චරිත සහතික

ආදරේ මා කලා නිරතුරු
නුඹේ පැවතුම් එපා වන තුරු
කෑදරේ ලං කලා පිළිතුරු
නිහඬ වූ කල ගැටළු එනතුරු

අසංවේදිව දුරස් කරවපු
ආදරේ මා නුඹට පෙන්වපු
ආදරේ නුඹ හොයන් නිරතුරු
ගියා දුර තබ ගණන් මා වරු

චරිත සහතික නුඹට ලියවුනු
ඇහැව්වා මම අනුන් කියවපු
දොසක් මිස අන් හොඳක් නොතිබුනු
තවත් සහතික ලිවෙනු ඇත මතු

නුඹේ කරුමෙට චරිතෙ හදරපු
රට පුරා ඇත හුඟක් ගත්කරු
මා ද ලියනෙමි කවිත් නිරතුරු
චරිත සහතික මෙහිත් ඇති මරු

උමතු තරු හිත් දරන් නිරතුරු
කිම ද හැසිරුනෙ ලෙසින් අම්බරු
නුඹේ රහසඟ පතා සමහරු
රසික වේසෙන් තබයි මත තරු

උන්ගෙ ඇගයුම් හඹා යන තුරු
තැබුවෙ පෙම් කල මා ගණන් වරු
නුඹ සොයා යන බාල ගරු සරු
කෙලවරේ නුඹ නොකලෙ මට ගරු

Comments