නුඹෙ අතීතය

නුඹෙ අතීතය අතීතයට ම යට ව තිබුනාවේ
අපෙ කතාවට තවත් එය මට බාධා නොම වූවේ
සැඟවුවත් බෝ කරුණු තරමට ම'ගැන පිරියාවේ
කුණාටුව මෙන් දැනිනි හැම තතු නුඹේ චර්යාවේ

මමත් මම වේ නුඹත් නුඹ වේ අපි තැනූ ලෝකේ
අපට උරුමව ඇත්තෙ මේ ලෙස ඉන්න ඒ ලෝකේ
යහළුවෙක් ලෙස මමත් රඟනෙමි නුඹේ ඒ ලෝකේ
අඳුරෙ තනි වී නුඹට පෙම් බැඳ සොයමි ආලෝකේ

මහ කලක් මින් මතුව මම නුඹ ලඟින් නොරැඳේවී
නුඹත් දන්නා මමත් දන්නා හේතු මත වේවී
මාත් නොරිදී නුඹත් නොරිදී ඉන්න හැකි වේවී
ඉන්න ටික කල සතුටු වීලා ඉමු ඉතින් පේ වී

Comments