.

.

Jan 27, 2024

වසර 75 ක් තිස්සේ විඳි දුක අවසන් වන වසර විසි හතර

 


වසර 75 ක් තිස්සේ විඳි දුක 

අවසන් වන වසර

විසි හතර

➖➖➖➖➖➖➖➖❤️➖


තව මාස 7 කින් මේ රට පාලනය කරන්න එන Chathuranga Abeysinghe  එතරම් වැදගත් චරිතයක් ලෙස විරුද්ධවාදීන් විසින් නොසලකා  හරිණු  ලැබුවද... මා නම් එතුමා සුළුවෙන් තකන්නේ නැතිය.


ඔහු සෑම ක්ෂේත්‍රයක් පිළිබඳවම හසල දැණීමක් ඇති බුද්ධිමතෙක්ය... විශේෂයෙන් ආර්ථිකය පිළිබඳ ඔහුගේ දැණුමේ පරාසය ඉතා ඉහළ අගයක පවතින බැවින්.. දැන් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් වාද විවාද සඳහා එවන්නේ චතුරංග අබේසිංහ සහෝදරයාය.


එමෙන්ම විරුද්ධවාදීන් සියල්ල එල්ලා මැරීමටද ඔහු පොරොන්දු වී අවසානය. මෙය ඉතා ධනවාදී චින්තනයක්මය. මන්ද අපද බොහෝ කළෙක සිට ලියන්නේ කියන්නේ... විරුද්ධවාදීන් සමඟ මේ රට ගොඩ දැමිය නොකැකි බවය...


මෙයින් ජවිපේ ඔප්පු කරමින් සිටින්නේ... එතුමා එම පක්ෂයේ ආර්ථික විශේෂඥයින් වූ... හඳුන්නෙත්ති හා නලීන් හේවගේට වඩා ප්‍රාඥයකු වන බවය. ෆුල් සූට් ඇඳ විවාද වලට සහභාගී වන එතුමා, අනුන්ගේ ෂර්ට් අඳිනා... ඉටිකොල කුස්සි වල සිටිනා... හිඟන විශේෂඥයින් මෙන් නොව... උපතින්ම ප්‍රඥාවන්ත පවුලක උපන් වියතකූ බුද්ධිමතෙකු වන්නේය.


එතුමා සඳහන් කරනාකාරයට, ඔවුන් බලයට පැමිණි පසු... සියළු සිල්ලර හා තොග වෙළඳුන් සමඟ සුපර් මාර්කට් සියල්ල ඉබේම අහෝසී වී... සිල්ලර හා තොග වෙළඳාම සම්පාකාර මගින් සිඳු කර... කිසිඳු ලාබ ලැබීමකින් තොරව.. පාරිභෝගික භාණ්ඩ සපයන බවට පොරොන්දු වී අවසානය... 


මෙය වත්මන් සමාජයේ බොහෝ පිරිසක් නොදන්නා... 1970-77 තුල ඉතා සාර්ථක ලෙස මෙරට ක්‍රියාත්මක වූ මාක්ස්වාදී ආර්ථිකයට දේශීය මුහුණුවරක් දීම... නැවත ස්ථාපිත වීමක්ය....


සේවා සැපයුම් යටතේ... ඔවුන්ගේ රජයක් යටතේ නීත්‍යානූකූලව ලියාපදිංචි කරණු ලබන ගනිකා සේවය... ප්‍රමිතියකින් හා ඉතා අවම මිළක් යටතේ ලබා දීමෙන්... අධික ලාබ උපයන මාෆියා විසින් මෙහෙයවනු ලබන... ස්පා හා බ්‍රොතල් හවුස් සියල්ල වැසී යන බව... ඔවුන්ගේ නියත ජයග්‍රගණය මෙන්ම විශ්වාසය..

 

එමෙන්ම අපේ රටට අපනයනය කරන ස්වභාවික රබර් ප්‍රමාණය ඉතා ඉහළ ප්‍රතිශතයක ඇති බව එතුමා විසින් මෑතක සොයාගත්තේය..


ඔහුගේ නවතම සොයා ගැන්ම වී ඇත්තේ... දේශීය පොල් ගස්වල ඵලදාව ඉතා අඩු බවයි...

පොල් ගසකින් වසරකට කඩන්නේ පොල් ගෙඩි 50 ක් බවත්... ඒවාද දේශීය පරිභෝජනට හා පොල් තෙල් සඳහා යොදා ගන්නා බවත්ය.. ඒ වසරකට පොල් ගෙඩි 100 ක් ලබා දෙන ගස් ලොව පුරා තිබියදීය...


එහෙත් එසේ නොකට... ජනතාව පොල් පරිභෝජනයෙන් වැලකී... පුනක්කු සඳහා හුරු වුවහොත්... ඒවා අපනයනය කිරීමෙන් වසරකට ඩොලර් බිලියන 3 ක ආදායමක් ඉපයිය හැකි බව එම පර්‍යේෂනය මඟින් පැමිණි නිගමනයය.


ඒ අනුව ඔවුන්ගේ රජයක් යටතේ... දැනට ඇති කනාටු පොල්ගස් හා රබර් ගස් සියල්ල මුලින්ම ඉවත් කරනාතර ... අලුතෙන් වගා කරණු ලබන තේ පොල් හා රබර් පලදාව නෙලාගැන්ම සඳහා වසර 6 -7 ඉවසීමෙන් බලා සිටිය යුතුව ඇත.


එතෙක් ඔබට අවශ්‍ය පුනක්කු... වෙනත් රටවලින් ඉතා අඩු මුදලකට කිසිඳු ලාබ ලැබීමකින් තොරව ළඟම ඇති සමූපාකාරයෙන් ලබා දෙනු ඇත්තේය.


මෙවන් ප්‍රාඥයින් ලද පුණ්‍යභූමියක වසර 2500 ක් තිස්සේ දුක් විඳිනා අප නියම පව්කාරයෝ නොවෙම්ද?


දුක් විඳින අවසන් වසර

විසි හතර..

.

13 comments:

  1. මෙහෙමයි කතාව මාතලන් සත්‍යය විකෘති කරන්නෝ වන මාලිමාව හෙවත් ජවිපෙ තම නියෝජිතයන්ගේ දෙසැම්බර මාසයේ චීන සංචාරයේ දී ඇතිකරගත් එකඟතාවන් වගේම අයි එම් එෆ් ආයතනයේ නියෝජිතයන් සහ ඇමරිකානු සහ බටහිර යුරෝපීය රටවල තානාපතිවරුන් සමග විශේෂයෙන්ම IMF සමග පැවැත්වුණ සාකච්ඡාව පිළිබඳව ද ජනතා විමුක්ති පෙරමුණ විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබුණේ නැත. සාකච්ඡා කළ කරුණු පිළිබඳව තොරතුරු දැනගැනීමට ලැබුණේ සුනිල් හඳුන්නෙත්ති විසින් Sunday Times පුවත්පතට කර තිබූ යම් යම් ප්‍රකාශවලිනි. ඔහු ප්‍රකාශ කර තිබුණේ පක්ෂයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කිරීම පිළිබඳව ප්‍රශ්නයක් නැති නමුත් එම ජාත්‍යන්තර ආයතනයේ වැඩසටහන් ජාතික වැදගත්කම අනුව සකස් විය යුතු බවයි. එසේ වුවද දැනට කරගෙන යන කටයුතු හෝ ආර්ථික වැඩසටහන් නවතා දැමීමට හෝ විශාල සංශෝධන ඇති කිරීමට හෝ යෝජනා වූ බවක් ද නොපෙනේ. එම පක්ෂයේ සමහර නායකයන් ප්‍රකාශ කර තිබූ පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි පිළිගැනීම වෙනුවට එම පක්ෂය ඉදිරිපත් කරන කරුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පිළිගත යුතු බවක් ප්‍රකාශ කළ බවක් ද නොපෙන්. විදේශ විනිමය අර්බුදයට තම සාමාජිකයන් ඩොලර් 500 බැගින් එවා විසඳුම් ලබා ගන්නා බවක් ප්‍රකාශ කළ බවක් ද නොපෙනේ.


    එම පක්ෂ දෙකේම නායකයන් සහ එම පක්ෂවල අවශේෂ පුද්ගලයන් මහජන වේදිකාවල දී කරන ප්‍රකාශ හුදු රඟ දැක්මක් පමණක් බවත් ඒවා ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නොමැති බව ඔවුන් විසින් ම වටහාගෙන ඇති බවත් මේ අනුව පැහැදිලි වේ.

    ReplyDelete
  2. මාතේ ඔය මාලිමාව ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයට ඔයවගේ පොරසීන් දාගෙන උඩට එන්න හේතුව මාලිමාවට තියෙන හැකියාවකින් හෝ වෙනත් දක්ෂතාවකින් හෝ නොවෙයි අර ලූලා නැති වලට කණයා පණ්ඩිත වෙනවා වගේ අනිත් දේශපාලන පක්ෂ වල අසාර්ථක භාවය නිසායි.

    උදාහරණ විදිහට අද ලංකාවේ විපක්ෂය ගත්තාම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස කියලා කියන්නේ කැපුවත් කොල හිටපු එජාප දැනට සජබයේ ඉන්න වහල්ලුන් ටික ඇරුණාම රටේ බහුතරය අතර ජෝක් එකක් බවට පත්ව ඇති විහිළුවට ගන්න ඕන චරිතයක් විතරයි සජබයේ ඉන්න අනිත් උනුත් ජෝකර්ලා විශේෂයෙන්ම ආර්ථික උපදේශක වගේ ඉන්න හර්ෂ ද සිල්වා වගේ අය දැන් ෆ්රේඩී සිල්වා වගේ ජෝක් බවට පත්වෙලා...

    ආණ්ඩුව කොහොමත් ජනතා විරෝධී ලෙස බදු වැඩිකිරීම වගේ දේවල් කරන නිසා මිනිසුන්ට එපා වෙලා අනික රනිල් වික්‍රමසිංහ කියන්නේ කොහොමත් තමන්ව මාකට් කර ගැනීමට බැරි දේශපාලන වශයෙන් අසාර්ථක පුද්ගලයෙක්

    මේ දක්වා ලංකාවේ දේශපාලන ව්‍යාපාර වල කවුරුත් පිලිගන්න ඕනෙ යතාර්ථය තමයි 2020 මැතිවරණය දිනපු පොහොට්ටුවේ දේශපාලනය 2009 යුධ ජයග්‍රහණයේ තනි අයිතිකරු විදියට රටපුරා මාකට් කරගෙන පොරක් බවට පත්ව සිටි
    මහින්ද රාජපක්ෂ කියන මහල්ලා
    වටා ක්‍රියාත්මක වුනා. රාජපක්ෂ පවුල් පාලනය කියලා තිබුණට ඔතන සැබෑ නායකත්වය තිබුණේ මහින්ද රාජපක්ෂ කියන චරිතය වටා විතරයි නමුත් මහින්දගෙ අසනීප තත්වය නිසා ඔහුගේ දේශපාලන නායකත්වය ක්‍රියාත්මක නොවීමෙන් පොහොට්ටුවේ දේශපාලනය පසු බැස්සෙ.

    ඊට පස්සේ මහින්ද රාජපක්ෂ විසින් නාමල්ට පාර කැපීමට යොදාගත්ත හිටපු ආරක්ෂක ලේකම් වූ තම සොයුරු නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුනාට ඔහුට දේශපාලන අත්දැකීම් වගේම නායකත්වයට හිමිවිය යුතු නිසි පෞර්ෂත්වය නොතිබීම එකතුවීමේන් පාර්ලිමේන්තු 2/3 බලය සහ විශාල ජනවරමක් ලැබූ ගෝටාබය ආණ්ඩුව වසර 2කින් කඩන් වැටුනා. මහින්දගෙ තැන ගන්න් බැසිල් උත්සහ කලත් ඔහුට ජාතික දේශපාලන නායකත්වයක් නැහැ. ඒ නිසාම ලංකාවට නායකත්වය දෙන්න සුදුසු දේශපාලන ව්‍යාපාරයක් ලංකාවේ දැනට නෑ, ඔය මාලිමාව කියන්නේ කිසිම ආකාරයක වගකීමක් නැති විකාර කාරයන් පිරුණු කැඳහැලියක්, උන්ට බැරිවෙලාවත් බලය ගියොත් රට සෝමාලියාවට වඩා අන්ත අසරණ තත්ත්වයට පත්වීම නිසැකයි. ගියපාර ගොඩදාන්න රනිලා හරි හිටියා ඒත් දැන් ඌටත් වයසයි දැනටමත් හැත්ත පහක් තව ටික දවසකින් නාකි මයිනා වගේම වෙයි...

    ඒ නිසා ලංකාවේ සිටින අයට කළහැකි හොඳම දේ රටින් පිට වෙලා ස්ථාවර මට්ටමක පවතින හොඳ රටක් සොයා එබඳු පිටරටක පීආර් ගැනීමට පියවර තබමින් රටේ තියෙන වත්කම් විදේශ රටවල ආයෝජනය කිරීමයි. වෙන සොලූෂන් එකක් මටනම් පේන්නේ නෑ. එහෙම තියෙනවා නම් කියන්න බලන්න සංවාදයට විවෘතයි. අපට නම් අවුලක් නෑ ඉතින් ලංකාවේ අපේ තිබුණ අනවශ්‍ය දේපළත් විකුණලා අපේ දෙමව්පියන්වත් පර්මනන්ට් මෙහෙට ගෙන්න ගන්නට කටයුතු කළේත් ඒකයි.

    ReplyDelete
  3. මාතා Social Media සහ මහ පොළොවෙ යථාර්ථය අතර විශාල වෙනසක් ඇති බවට හොඳම උදාහරණය ආරච්චිකට්ටුවයි.... කොහොමද සෙනග... පචයා කියයිද දන්නේ නෑ 5000, අරක්කු භාගේටයි ආවේ කියලා.. එකත් පිළිගන්න, ගොබ්බයො ඉන්නේ ඌට.😅🤣😂

    ReplyDelete
  4. මාතයියේ පියයුරු පෙරහැර, නීතිමය බලපත්‍ර සහිත ගනිකාවන්, මේවා තියෙනවා නම් තරුණ අපට ඊට වඩා ආතල් එකක් තියෙන්නේ මොන රටෙද මචං. රාජපක්ෂ හොර රංචුව තනිවම බුක්තිවින්ද මේ සැප අපටත් ලැබේවි. මාලිමාවට ජයවේවා....! 🙂

    ReplyDelete
  5. ලංකාවේ සිංහල ජාතිකවාදීන් ලංකාව දියුණු කළා මාතලන්. අසූ ගණන්වල ජේ ආර්ගේ කාලේ කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය රටපුරා නිදහස් වෙළඳ කලාප වගේම ඊට පසුව මහින්දගේ කාලේ යුද්ධය ඉවර වූ පසු තමයි ලංකාව බලාගෙන ඉඳියදී වගේ සෑහෙන දියුනු වුනේ. හැබැයි භාරතයේ මෝදිලාගේ හින්දු ජාතිකවාදින්ට වගේ ලංකාවේ සිංහල ජාතිකවාදින්ට ෆැනටිකල් සන්නද්ධ අංශයක් නැ, හතුරන්ව මෙල්ල කරන. ඒ නිසා ඒ කරපු සංවර්ධනය කඩා වැටුනා

    ReplyDelete
  6. මාතලන් ලංකාව කියන රටේ ආර්ථිකය විනාශ වෙන්න කරුනු රාශියක් බලපෑව. ඉන් මුලික වෙන්නේ 1971 කැරැල්ල. එදා 1971 දී ලංකාව ලෝකයට ණය නැති රටක්. එයින් රට අවුරුදු දහයක් ආපස්සට ගියා. ඉන්පසු 30 වසරක යුද්ධය, 87-89 ජවිපෙ කැරැල්ල. මෙව නිසා රටේ දේපල සහ ජීවිත විශාල වශයෙන් විනාශ වුනා. ඒ වෙනුවෙන් විශාල වශයෙන් ණය ගත්තා. ඒ ණය ගෙවන්න නැවත ණය ගන්න වුනා. ඉන් අනතුරුව පැමිණි සුනාමිය, පාස්කු ප්‍රහාරය සහ කෝවිඩ් වියසන නිසා රට තවත් අගාධයට ගියා.ඒ අතර බලයට පැමිණි සෑම රජයක් යටතේම සිදුවුන හොරකම් සහ එම රජයන්ට එරෙහිව එතෙක් මෙතෙක් සිටි සෑම විපක්ෂ දේශපාලන පක්‍ෂ සහ බලවේග රටපුරා දවස ගානේ කරන ලද උද්ගෝෂණත් රටේ ආර්ථිකයට බලපෑව. මේ සියල්ල ඔබ කියන ඔය රට බංකොලොත් වීමට බලපෑව.

    ReplyDelete
  7. කියනකොට එහෙම කරනා විට මෙහෙම
    රටක සිටින පුරවැසියන්ටම ඔබින
    විදිහට කියන දේවල් මායිම් කෙරුම
    කොතරම් හොබීදැයි පැනයකි මට හැඟුණ

    ReplyDelete
  8. මේ නිව්ස් එක ගැන මොකද හිතන්නේ මාතලන්?

    //
    පසුගිය දුරුතු පුර පසළොස්වක පොහොය දින උදයේ රාජ්‍ය ඇමති සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්‍ෂකයා මරණයට පත් කරමින් කටුනායක අධිවේගී මාර්ගයේ වූ අනතුර සම්බන්ධයෙන් එම රථයේ රියදුරුගේ ප්‍රකාශයන් සම්බන්ධයෙන් පොලීසියේ විශේෂ පරීක්‍ෂකයන්ට දැඩිලෙස ගැටලු මතුවී තිබේ.

    ඇමතිවරයාගේ රියදුරා පවසා ඇත්තේ තමා පැදවූ රථය කන්ටේනර් රථයකට ඉස්සර කිරීමට යාමේදී වෙනත් වාහනයක් ද ඉස්සර කිරීමට ගිය බැවින් අනතුරක් වළක්වා ගැනීමට වාහනය වමට ගන්නා අවස්ථාවේ කන්ටරණයේ වැදුණු බවයි.

    නමුත් මෙතෙක් කරන ලද විමර්ශනයේදී හෙළි වී ඇති ආකාරය අනුව ඇමැතිවරයා ගමන්කල වාහනය පැයට කිලෝමීටර් 140කට වැඩි වේගයෙන් ගමන් කරමින් තිබී ඇත.

    එතරම් වේගයකින් ඉදිරියට ගමන් කල වාහනයක් පසුපස ඊට වඩා වේගයෙන් පැමිණ වාහනයක් ඉස්සර කරනු ඇත්දැයි නිලධාරීන් අතර කථා බහක් ඇතිවී තිබේ.

    එතරම් වේගයකින් අධිවේගී මාර්ගයේ ගමන් කරන වාහනයක් හැමවිටම ධාවනය වන්නේ දකුණුපස මං තීරුවේ බවත් එසේ තිබියදී වෙනත් වාහනයක් වම් මං තීරුවේ ගමන් කරමින් කන්ටේනර් රථයක් ඉස්සර කිරීමට යාම ගැන ද ඇත්තේ ගැටළුවක් බවද පෙන්වා දෙති.

    නිලධාරින් තවදුරටත් පෙන්වා දෙන්නේ රියදුරු පවසන ආකාරයට අනතුර සිදුවී ඇති බවට එකවරමට පිළිගැනීමට අපහසු බවයි.

    මේ වන විටත් අදාළ අනතුර සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

    දින කිහිපයකට පෙර අදාළ රියදුරා තම සමාජ ජාල ගිණුමට මුදාහැර තිබූ පණිවිඩයක් සම්බන්ධයෙන්ද අවධානය යොමු වී ඇත.

    ඒ හේතුවෙන් මෙවන විට රියදුරාගේ ජංගම දුරකථනය රහස් පොලිසිය භාරයට ගෙන ඇත.

    අධිවේගී මාර්ගයේ ආරක්ෂක කැමරා පද්ධතිය මෝටර්රථ අනතුරු පිළිබඳව විශේෂඥ විමර්ශන කමිටුවක් හරහා දැඩිලෙස පරීක්ෂා කිරීමකටද ලක් කිරීමට නියමිතව තිබේ.//

    වසර 1997 දී ඩයනා කුමරියගේ මරණය වූ පන්නයේ මරණයක් විය නොහැකිද මේක?

    මේවන විට ලොවපුරාම එය බ්‍රිතාන්‍ය ඩීප් ස්ටේට් එකේ මෙහෙයවීමෙන් රහස්‍ය බුද්ධි අංශවල පිරිසක් විසින් ඉතාම සූක්ෂම ලෙස සැලසුම් කරන ලද්දක් බවට ලොවපුරාම පිලිගැනීමක් තියෙනවා. එය ඔප්පු කිරීමට සාධක නොතබා සූක්ෂම ලෙස කරවා ඇතත් එය දැනට ප්‍රසිද්ධ රහසක්.

    ලංකාව තුලද මේ විදේශ එක්සත් ජනපද බටහිර යුරෝපය සහ භාරතීය බුද්ධි අංශ වල විවිධාකාර පිරිස් ක්‍රියාකාරීව කටයුතු කරන අතර කාලෙන් කාලෙට දේශපාලන රැලි අරගල නිර්මාණය පසුපස ඔවුන් සිටින බව ලංකාවේ ලෝක භූදේශපාලන බලපෑම් සහ ලොවපුරා සිදුවන සංසිද්ධි පිළිබඳව දැනුම තේරුම ඇති හැමෝම දන්න කියන කාරණාවක්.

    මේ වෙලාවේ බටහිර තානාපති කාර්යාල සහ බටහිර බුද්ධි අංශවල ප්‍රධාන වෑයම ලංකාව තුල ගොඩ නැගෙමින් ඇති රුසියානු චීන කඳවුරේ බලපෑම් කඩාකප්පල් කිරීමට වත්මන් ජනපති රනිල් නමැති ප්ලෑන් ඒ එක හෝ ප්ලෑන් බී එක වන මාලිමාව බලයට ගෙනවිත් BRICS සංවිධානයේ ප්‍රසාරණයට හැකි තරම් බාධා එල්ල කිරීම බව හැමෝම දන්න කාරණයක්, ඒ නිසා ඇතැම්විට මෙය එම වැඩපිළිවෙළට සමගාමීව ක්‍රියාත්මක වන සිදුවීමක් විය හැකියි නේද?

    ReplyDelete
  9. ඒත් මම හිතන්නෙ රනිල් කරන්නෙ කල යුතුව තිබුනු එහෙත් මෙතෙක් කල් නොකෙරුනු දේ. රනිල්ගෙන් පස්සෙ එන කෙනෙකුට බැනුම් නොඅහ පහසුවෙන් කරගෙන යන්න පුළුවන්. මොකද රනිල් බැනුම් ටික අහලනෙ තියෙන්නෙ.

    ReplyDelete
  10. මැදපෙරදිග යුද්ධය නිසා වැඩි අවධානයක් නොවූ යුක්රේන රුසියා යුද්ධය ගැන සාකච්ඡාවක් තියමු, මේවන විට යුක්‍රේන යුධ පිටියේ පසුගිය දිනවල ලේටස්ට් හයිලයිට්ස් මෙහෙමයි

    අව්දිව්කා භූගත නල සංග්‍රාමය..

    කලින් පෝස්ට් වල කමෙන්ට් එකක් දාල මම විස්තර කරා වගේ යුක්‍රේන හමුදාවෙ ශක්තිමත්ම ආරක්ෂක වළල්ල තියෙන්නෙ ඩොනෙට්ස්ක් නගරය ආසන්නයේ පිහිටි අව්ඩිව්කා නගරය ආශ්‍රිතව. මේ බලකොටුව බිඳ නොදමා භූගෝලීය පිහිටීම අනුව ඩොනෙට්ස්ක් පෙරමුණේ ඉදිරි ගමනක් නැහැ. මේ නගරය තුන් පැත්තකින්ම රුසියානු හමුදාව වට කරේ මීට මාස තුන හතරකට කලින්. ඊළගට ඔවුන් උත්සාහ කරේ අව්ඩිව්කා නගරය සම්පූර්ණයෙන්ම වට කරන්න. යුක්‍රේන හමුදාව භූමියේ සහ ඔවුන්ගේ ශක්තිමත් ආරක්ෂක වළලු පාවිච්චි කරලා එම රුසියානු උත්සාහ සියල්ල අඩාල කරන්න සමත් උනේ සැපොරිෂ්ෂියා පෙරමුණේ අසාර්ථක වෙච්ච යුක්‍රේන මෙහෙයුමට එක් වී සිටි ඔවුන්ගේ ප්‍රබලතම බ්‍රිගේඩ කිහිපයක්ම අව්දීව්කා පෙරමුණට යොමු කරලා.

    තමන්ගේ ප්‍රබල අවි පාවිච්චි කරලාවත් යුක්‍රේන ආරක්ෂක වළලු බිඳ දෑමිය නොහැකි බව තේරුම්ගත් රුසියානු හමුදාව මේ අභියෝගය ජය ගන්න විකල්ප හොයන්න ගත්තා. මේ අතරතුර තමයි ඔවුන්ට අපූරු මාර්ගයක් හම්බවෙන්නෙ. ඒක සෝවියට් කාලේ පාවිච්චි කරලා අත්හැර දාපු විශාල උමං නලයක්. නගරයේ එකල තිබුණු කම්හල්වල අපද්‍රව්‍ය නගරයෙන් පිටතට බැහැර කරන්න තමයි මේ නලය පාවිච්චි කරලා තිබුණෙ. රුසියානු හමුදාව පහුගිය කාලෙ කරපු මෙහෙයුම් වලින් අල්ලා ගත් ප්‍රදේශයක තිබිලා තමයි මේ උමං නලයේ එක කෙලවරක් හම්බ වෙන්නෙ.

    මේ උමං මාර්ගය ගැන යුක්‍රේන හමුදාව දැන ගෙන හිටියද කියන එක ප්‍රශ්නයක්. එහෙම දැනගෙන හිටියා නම් ඒ මාර්ගය අවහිර නොකර ඉන්න හේතුවක් නෑ. මේ උමං මාර්ගය ගැන අධ්‍යයනය කරපු රුසියානු හමුදාව තේරුම් ගන්නවා කිලෝමීටර් 3කට ආසන්න මේ උමං මාර්ගය යුක්‍රේන හමුදාවෙ ඉතා ශක්තිමත් ආරක්ෂක වළලු පද්ධතියටම යටින් නගරයේ යුධ මූලෝපායිකව ඉතාම වැදගත් කොටසකට පිවිසෙන්න කදිම මාර්ගයක් බව. ඔවුන් මේ මාසයේ මුල් හරියෙ භට කණ්ඩායමක් මේ උමග දිගේ යවනවා. නමුත් මේ අභ්‍යන්තරයේ ඔක්සිජන් ඌණතාවය නිසා එම උත්සාහය සාර්ථක වෙන්නෙ නැහැ. ඔවුන්ට ආපසු හැරී එන්න වෙනවා.

    ඊළගට ඔවුන් කරන්නෙ රුසියානු හමුදා ඉංජිනේරු බලකා සෙබළුන් යවලා තැන් කිහිපයකින් මේ නලය සිදුරු කරලා නලය තුලට වාතාශ්‍රය ලැබෙන්න ක්‍රම හදන එක. මේක යුක්‍රේන හමුදාවට නොදැනෙන්න බොහොම සූක්ෂමව කරපු වැඩක්. මේ මෙහෙයුම නලය තුල කරන වෙලාවෙ මතුපිට පොලොවෙ හිටපු යුක්‍රේන සෙබළුන් ඉලක්ක කරලා නොකඩවා ප්‍රහාර එල්ල කරන්න රුසියානු හමුදාව පිවර අරන් තිබුණෙ මේ නලය තුලින් එන හඬ යටපත් කරලා යුක්‍රේන සෙබළුන්ගේ අවධානය වෙනත් පැත්තකට යොමු කරන්න.

    නලය ඇතුලෙ තිබුණු ඒ ප්‍රශ්නයත් විසදා ගත්තට පස්සේ පහුගිය ජනවාරි 17 වෙනිදා හිමිදිරියේ රුසියානු හමුදාවෙ 150වන බ්‍රිගේඩය යටතේ ඉන්න 160කට වැඩි පැරණි වාග්නර් කන්ඩායමට අයත්ව සිටි සෙබළුන්ද ඇතුළු විශේෂ බලකා සෙබළුන් පිරිසක් මේ උමග තරණය ආරම්භ කරනවා.

    එම පැරණි වාග්නර් සෙබළුන් තවමත් ඔවුන්ගේ නිල ඇඳුමේ තම අභිමානවත් වාග්නර් බැජ් පැලඳ සිටින ආකාරය පසුව නිකුත් වූ වීඩියෝ සහ ඡායාරූපවල පැහැදිලිව පෙනෙන්න තියෙනවා.

    ඔවුන් මේ උමග ඔස්සේ ප්‍රදේශයේ ප්‍රබල යුක්‍රේන ආරක්ෂක වළල්ලට යටින් අව්දීව්කා නගරයේ ගිණිකොණ දිග ප්‍රදේශයේ උස් ගොඩනැඟිලි සහිත ප්‍රදේශයට පිවිසෙනවා. එම මෙහෙයුම පොළොව අභ්‍යන්තරයෙහි සිදු වෙන අතරතුර පොළොව මතුපිට සිටින රුසියානු ප්‍රහාරක කණ්ඩායම් උඩ කී යුක්‍රේන ආරක්ෂක වළල්ල වෙත ප්‍රබල ප්‍රහාරයක් දියත් කරනවා. යුක්‍රේන සෙබළුන්ද ඊට ප්‍රබල ප්‍රතිප්‍රහාර එල්ල කරන්නෙ සිදු වෙමින් තියෙන සැබෑ මෙහෙයුම ගැන කිසිවක් නොදැන.

    ඉදිරියෙන් රුසියානු ප්‍රහාරයක් එල්ල වෙන අතරෙ පිටුපසින් නලය ඔස්සේ පැමිණි රුසියානු විශේෂ බලකා ප්‍රහාරක කණ්ඩායම වටයක් ආකාරයට සෑම දෙසටම ප්‍රහාරයක් එල්ල කරමින් තාවකාලික ආරක්ෂක වළල්ලක් හදා ගන්නෙ එම ප්‍රදේශයේ හිටපු යුක්‍රේන සෙබළුන් වික්ෂිප්තභාවකට පත් කරමින්. ඔවුන් යුක්‍රේන ප්‍රබල ආරක්ෂක වළල්ලට පිටුපසින් ඒ වෙත බිහිසුණු ප්‍රහාරයක් එල්ල කරන්නෙ එහි සිටි යුක්‍රේන සෙබළුන්ද අන්ද මන්ද කරමින්.

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රහාරවලින් පැය කිහිපයක් ඇතුළත යුක්‍රේන සෙබළුන් දහසකට වැඩි ප්‍රමාණයක් මිය යන්නෙ දශකයකට ආසන්න කාලයක් පුරා බිඳ දැමීමට නොහැකිව තිබූ යුක්‍රේන හමුදාවේ ශක්තිමත්ම ආරක්ෂක වළල්ලක් පැය කිහිපයක් තුල බිඳ දමමින්. මියගිය පිරිසට අමතරව තවත් යුක්‍රේන සෙබළුන් සිය ගණනක් රුසියානු හමුදා අත්අඩංගුවට පත් වෙනවා. එම සෙබළුන් වැඩි පිරිස යුක්‍රේන හමුදාවේ ප්‍රබලතම බ්‍රිගේඩයක් වන 110 වන යාන්ත්‍රික පාබල බ්‍රිගේඩයේ සෙබළුන්ය. ඇතැම් මූලාශ්‍රයන්ට අනුව මෙම ප්‍රහාරය සමග එම බ්‍රිගේඩයේ සම්පූර්ණ සංග්‍රාමික හැකියාව පවා ගිලිහී ගොස් ඇත.

      එම ප්‍රහාරය සමග හැදුනු ඉඩ ප්‍රයෝජනයට ගත් රුසියානු පාබල සේනාංක යුක්‍රේන අව්ඩිව්කා බලකොටුවේ ගිණිකොණ කොටස ඉතා පහසුවෙන් තම ග්‍රහණයට ගන්නවා.

      දැන් රුසියානු හමුදාව සහ එම ප්‍රදේශයේ සිට ඒ වෙත පහර දෙන්නට එන යුක්‍රේන හමුදා ආධාරක කණ්ඩායම් අතර බිහිසුණු ගැටුම් ඇවිලී යන්නේ එහි වීදියෙන් වීදිය බලය රුසියානු හමුදා අතට පත් වෙන තත්වයක් තුලය. අව්ඩිදීව්කා හී යුක්‍රේන පාලනය බිඳ වැටෙන දිනය වැඩි ඈතක නොවෙන බව මේ සිදුවීම සමග තවදුරටත් තහවුරු වී තිබේ.

      යුක්‍රේනයෙන් යුක්‍රේනුවන්ට එල්ල වූ ප්‍රහාරය...

      පහුගිය සතියෙ රුසියාවෙ මොස්කව් අගනුවර සිට පැමිණි රුසියානු ගුවන් හමුදාවට අයත් IL 76 වර්ගයේ ගුවන් යානයකට බෙල්ගරෝඩ් නගරය ආසන්නයේ දී යුක්‍රේන මිසයිල ප්‍රහාරයක් එල්ල උනා. මෙම ප්‍රහාරයෙන් යානාව කඩා වැටුනේ එහි සිටි සියළු දෙනාම මරුමුවට පත් කරමින්. ප්‍රහාරය සදහා ඇමරිකානු පේට්‍රියට් මිසයිලයක් භාවිතා කල බව රුසියාව චෝදනා කලා. මෙම ප්‍රහාරයෙන් පසු යුක්‍රේනය නිවේදනය කලේ තමන්ට පහරදීම සදහා ඉරානයේ සිට රුසියාවට ආයුධ රැගෙන ආ ගුවන් යානයක් තමන් විසින් බිම හෙලූ බවයි. නමුත් රුසියාව එම ගුවන් යානය සම්බන්ධයෙන් කීවේ ඊට වෙනස් කථාවක්.

      රුසියානු නිවේදනය අනුව මෙම යානයෙන් බෙල්ගරෝඩ් වෙත ප්‍රවාහනය කරමින් සිටියේ සිරකරු හුවමාරුව යටතේ යුක්‍රේනය සමග හුවමාරු කිරීමට නියමිතව සිටි යුක්‍රේන සෙබළුන් පිරිසකි. ඒ අනුව එම ප්‍රහාරයෙන් රුසියානු ගුවන් කාර්ය මණ්ඩලයට අමතරව රුසියානු අත්අඩංගුවට පත්ව සිටි යුක්‍රේන සෙබළුන් 58 දෙනෙකු මියගිය බව රුසියානු නිවේදනයේ සදහන් උනා. එය තහවුරු කිරීම සදහා මෙම සෙබළුන් එම ගුවන් යානයට ගොඩවන ආකාරය දැක්වෙන වීඩියෝ මුදා හැරීමටද රුසියාව පියවර ගත්තා. එසේම මෙම ගුවන් යානයේ සුන්බුන් අසල තිබූ සිරුරු කොටස් DNA පරික්ෂණ ඔස්සේ හදුනාගෙන එම කොටස් ඉදිරි කාලයේදී යුක්‍රේනයට යවන බවද රුසියාව නිවේදනය කලා.

      මෙම ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ප්‍රහාරය එල්ල වූ කාර්කීව් කලාපයේ යුක්‍රේන හමුදා ඉලක්ක වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට රුසියාව පියවර ගත් අතර ප්‍රහාරය එල්ල කිරීමට භාවිතා කල ඇමෙරිකානු පේට්‍රියට් මිසයිල විදිනයද විනාශ කළ බව කියා සිටියා.

      රුසියානු ඩ්‍රෝන වැඩ්ඩන්ට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය..

      රුසියානු හමුදාවේ ඩ්‍රෝන ප්‍රහාරක කණ්ඩායමක සෙබළුන් පිරිසකට විශේෂ පුහුණුවක් ලබා දීම සදහා රුසියානු පාලනයේ ඇති යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් නගරය අසල රහස් ස්ථානයකට ඔවුන් කැඳවා තිබුණා. ඒ සදහා ඔවුන් දැනුවත් කිරීමට සකසා තිබූ අන්තර්ජාල ගෲප් එකකට රහසේ ඇතුල් වී ඇති යුක්‍රේන හමුදාවේ බුද්ධි ඒකක එම රැස්වීම පැවැත්වෙන ස්ථානය හඳුනා ගැනීමට සමත් වෙනවා. එම වැඩමුළුව ආරම්භ වූ විගස එම ස්ථානයට ප්‍රබල ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කල යුක්‍රේන හමුදාව එහි රැස්ව සිටි රුසියානු ඩ්‍රෝන ප්‍රරහාරකන් 30කට ආසන්න කණ්ඩායම සම්පූර්ණයෙන්ම විනාශ කරලා දමන බව බටහිර මාධ්‍ය වාර්තා වල සඳහන්..

      ඇවිලී යන කූපියාන්ස්ක් - ලිමාන් පෙරමුණ..

      මෙම සටන් පෙරමුණ මේ වන විට ඉතාම සක්‍රීය වී ඇති අතර යුක්‍රේන පාලනයේ තිබූ ජනාවාස කිහිපයක බලය තහවුරු කර ගැනීමට රුසියානු හමුදාව සමත් වී තිබේ. එම සටන් මේ වන විට තීව්‍ර වී ඇති අතර ඔස්කිල් ගංගාවෙන් නැගෙනහිර පිහිටි යුක්‍රේන පාලන ප්‍රදේශය මුලුමනින්ම යටත් කර ගැනීම ඉලක්ක කර මෙම රුසියානු මෙහෙයුමි ආරම්භ වී ඇත.

      ඊට අමතරව රුසියානු දේශසීමාවේ සිට සුමී සහ කාර්කීව් කලාප වෙත නව සටන් පෙරමුණක් නිර්මාණය කිරීමට රුසියානු හමුදාව උත්සහ කරමින් සිටී. ඊට අමතරව බැක්මූට් නගරයට බටහිරින් සහ දකුණින් පිහිටි ප්‍රදේශ මෙන්ම ඩොනෙට්ස්ක් කලාපයේ සිට සැපොරිෂ්ෂියා කලපය දක්වා සමස්ථ සටන් පෙරමුණම සක්‍රීය කර රුසියානු හමුදාව මෙහෙයුම් ගණනාවක් අරඹා තිබේ.

      Delete
  11. හුදු දේශපාලන ඇරියස් වලට රටේ සංවර්ධනයට බාධා කරන දේශපාලන ව්‍යාපාර සහ ඒවාට අනුබද්ධ වෘත්තීය සමිති මෙන්ම

    එවැනි බොරු බාධා කිරීම්,වලට මාධ්‍ය තුළින් ඉඩ හදා පසුව ඒවා එසේ,නොවුන විට පෙරළා ප්‍රශ්ණ නොකරන මාධ්‍යයද රටට පිළිලයකි.‼️

    ඔබට මතක නම්

    🔺 දක්ෂිණ අධිවේගය හදන විට එයින් රටට වෙන සෙතක්,හෝ ආදායමක්,උපදවන්නේ,නෑ ණය බරක් විතරයි (මාළු ඇඹුල්,තියල් විතරයි කොළඔට ගේන්න වෙන්නේ කියමින් ) එයට බාධා කරපු අපහාස කරපු ජවිප අනුරලාගෙි හැසිරීම

    ඒවාට මාධ්‍ය වලින් දුන්න ඉඩ
    අද දක්ෂිණ ලංකා අධිවේගයෙන් ඉහළ ආදායමක් ලැබෙන විට ඒ,බොරු වලට ඉඩ දුන්න මාධ්‍ය ප්‍රශ්ණ කරනවාද ?

    ඒ,මාර්ගය හදනකොට දෙපැත්තේ ඉඩම් හිමියන් අල්ලාගෙන කොතරම් බාධා ඇතිකලාද මතකද?

    🔺 නොරොච්චෝලය හදනකොට කරපු අපහාස මතකද ඒ ගැන මවපු බිල්ලන් මතකද?

    අද ජළ විදුලිය නැත්නම් ඊලගට වැඩිම විදුලිය නිෂ්පාදනයට ඉඩ හදන්නේ නොරොච්චෝලය නේද?

    එදා මහජන කැළඔවීම් වලට ඉඩ දීලා ඒක නතර කරානම් අද තත්වය කොහොමද?

    🔺 පෝර්ට්,සිටියට මුහුද ගොඩ කරන විට කොළඔ සිට මීගමුව දක්වා මුහුදේ එක ඉස්සෙක් මාළුවෙක් නැති වෙන්න වද වෙනවා කීවා රටේම කළුගල් මදි සීගිරියත් කඩන්න වෙනවා කීවා

    ඇත්තටම එහෙම වුනාද ?

    🔺මත්තල හදනකොට ප්ලේන් ආවොත් ඒවගේ මොණරු වැදෙනවා කියලා කීවා වී ගොවිතැන විනාශ වෙනවා කීවා. නමුත් ලෝකයේ විශාලතම භාන්ඩ ප්‍රවාහන ගුවන්,යානයත් එහි ලෑන්ඩ්,කලා

    මත්තල හදනකොට කීව අපදා එකක් හරි වෙලා තියනවද ?

    🔺 කොළඔ කටුනායක අධිවේගය හදනකොට ඒක හදන චීනයට අයිති,වෙනවා කීවා අපට ලැබෙන දෙයක්,නෑ කීවා

    ඇත්තටම එහෙම අද වෙලා තියනවද ?

    🔺 හම්බන්තොට වරායකලා ගොඩබිම හාරලා වරායවල් හදන්නේ,නෑ හැදුවත්,පාවිච්චියට ගන්න බෑ කීවා

    අද එහෙම වෙලා තියනවද ?

    🔺 උමා ඔය ලබන මාසේ,ජාතික පද්ධතායට එකතු,වෙනවා මෙගාවොට් 120 එක්ක. උමා ඔය ව්‍යාපෘතිය නිසා බන්ඩාරවෙල එක වතුර පොදක්,නැතිවෙනවා කීවා ගොවි බිම් පාළු වෙනවා කීවා උමාඔය හදන්නේ වතුර ටික හම්බන්තොටට කොල්ල කන්න කීවා.

    ඒ,මොනවත්ම අද වෙලා තියනවද ?

    මම ඔය මතක් කරේ ජනප්‍රිය බොරු කීපයක්,විතරයි.

    ලංකාවට ඇති කරුමය තමයි දේශපාලනය ඉස්සරහට දාගෙන බොරු මහජන කැළඔවීම් කරලා ඇත්තටම අවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති වලට බාධා කිරීම

    ඊලගට එයාලම කියනවා රට දියුණු,කරන්න වැඩක්,කරලා නෑලු.

    දේශපාලන කුහකත්වයෙන් මේ වගේ මිනිස්සු කරන්නේ ඇත්තටම

    රටට බාධාවක්.

    කොවිඩ්,වසංගතය තුළ පවා රට වහපං වහපං කිවේ,ජනතාවට ආදරයටද ?

    කොවිඩ් මැද රටට ලැබෙන ඇණවුම්,නැතිවී ඒවා බංග්ලාදේශයට යන එක නතර කරන්න ඇගළුම් කර්මාන්ත ශාලා වැඩ කරනකොට බලෙන් ඒවා කොවිඩ් වලාන්,සේවකයන් මරවන්න හදනවා කියමින් වහන්න දැගළුවේ ඇගළුම් සේවිකාවන්ට ආදරයටද

    නැත්නම් ආර්ථිකය ඒ ඔස්සේ කඩා වැටෙන තැන හදන්න නෙවේද?

    අපි රට බංකොලොත්,වෙනකොට
    එහෙම වුනේ,හොරකම වංචාව නිසා කියන අදහසට

    මෙවැනි බොරු මගින් මහජන කැළඔවීම් හරහා නියමිත කාලයට ⁣අවසන් කරන්න බැරැව ප්‍රමාද වෙමින් රටට පාඩු වු නාස්ති වුන පාරිවැයක්ද පවතින බව ද අප නිසැකවම සිහිතබා ගත යුතුය.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න