January 27, 2024

ඔබේ සමස්ත සතුට සඳහා උපාය මාර්ග 3 ක් / Strategies for Your Overall Happiness

ඔබ සලකා බැලිය යුතු බොහෝ ප්‍රතිලාභ අතර විවිධ හේතූන් මත ඔබේ සතුට ප්‍රමුඛ වේ. “සන්තුට්ඨි පරමං ධනං”. මූලිකව, එය ශාරීරික හා මානසික සෞඛ්‍ය යන දෙකම වැඩිදියුණු කරයි. දෙවනුව, එය  අභියෝගාත්මක අවස්ථාවන්ට මුහුණ දීමට, අවධානය යොමු කිරීමට සහ ඔරොත්තු දීමට ඔබට වැඩි පහසු බවක් ලබාදේ. වඩා වැදගත්, ඔබේ සතුට, ඔබේ රැකියාවේ මෙන්ම ඔබේ සමස්ත සාර්ථකත්වයට ධනාත්මක ලෙස බලපෑමයි.

ඔබේ සතුට ඉහළ නැංවීමට විවිධ ක්‍රම ඇති අතර, විද්‍යාවෙන් අනුබල දෙන ලද උපාය මාර්ග තුනක් මෙසේය.

1. අක්‍රීය කාලය උපලේඛනගත කරන්න.

තාක්ෂණය අතිමහත් පහසුවක් ගෙන දී ඇති අතර අපගේ ජීවිත පහසු කර ඇත. කෙසේ වෙතත්, එය අපට තවමත් ජයගත නොහැකි නව අභියෝග ද ඉදිරිපත් කර තිබේ. අධ්‍යයනවලින් පෙන්නුම් කර ඇත්තේ සෑම වේලාවකදීම ඵලදායීව සිටීමට ඇති අපගේ නිරන්තර අවශ්‍යතාවය, අපගේ මොළයට හානි කරන බවයි. ඇත්ත වශයෙන්ම, මෙම ඇබ්බැහි වීම නිසා අපගේ මොළය අධික ලෙස උත්තේජනය වන අතර එමඟින් අපට අවධානය සහ මානසික පැහැදිලිකම නැති වේ.

දිවා කාලයේදී, අපගේ මොළය තියුණුව, අවධානයෙන් සහ ඵලදායීව සිටීමට නම් විවේකය සහ අලුත් කිරීමේ වැදගත්කම අප තේරුම් ගත යුතුය. අපගේ නිදා සිටින මොළයට මිනිත්තු 90 ක චක්‍ර ඇත. අපි සැහැල්ලු නින්දේ සිට ගැඹුරු නින්දට ගොස් නැවත පිටතට යන ආකාරයටම, අප අවදිව සිටින වේලාවන්හිදී ද එම චක්‍රයම පුනරාවර්තනය වන බව පර්යේෂණවලින් සොයාගෙන ඇත. එනිසා අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය සන්සුන් කිරීම සඳහා සෑම විනාඩි 80 ත් 120 ත් අතර කාලයකට පසු විනාඩි 10 ක විවේකයක් ගත යුතු බව යෝජනා කර ඇත.

එකදිගට කාර්යබහුල වීම නැවැත්වීමට සහ වැඩ ගැන සාකච්ඡා නොකර සිතීමට (හෝ මෙනෙහි කිරීමට) මෙම විවේකයන් අවශ්‍ය වේ. එනම් ඇවිදීමට හෝ කෝපි/ තේ පානයක් සමඟ සංවාදයක් කිරීමට කාලය ගත කිරීම සඳහා ඔබේ දෛනික දින දර්ශනයේ හිඩැස් හෝ විවේක තැබීම සලකා බලන්න. වැඩිපුර කාර්යබහුල විධායකයින්ගේ රැස්වීම් අතරතුර අක්‍රීය කාල පරතරයන් සැලසුම් කරයි. එම කාලයන් බාධාවකින් තොරව, තම තමන්ගේ පෞද්ගලික අවධානය යොමු කිරීම සඳහාය. වෙනත් වචන වලින් කිවහොත්, මෙය ආරක්ෂා කළ යුතු වටිනා කාලයකි. තවද එම කාලය ඔබටම සරිලන ආකාරයට සකසා ගැනීම වැදගත්ය.

2. දීමෙන් ඔබටම සතුට ලබා දෙන්න.

“ලැබීමට වඩා දීම හොඳය” යන කියමන අප කවුරුත් අසා හැදී වැඩී ඇත. නමුත් මෙය සත්‍ය බව විද්‍යාවෙන් ඔප්පු වී ඇති බව ඔබ දන්නවාද? රැකියාවක නිරතව සිටියත්, රැකියා විරහිතව සිටියත්, විශ්‍රාම ගියත්, හෝ උරුමයෙන් ජීවත් වූවත්, ඔබේ මුදල් අන් අයට පරිත්‍යාග කිරීමෙන් වැඩි සතුටක් අත්කර ගත හැකිය.

කෙසේ වෙතත්, හඳුනාගත යුතු යමක් තිබේ. සන්තෝෂය සහ සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර සඟරාවේ (IJHD) ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණයකට අනුව, දීමේ චිත්තවේගීය විපාක අන් අය සමඟ සම්බන්ධ වන විට වඩා වැදගත් වේ. මෙයින් අදහස් කරන්නේ නුහුරු නුපුරුදු හෝ නිර්නාමික පුණ්‍යායතනයකට පරිත්‍යාග කිරීමට වඩා ඉතා වැඩි ඉහළ සතුටක් පිළිකාවෙන් පෙළෙන මිතුරෙකුගේ ව්‍යාපාරයකට (GoFundMe වැනි) දායක වීමෙන් හෝ ‌ තම සහභාගිත්වයක් සහිත පුණ්‍යායතනයකට දායක වීමෙන් ලැබෙන බවයි.

සොයාගැනීම්වලින් පෙනී යන්නේ “සමාජ පරිත්‍යාගය” මිනිසුන්ව වඩාත් සතුටු කරන බවයි. IJHD හි සඳහන් අධ්‍යයනය, වෙනත් පුද්ගලයෙකුට ප්‍රයෝජනවත් වන ත්‍යාගශීලී “සමාජ” හැසිරීම පරිත්‍යාගශීලියාට ධනාත්මක හැඟීම් බවට පත් කිරීම සඳහා සමාජ සම්බන්ධතාවය උපකාරී වන්නේ කෙසේදැයි පරීක්ෂා කරන පළමු අධ්‍යයනය වේ. සාරාංශයක් ලෙස, ඔබේ ප්‍රජාවේ අවශ්‍යතා ඇති පුද්ගලයෙකුට හෝ ඔබේ හදවතට සමීප බිම් මට්ටමේ පුණ්‍යායතනයකට හෝ දීම සමඟ බැඳී ඇති සමාජ සම්බන්ධතාවය, දෙදෙනාටම විශාලතම මානසික ප්‍රතිලාභය සහ සතුට වැඩියෙන් ලබාදෙයි.

3. ඔබේ මනස සුබවාදී දෙසට යොමු කරන්න.

වෙනස්වීම හෝ වෙනස් කිරීම එතරම් අපහසු වන්නේ වෙනස් වීම භයානක විය හැකි බැවිනි. අපි නොදන්නා දේට භිය වෙමු. යමක් වෙනස් විය යුතු බව ඔබ දන්නවා නම්, ඔබේ පළමු ප්‍රමුඛතාවය විය යුත්තේ එය ධනාත්මක ආකල්පයකින් වැළඳ ගැනීමයි. එය ඔබ සැමදා මවාගත් ජීවිතයක් අත්විඳීමට ලද අවස්ථාවක් ලෙස දැකීමයි. එවිට එය වඩාත් ප්‍රීතියෙන්, උද්යෝගයෙන් සහ හැකියාවන්ගෙන් පිරී තිබෙනු ඇත. එය සුභවාදී ය.

ශුභවාදී පුද්ගලයන් යථාර්ථවාදීව සිටින අතරම ඔවුන්ගේ වැඩ, උත්සාහයන් කෙරෙහි බලාපොරොත්තුවක් ඇති කරයි. නිසැකවම, අප ජීවත් වන්නේ පීඩාකාරී කාලවලදී ය. අපි හැමෝම එකතු වෙන්න යන්නේ නැහැ. නමුත් උපේක්ෂා සහගතව රැකියාවේ නියැලෙන අය නැහැ යන හැඟීමෙන් (නාටකයෙන්) වැළකී අනාගතය කෙරෙහි අවධානය යොමු කරති. අභිලාෂකාමී ඉලක්ක තබාගෙන, බාධක පිළිගනිති. කඳු මුදුනට ළඟා වූ විට දෑත් දිගු කර ප්‍රීති වෙති.

Harvard-පුහුණු ලැබූ, සතුට පිළිබඳ පර්යේෂක සහ The Happiness Advantage හි වැඩියෙන්ම අලෙවි වන / පිළිගත් කතුවරයා වන ෂෝන් ආචෝර්, සුභවාදී දෙසට මාරු වීමට මිනිත්තු 2 කින් ඔබට කළ හැකි වැදගත් දෛනික ක්‍රියාකාරකමක් සඳහන් කරයි.

සෑම උදෑසනකම, ධනාත්මක විද්‍යුත් තැපෑලක් ලියන්න හෝ සගයකුට ස්තූති කරමින් හෝ ප්‍රශංසා කරමින් කෙටි පණිවිඩයක් යවන්න, හෝ ප්‍රධානියා/සහ සේවකයෙකු, වෙළෙන්දෙකු හෝ සේවාදායකයෙකුට ප්‍රශංසා කිරීම. මෙය දින 21ක්, සෑම දිනකම විවිධ පුද්ගලයන් සඳහා කරන්න. ආචෝර්ට අනුව, ඔබ වඩාත් ධනාත්මක සහ ශුභවාදීත්වය සඳහා ඔබේ මානසිකත්වයේ කල්පවත්නා වෙනසක් අත්විඳිනු ඇත. ඔහු පවසන්නේ මෙය කරන පුද්ගලයින් ශක්තිමත් සමාජ සම්බන්ධතා ඇති ධනාත්මක නායකයින් ලෙස ප්‍රසිද්ධියට පත් වන බවයි. දිගු කාලීන සතුට පිළිබඳ ශ්‍රේෂ්ඨතම පුරෝකථනය කරන්නා ලෙස ආචෝර්ව අගය කෙරේ.

සාරාංශයක් ලෙස, සන්තෝෂය අත්කර ගැනීම යනු නිකම්ම නිකම්, නිකම්ම නිකම්, හොඳ හැඟීමක් නොවේ. එය පුද්ගලික සාර්ථකත්වය සඳහා උපායමාර්ගයකට අත්‍යාවශ්‍ය වේ.

EXPERT OPINION BY MARCEL SCHWANTES, INC. CONTRIBUTING EDITOR AND FOUNDER, LEADERSHIP FROM THE CORE@MARCELSCHWANTES ඇසුරෙනි.

0 comments:

Post a Comment