.

.

Jan 30, 2024

සනත් නිශාන්තගේ බිරිඳට දේශපාලනය අකැපද

 


සනත් නිශාන්තගේ බිරිඳට

දේශපාලනය අකැපද

➖➖➖➖➖➖➖⭕


සනත් නිශාන්තලගෙ දේශපාලනය කියන්නේ... ඒක වෙනම කල්ට් එකක්...


මම දැක්කා මේක.... Mahesh Hapugoda , Rasika Jayakodi වගේ නියෝ ලිබරල් බුවාලගෙන් වගේම.. ජාතිකවාදී පාඨලි චම්පික රණවක වගේ අයගෙනුත්... ""ලුම්පන්"" දේශපාලනය කියලා ගැරහීමට ලක් වෙනවා...

ඒකට හොඳ උත්තරයක් Eranda E.R. Ginige ලියලා තිබ්බ නිසා මම ආයේ ලියන්නේ නෑ...


මේ තමා 56 බණ්ඩාරනායක ශ්‍රීමතානෝ හෙවත් මහ බයියා... කවි කොල කාරයෝ පාර්ලිමේන්තුවට ගෙනත් ආරම්බ කරපු නිර්ප්‍රභූ දේසපාලනයේ ක්ලයිමැක්ස් එක... අවසානයේ දැන් වෙලා තියෙන්නේ ප්‍රාදේශීය මැරයෝ පාර්ලිමේන්තුවට එනේක...


මැරයෝ හා පාතාලය ලාංකීය දේශපාලනය ආරම්බයේ සිටම.. ඒ කියන්නේ සුද්දගෙ කාළේ ඉඳන් බද්ද වෙලා තිබුන එකක්.. ඒත් දේශපාලුවන්ට කඩේ නොයා උනුත් ජනතා චන්දයෙන්ම පාර්ලිමේන්තු ගෙනාවේ මහින්ද රාජපක්ෂ... ඒකට හේතුව කවුරුත් දන්න ප්‍රසිද්ධ රහසක්...


හැබයි දැන් මේ ක්‍රමය නැති කරන්න එනවය කියන සිස්ටම් චේන්ජ් කරන්න යන අය ක්ලාසි මිනිස්සුද? වැදගත් මිනිස්සුද? ප්‍රභූ පන්තියේද?

කිසි සේත්ම නෑ නේ.. උන් ඇවිල්ලා ග්‍රාමිය ගෝත්‍රික ළිං මැඩි පිරිසක්... කොටින්ම පීඩිත ඇරියස්කාරයෝ සෙට් එකක්...


අනික් විශේෂිතම දේ උන් ජනතාවාදී දේශපාලකයින් නොවීම... ඒ පක්ෂ පවා අධිකාරීවාදී පක්ෂ.. උන්ට ජනතාව එක්ක ගණුදෙණුවක් නෑ... උන්ට තියෙන්නේ බලය පිළිබඳ ගණුදෙණුවක්.. හදිසියේ හෝ බලය ලැබුනොත්... ජනතාවට අධිකාරිවාදී පාලනයක සොඳුරු සුවය දැකගන්න... විඳගන්න.. ලැබේවී.


දැන් මේ පිරිසට සනත් නිශාන්තගෙ බිරිඳ දේශපාලනයට එන එක ප්‍රශ්ණයක් වෙලා...

ඇත්තටම උන් බයවෙලා... 

උන්... ජීවත් වෙච්චි සනත් නිශාන්තට වඩා... ස්වභාවධර්මයෙන් දඬුවම් දුන්න සනත් නිශාන්තට බයයි...


එයාගේ නෝනගෙ පැටිකිරිය හා පවුල් පසුබිම මාතලන් දන්නේ නෑ... හැබයි එයා වෘත්තීයවේදිනියක්... නීතිඥවරියක්... එතකොට අපි කොහොමද ඒකට විරුද්ධ වෙන්නේ... වැන්දඹු කාන්තවන් අගමැතිනියන්... ජනාධිපතිවරියන්... ඇමතිනියන් වෙච්චි රටක... එයාට එන්න බැරි ඇයි?


අනික මේක ප්‍රශ්ණ කරන දේශපාලනය නොදන්න උන්ටයි වහලුන්ටයි නොතේරෙන දෙයක් මේ වෙලාවේ...විශේෂයෙන් කිව යුතුයි...


ඒක උන්ට තෙරෙන්නේ නෑ...

ඒක වෙනම කල්ට් එකක්...


ඔය මිනිස්සු දේශපාලනය කරන්නේ උඹලා අපි වගේ බුකියේයි... හෝල් වලයි... ප්‍රෙස් බ්‍රීෆින්වලයි... යූ ටියුබ් වලයි... ගෝල්ෆේස් ගමෙයි බයිලා ගහලා නෙමේ... 


උන් ඉන්නේ මහ පොලොවේ... බිමේ... බිම් මට්ටමේ.... සාමාන්‍ය ජනතාව එක්ක...


ඉන්නේ... කන්නෙ... බොන්නේ ඒ මිනිස්සු එක්ක..


මරණෙට... මඟුලට... කොටහලු ගෙදරට අනිවාර්යයෙන් යනවා... 


බොහෝ විට නමෙන් දන්නවා... නමෙන් නැත්නම්.. නෑකම් වලින්... ආමන්ත්‍රණය කරන්නේ... 


ඉතින් මේ දේශපාලුවෝ ... උන්ගෙම කෙනෙක් වෙනවා...

මේ පවුලම උන් අඳුනනවා....


සනත් නිශාන්ත මැරෙන්නෙත් වෙඩින් දෙකකට ගිහින් එන ගමන්...

ජෙයරාජ් මැරෙන්නේ අවුරුදු උත්සවේකට ගිහින්...


ඔය වමේ හැත්තගෙ ඉතිහාසයේ ඉඳන් එහෙම පැවැත්මක් නෑ... සහෝදරයා සඕදරී කීවට... උන්ගේ තිබුනේ එජාපයේ වගේම හාමූ දේශපාලනයක්... අධිකාරිවාදී දේශපාලනයක්... හොඳම උදාහරණය වාසූ හා මහින්ද... 


පුලුවන්නම් ඔය දේශපාලුවෙක්ගේ ජීවිතේ ස්ටඩී කරපන්... 

ඒක ඇත්තටම මාර එකක්...

ඇත්තටම ඒක පට්ට කට්ටක්....


අනික මේ එකෙක්වත් පාරම්පරික දේශපාලන ප්‍රාවේනී උරුමක්කාරයෝ නෙමෙයි... ජනතාව අතරින් මතුවුන නියම ජනතා නියෝජිතයො...


සිස්ටම් චේන්ජ් කරන උන්ට පුලුවන්නම් කරන්න තියෙන්නේ... මේ මිනිස්සු නිවන් යවනෙකවත්... දේපල ගිනි තියනෙකවත් නෙමේ...


පුලුවන්නම් චන්දෙන් පාර්ලිමේන්තු එන එක නවත්තපල්ලා..


ඒ වගත් මෙසේය....


.

12 comments:

  1. කලා රිටක් තිබ්බත් සමහර අයට
    නිල ඇල්ලීමත් තේරෙනවා හොඳට
    පොදු ජන නාඩි අල්ලා ගත්තොත් යසට
    දේශපාලනෙන් ගොඩ යත හැකි ජයට

    ReplyDelete
  2. කථාව ඇත්ත ඒ වගේම ඔය සනත් නිශාන්ත වගේ පොරවල් බිම් මට්ටම ප්‍රාදේශීය සභාවල ඉඳලා මිනිසුන් එක්ක වැඩ කරලා මහජන ප්‍රසාදය දිනාගෙන ඉස්සරහට ආපු පොරවල් උන් ප්‍රභූන් නෙවෙයි ඒත් බොරු සෝබන දාන වාමාංශික දේශපාලන ව්‍යාපාර වල බහූබූතකාරයින්ට වඩා ජනතාවට යමක් කරන්න පුලුවන් එවුන්

    අනික මට ලංකාවේ මෑතකදී සම්මත කර ගත්ත අර කුප්‍රකට Online පනත දකින්න ලැබුනේ නෑ. ඒත් එහි අන්තර්ගතය සුභවාදි නොවනබව නොයෙක් පාර්ශවවල ප්‍රකාශවලින් පෙනෙනවා. මේ පනතට පක්ශව ඡන්දය දෙන අය මතක තියා ගන්න ඕනේ කවදා හරි ඔබලා විපක්ෂයක ඉන්නවා කියලා. අන්න ඒ දවසට ITN Rupawahini නැතිවෙන බවත් තමන්ට ඉතුරු වෙන්නේ සමාජ මාධ්‍ය පමණක් බවත්.

    විශේෂයෙන් පොහොට්ටුව මතක තියා ගන්න ඕනේ ඉස්සරහට එන්නේ ජවිපෙ පාලනයක් හෝ ප්‍රේමදාස පාලනයක්. මේ පාර්ශව දෙකේ අය ඇඩ්මින් ඉන්න ෆේස්බුක් ගෲප්වල තියෙන ප්‍රජාත්‍රන්තවාදය හා ඔවුන්ගේ අතීත ක්‍රියාකාරකම් බැලුවිට ඔය වගේ පනතකින් ලැබෙන බලයෙන් පක්ශව චන්දෙ දිපු පොහොට්ටුවේ උන්ට කොණක ඉඳන් අරිනකොට කල පව් තේරෙවි. මාස 10ක ආතල් එකට අවුරුදු 5ක් දුක් විඳිනව බලමු.

    පනත ගැන ක්‍රිකට් බෝඩ් එකත් මැනේජරස්ලා ටිකත් සතුටින් ඇති.

    ReplyDelete
  3. උඹ ඔය ගේන තර්කයට මමත් 100% ක් එකඟයි මාතේ ඒත් මචන් තව පැත්තක් තියෙනවා, ටිකක් වෙනස් විදියට හිතන අයෙක්ට තේරෙයි මේක, ඔය සනාගේ ගැනි ඩයිවරයා හරහා සනාට ගේම දුන්න ද දන්නේ නෑ. උගේ හත් දවසත් ඉවර වෙන්න ඉස්සලා ගැනි චන්ද ව්‍යාපාරේ පටන් ගත්තා. ගමේ හොරගනයෝ දෙතුන්දෙනෙක් ෆෝම් කරලා උන් ලවුවා කියවගන්නවා එන්න එන්න කියලා. පොලෝසිය හොදට හොයලා බලන්න ඕකේ අග මුල. පෙන්නෑ අර පවිත්‍රා කියන එකී උගේ ගාර්ඩ් එකට හිටපු පොලිස්කාරයා එක්ක පැනලා ගියානේ. සිදුවිය නොහැක්ක් නොමැත...

    ReplyDelete
  4. ජෙපි වහල්ලුන්ගෙ පෝස්ට් එකක විරුද්ධ කමෙන්ට් එකක් දාපු ඕන එකෙක් දන්නවා මාතලන් කියන කතාව කොච්චර ඇත්තද කියලා. අතත්‍ය‍ය ලෝකෙ උන්ට තියන හැදියාව, සීලාචාර කම එහෙමනම් ඇත්ත ජීවිතේ උන්ට බලය ලැබෙනවා කියන්නෙ තුන්ඩු පාලනයක් වගේ එකක් තමා..

    රට තියෙන්නෙ බොහොම භයානක තැනක. එහෙන් අවුරුදු 76ක් රට පාලනය කරපු පක්ෂ විපක්ෂ වනචර දේශපාලන හැතිකරය. මෙහෙන් උන්ගෙ වැරදි නිසා ජනතාවට ඇති වුන කලකිර්‍රිමෙන් ප්‍රයෝජන අරන් බලය ඩැහැගන්න බලන් ඉන්න ජේවීපී ත්‍රස්තවාදී සෙට් එක. රට ඉදිරියට අරන් යයි කියලා චන්ඩෙ දෙන්න පුළුවන් නායකත්වක් පේන තෙක් මානෙකවත් නෑ...

    ReplyDelete
  5. ඇත්ත තමයි මාතලන්, සනත් නිශාන්ත වෙනුවට වයින් ආවොත් මඩ ගහන්න සටන් පාඨ නැතිවෙනවනේ මොකද ඔය ගෑනි ලෝයර් කෙනෙක් අර ගහපු මඩ සේරම අහෝසි වෙනවා එතකොට හැබැයි ඒ කැපෑසිටි එක තියේද කියල කියන්න අමාරුයි දැන්ම, මම හිතන්නේ සනත් නිශාන්ත පොහොට්ටු බයියන්ට ඒ දීපු මොරාල් එක දෙන්න කෙනෙක් නෑ, වෙන එකෙක් හොයාගන්න වෙයි අනික පොර හොඳම කතෝලිකයෙක් රාජපක්ෂ කල්ලියට සපෝට් කරපු

    ඒ අස්සේ ලංකාවේ මේ දවස්වල අර කතරගම යාචකයො පැයට හාරදහසක් හොයපු පර්යේෂණය ආචාර්ය මයුර සමරකෝන් සීන් එක නේද නැගල යන්නේ? මම දැක්කේ එහෙමයි

    හැබැයි ඔය පාරේම ඉන්න යාචකයෝ හොයන්නේ පැයට හාරදාහයි.

    හැබැයි ඔය මඩ පෝස්ට් දාගෙන රඟන ෆේස්බුක් යාචකයො පැයට හතලිස්දාහක් විතර හොයනවා.

    (මීට අමතරව වෘත්තීය ලෙස සෝෂල් මීඩියාවල ආධාර හිඟාකන හිඟන්නන් පිරිසක් බෝවී ඇති අතර දිගටම වර්ධනය වන එම පිරිසේ අය
    විවිධ ගෘප් වල එලෙස ආධාර සහ උදව් ඉල්ලන අය ඔබත් දැක ඇති. එය දැන් බොහෝවිට ඉතාම ලාභදායක ව්‍යාපාරයක්)

    ReplyDelete
  6. සනත් නිශාන්තයාගේ ගෑනිගෙ මගුලක් නෙවෙයි බන් යකෝ අර මෝල් කාන්තයා කියපු බ්‍රාලස් තන්මේලා එකේ වෙසමුණියගේ ගෑනි වගේ ඉන්න අර අමරසූරිය අරිනි නෝනත් පද්ද පද්දා ජෙපි පද්දොත් එක්ක එයි කියලා තමයි අපි ඔක්කොම බය වෙලා ඉන්නේ... 😄

    ReplyDelete
  7. මේක තමයි ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික දේශපාලනය. මේක වෙනස් කරන්න ගිය ගෝඨාභයට වෙච්චි දෙය දැක්කා නේද? මේවා වෙනස් කරන්න ගියොත් තමන්ව රැකගන්න විද්වත් සංසදය හෝ වෘත්තිකයෝ හෝ වියත්මඟ එන්නේ නැත. ගෝඨාභය සමාජයට කියාදුන් පාඩම. එතුමිය මීලගට අනිවාර්යෙන්ම පාර්ලිේන්තුවේදී හමු වේවි.

    ReplyDelete
  8. පසුගිය වසර වන ඉකුත් 2023 වසර තුලදී අවි ආයුධ අලෙවියෙන් පමණක් ඇමෙරිකාව ලැබූ ආදායම ඇමෙරිකන් ඩොලර් බිලියන 238 පසු කර තිබේ...
    -
    Sales of U.S. military equipment to foreign governments in 2023 rose 16% to a record $238 billion, the U.S. State Department said on Monday, as countries sought to replenish stocks sent to Ukraine and prepare for major conflicts.

    The figures underpin expectations of stronger sales for the likes of Lockheed Martin, General Dynamics and Northrop Grumman, whose shares are forecast to rise amid growing global instability. Also those are said to be the major sponsors of the ruling Democrats as many media and experts emphasised.

    Source:

    https://www.voanews.com/amp/us-arms-exports-hit-record-high-in-fiscal-2023/7462237.html

    ඔය ඊශ්‍රායල්-පලස්තීන්, රෂියා-යුක්‍රේන් ආදායම් විතරනේ. චීනෙයි තායිවානෙයිත් ලණුව කාලා පැටළුනානං ආදායම ඔයිට වඩා දෙගුණ වෙනවා, ලබන අවුරුද්ද තුල වැඩේ කරන්න පුලුවන් වෙයිද කියල එක්සත් ජනපද විශේෂයෙන්ම ඩිමොක්රටික පක්‍ෂ කට්ටිය ප්ලෑන් හදනව ඇති මේ දවස්වල එහෙම නේද?

    ReplyDelete
  9. අපි කැමති වුණත් නැතත් ඒ ලොක්කි පාලිමන්ට් එන එක නවත්තන්න බෑ.
    ඒත් ඉතිංංඕකට මෙච්චර හෑල්ලකුත් ඕන නෑ නේත 🤭

    ReplyDelete
  10. මෙයාලගේ රඟපෑම විශිෂ්ඨ යි...ඒත් මුගේ මේ ලියැවිල්ල නම් අතිශයෝක්තියක්, පුරහඳ කළුවර චිත්‍රපටියෙ සීන් එකක් තියෙනවා, හින්නිහාමි ආමි එකේ අතුරුදහන් වෙච්ච පුතා එයි කියලා පොලේ රෙදි කඩේකින් ටී ෂර්ට් එකක් ගන්නවා. ඒක අහම්බෙන් දකින හින්නිහාමිගෙ දුවගෙ මූනෙන් පෙන්වන ගැඟීම් පුදුමාකාර විදිහට තාත්විකයි. මෙයාත් හොඳයි .හැබැයි ජෝ අබේවික්‍රම මහතාගෙ Talent එක කිට්ටුවටවත් නෑ .ඒ තරම් මුහුණෙ ඉරියව් සංකීර්ණ නළුවෙක් ලංකාවෙ නෑ .ළමාතන් සිරිල් වික්‍රමගේ ජෝ අබේවික්‍රම තිස්ස අබේසේකර ගාමිණී පොන්සේකා වැනි අයගෙ හොඳ චිත්‍රපට තාම දැකල නෑ. ඉංග්‍රීසි චිත්‍රපට විතරක් බලල මේවට විචාර ලියන්න බෑ.. සමහර හිංදි දෙමල චිත්‍රපටවත් බලන්න තිබුණ..

    ReplyDelete
  11. මාතේ දැන් ලංකාවෙ domestic matches ටූනමන්ට් එක යනවා. ඒකේ මිලින්ද සිරිවර්ධන 100 ගහපු එකක් අල්ලගෙන මෙන්න අපේ domestic, ඊයා team 22ක් ගහනවා වගේ යම් කිසි හොද කතාබහක් මතු වෙලා තියෙනවා. ලංකාවේ ක්‍රිකට් වැටෙන්න ප්‍රධානම හේතුව ඕක. මේක මේ අද ඊයෙ උන දෙයක් නෙමෙ. 2000 ගණන් වල ඉදන් ක්‍රිමිකව උන දෙයක්. ලෝකෙ cricket ඉස්සරහට යද්දි අපේ ක්‍රිකට් පස්සට යන්න හේතුවත් ඒක.

    මෙතන හැබැයි මේක නෙමෙයි මම මතු කරන්න ගියේ. සංගලා මහේලල 2010 විතර ඉදන් කියන්නෙ අපේ domestic structure එකේ quality එක මදි කියලා. සිදත් වෙත්‍තමුණි මහේල එක්ක එකතු වෙලා මේක revamp කරන්න plan එකක් හදලා දෙන්නෙ 2016 වගේ. හැබැයි සුමතිපාල ඕක ක්‍රියාත්මක කරන්නෙ නෑ. ප්‍රතිඵලය තමයි 2021 වෙද්දිත් කණ්ඩායම් 26ක් මේ tournament එක ගහනවා. Tier A එකෙ 13යි, Tier B එකෙ 13යි. ඔය් 26ටම First class status එක තියෙනවා. එතකොට යන්තම් ඔය මැච් එකක් දෙකක් ගහන කෙනෙක්ට UK වගෙ ගිහින් පොඩි club වල මැච් ගහන්න, coaching, umpiring වලට සුදුසුකමක් වෙනවා.

    2021 ක්‍රිකට් තාක්ෂණික කමිටුව භාරගන්න අරවින්ද, රොෂාන්, සංගා, මුරලි සහ ක්‍රීඩා සභාවෙ ඉන්න මහේලලා එකතු වෙලා පොඩි revamp එකක් කරනවා. ඒ තමයි මේ Tier A, Tier B දෙක නැති කරලා team 26ma එක league එකක group දෙකක ගහනවා. ඒ එක group එකක යටම ඉන්න කණ්ඩායම් දෙක හැම tournament එකේම demote වෙනවා. ඔය විදියට 2022දි ගහන 26න් 4ක් අයින් වෙනවා. දැන් 2023 ගහන්නෙ 22යි. 2024දි ඕක 18ක් වෙලා. 2025දි 15 වෙන්න තමයි plan එක. ඊට අමතරව NSL කියලා team 5ක ගහන ලංකාවෙ main domestic tournament එකක් හදුන්වලා දෙනවා board එකට pitch හදන්න control එක තියෙන. මේක ඉතාම සාධණීය සැලැස්මක්. හැබැයි මේවගෙ ප්‍රතිඵල ක්ෂණික නූඩ්ලස් වගේ එන්නෙ නෑ. අවුරුදු 5-10ක් යනවා ප්‍රතිඵල පේන්න.

    මේ කතාව මම කිව්වෙ, ඔය 2022 demote වෙන කණ්ඩායම් 4, දැන් 2023 tournament එක නැති නිසා එයාලට මැච් නෑ කියලා board එකට complain කරනවා. ඊට පස්සෙ ගවනර් trophy ගහන team 6යි, අර 4යි දාලා team 10කින් තවත් tier B tournament එකක් ආපහු SLC එක පටන් ගන්නවා 😅. ඒ එක්කම Roshan Abeysinghe එහෙම කියනව ඔය Tier දෙක එකට දාපු එක නිසා තමා ක්‍රිකට් වැටුනේ කියලා. මම අද දැක්කා තව පොරක් කියලා තියෙනවා මාස්ටර් මයින්ඩ්ලා තමා team 22k ගහන්න මේ tier දෙක එකතු කරේ කියලා.

    අන්තිමට revamp කරන්න ආපු මිනිස්සු නරක වෙලා ඒක නිසා කෙල උන club අයිතිකාරයන්ගෙ campaign වලට අපේ යක්ඛ පුත්තු නටනවා. සංගා, අරවින්ද, මුරලි, රොෂාන්, මහේල වගේ ක්‍රිකට් වලින් ලෝකෙම පිළිගන්න මිනිස්සු හදන සැලසුම් වෙනස් කරන්න තරම් club බලවත් ද? Tier B කියලා ඕන එකක් ගහගත්තට කමක් නෑ First class status එක නැතුව. අන්න එතකොට තමා First class වල තරගේ හැදෙන්න. ලංකාවෙ මිනිස්සුන්ට ආයේ කියන්න තියෙන්නෙ පුද්ගලයො නෙමෙ, process එක විශ්වාස කරන්න. Process එක වෙනුවෙන් කතා කරන්න. නැතුව මේ එක එක්ක්නාගේ නාට්‍ය වලට නොමිලෙ ප්‍රචාර දෙන්න එපා.

    ReplyDelete
  12. ළමාතන් බබාගේ වගේම මේක කියවන අනිත් බබාලගේත් දැනගැනීම පිණිසයි

    දැනට අවුරුදු දාහතරකට විතර ඉස්සර ජනාධිපතිවරණයේදී සරත්
    ෆොන්සේකා දිනවන්න අපි කරපු කැම්පේන් එකේදී දුමින්ද, අනුර අය්යලා වැඩ කරන කාලෙ මම් අපෙ කැම්පස් එකේ SSU එකේ ටුමා අය්ය එක්ක ජවිපෙ පක්ෂෙට මුදල් ආදායම් ගන්න කරපු ස්වේච්ඡා වැඩක නිරත වෙලා හිටියෙ. අපේ වැඩේ තමයි ඒ කාලෙ ආපු ෆිල්ම් එකක පෝස්ටර් කොළඹ වටේ අලවන එක. ඒ ලැබෙන ආදායම පක්ෂයේ අරමුදලට දාන්න ඕනේ, ඉතින් අපි දෙන්න එදා රෑ කොස්ගම සහෝදරයෙක්ගෙ ගෙදරින් පාප්ප හදාගෙන අවිස්සාවේල්ලේ ටවුමෙ ඒ වටේ පෝස්ටර් ගැහුවා. ඒකාලේ එක පෝස්ටරේකට රු 2යි හම්බුනේ. අපි රෑකට 200-300 ගැහුවා.

    බස් ස්ටෑන්ඩ් එකේදී රෑ 01 ට පොලිසියට අහුවුනා. ටුමා අය්ය සුපුරුදු පරිදි මීක් නෑ බිම බලාගෙන. මම ගොනා වගේ අරූ එක්ක වාදෙට පැටලෙන්න යද්දි අරූ මගෙ කකුල පෑගුවා. මම කටවහගත්තම පොලිස් කාරයා කිව්ව. කමක් නෑ පලයන් කියලා..වටේ පෝස්ටර් අලවන ගමන් අපේ කතාව ඒ වනවිට අපේ පක්ෂය වුණ ජනතා විමුක්ති පෙරමුණ ( දැන් ටුමා අය්ය පෙරටුගාමි පූර්නකාලිනයෙක්..මම තාම අතරමග.) මේ විදියට සරත් ෆොන්සේකා ට උදව් කරන එක හරිද වැරදිද කියන එක. කෝම හරි මේ ගැන ටුමා අය්යටත් වැඩි කැමත්තක් තිබුනු බවක් පේන්න තිබ්බෙ නැ. මම ඉතින් දිගටම තර්ක කලේ ෆොන්සේකා වගේ තකතීරු මිලිටරි නායකයෙක් ගේන්න වගේම කලින් මැදමුලනේ මහින්ද රාජපක්ෂ වගේ ගෝත්‍රවාදීයෙක් බලයට ගේන්නත් අපි වගේ දැනුම් තේරුම් ඇති දේශපාලන සාක්ෂරතාවයක් තියෙන පිරිසක් අපරාදේ දරදිය ඇදපු එක හරිනෑනේද කියන එකයි. පස්සෙ ලලිත් කුමාර් වීරරාජු අය්ය(අය්ය යාපනේදි අතුරුදහන් උනු පෙරටුගාමි පූර්නකාලිනයෙක්..ඒත් අපි කියන්නෙ එයා කූගන් එක්ක යාපනේදි මැරුව කියලා) හම්බුනාම එයත් ඔය ගැන කතා කලා..එයා කල්පනා කරාලු දුමින්ද අය්යත් මේ වැඩේට කෝමද බොලේ කැමති උනේ කියලා. පස්සෙ එයා ඒ ගැන දුමින්ද අය්යගෙ මතවාදයත් දැනගෙන.

    කාලෙකට පස්සෙ දුමින්ද අය්ය ඒ ගැන තමන් එදා ඉදපු ස්ථාවරය අද පැහැදිලි කලා. මම ඒක දැකල මේක ලිවෙ. ඉතින් අනුර අය්යලා මහමැතිවරනෙන් පාර්ලිමේන්තු ගියේ ටිරාන්ල එක්ක එක සන්විධානයක් යටතේ.ඊට පස්සෙ 2011 දිවයින පත්තරේ ලිපියක් තිබ්බ ජවිපෙ දෙකට කැඩුන කුමාර් කියල කෙනෙක් මේක ඇතුලෙ ඉන්නව කියල.මේක ගැන මහජන පුස්තකාලයේ දේශනයක් තිබ්බ ඒක කලේ අනුර අය්ය. දේශනයට කලින් මම ඉස්සරහම වාඩිවෙලා ඉද්දි අනුර අය්ය ආව. මම ඇහුවෙ අය්ය පත්තරවල මේ කතාව ඇත්ත ද කියලා. ගත් කටටම කිව පිස්සුද මල්ලි ඔය පත්තරකාරයන්ගෙ බොරු කතානෙ කියලා.

    කෝමහරි ඒ වැඩේ උනා...දැනට ඉතින් පෙරටුගාමි අය ගොඩක් මගෙ හොද යාලුවෝ. ජවිපෙ ඒ කාලෙ අයත් තාම හෙනට ෆිට්. ඒත් ඊයෙ පෙරේද මේ NPP එකට සෙට් උනු දෙකයි පණහේ ගෝත හොල්මනුයි, එක එක බන්කොලොත් විවාද කන්ඩායම් හදාගෙන NPP නම විකුනගෙන තමුන් ගොඩයන්න ගේමක් ගහන්න ආපු තුට්ටු දෙකේ හිඟන ලොල්ලො ටිකනම් ඈක්ක බන්..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න