එක රැයක්

රැයක් ගෙවනට නුඹත් හා මට
එක ම සයනේ වැතිරිලා
හීනයක් විය වෙන්ව යනු පෙර
මහත් සිත තුල හිර වෙලා
මුල් ම හමුවට යන්න හැකි නම්
යලිත් අප හට පියඹලා
සුසුම් උණුහුම් ළයේ තවරා
යන්න අවසන වෙන් වෙලා

තැවෙන බව දැන නුඹේ නාමෙන්
වෙන්ව යන්නට සිටින මා
කිමෙයි නැවතත් නුඹේ පහසුව
පැතුවෙ අමතා යලිත් මා
මග හරින්නට නොහේ තවමත්
ඇතේ පෙම තව හිතේ මා
නුඹට පැරදුන ගිලන් සිත හට
ඉඩක් දෙන් සුව වෙන්න මා

හිතත් නුඹෙ ගල් වෙලා මා හට
වෙනස්කම් වුව අපමණා
පිටස්තර හැම ලොකු වෙලා අද
තෙතත් නුඹෙ හද වියළුනා
එදා වාගෙ ම රාගිනින් සිත
නුඹේ නාමෙන් ඇවිලෙනා
මෙදා නුඹ නැති සොවත් පොදි බැඳ
වෙන්ව යාමට සිදුවෙනා

Comments