නුඹේ සතුටට පතමි සෙත්

නුඹ අතිනත ගන්නට යන රුව මට
නුඹ හට මුණගස්සන්නට හිතුනා
නුඹවත් නොහිතන තැනකදි ඒ රුව
නුඹ හට නතු කර නික්මෙනු හිතුනා

මනමේ බලනට හිත හිත සිටි නුඹ
ඒ වෙත ගෙනයන සිහියක් තිබුනා
මනමේ කුමරුන් නොවුනත් මා අද
මා පෙම කැප කර වසනට හිතුනා

නුඹගේ අසල ම මා ගත් අසුනෙ ම
ඒ රුව හිඳවා යන්නට හිතුනා
මා නැතිවු ද නුඹ හට රඟහල තුල
නුඹට තිළිණයක් දෙන්නට හිතුනා

ගම් බිම් බලනට වෙලසන යන්නට
නුඹ හට හදිසියෙ සිතකුත් හැදුනා
නොසිතූ විලසින නුඹ හට මනමෙට
එන්නට අදි මදි හිතකුත් හැදුනා

නුඹේ උපන්දින අමුතු තිළිණයත්
දෙන්නට ඒ දින බැරි බව හිතුනා
කම් නැත සඳ නුඹ යන්නට ගියාට
ඇරලන්නට මග ගිවිසුම් ගැනුනා

සතළොස් දින අපගේ වෙන හමුවට
දස මාසෙක මතකේ ගොනු කෙරුනා
මින් මතුවට අප දෛවය දෙඅතක
ගත වී යාවි ද දොම්නස් වැඩුනා

නුඹ හිත අවසන නැවතුනු ඒ තැන
ඒ රුව මිස මා නොතිබෙනු දැනුනා
නුඹගේ සතුටට සෙත් පතමින් මම
අතීත මතකයෙ සැඟවෙනු හිතුවා

Comments