකිය (නාමල්ගේ නෝමල් නොවන ඇටිටියුඩ්)

 


පෝට්ටු බයියන්ගේ පසුබෑම

ඔවුන්ගේ අවසානය විය හැකිය

(නාමල්ගේ නෝමල් නොවන ඇටිටියුඩ්)

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕


රනිල් ලොක්කා ජනාධිපතිවරණයක් තියයි කියා මා නම් සිතන්නේ නැතිය. බොහෝ විට සිඳුවිය හැක්කේ... පලාත් සභා හෝ මහ මැතිවරණය මුලින්ම තබා... එහි ප්‍රථිපලය අනුව ඊලඟ පියවරට යාමය. රනිල් කියන්නේ ජේ ආර් ගේ බෑනා බව මතක තබා ගැන්ම කාටත් යහපත් වන්නේය.


කෙසේ හෝ ජනපතිවරණය පැවත් වූවත්... රනිල්, සජිත් හෝ අනුර යන තිදෙනාටම 50% ඉක්මවූ බලයක් ලැබෙන්නේ නැතිය.  එසේ පවත්වන්නේ යැයි සිතා.... පෝට්ටු බයියන්ගේ නායකයින් වන රාජපක්ෂලා මේ වන විට සිටිනා මතය... මාරම ලොල් සගගතය.


නාමල් කියන්නේ, තවමත් 30% චන්ද ප්‍රතිශතයක් ඔවුන් සතු බවය... ඔවුන් මෙම තක්සේරුවට පැමිණ ඇත්තේ කෙසේදැයි කියන්නට මා නම් දන්නේ නැතිය.. 


එසේ පවසන ඔවුන් සිතන්නේ... මීළඟ මැතිවරණයකින් විපක්ෂයට ගොස්... නැවත මාස 6 කින් බලය ලබා ගැන්මට හැකි බවය. ඒ ඊළඟට එන මේක කරගැනීමට නොහැකිව ගෝටා මෙන් පලා යාවියැයි සිතලාය. 


ඔවුන්ට මේ දිරච්ච ළණු දෙන්නේ මොකාදැයි කියන්නට මා නොදන්නා නමුත්, මාතලන්ට නම් කීමට ඇත්තේ... යහපාලන සමයේ මෙන්.. නාමල්ට යෝෂිතට පමණක් නොව, රාජපක්ෂලාගේ හත්මුතු පරම්පරාවටම ඉතිරි ජීවත කාළයම ගෙවන්නට වෙන්නේ සිරගෙදර පමණක්ම බවය. 


එපමණක් නොව සියළු දේපල "කුපිත වූ ජනතාව" විසින් නැවතත් අළු දූවිලි කර දමන අතර, සියළු වත්කම් රජයට පවරා ගැන්ම අනිවාර්යයෙන් සිඳුවනු ඇත්තේය. ඒ බව සජිත් මෙන්ම අනුර කුමාරයාද දිවුරා පොරොන්දු දී අවසානය.


එසේ වන්නේ ඔවුන් මොළේ බලයෙන් නොව ඇඟේ බලයෙන් දේශපාලනය කල පිරිසක් නිසාය. බලය පැවති කාළයේ පිස්සන් මෙන් හැසිරුන නිසාය. පිස්සු කෙලිය නිසාය. එම උන රෝගය අවසන් වූයේ... මැයි 9 වනදා... විරුද්ධවාදීන් විසින් ඔවුන්ගේ ගෝලයින් බේරේ බස්සා... පාරේ හෙලිවැල්ලෙන් යැවීමෙන් අනතුරුවය.


එපමණක් නොව අමරකීර්තී අතුකෝරාල නිවන් යැවූ අතර... මහ උන්ගේ නිවෙස් 80 ගනනක් ගිනි තබා දැමුවේය. පෝට්ටු චන්ඩින් නෝන්ඩි වූවා පමණක් නොව... දැන් ඔවුන් ඉන්නේ අම්බානට බය වෙලාය. උන්ට කඩේ ගිය උන් දැන් ඉන්නේ සද්දේ වහලාය. 


එහෙත් ඉන් බියට පත් නොවී ජනතාව අතරට අදටත් යන කීප දෙනෙකුද පෝට්ටුවට සිටින්නේය. එහි මූලිකත්වය ගෙන කටයුතු කළ සනත් නිශාන්තගේ හදිසි අභාවය විරුද්ධවාදින්ගේ ප්‍රීතී ප්‍රමෝදයට හේතූ වූයේ ඒ නිසාමය. 


දැන් ප්‍රසන්න රණතුංග එයට නායකත්වය දෙමින් සිටී. එමෙන්ම රත්තරන් හා ලන්සාද තම බල ප්‍රදේශයන්  තුල තම බලය ගොඩනඟමින් සිටී. සිඳු විය යුත්තේද මෙයමය. චන්ඩි පාට් දමා හොක්ක බිම ඇනගෙන නෝන්ඩි වෙන්නේ නැතිව... දැන් මොළයෙන් දේශපාලනය කළ යුතු කාළය පැමිණ ඇත. පාක්ෂිකයන්ගේ බිය තුරන් වන්නේද එවිටය. 


ලාංකීය දේශපාලනය තුල මේ බිම් මට්ටමේ දේශපාලනය ඉතා වැදගත් සාධකයකි. ජනතා නියෝජිතයෝ... සැබෑම ජනතා නියෝජිතයෝ විය යුතුමය. ඔවුන් සිටිය යුත්තේ කොළඹ හතේ නොව... තමන්ගේ බල ප්‍රදේශයේ ජනතාව සමඟය. සතියට එක් දිනක් හෝ තම ජනතාව වෙනුවෙන් වෙන් කිරීමට නොහැකි නම්... මීළඟ චන්දයෙන් පසු යන්නට වෙනම රටක් දැන් සිටම සොයා ගන්නා එක ශරීර සෞඛ්‍යයට ඉතා හිතකරය.


මෙම කල්ට් එක... මෙතෙක් කාළයක් ඉතා හොඳින් ඉටුකළේද රාජපක්ෂලා හා පෝට්ටුවේ දේශපාලුවෝය. ඔවුන් 2019 ජනාධිපතිවරණයෙන් 52% ක් ලබා ගන්නේත්, මහ චන්දයෙන් 60% ලබා ගන්නේත් එබැවින්‍ය.


මූනිච්ඡාවට දේශපාලනය කරනා අනෙක් පක්ෂවලට අත් වූ ඉරණම ඔවුන්ගේ චන්ද ප්‍රථිපල දෙස බැලීමෙන් ගෝනෑම ඔනෙකුට බලාගත හැකිය. (සජබ 23.90%, ජාජබ 3.84%, එජාප 2.15%)


ඉදින් නාමල්ලා දැන් කළ යුතුව ඇත්තේ... කට්ට තුලට රිංගා මාස 6 කින් පස්සේ එලියට ඇවිත්... කට්ටට බෙර ගසන්නට බලා සිටීම නොව, දේශපාලනය කරන්න ආවා නම්... අප්පා කලාක් මෙන් පැය 24 ම දේශපාලනය කරනා එකය..


එහෙම නැතිව මහින්දගේ පුතා නිසා... මේ පින්වත් කුමාරයානෝ.. මහ රජානෝ  කර... අළුතෙන් රජෙක් පහලව ඇතේ.. කියා ප්‍රසස්ථි ගයා... රජ පුටුවේ තියන්න ඕනෑ ඕයි කියා... පුපේ ටින්කිරි ගාගෙන... අතින් තියාගෙන ඇරගන්න... එක බයියෙක් වත් නොඑනා බව නම්... කනගාටුවෙන් වුවත් ලියා තැබිය යුතුමය...


ඒ වගත් මෙසේය.....

35 comments:

  1. මෙන්න මේ කාරණයට නම් එකඟයි අනිත් කාරණා කෙසේ වෙතත්
    //රනිල් ලොක්කා ජනාධිපතිවරණයක් තියයි කියා මා නම් සිතන්නේ නැතිය. බොහෝ විට සිඳුවිය හැක්කේ... පලාත් සභා හෝ මහ මැතිවරණය මුලින්ම තබා... එහි ප්‍රථිපලය අනුව ඊලඟ පියවරට යාමය. රනිල් කියන්නේ ජේ ආර් ගේ බෑනා බව මතක තබා ගැන්ම කාටත් යහපත් වන්නේය.///

    ReplyDelete
    Replies
    1. @මයියා

      ලංකාවේ දේශපාලනය මෙහෙයවන්නේ පිටින්, විශේෂයෙන්ම එක්සත් ජනපදය සහ භාරතය ඔවුන්ට අවශ්‍ය පරිදි ලංකාවේ නායකයන් තීරණය කරනවා, ඩිමොක්‍රටික් පක්ෂ පාලනයේ පවතින එක්සත් ජනපදයේ දැනට ඔවුන්ගේ ලාංකීය නියෝජිත වන්නේ රනිල් වික්‍රමසිංහ මහතායි

      නමූත් මේකට තීරණාත්මක විදියට ඇමරිකානු සහ භාරතීය දේශපාලනය බලපානවා, පක්ෂ වෙනස් වීම මත ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තිය වෙනස් වෙනවා ලංකාව සම්බන්ධව

      එක්සත් ජනපදයේ ඩිමොක්‍රටික් පක්‍ෂය දැන් කුජීත ලෙස කිචවීම සහ රිපබ්ලිකන් පක්ෂය බලය ලබාගැනීම ඉතාම ඉක්මනින්ම මත ලංකාවේත් දේශපාලනය ගැන තීරණ වෙනස් වෙයි විශේෂයෙන්ම රිපබ්ලිකන් පක්ෂයේ නායකත්වය සමීප සබඳතා ලංකාවේ රාජපක්ෂ පවුල සමග ඇතිකරගෙන තිබෙන නිසා

      බටහිර මාධ්‍ය වල මේදිනවල ටකර් කාර්ල්සන් සහ ව්ලාදිමීර් ප්යූතින් අතර පැවති ඉන්ටර්වීව් එකේ කී ටේක් අවේස් ගැන හිතල බලන්න

      01. යුක්‍රේනයේ බටහිර කොටසේ අයිතිය ඓතිහාසිකවම රුසියාවට. ඉන්ටර්වීව් එකේ මුල් විනාඩි තිහම පුටිංගෙන් ඉතිහාසය ලෙක්චර් එකක්. ඒකත් එක නෝට් එකක්වත් බලානොගෙන.

      02. යුරෝපයට රුසියාවෙන් ගෑස් ගෙනාපු නෝර්ඩ්ස්ට්‍රිම් පයිප්ලයින් එක 2022 පිපිරෙව්වා. මේක රෂියා කළ වැඩක් කියලා බටහිර ජඩමාධ්‍ය කෙබර චැනල් කිව්වේ. හැබැයි මේක ඇත්තටම කළේ සීඅයිඒ කියලා පුටින් කිව්වා.

      03. ලෝකේ ත්‍රස්ත ප්‍රහාර 95%ක් විතර හැදෙන්නෙ එ.ජ. සීඅයිඒ සංවිධානයෙන් කියලා පුටින් කිව්වා.

      04. එක්සත් ජනපදය රුසියාවට දාපු සම්බාධක අහිතකර ඇමෙරිකාවටමයි කියලා පුටින් ආර්ථික විද්‍යා තියරි වලින්ම පෙන්නුවා.

      05. ලෝකයේ ආර්ථිකය මෙහෙයවෙන්නෙ USD වලින් වෙනතාක් ඇඑජට ලොකු අවුලක් නෑ. හැබැයි ලෝකය වෙනස් වෙමින් තියෙනවා. ඒ මොහොතෙ ඇඑජ ආර්ථිකය දැඩිව කඩාවැටෙන බව පුටිං කිව්වා.

      06. ඇඑජය යුක්‍රේනයේ කරන යුද්ධයෙන් ඇඑජයට කිසිම වාසියක් නෑ. ඒ යුද්ධයෙන් ඇඑජයේ ආර්ථිකය බරපතල ලෙස කඩන් වැටෙනවා විතරයි කියලා පුටින් කිව්වා. රුසියාව යුද්ධ කරන්නෙ තමන් වෙනුවෙන් නිසා යුද්ධය නවත්තන්නෙ නෑ කියලා කිව්වා.

      07. යුක්‍රේන බටහිර කොටසෙන් පස්සෙ පෝලන්තය හෝ වෙනත් රටක් ආක්‍රමණය කිරීමේ කිසිම අවශ්‍යතාවයක් රුසියාවට නෑ කියලා පුටින් කිව්වා. ඇඑජය සහ යුරොප් යුනීයන් එක යුද්ධයට මැදිහත් වීම සාධාරණීකරනය කළේ මේ තර්කයෙන්.

      08. ඇඑජය ආයුධ නැවතුවොත් යුද්ධය සති දෙකෙන් ඉවරයි කියලා පුටිං කිව්වා. මේක නම් ටිකක් අතිශයෝක්තියක් වගේ

      09. තමන් යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි එක්ක කතා කළ බවත්, ඔහු නාසීන් ආරක්ෂා කිරීම පුදුමයක් කියලා පුටිං කිව්වා.

      10. තමන් ඕනෑම මොහොතක බටහිර එක්ක කතා කරන්න සුදානම් කියලා පුටිං කිව්වා.

      මෙච්චර කල් බටහිර මීඩියා ඇජෙන්ඩා එක හැදුවේ පුටිං යක්ෂයෙක් විදියට අන්දලා.

      මිනිස්සු යුද්ධයට නම්ම ගත්තේ එහෙමයි.

      මේ ඉන්ටර්වීව් එකෙන් වුනේ පුටිං ගැන තිබුණු ඒ ආකල්පය සහමුලින්ම පාහේ බිඳී යාම.

      වේක් ඩිමොක්රටික් කඳවුරට මේ තරම් රිදිලා තියෙන්නෙ ඒකයි

      වැදගත්ම පොයින්ට් එක

      "රුසියාව තවදුරටත් කොමියුනිස්ට් ජුන්ටාවක් හෝ සමාජවාදී ආර්ථිකයක් නෙවෙයි. රුසියාව දැන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙළඳපොල ආර්ථිකයක් (ධනවාදී) ඔස්සේ යන රටක්"

      තවත් කරුණු

      1. ඇඑජ ජනාධිපතිවරු ගොඩක් පාලනය වෙන්නේ ප්‍රභූවරු සෙට් එකක් සහ ඔවුනගෙ ප්රෝපගැන්ඩා ඒකක් මත කිව්වා

      2. නෙටෝ එක පස් වතාවක් එයාල රුසියාව එක්ක තිබ්බ ඇග්‍රීමන්ට් එක කඩ කරා කිව්වා අන්තිමට සැරේ රුසියාව නිශ්ශබ්දව හිටියෙ නෑ කිව්වා

      3.හැම රටකම වගේ සෝෂල් මීඩියා එහෙම ඇඑජ බුද්ධි අංශ මගින් පාලනය වෙන එක ගැන කිව්වා

      4. ඇඑජය අනිත් රටවල් වල ජනාධිපතිවරණ වලට අත දාන ඒවා ගැන කිව්වා

      5. ඇඑජය ට්‍රිලියන 33 ණයක් තියාගෙන , ඉල්ලීගල් ඉමිග්‍රන්ට් ප්‍රශ්න, බෝඩර් ප්‍රශ්න හැටහුටහමාරක් තියාගෙන ඇයි මේ යුක්‍රේනයට ආයුධ සපයන්නේ කියලා ඇහුවා

      6.යූ එන් එක ඉල්ලෙජිටිමේට් කිව්වා. යූ එන් එකට එන්න ඇහුවම ඇඑජය මීටින් එකක මුල එකක් කියලා පස්සේ එපා කිව්වා කියලා කිව්වා

      7.රුසියාව ලෝකෙන්ම වැඩිපුරම සම්භාධක තියාගෙනත් තාමත් ස්ට්‍රෝග් කිව්වා

      8.රුසියාවට යුද්ධයක් ඕන නෑ කිව්වා ඇමරිකාව යුක්‍රේනය වෙපනයිසින් කරන එක නැවැත්තුවොත් යුද්දෙ නවතීවි කිව්වා.

      9. අර ලංකාවෙ බෞද්ධයන්ගෙන් යුද්ධ කරන්න කැපද කියල ඒ කාලෙ ඇහුව වගේම ප්‍රශ්නයක් ටකර් කාල්සනුත් ඇහුව පුටීන්ගෙන් ජීසස් අදහන කෙනෙක් හැටියට යුද්ධ කරන එක අවුලක් නැද්ද කියල
      ඒකටත් කිව්ව ඒක හරිම ලේසි ප්‍රශ්නයක් කෙනෙක්ට තමන්ගෙ පවුල අරක්ෂා කරන්න වෙන තැනකදී රටක් මිනිස්සු ආරක්ෂා කරන්න වෙන තැනකදි ඒ වගෙ ඇටෑක් එකක් එද්දි පාලකය විදිහට මව්බිම තමන්ගෙ රට මිනිස්සු ආරක්ශා කරන්න ඒ දේවල් කරන්නඕන කියන එක කිව්වා..

      මේ අනූව තව දුරටත් ඩිමොක්‍රටික් ඇමරිකන් එළයිට් ක්ලාස් එකට මිඩියා නැරටිව්ස් හසුරවන්න බැරි වෙයි කියල පැහැදිලිව පේනවා නේද?

      Delete
  2. හස්තෝපක්‍රමය හස්තෝපක්‍රමය
    කරනා විටදි නැතිවෙයි බලවික්‍රමය
    ඊට වඩා හොඳ ක්‍රමයකි පුක්ක්‍රමය
    කොයික කලත් යන්නේ එක ශුක්ක්‍රමය

    ReplyDelete
    Replies
    1. මගේ නමින් comments එවන මේ මහතාට යහපතක්ම වේවා!

      Delete
    2. නිදී ගමරාළගේ අමුඩේ වෙන කවුද කැත කරලා ගොහින් නේ.....???

      Delete
  3. පොඩ්ඩක් හිටාංකෝ ඌ හනුම ගෙ පංසල වැදුන ඇවිත් වැඩේ දෙනකං. මේ සීදේවිගේ කොන්ඩෙ ගිහින්ද. හැටීද.

    ReplyDelete
  4. ලෝකයේ ක්‍රිස්තියානි සහ කතෝලික රාජ්‍යවල දැඩි බලපෑම් මැද ලංකාව මේ තත්වයේ ඇත්තේ බුදු දහම නිසා බවත් අතීතයේ පැවතී ආක්‍රමණික ඉන්දියානු බලපෑම් දැන් නවතම වෙනස් ආකාරවල අලුත් මුහුණුවරින් පැමිණේ. ලංකාව බෞද්ධ රජයක් ලෙස ඉදිරියට නොයන්නට හේතුව බෞද්ධ ධර්මයේ වරදක් නොව, එහි ඇති සහනශීලී බව දඩමීමා කරගෙන ලංකාවට එල්ල කරන බලපෑම් බවත් කිව යුතුයි. සැහැල්ලු උදාහරණයක් දැක් වූවහොත් පාස්කු ප්‍රහාරයේ සහ අරගලේ අරමුණ උනේ එක එකා මරාගන්න අරාජිත රජයක් බිහිකිරීමය. එය වැළකුණේ බෞද්ධ ධර්මය ලංකාවේ අතිබහුතර ජන විඤඤානයේ ඇති නිසාවෙනි. නොයේසේනම් අද ලංකාව තවත් ලිබියාවක් හෝ ඉරාකයක් වනු නොවනු මානය.

    මෙහේ ෆින්ලංතෙනන් හෙල්සින්කි වල විවිධ බෞද්ධ විහාර ගණනාවක් තියෙනවා වගේම වෙනත් ප්‍රධාන නගරවලත් බෞද්ධ සංස්කෘතිය ගැන සක්‍රීය ලෙස සංවාද කරන බෞද්ධ පන්සලක් දෙකක් හරි තියෙනවා.අර බෞද්ධ කියලා නාමයක් නැති, සුඩානය, කොන්ගෝව, සෝමාලියාව වගේ රටවල් වලට කෙල වෙලා තියෙන්නේ බුද්ධාගම හින්දද බන්.✝️

    ReplyDelete
  5. ලංකාව BRICS සංවිධානයට ඇතුලු වුවහොත් එය කලාපීය Geopolitical තත්ත්වය බටහිර අධිරාජ්‍යවාදීන්ට ඉතාමත් අවාසිදායක ලෙස වෙනස් කරන්නට හේතු වනවා.

    රුසියාව චීනය සහ ඉන්දියාව යන රටවල් තුනම BRICS සංවිධානයේ ප්‍රධාන කුලුනු වේ. හොදින් බලන්න රුසියාව තෙල් සහ න්‍යෂ්ටික බලශක්තිය ලංකාවට ලබා දීමට ඉදිරිපත් වී සිටියද Anglo-American බලවේගය විසින් 226ම යොදා එය වලකාගෙන සීටිනවා.. එමෙන්ම චීනයේ PortCity ව්‍යාපෘතියද මේ වන විට කඩාකප්පල් කර හමාරයි.226ම දැනුවත්ව සිදුවූ පාස්කු ප්‍රහාරය චීන පෝර්ට් සිටිය දරුණුවට අඩාල කලා.. චීන පෝර්ට්සිටිය වැලකූ ලෙසටම 226ය යොදා ඉන්දීය ආයෝජන රටට ඇතුලු වීම වලකනවා. Anglo-American බලවේගය සහ ඔවුන්ගේ ඔත්තු සේවා වන බ්‍රිතාන්‍යය MI6, ඇමෙරිකානු CIA, එමෙන්ම Mossad යන සියල්ල ලංකාව BRICS සංවිධානයේ ප්‍රධාන කුලූනු තූන වන රුසියාව චීනය ඉන්දියාව යන රටවල් තූනේ බලපෑමෙන් හැකිතාක් දුරට ඈත්කර තැබීමට මාරාන්තික සටනක් අරඹා තියෙනවා.

    ඉන්දියාව BRICS සංවිධානයේ ප්‍රධාන සාමාජික රටක් වීමද ඉන්දියාවේ ප්‍රධානම යුද සැපයුම්කරු රුසියාව වීමත් තුලද Geopolitical දෘෂ්ටි කෝනයකින් බලන කල ඉන්දියාව වඩාත්ම සමීපව සිටින්නේ ඇමෙරිකාවට හෝ බටහිරට නොව පැහැදිලිවම රුසියාවටයි.

    මේ ඉන්දියානු විරෝධය යට සඟවා ඇත්තේ රුසියානු සහ BRICS විරෝධයකි. අධිරාජ්‍යවාදීන්ගේ නගුටු කොට, සුනඛයින්, දැසි දෑස්සන්, අලුගෝසුවන් රට ජාතිය බේරාගන්නා මුවාවෙන් රුසියාවෙන් චීනයෙන් සහ ඉන්දියාවෙන් ලංකාව ඈත් කරන උපාය යට ඇත්තේ BRICS ව්‍යාප්තිය වලකා වීමයි.

    ReplyDelete
  6. පසුගිය දෙසැම්බර් මාසය මුලදී ලංකාවේ වර්තමාන රජය විසින් ඉන්දියාවේ අමුල් සමාගමට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ඉඩම් අකර විසි අටදහසක් ඇතුළු සම්පත් රැසක් කුණු කොල්ලයට වත්මන් රනිල් වික්‍රමසිංහ ජනපතිගේ රජයේ තීරණ මත කුණු කොල්ලයට අලෙවි කිරීමට සූදානම් වන්නේ යැයි සමස්ත ලංකා ගොවිජන සම්මේපනයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න විශේෂ මාධ්‍ය හමුවක් තබා ජවිපෙ ජාතික ජන බලවේගයේ ගොවි සංවිධාන වල නායකයන් රැසක් පිරිවරාගෙන මහත් කෝලාහලයක් කරමින් දැවැන්ත හඬක් නැගූවා

    එහිදී ඔහු විසින් අවධාරණය කළේ අනිවාර්යයෙන්ම තවත් මාස හයකින් බිහිවන මාලිමා රජයක් යටතේ එම ඉන්දීය සමාගම රටින් එලවා දමා එම ඉඩම් ඇතුළු සියලු දේපොළ සම්පූර්ණයෙන්ම රජයට නැවතත් පවරා ගැනීමට අනිවාර්යයෙන්ම පියවර ගන්නා බවයි

    මීට අමතරව ජවිපෙ ජාතීක ජන බලවේගයේ රටපුරාම සිටින සංවිධායකයන් හරහා දීපව්‍යාප්තව එම ඉඩම් අලෙවිට එරෙහිව සමස්ත ලංකා මහජන පෙත්සමකට අත්සන් තැබීම සඳහා පැමිණි අවස්ථාවේ පවා මාධ්‍ය අමතමින් වසර 76 ක් පුරාවට ලංකාවේ පාලකයන්ට තුට්ටු දෙකක් අත මිට මොනවා එම සම්පත් මිලදී ගන්නා විදේශීය බහුජාතික බූවල්ලන් සියල්ලටම කළාසේ අමුල් සමාගමට ද අනතුරු අඟවා සිටින බවද ඔහු එහිදී තවදුරටත් අවධාරණය කරපු නමුත් ඉන්දියා රජයේ ඉල්ලීමක් මත අනුර කුමාර දිසානායක ඇතුලු NPP පිරිසක් ගිය සතියේ භාරතයේ නිලධාරීන් සහ දේශපාලුවන් වන්දනාව පිණිස ගිය විගසම මේ සියලු ශබ්ද වසා ඉතාම පුදුමාකාර ලෙස ජවිපෙ ජාතික ජන බලවේගය දැඩි ලෙස නිහඬව සිටින බව පෙනෙන්නට තිබෙන අතර නාමල් කරුණාරත්න පේස්බුක් පිටුවේ මේ ගැන බොහෝ අය විමසා සිටියත් ඒ කිසිවකුට පිලිතුරු නොදී නාමල් කරුණාරත්න සමන්ත විද්යාරත්න ඇතුලු ජාතික සම්පත් රැකීමට දිවිහිමියෙන් කැප වූ ජවිපෙ ජාතික ජන බලවේග නියමුවන් සැඟව සිටින බව පෙනේ ඇත්තටම මේ ගැන පැැහදිලි කරන්න කාට හරි පුලුවන්ද?

    ReplyDelete
  7. මහින්ද රාජපක්ෂ ගේ පුතා වීම හැර එයාට රටේ නායකයා වෙන්න තියන එක සුදුසුකමක් කියන්න.

    ReplyDelete
  8. මම පොහොට්ටුවට ඡන්දය දෙන්නේ නැතත් පොහොට්ටුව පැත්තෙන් බලන කොට මම හිතන්නේ නාමල් රාජපක්ෂ මේ වෙලාවේ නායකත්වයට එන්නේ නැතුව අඩියක් පස්සට තියලා පොහොට්ටුවේ ඊළඟ පරපුරේ දෙවෙනි පෙල ඉස්සරහට ගන්න ඕන කියල, රමේෂ් පතිරණ කාංචන විජේසේකර දිලුම් ෂෙහාන් වගේ තරුණ දැන උගත්කම තියෙන පිරිස ඉහල තනතුරු වලට පත්කළ යුතුයි කියන අදහසයි මම හිතන්නේ

    ඔය සෝ කෝල්ඩ් ජ්‍යෙෂ්ඨ පොරවල් පස්සට ගිහින් දැන් වල පයයි ගොඩ පයයි ඉන්න නාකි මයින කියල branded වෙලා ඉන්න expired මහින්ද රාජපක්‍ෂ මතම නොයැපී අලුතෙන්ම දක්ෂ පිරිසක් යොදාගෙන පක්‍ෂය ගොඩ දාගන්න ඕනේ, ඒකට ප්‍රසන්න රණතුංග වගේ අය නායකත්වයට ගන්නේ නැතුව ඒ අය බිම් මට්ටමේ සංවිධාන කටයුතු වලට සම්බන්ධ කරගෙන පක්‍ෂ නායකත්වය රමේෂ් පතිරණ වගේ පොරකට නායකත්වයට දීලා තරුණ කමිටුවකට පාලනය කරන්න දීලා ඒ සෙට් එක එක්ක අලුත් මුහුණුවරකින් අලුත් නමකින් ලොකු කැම්පේන් එකක් කලොත් ජනමතය හරවන එක එච්චරම අමාරු නෑ

    දැන් මාලිමාවට වෙලා තියෙන දේ බලන්න ජවිපෙ කියන පක්ශේ උන්ට සමාජවාදයත් ඕනී ප්‍රජාතන්ත්‍රවාදයත් ඕනී ගෝත්‍රික චන්ද ටිකත් ඕනී.ඔතන ස්ක්‍රිප්ට් එක ලියන එකා වැඩේ හරියට කරල නෑ.බලං ඉන්න ඔලුවක් තියන ඕන එකෙක්ට තේරෙනව මුං පට්ටම වැල් බයිලා ගහන්නේ කියල.දැන් ජෙප්පො කියල ජාතියක් නෑ වත්ත වටේටම කතිර ගහල එකෙක්වත් හරියන් නෑ මුන්ට දීලා බලමු කියල සෙට් වෙච්ච මෙලෝ හසරක් නොදන්න රටගොන්නු සෙට් එකක් දැන් ජවිපේ වටා එකතු වෙලා ඉන්නෙ.ඕවගෙන් මේවගෙන් වෙන්නෙ හරි දැක්මක් එක්ක ජවිපෙත් එක්ක ඉදපු උන් පක්ශෙන් ඈත්වෙලා මෙලෝ රහක් දැනුමක් නැති උන් ටික ඉතුරුවෙන එක. අපරාදේ අපි 2019 ජාතික ජන බලවේගය හදන්න මැදිහත්වී තියපු බලාපොරොත්තු සේරම ඉවරයි.

    ඔය චන්ද ඔක්කොම සතියෙන් හරි කැම්පේන් එකකින් ආපහු හැරෙනව. ඔය පෙරවැරදි අරුන්ට ආපහු ඡන්ද ගන්න බලපාන එකක් නෑ. ලංකාවේ අති බහුතරය මෙලෝ රහක් නැති එවුන් නිසා, ඕකයි යතාර්තය 😪

    ReplyDelete
  9. ජනාධිපතිවරණයක් තියන්නේ නැත.
    මහා මැතිවරණයක් තියන්නේද නැත

    විධායක ජනාධිපතිකම අයින් කරා විධායක අගමැති උනා
    ලාම්පු කලගෙඩි නැට්ටේව්ව

    ReplyDelete
    Replies
    1. ඔවු රනිල් වික්‍රමසිංහ හෙනම ලෝක අණ්ඩපාලයා ඇමෙරිකාවයි මෝදිලයි එක්ක ඩීල් දාලා එහෙමත් කරන්න වැඩි ඉඩක් තියෙනවා කවුරුත් මුකුත් කියන එකක් නෑ ඉතින් උන් ගහන ප්දේටම නටන යෝදයෙක් නිසා රනිලා...

      Delete
  10. මාතේ ඔය කිසිම දේක කිසිම හොදක් නොදකින එවුන් රට කඩාගෙන වැටුනම විතරක් පාලකයොන්ට බනින එක වැරදියි නේද. පාලකයොන්ට කියලා මැජික් කරන්න බෑනේ. උන්ට කරන්න පුලුවන් එකම දේ රටේ යටිතල පහසුකම් හදන එක. ඒවා කරද්දිත් විරුද්ද වෙනවා කියන්නේ ඒ වගේ ගෝත මිනිස්සුන්ට පිස්සු.

    අනුරයගේ ට්‍රිප් එක තිබුනා හෝ නැතා ඉන්දියාව එක්ක ලවු හේට් බැලන්ස් කරගෙන චීනෙත් ශේප් කරගෙන් තමා ලංකාවට වැඩ කරන්න වෙන්නේ. ඒක අමතක කරලා වැඩ කරන උන්ට යුක්‍රේනය නෙමෙයි පෙන්නන්න ඕනේ ලංකාවේම හිටපු ජේආර්ව.

    බටහිරට එගේන්ස්ට් පුටින් ගේමක් දෙන එකට කොච්චර ආස උනත් ඒකට හුරේ නොදමන්න හේතුව ලංකාව ලඟ ඉන්නේ සද්දන්ත ඉන්දියාව නිසා සහ ඉන්දියාව ඉන්දියාවේ ආර්ක්ශාව ගැන කොච්චර හිතනවද කියලා දන්න නිසා. කෙනෙක්ට කියන්න පුලුවන් අපි මොකටද බය වෙන්නේ, ඓතිහාසිකව අපි කවදාවත් ඉන්දියාවේ කොටසක් වෙලා නෑ ඒ නිසා ඉන්දියාවට අපිව අල්ලන්න බෑ ආදී වශයෙන්...හැබැයි මතක තියා ගන්න එංගලන්තෙ කොලනියක් වෙන්න කලිං ඉන්දියාව කියලා තනි රටක් තිබ්බේ නෑ (කණිෂ්ක රජ්ජුරුවෝ සහ අසෝක රජ්ජුරුවන්ගේ කාලේ වත් අද තරම් ලොකු ඉන්දියාව්ක් තිබිලා නෑ...ඒ කියන්නේ ඉන්දියාව තව තවත් ටික ටික ලොකු වෙනවා).... ඒක තේරුම්ගත යුතුයි හැමෝම...

    ReplyDelete
  11. අනේ මන්ද මාතලන් දේශපාලනේ ගැන නම් කතා කරන්නත් අප්පිරියයි ඒ අස්සේ පිටරට ඉඳගෙන අපට බලන්න සිංහලෙන් ලියන බ්ලොග් තියෙන්නෙත් කීයෙන් කීයද? බුකියේ ඉන්න මීහරක් ලියන හෑලි බලලා හිනාවෙන්න පුළුවන් කාලයක් තිබුණා ඒත් ඒවත් දැන් මාර බෝරින් ලංකාවේ ටෙලිනාට්‍ය නිර්මාණ පිටරට ඉඳගෙන බලනකොට පේනවා කලා කාරයෝ ප්‍රේක්ෂකයා විහිලුවට අරගෙන තියෙන්නෙ දේශපාලකයෝ චන්ද දායකයා විහිලුවට ගත්තා වගේ. අර අවුරුදු පහකට පෙර පොල් ලෙල්ලටත් චන්දය දුන්නා වගේ මොකෙක් දැම්මාත් වෙන බලන්න එකක් නැති මිනිස්සු බලනවා නේ, දැන් නම් මාලිමාව පොහොට්ටුව පාට් ටූ වෙලා තියෙන නිසා ඒකත් තනිකර ජෝක් එකක් වෙලා තියෙන බව ඇත්තක්... කොහොමත් ඔය පක්‍ෂ දෙක තුන අතරේ බෙදිල ගිහිල්ල එකෙකුටවත් බහුතරයක් නැති වෙලා මහා කැඳ හැලියක් හැදෙයි එකෙකුට වත් බලයක් නැති, අන්තිමට රනිලා ආයෙත් ඉදිරිපත් වෙලා මැරෙනකම් රට කරයි අරුන් ටික කයිය ගගහා කාලේ කයි, රනිල මලාම තමයි සේරටම හබක් වෙන්නේ ඕකා එතකොට රටම විකුණල තියෙයි සේරම වැදගත් ආයතන විදේශ ආයෝජකයන්ට භාරදීලා තියේවි, ඉන්දීය චීන හවුල් පාලනයක් තියෙයි එතකොට, රටේ නායක විදියට බොරුවට නමට ලංකාවේ මොකෙක් හරි පඹයෙක් ඉඳියි ඒකා නාමල් ද අනුර ද ප්‍රේමදාස ද මොකාද කියල වැඩක් නෑ ඌට කරන්න පුලුවන් ලබ්බේ මගුලක් නෑ අරුන් ගහන ගහන පදේට නට නට තමන්ට රෙදිනැතුව කඩේ යන පක්ෂයේ මෝඩ වහල් මීහරක්ට ගොන් ආතල් දිදී ඉන්න පුළුවන් වෙයි එච්චරම තමයි ඉතින්.. 😄

    ReplyDelete
    Replies
    1. Yes, had to agree with you most of the things that you mentioned 👏

      Delete
    2. @ anonymous 6.47 AM

      සමහර වෙබ් සීරිස් සහ short movies තියෙනවා හොඳම ඒවා සිංහල කතා, සිංහල චිත්‍රපට ටිකක් තියෙනවා ඔය නම්දරාපු ඒවා වගේම ඊට අමතරවත්

      අනන්ත රාත්‍රිය මම කැමතිම සිංහල චිත්‍රපටය.ඒක නිර්මානය වෙන්නෙ '96 දි.චිත්‍රපටයට පාදක වෙන්නෙ ලියෝ තොල්ස්තෝයිගෙ Resurrection කෘතිය.ඒක ලියැවෙන්නෙ 1899. මතකනේ 2008 ආපු Reader ⁣ට පදනම් වෙන The Reader පොත ලියවෙන්නෙ 1995 දී බර්න්හාඩ් ශ්ලින්ක් අතින්.ඒකින් තමා 2008 දී Reader චිත්‍රපටය හැදෙන්නෙ.යම් විදිහකින් මේම කියන්න පුළුවන් අනන්ත රාත්‍රිය The Reader ට නෑකම් කියනව ⁣කියල පේන්න හේතුව තමයි The Reader පොත Resurrection තුලින් Influence වීම.ඒ නිසා පොත් දෙකින් කරපු Film Adaptions දෙක එකිනෙකට නෑකම් කියනව වගේ පේනවා 🔥

      Delete
  12. දැන් සිදුවෙන අරගලය සහ ජූලි 9 වැනිදාට පෙර සිදු කළ අරගලය අතර වෙනස තේරුම් ගැනීමට මේ තත්පර ගණනක වීඩියෝවක් ප්‍රමාණවත්ය.

    දැනට ලංකාවේ පොලීසිය ඉන්නේ උන්ගෙන් ගේම ඉල්ලන අරගලකරුවන් සමග යක්ෂ කේන්තියකිනි. ඒ අරගලකරුවන් විසින් පොලීසිය කුපිත කරවන නිසාය.

    නමුත් නන්දසේන හිටපු කාලේ 2022 ජූලි 9 වැනිදාට පෙර සිටි අරගලකරුවන් එසේ කළේ නැත. ඔවුන් පොලීසියට රෝස මල් පිරිනමමින් ඔවුන්ට ආදරයෙන් කතා කළේය. එය එකල ක්‍රියාත්මක වූ එක්සත් ජනපදයේ රෙජීම් ඡේන්ජ් ව්‍යාපෘතියේ සැලසුම් සහගත උපක්‍රමයකි. සජබයියන්ගේ නායිකාවක වූ හිරුණිකා සෙනග මැදට ගොස් පොලිස් නිලධාරීන්ව සිය ළැමට තද කර බදා ගැනීම ඒ උපක්‍රමයයි. ඒ උපක්‍රමික පුහුණුව එන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන් බව අරාබි වසන්තය වැනි ඊනියා විප්ලව දෙස බැලූ විට පැහැදිලි වේ.

    දැන් වෙන්නේ එය නොවේ. ගෝඨාභය නික්ම යෑමත් සමග ඒ රෙජීම් ඡේන්ජ් ව්‍යාපෘතිය අවසන් වේ. දැන් යන්නේ එහි ලංකාවේ ආර්ථික පාලනය ඇල්ලීමේ කොටසයි. මේ වෙන්නේ වෙනත් අරගලයකි. මෙය හැමදාම කරන ලකේ පංකාවේ ඊනියා වමේ මෝඩ අරගලයයි. නමුත් මෙය පෙර අරගලයට වඩා භයානකය.

    පොලීසිය සහ හමුදාව දැන් එන්න එන්න දරුණු වෙමින් තිබේ. පෙරටුගාමීන් විසින් මෙහෙයවන අන්තරේ සහ ජවිපෙ විසින් මෙහෙයවන වෘත්තීය සමිති විසින් පොලීසිය සහ හමුදාව දිගින් දිගටම කුපිත කරවමින් සිටී. මේ බෙදීම් රේඛාව පුළුල් වීම රනිල්ට වාසිදායකය.

    මේ වීඩියෝවේ දෙබස මට ඇහෙන්නේ මේ ආකාරයෙනි:

    අරගලකරුවා: "ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකිය."

    පොලිස් නිලධාරිනිය: "උඹේ අම්මද කිව්වේ?"

    අරගලකරුවා: "ආං?"

    පොලිස් නිලධාරිනිය: "බොගේ අම්මද කිව්වේ?"

    අරගලකරුවා: "ඔව්. ඔව්. අපේ අම්මට කිව්වේ කොළඹ විශ්වවිද්‍යලයේ ඉතිහාසය උගන්වන මහාචාර්ය නිර්මාල් දේවසිරි ගුරුතුමා."

    ReplyDelete
  13. නාමල් රාජපක්ෂ ගැන මාතලන් කියන කතාව ඇත්ත නමුත් මේක නාමල්ගේ වෙලාව නෙවේ, රනිල් 2010 සහ 2015 ගහපු ගේම් වගේම 2019 මෝඩ සජ්ජාව හාවා කරලා බේරුණා මතකනේ, පොරගේ වෙලාව ආවම ගානට ගේම ගහලා එක්සත් ජනපදය හා ඉන්දියාව විසින් ඡන්ද රහිතව ගේම් එකකින් පත්කරන නියෝජිතයා ලෙස බලයට පත්වුණා

    ඇත්තටම ලංකාවේ ජනාධිපති නන්දේ පැරදුන එක ගැන ඕනතරම් කතා කරල තියෙන නිසා අපි ඇත්තටම දැනට දෙවෙනි බලවේගය විදියට ඉන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අනුර කූමාරට පැරදුනේ ඇයි කියල සාකච්ඡ කරමූ

    මොකද ඇත්තටම මේ කතාවේ ලොකුම පරාජිතයා වීමට නියමිතව ඇත්තේ ආර්. ප්‍රේමදාසගේ පුත් සජිත් ප්‍රේමදාස. මේ මොහොත වන විට ප්‍රේමදාසට වඩා දිසානායක ජනප්‍රිය වී ලූලා නැති වලට කණයා පණ්ඩිතයා මෙන් පොහොට්ටුව නැති වලේ මේ මොහොතේ දේශපාලන බලය පහසුවෙන් තමන් අතට ගැනීමට සජිත්ට තිබුණු හැකියාව ඔහු නැති කරගත්තේ කෙසේද කියන කාරණය වැදගත්

    ඉතාම පැහැදිලිව පෙනෙන්නට තිබෙන දේ තමයි එයට ප්‍රධාන හේතුව සජිත් ප්‍රේමදාසගේ මෝඩ-අහංකාරකම බව. ගෝඨාභය ගෙදර යවා ලංකාවේ ප්‍රධාන ප්‍රජාතාන්ත්‍රික බලවේගයක් නිහඬ කළ පසු සජිත් හිතුවේ ජනාධිපතිකම ඔහුට ස්වයංක්‍රීයව ලැබෙනවා කියලා. පසුගිය කාලයේ සජිත් හැසිරුණේ මහ උද්දච්ච ස්වභාවයෙනි. හරියට තමන් දැනටමත් ජනාධිපති වගේ. පාර්ලිමේන්තුවේ කතා කළේ එසේය. මන්ත්‍රීවරුන්ට පවා කතා කළේ දෙකේ කොළයට දමලා. සජිත්ගේ පරාජයට මූලික හේතුව මෙම අධිමාන අධිතක්සේරු මන්දමානසික මෝඩ-අහංකාරකම තමයි.

    දෙවන කාරණය නම් විපක්ෂයේ ප්‍රධාන පක්ෂය ලෙස හිටියත් විපක්ෂයේ කාර්යභාරය නිසියාකාරව කිරීමට විපක්ෂ නායක හැටියට සජිත් ප්‍රේමදාස අපොහොසත් වීමයි. උදෙන්ම පැය ගණන් කාලය නාස්ති කරමින් බහුබූත කතා කියමින් හාස්‍යජනක චණ්ඩි පාට් දමමින් විකාර ඉංග්‍රීසි වචන දොඩවමින් ජෝකර් කෙනෙකු මෙන් විපක්ෂනායක තනතුරම හැල්ලුවට ලක් කිරීමෙන් සිදු වූයේ නිල නොලත් විපක්ෂය බවට ආසන තුනක් ඇති ජවිපෙ නිරායාසයෙන් පත් වීමයි. කොටින්ම දැන් මිනිස්සු සැබෑ විපක්ෂ නායක ලෙස දකින්නේ අනුර කුමාරයි.

    පසුගිය ජනාධිපතිවරණයේ සජිත්ට ලක්ෂ 55 ක් ලැබුණත්, 2020 මහ මැතිවරණයෙන් සජබට ලැබුණේ ඡන්ද ලක්ෂ 27 ක් පමණයි. එනම් බාගෙට බාගයක් ඉන්නේ දෙමළ, මුස්ලිම්, සහ කතෝලික ඡන්ද ටික සහ පාවෙන ඡන්දත් ඉතාම ටිකක් විතරයි. මෙවර ජනාධිපතිවරණය තිබ්බොත් සජිත්ට දිනන්න ඡන්ද ලක්ෂ 70 ක් ගත යුතු නමුත් අර ලක්ෂ 55 එහෙමම ඉන්නවා කියා උපකල්පනය කළත් ඉතුරු ලක්ෂ 15 ගන්නට සජිත් කර ඇත්තේ මොනවාද? කිසිවක් කර නැත. අඩුම තරමින් සංවිධානාත්මකව දිවයින පුරා රැස්වීම් මාලාවක්වත් කළේ නැත. කළේ අර පසුගියදා කොළඹට සෙනග ටිකක් ගෙන්වා පාගමන් විරෝධයක් කිරීමය. සෙනග දාහක්වත් නොපැමිණි එය අන්ත අසාර්ථක විය. මරික්කාර්ගේ මෝඩ කතා අහගෙන පැමිණි නූගත් පිරිස රනිල්ගේ බේරේවැවේ ගඳගහන ජරා කුණු වතුර නාගෙන ගෙදර ගියා විතරයි.

    තමන් ගැන අධිතක්සේරුවෙන් හිතන්න ගත් තැනම තමන් පරාජයට පත් වෙනවා. පොහොට්ටුවට වුණෙත් එයයි. 69 ලක්ෂයකින් ජනාධිපතිකම සහ 2/3ක ආණ්ඩු බලය ගැනීමෙන් සිදු වූයේ තමන් අජෙය්‍ය කියා සිතීමයි. නායක කාරකාදීන් පමණක් නොව රාජ්‍ය ආයතනවල තනතුරු ගත් නෝනා මහත්තුරු සහ සාමාන්‍ය පාක්ෂිකයා පවා හිතුවේ ඔවුන්ව හොල්ලනට බැරිය කියායි. එවිට යථාර්ථය නොපෙනේ. පොහොට්ටුව ඒ වේදනාකාරී පාඩම දැන් හොඳට උගෙන දැන් ඔවුන් මුල සිට නැවත හැදෙන්න ඕනේ. මේ වන විට දිවයින පුරා රැස්වීම් වට තුනක් පවත්වා තිබේ. පාක්ෂිකයන්ගේ ප්‍රශ්නවලට අවංකව සවන් දෙමින් ඒවාට විසඳුම් දිය යුතූයි. දීර්ඝකාලීන සැලසුමක් මත ක්‍රියාත්මක විය යුතුයි.

    නමුත් සජිත් තවමත් පරණ තැනමයි. යථාර්ථය නම් ඔහු හිටිය තැනින් තවත් පහතට වැටී තිබීමයි. දෙමළ මුස්ලිම් ඡන්ද දැන් වැට උඩය. ඒ ඡන්ද අනුර කුමාරට දිනා ගැනීමට නොහැකි හේතුවක් නැත. ඉන්දියානු ව්‍යප්තවාදයට එරෙහිව සටන් කර මියගිය තම සහෝදරයන්ගේ මළමිනී මතින් පැන ඉන්දියාවට ගොස් ඉන්දියානු ධනපතියන්ගේ බටර් ගාගෙන ඔවුන් ඉදිරියේ නටන වඳුරෙකු මෙන් බයිසිකල් පැද පෙන්වීමට පවා අනුරට හැකි නම්, ලංකාවේ දෙමළ මුස්ලිම් ඡන්ද ටික වෙනුවෙන් තම දෙඅස්ථි හෝ පාවා දීම ඔවුන්ට මහ කජ්ජක් නොවේ.

    මෙහි ලස්සනම දෙය නම් දැන් දෙමළ මුස්ලිම් ජාතිවාදීන්ට සතුරෙකු නොමැති වීමයි. මෙතුවක් කල් ඔවුන්ගේ ජීවමාන සදාකාලික සාතන් බඳුවූ මහා සතුරා වූයේ රාජපක්ෂලා වුණත් රාජපක්ෂලා නොඉල්ලන වරණයක ඔවුන්ට නිශ්චිත සතුරෙකු නැත. එබැවින් ඔවුන්ට සජිත් හෝ අනුර හෝ කියා වෙනසක් නැත. සැබැවින්ම අනුර සහ සජිත් අතරින් දෙමළ මුස්ලිම් ජාතිවාදීන් වඩාත් සහාය දිය හැක්කේ අනුරටයි. මන්ද යත් සජිත් යම් තරමකට හෝ සිංහල බෞද්ධ වීම නිසාත්, අනුර මුළුමනින්ම සිංහල බෞද්ධ විරෝධී වීම නිසාත්ය. මා හිතන්නේ මේ ආකාරයට මහපොළොවේ දේශපාලනය කියවා ගැනීමට හැකි මිනිසුන් සජිත්ට නැති බවයි. සජිත් හැසිරෙන්නේ තමන් සියල්ල දත් මහා ගොන් බකපඬියකු ආකාරයෙනි. මේ තත්ත්වය වෙනස් කරගැනීමට සජිත්ට තවමත් කාලය ඇති නමුත් ඒ සඳහා ඔහුට තිබිය යුතු උසස් අධ්‍යාපනය සහ පරිණතභාවය තිබේද යන්න සැක සහිතයි.

    දිස් ඉස් පොලිටික්ස්... !

    ReplyDelete
    Replies
    1. It's all about marketing, I think Sri Lankan political parties need to learn more from Apple Inc USA about how to use marketing and networking services to the customers 😀 For example My Xiaomi Redmi Note 12 for 140$ new Has a 120Hz oled display 😂. And its comes with a 35Watt charger include on the box!!! So 140$ - 40$ for the charger and cable - 5$ parking - 5$ transport cost = 90$ for a Redmi Note 12 phone with 120hz... Apple are crazy!!! 😂😂😂 How they sell 60Hz IPhone 15 for such huge amounts? Just another 60 Hrtz oled and 800 $ price tag without even the charger 😑

      Main issues I noticed in new 15 series;

      1. Scratch vulnerability on titanium finish & fingerprints
      2. Overheating
      3. 48 mp camera
      4. Zooming in between 3x and 4.9x
      5. Rounded edge & cracking vulnerability
      6. Battery bank
      7. Bend test due to titanium frame
      8. 60hz display for hugely priced flagship
      9. USB-C speed
      10. Action button

      Delete
  14. ලංකාවේ දේශපාලන පක්ෂ එක එක තැනට වෙනස් කරන ප්රතිපත්ති, ඇමෙරිකාවේදී එකක්, ඉන්දියාවේදී තව එකක්, ලංකාවට තවත් එකක්. හරි ඍජු ප්‍රතිපත්තියක් නැ. මිනිස්සුන්ගේ ද්වේශය අවුස්සලා බලය ගැනීමක් නම් හොඳටම පෙන්න තියෙනවා.

    මම නං හිතන්නේ ෆින්ලන්තේ දියුණු උනේ කොස් ඇට කන්නේ නැති නිසා. දැන් බලපං කොස් ඇට කන දකුණු ආසියාවේ රටවලුයි කොස් ඇට නොකන යුරෝපීය රටවලු අතර වෙනස. විශේෂෙන් කොස් ඇට කලුපොල් නිසා තමයි ලංකාව ‌මේ තරමට පිරිහිලා තියෙන්නේ. කවදාවත් පිහියක් ගෑරුප්පුවක් පාවිච්වි කරලා කන්න බෑ ‌නේ. ඉතිං ලංකාව කොහොම දියුණු වෙන්නද? නේද?

    ReplyDelete
    Replies
    1. I disagree. The Dynamic Island is just a way for Apple to save money, by minimalizing/ removing the cut-out. Once IPhone users start to realize that they're the only ones with the eye-sore of a pill, I think it will be minimalized to just the camera. Until then, Apple can save some money on this design.

      Delete
  15. චන්දයක් තියෙන බව
    පවසයිද ජනපති කන්තෝරුව
    චන්දයක් නොඑන බවට
    කුමට අපි ලතවෙමුද

    චන්දෙ තියනා බවත්
    රනිල් නොඑනා බවත්
    පෙරළියක් වන බවත්
    ඉඟිකල හැකිය මට

    ReplyDelete
  16. මෑතකදී ඉන්දියානු සංචාරයක ගිය ජවිපෙ ජාතික ජන බලවේග සහෝදරයන්ට රුපියල් කෝටි 300ක මුදලක් ලබා දී ඇති බවට තමන්ට සාක්ෂි සහිතව තොරතුරු ලැබී ඇතැයි මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියෝ පවසති. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ලංකාවේ රජයේ පශූ සම්පත් මණ්ඩලය යටතේ ඇති මිල්කෝ ආයතනය ( හයිලන්ඩ් සන්නාම යටතේ) කටුනායක රත්මලාන සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල විදුලි බලාගාර ඇතුලුව විශාල ප්‍රමාණයක් ඉන්දීය සමාගම් වලට විකුණන එකට විරෝධතාව පල නොකර කීකරුව තබා ගැනීමට මෙම මුදල පිරිනමන්නට තීරණය කර ඇති බවද උන්වහන්සේ අවධාරණය කළේය.

    ReplyDelete
  17. මම හිතන්නේ ගගසිරිපුර ධර්මාලෝක කියන භික්ෂුව එක්ක යන්නෙත් මේ වගේ පොලිටිකල් කැම්පේන් එකක්. බොහෝවිට දිලිත්ගෙ වගේ පේන විදිහට. සමහර වෙලාවට නාමල්ගේ වෙන්නත් බැරි නෑ උන්නාන්සෙ වටේ දැං ලොකු පිරිසක් එකතු වෙලා ඉන්නවා. මූ කියන ඔිනෙම දෙයක් කරන්න උං දැං සූදානම්. ඔික ඊලඟ පාර ලොකු ඡන්ද පදනමකට හරවගන්න එක මහ දෙයක් නෙවෙයි.

    ලංකාව තුල බලය ගන්න නම් පාවිච්චි කරන්න ඔිනෙ ප්‍රභළම තුරුම්පුව බුද්ධාගම.

    මොකද ඔිනෙම මිනිමරුවෙක්, ස්ත්‍රී දූෂකයෙක්, හොරෙක්, කුඩු කාරයෙක්, පාතාල නායකයෙක් වෙනුවෙන් පෙනී ඉන්න එකම ආගම මේක. මේ ආගමට පුළුවන් තමංගෙ බැතිමත්තුන්ගෙ ඡන්ද මිනීමරුවෙක්ට, ස්ත්‍රී දූෂකයෙක්ට, හොරෙක්ට, කුඩු කාරයෙක්ට, පාතාල නායකයෙක්ට ඉල්ලලා දෙන්න.

    ඔිනෙම මිනීමරුවෙක්ට, ස්ත්‍රී දූෂකයෙක්ට, හොරෙක්ට, කුඩු කාරයෙක්ට, පාතාල නායකයෙක්ට පිරිත් නූලක් බැඳලා ඌව සුද්ද කරලා ගන්න මේ ආගමේ නායකයින්ට පුළුවන්.

    ලංකාවට කෙලවන්නේ මේ ආගම. ලංකාව මිනිමරුවන්, හොරුන්, ස්ත්‍රී දූෂකයින් විසින් පාලනය කරන රටක් වෙන්න ප්‍රධාන හේතුව මේ ආගම. දැන් මාලිමාවත් හාමුදුරුවරුන් ගෙනල්ලා භික්ෂු කැම්පේන් කරනවා, මොකද ඕනම තක්කඩියකුගේ අවසන් නවාතැන ආගම කියලා මාක්ස් හරි ලෙනින් හරි කවුරුන්ද කියල තියෙනව නේද ඒ නිසාම වෙන්න ඕන

    ReplyDelete
  18. අඩෝ මාතා ඉස්සර අපි පොඩි කාලෙ ගමේ මාමා කෙනෙක් හිටියා මහතුන් කියලා.. කට ඇරියොත් පම්පෝරියයි බොරුවයි.

    එහා ගමේ හිටියා පොඩ්ඩෙ අයියා කියලා චණ්ඩියෙක්. මිනිහාගෙන් අපේ ගමට හරි අරියාදු තිබුණා. මිනිහාව හම්බ වෙන්න කාටවත් ලේසිත් නෑ..

    මහතුන් මාමාත් ගමේ එවුන්ට පොර වෙන්න තැන තැන පොඩ්ඩෙ අයියාට බැන බැන යනවා.

    හම්මාට හුඩු එක දවසක් අපේ මහතුන් මාමාට එහා ගමේ පොඩ්ඩෙ අයියා පණිවිඩයක් එවලා හම්බ වෙන්න එන්න කියලා.

    ඊටපස්සේ කනක් ඇහිලා ඉන්න නෑ මහතුන් මාමාගෙ පම්පෝරිය.

    " අඩෝ පේනවා නේද පොඩ්ඩෙ මට එන්න කියලා. පොරත් මට සැරෙන්ඩර්.." කිය කිය වටේ යනවා.

    මහතුන් මාමාට වටේ හිටපු එවුනුත් පොරව ෆෝම් කරනවා.

    " අඩෝ පේනවා නේද..? අපේ මහතුන් මාමාට පොඩ්ඩෙ එන්න කියලා. ගමේ කාටවත් එහෙම චාන්ස් එකක් හම්බ වෙනවාද.."

    ඉතිං මහතුන් මාමාත් ලකේට ඇඳ පැලඳගෙන පොරගෙ ගැන්සියෙ දෙන්නෙක් තුන් දෙනෙක් එක්ක පොඩ්ඩෙ අයියා හම්බ වෙන්න ගියා.

    හවස මහතුන් මාමා එනවා අතකුත් කඩාගෙන. නොන්ඩි ගගහා. ඒ මදිවට කටේ දතකුත් නෑ.

    අර පොඩ්ඩෙ අයියා හම්බ වෙන්න යනකොට මහතුන් අයියාගේ තිබ්බ පුරාජේරු මොකුත් නෑ. ඊටත් වඩා හොඳම දේ තමයි මහතුන් අයියාගෙ ගමේ ගැන්සිය ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ හ්ම් කියන්නෙ නෑ. පට්ට පදිරි වෙලා.

    පස්සෙ තමයි ආරංචි වුනේ පොඩ්ඩෙ අයියා මහතුන් මාමාව කාටත් පේන්න හිනා වෙලා කරට අත දාගෙන පිලිගෙන ගේ ඇතුලට එක්කගෙන ගියාලු.

    ඊටපස්සේ වෙච්ච දේ දන්නෙ දෙයියො විතරයිලු. මහතුන් මාමා එලියට එනකොට සරමත් ඇඟේ තිබිලා නෑ. මගදී එනගමන් තමයි සරමකුත් හොයාගෙන තියෙන්නෙ.

    හැබැයි ඊටපස්සේ මහතුන් මාමා පොඩ්ඩෙ අයියාට වචනයක්වත් කියලා බනිනවා කාටවත් කවදාවත් ඇහුනෙ නැතිලු. පොඩ්ඩෙ අයියාත් සුපුරුදු චණ්ඩි පාර්ට් එකෙන් එයාගෙ වෑඩ ටික කරගෙන ගියා..

    මේ කතාව සහ අනුර කුමාර දිසානායකගෙ ඉන්දියානු සංචාරය පිලිබඳව කිසිම සම්බන්ධයක් නැති බව කාරුණිකව සලකන්න.

    ReplyDelete
    Replies
    1. This is hilarious mate 🤣 😂 👍

      Delete
  19. මාතලන් ඔය සංචාරකයෝ විදියට ලනකාවට එන්නේ ඒ රටවල පොඩි ජොබ් කරන බැක්පැකර්ලා කියලා අපහාස කරන්න එපා ඒ එන අය මොක්කු වුණත්, ගිය අවුරුද්දෙ අපට අත්‍යවශ්‍ය ඩොලර් බිලියන 2ක් ගෙනාවා. ලංකාවෙන් පිටරට යන සංචාරකයිනුත් අයිති වෙන්නෙ බැක්පැකර්ස් වර්ගයට. බැක්පැකර්ලා වෙන මිනිස්සු ඒ රටවල වැඩ කරන ජනතාව. ඇයි අපි ඒ මිනිසුන්ට ගරහන්නෙ?

    අනෙක් කාරණය, කිසිම දෙයක් එක රැයින් කරන්න බැහැ. පහු ගිය අවුරුදු හතරක විතර කාලයක් පුරා පාස්කුව කොවිඩ් සහ අරගලය නිසා වැටිලා හිටිය සංචාරක ව්‍යාපාරය තමයි මේ මට්ටමට දියුණු වෙලා තියෙන්නෙ. ඒකට අවශ්‍ය මූලික දේ වන ආර්ථික සාමය ගොඩනගන්නට රජය අවශ්‍ය දේ කරල තියෙනවා. තැන තැන තිබුණු කඩාකප්පල්කාරී අරගල විරෝධතා මර්දනය කළා. තෙල් පෝලිම් නැති කළා. ‌ආනයන සීමා අවම කළා. රුපියල ස්ථාවර කළා.

    මාලදිවයිනේ මට්ටමට යන්න නම් තව යටිතල පහසුකම් දියුණු කරන්නට අවශ්‍යයි. ඒ සඳහා ආයෝජන අවශ්‍යයි. ආයෝජකයන් ආකර්ශනය කරගන්නට නම්, නීති හා ව්‍යාපාර පටිපාටි වෙනස් කරන්නට අවශ්‍යයි. හැම දේටම විරුද්ධ වෙන වාමාංශික කඩාකප්පල්කාරීන් මර්දනය කරන්නත් අවශ්‍යයි.

    ඉහළ වෙළඳපොළවල සංචාරක කර්මාන්තය මාකට් කරන්නට අවශ්‍ය ඇතැම් දේ රජය කරමින් සිටින බව පෙනෙනවා. රජය ඕවට ඕනෑවට වඩා මැදිහත් වෙන එකෙත් ගැටලු තියෙනවා. අවසානයේදී රාජ්‍ය නිලධාරීන් හා දේශපාලකයන් මේවා ටුවර් යන්නට විතරක් පාවිච්චි කරන්නට ඉඩ තියෙනවා.

    රජයට මේ දේවලට උපකාර කිරීම කර්මාන්තයේ වගේම මහජනතාවගෙත් වගකීමක්.

    අනෙක මාතලන් තරු පහේ හෝටලේක දෙකක ඉදල, තනි tour guide කෙනෙක් අරගෙන යන ඔය කියන high capacity tourist කෙනෙක්ට වඩා අපේ සමාජ ආර්ථික ක්‍රමයට අර කියන back packersල ලොකු push එකක් දෙනවා.....
    අර කියන high class tourist ලංකාවට ඇවිත් මොකෙක් හරි ආදායම් බදුවත් හරියට නොගෙවන බිස්නස්කාරයෙක්ගෙ හෝටල් වල නැවතිලා, ඊලඟට තනි guide කෙනෙක්ට සල්ලි පූජ කරල ගියාම,
    අර පූජ කරන සල්ලි වලින් බහුතරයක් හෝටල් අයිතිකාරයොයි, ගයිඩුයි දෙපරන්දෙ ගහ ගත්තට පස්සෙ ඒ මුදල පොදු සමාජයේ ආර්ථික සංසරණයට එන්නෙ සෑහෙන්න හිමින් හෝ ඩොලර් විදියට සේප්පු වල තිබුණොත් එන්නෙම නෑ..... නැත්නම් උන් රටින් පිට ආයෝජන කරයි ඩොලර් විදියට නම් මහබැංකුවෙ ලේඛනගත වෙයි, එච්චරයි....

    ඒත් ඔය බනින backpackersla එහෙම නෑ, උන් රට පුරා පොඩි පොඩි homestay වල ඉන්නෙ,කන්නෙ පාර අයිනෙ කඩෙන්, යන්න එන්න පොදු බස්, කෝච්චි, uber, tuk tuk rental වගේ දාහක් ජාති පාවිච්චි කරනවා, මග දිගට පොඩි කඩ වලින් ඒවා මේවා කඩචෝරු කනවා, Niche tourist attraction ඇරුනම ඔය අහු මුළු වල තියන ලස්සන තැන් වලට යනවා, ඒවෑ මිනිස්සුන්ටත් උඩ කියපු විදියට සල්ලි එනවා....

    සරලව කිව්වොත් උන් වියදම් කරන ගාණ අරුන්ට වඩා ටිකක් පොඩි උනාට ඒ මුදල අත් ගොඩක් උඩ තැන්පත් කරනවා, stagnated economy එකක් ගොඩ දාන්න ඕනි එහෙම සංසරණයක්

    ReplyDelete
    Replies
    1. Ano

      I agree with you 100% 💯 👍 The bitter truth 👏

      Delete
  20. ඇත්තටම අපේ මවු රට වුණ ලංකාව කියන රටේ මිනිස්සුන්ගෙන් අතිබහුතරයකට ස්වඋත්සහයෙන් දියුණු වෙන්න උවමානවක් නෑ. ලෝකයේ ඕනම රටක පොදුවේ ගත්කල තමන්ගෙ ආදයම් මදිනම් ඒක වැඩ් කරගන්න මොළේ කල්පනා කරලා උපායමාර්ගික ලෙස සැලැස්මකට අනුව වැඩක් කරන්න මහන්සි වෙන්න ඕනෙ. රැකියාවෙ සැලකියයුතු ප්‍රගතියක් නැත්නම් අලුත් දෙයක් ඉගෙන ගෙන skills වැඩි කරගන්න ඕනෙ. හැබයි බහුතරය ඔය කිසිම දේකට උත්සාහයක් දරන්නෙ නෑ. ලංකාවට බැන බැන ඉන්නයි දේශපාලකයට විතරක් බනින්නයි බලන් ඉන්නෙ. උන් හිතන් ඉන්නෙ ඊලගෙ චන්දෙදි ඔලුගෙඩි ටික මාරු කරාම සියල්ල හරි කියලා.

    දැන් ලංකාවේ තියෙන ප්‍රශ්න වලට විසදුම් හොයන්න බහුතරයකට කිසිම උවමනාවක් නෑ. ඉතින් දියසෙන් කෙනෙක් ඇවිත් අපිව ගොඩ දායි කියලා නිකන් මිරිගුවක් දිහා බලන් ඉන්නෙ. දැන් 2019 ගෝටා, වියත්මග ගෙනත් සෑහෙන පරිප්පුවක් කාපු උන් තව වටයකින් රැවටෙන්න නියමිතයි. ඊටපස්සෙ ඒ ගෙන එකාව ගේන උන්ටිකම තමයි ආයෙත් බැන බැන උන්ව එලවලා තව ඔලු ගෙඩියක් හොයන්නෙ. ඕකයි ඇත්තටම ලංකාව තුල වෙන්නේ. දැන් ලංකාවේ ඉන්න ඕකෙන් වෙනස්ව සිතන පතන උන්ට අපි ඒකාලේ කරා වගේ මයිග්රේට් කරන්නත් අමාරුයි ඒ නිසා ඉතින් ළිං කටින්ම තමයි ගොඩ එන්න වෙන්නේ, පවු ඉතින්. සෑහෙන කට්ටක් කන්න වෙනවා...

    ReplyDelete
  21. Marthelon You are absolutely right. I am done with the deceitful promises vs. actions by all political parties in parliment today especially when they come to power. Its not only the leading mainstream parties but the small parties not represented in parliment too. JVP veiled under NPP today is no expection. They are complicit in the derath/decline of national economy, workforce productivity, preventing reforms in eduction ( White paper, private universities etc) and introducing armed violance to Sri Lankan political culture which has contributed (with their share) to the failure of the nation and loss of national pride. They too take no accountability for their sins like other parties but do act like saints who have done no harm to the nation. The sad part in when someone speaks in national interest many like my good friend Aruna Chandralal Perera respond as my having indifferent attitudes towards the party with their/his political current affinity. Hence there cannot almost be a debate with independent views in national interests as you become any enemy of all political rivals. This is also a huge issue in continuing SL political discourse for greater national benefit.
    I am not sure when the SL electorate would mature enough to dicuss matters in pure national/geo political intersts sans individual political affinity.
    This comment is applicable to so called educated, highly educated and not so educated citizens in all walks of life alike. Thats why I responded to your affirmation whether the SL electorate has really come of age.
    As a nation we are yet to mature to question/probe the practical application of political promises in advance and become meek and guillble victims of victorious parties once they come to power.

    ReplyDelete
  22. ඕව මොනාද බන් ළමාතන් රියලිටි ඉස්ටා එකේ අමල් නිරෝෂා හිටියනම් ස්ක්‍රිප්ට් කැලේ.

    කැස්බෑ අමල් පල්හොරා:

    " මල්ලි ඔයා ගෙදර යන්න ඔයාලා සින්දුව කියන්න දුන්න වෙලාවෙ කියන්න දැනගන්න ඕන ."

    ශිහාන් මලහෝන්තුව. " මෙයා යනවනම් මාත් යනවා කෝ මෙතන සාධාරණේ"

    මෝඩ අපි... : ඒ කොල්ල පව් නේ මුංට මෙතනට් රණ්ඩු කරන්න ඕන..

    අදාල නාලිකාව: අඩේ මුං වගෙ ගොම් බඳින කනු ගෙනාපු නැව්.. අපේ රේටිංස් හිටු කියලා නගිනවා මේන් බඩුම තමෛ 😍😍😍...

    ReplyDelete
  23. ඔව්වා මොනාද බන් දැන් නාමෝලාට ලංකාවේ කට්ටිය අන්දන්න ඒ කාලේ බෙදපු ටකරන් වලට යන තරම් වත් වියදමක් නෑ ඕයි. ඔය සෙන්ටිමැන්ට්ල් ෆේස්බුක් කැම්පේන් එකක් කරල ඉමෝෂනලි අන්දන්න යන සල්ලි ටික විතරයි, මහම මහ මෝඩ හැත්ත ඇනිමස්ලාට හෑෂ්ටැග් ගහලා බලන් හිටපු අමු ගොන් හරක්නේ මුන්, විශේෂයෙන්ම නූතන තරුණ පිරිස සුනාමියෙන් යුද්දෙන් පස්සේ උන්නේ වැඩිපුර සද්දේ දාන්නේ 😄

    ReplyDelete
  24. ගෝතලංගේ හිත නිවන කතා, දන්න කාලෙකට ලංකාවෙි මැතිවරණ පවත්වන පාටක්වත් නැත. පාර්ලිමේන්තුවේ මැතිවරණයකට යෝජනාවක් ගෙනාවොත් ඒක කොහොමටත් පරාදයි. ආණ්ඩුවට කවුන්සිලේ තුනෙන් දෙක තියෙන නිසා ඡන්ද තියෙන්නෙ රනිල්ට දිනන්න පුළුවන් නම් විතරයි. ඡන්ද තියල බලය මාලිමාවට හරි පුතාණෝ කියන පොල් බූරුවට හරි පුදන්න නං ඡන්ද තියන්නේ නෑ මළාට, එච්චරයි. කොයි මොහොතක හෝ හාස්කමක් සිදුවුනොත් මිසක් ලංකාවෙ ප්‍රජාතන්ත්‍රවාදයකියන්නෙ අමුම අමු විකාරයක්. ඉතාම සුළු දෙයකින් සියල්ලම කණපිට හැරෙන බවත් පේන්න තියෙනවා

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න