පෙම් බැඳි හිත්

නුඹ හිත් රිදවූ බොහෝ අයෙක්
අතීතෙ සිටි බව දනිමි ඉතින්
නුඹ ම හඹා ගිය බොහෝ දෙනෙක්
තනි වී ඇත අද නුඹේ නමින්
හදේ නොතිබ්බෙ ද පිවිතුරු හිත්
සදා බැඳෙන්නට දිවි ඇති තෙක්
කිම ද හැලූවේ පෙම් බැඳි හිත්
පෙමක් තියෙන්නේ තෙමස ද හිත්

මදි ද තවත් ඔය ගියපු ගමන්
නා නා ඇසුරන් කරන හිතින්
තනිය මකන්න ද හෙව්වෙ හුඟක්
නුඹ හට කැප වුනු අය සිටියත්
ඉන්න හිතෙන්නට දිවි ඇති තෙක්
නුඹට දැනෙන්නේ කිනම් අයෙක්
නුඹයි හදන්නේ නරක නමක්
නුඹේ ම සායමෙ දැළි ගල්වන්

මහට දොසක් නැත කියනු ඉතින්
හිත සැලුනත් මා ඇසූ දෙයින්
මා ද විඳින්නෙමි සමහර තැන්
නුඹෙ පැවතුම් වල ඇති බෙහෙවින්
සොඳුරු අයෙක් විය හැක නුඹටත්
හැර දැමුවොත් ඔය අසුබ ගතිත්
මා මින් මත්තට නැතත් හුඟක්
නුඹට සදා පෙම් කරමි එහෙත්

Comments