රාමු වන නුඹ

නුඹේ මතකය රාමු කරනට නුඹව සැඟවුනු යමක් සෙව්වා
නුඹ දමා ගිය නුඹේ හැඩ වැඩ දැමුනු කොලයක් මටත් ලැබුනා
ඉවත ලූ කොල කැබැල්ලක් වුව නුඹව එහි සැඟවිලා තිබුනා
ඉවතලන්නේ කුමට එය මම කදිම සිහිවටනෙකැයි සිතුවා

දතත් නුඹ එය මගේ අරමුණ නුඹට ලජ්ජා හිතුන හන්දා
අහකලන නිම නොවූවක් වන රටාවන් එහි තිබුන හන්දා
නොනිමි වූව ද නුඹෙන් මා ලද පළමු සිත්තර වැඩක් හන්දා
නුඹත් නැති මගෙ පාළු නිවසට එයත් ඇති බිතු සරසවන්ටා

Comments