නුඹට දැනුනේ නැති ද

බොහෝ දෑ මගහැරුනු දිවියක
නොහේ මගහැර ගන්න නුඹ මට
හෙටක් නොපෙනෙන පෙම් කතාවක
අගිස සොඳුරුව දකින ලොබකට
පුරන බව මා තව ම පෙරුමන්
නුඹට දැනුනේ නැති ද පවසන්

නොදැන යලි දැක හමුව දොඩනට
කෙසේ යලි දින අපට හිමි වෙ ද
තවත් ආලෙන් බැඳෙයි මා අද
නුඹත් ආපසු එතැයි සිතමින
ගියූ මග රිසි වේ ද නොදැනන්
නුඹට හිතුනේ නැති ද පවසන්

වැටෙන හුස්මක් පාසා දිනකට
නුඹ ම සක්මන් කරයි හිත තුල
දෑස් ගල්වා බලා ඉන්නට
නුඹත් මතු දා නැතෙයි මා ලඟ
මපෙම හැර යන කලට අතැරන්
නුඹට හැඬුනේ නැති ද පවසන්

Comments