.

.

Jan 19, 2024

සමන්මලී සහෝදරී... ජවිපේ ආර්ථික විශේෂඥයින්ට වඩා බොහෝ ඉදිරියෙන් සිටී..

 


සමන්මලී සහෝදරී...

ජවිපේ ආර්ථික විශේෂඥයින්ට වඩා 

බොහෝ ඉදිරියෙන් සිටී..

➖➖➖➖➖➖➖➖⭕⭕⭕➖➖


ජනතා විමික්තිපෙරමුණේ ඉන්නා හාල්පාරුවන්ට... ඇමතිකම් තබා ප්‍රාදේශිය සභාවක් හෝ කරගැන්මට නොහැකි බවට.... අත්දැකීම් තුලින්ම ලබාගත් අවබෝධය හේතුවෙන්... සිවිල් සමාජයේ යම් කිසි දැණුමක් සහිත පිරිස් එකතු කර ගැන්මට අලුතෙත් ගොඩනගා ගත් සංවිධානය.... ජාතික ජන බලවේගය ලෙස හැදින්වෙනවාය.


ඒ තුලද සම්පාකාර ක්‍රමයෙන් හා ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයින් ඝාතනය කොට ඔවුන්ගේ මුදල් මංකොල්ලකෑමෙන් රට ආර්ථික වශයෙන් ගොඩගැනීමට යෝජනා කරනා චතුරංග අබේසිංහ වැනි.... ජවිපේ ආර්ථික විශේෂඥයින්ටම ගැලපෙන වෘත්තිකයින් සිටියද, 


සමාජවාදය හා කියුබාව ගැන මනා හැදෑරීමක් කර ඇති බව පෙනෙනා.... සමන්මලී වැනි අය සිටීම යම් කිසි ධනාත්මක බලාපොරොත්තුවක් ඇති කරවන සුළුය. 


එමතුද නොව... ඇය කාන්තාවක් ලෙස ඩයනා ගමගේටත් වඩා රැඩිකල් කාන්තාවක් බව.... ඇයගේ යෝජනාව සමාජයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වී ඇති ආකාරයෙන්ම පෙනී යන්නේය.


විදෙස් ශ්‍රමිකයින්ගෙන් ඩොලර් 500 ක් ඉල්ලාගෙන, ත්‍රිකුණාමලයෙන් පමණක් රට ගොඩ දමා, විදෙස් ණය හිමියන් හා මචං ලෙවල් එකෙන් කතා කොට ණය බරින් නිදහස්  වී, මිනිරන් වලින් ග්‍රැෆයිට් නිශ්පාදනය කොට, සම්පාකාරයෙන් රට ගොඩ දමන බවට දිවුරා පොරොන්දු දෙන.... මොන්ටිසෝරී ආතල් විහිළු කාරයන් ඉදිරියේ.... සමන්මලීගේ යෝජනාව ප්‍රායෝගික වන්නේ කෙසේද කියා අප සොයා බලමු...


ඇය මේ ගෙන එනු ලබන්නේ කියුබාවේ ක්‍රියාත්මක වන ආර්ථිකය ගොඩගැන්මේ ක්‍රමයයි. 


රුසියානූ සමූහාන්ඩුවේ සහනාධාර මත ජීවත් වූ ෆිදෙල් කැස්ත්‍රෝගේ පාලනය හොම්බෙන් යෑම ආරම්බ වන්නට හේතු වන්නේ... සෝවියට් සමූහාන්ඩුව කඩා වැටී එම සහනාධාර කියුබාවට නොලැබී යාමයි...


එතෙක් නීතී විරෝධීව රහසිගතව පවත්වාගෙන ගිය ගණිකා ව්‍යාපාරය... රටේ ප්‍රධානම ආදයම් මාර්ගයක් ලෙස වැඩී වර්ධනය වෙන්නේ.... 1990 දශකයේ එහි ආර්තිකය විවෘත වීමත් සමඟිනි.


ඒ සමඟ සංචාරක ව්‍යපාරය සීඝ්‍ර ලෙස වර්ධනය වීමට හෙතූ වූයේ... ආසියාවේ බැංකොක් මෙන්... ධන කුවේර සංචාරකයින්ට පමණක් සීමා වූ කැරීබියානු හෙවත් බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතරේ...  කියුබාව... ඉතා අඩු මිළට සංචාරයේ යෙදීමටත්... ඉතාමත් අඩු මුදලකට ලිංගික ශ්‍රමිකයින් (කාන්තා, පුරුෂ දෙපක්ෂයේම) ලබා ගත හැකි රටක් වීමත් නිසාය.


දැන් කියුබාව ඇමරිකාණුවන්ගේ පමණක් නොව... යුරෝපයේ, දකුණු ඇමරිකාවේ හා අප්‍රිකාවේද බැග් පැකර්ස්ලාගේ මෙන්ම කාමාතුරයන්ගේ.... සංචාරක සුරපුරයක් වී අවසානය.


ඇත්තටම ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට කියා මහා දේවල් කළ යුතු වන්නේ නැත... ඩයනා ගමගේ කියන්නාක් මෙන් කළ යුත්තේ රාත්‍රී සමාජයක් ඇති කිරීම පමණි... (ලංකාවේ අගනගරයේ "ඩච් හොස්පිටල්" පරිශ්‍රයේ ඉදිරිපසද... හවස 6 න් පසු ඝන අන්ධකාරයෙන් වැසී ඇත... ඒ අවට හෝ ඒකාලෝක කිරීමට.... ක්ෂේත්‍රයේ ව්‍යවසාකයින් හෝ ඉදිරිපත් නොවීම කනගාටුවට කරුණකි...)


83 ජූලී කලබලවලට පෙර ලංකාවේ සංචාරක කර්මාන්තයේ මෙන්ම කොළඹ සමාජයේද, රාත්‍රී සමාජයක් පැවතියද... එය නැවත ඇති කිරීමට  ප්‍රධානම බාධාවන් වී ඇත්තේ.... සංචාරක පුරවරයන්හි පවා මත්පැන් අලෙවිහල් රාත්‍රී 10 ට වසා දැමීමත්... ගණිකා වෘත්තියෙහි නියැලෙන අය පොලිස් අත් අඩංගුවට පත් වීමත් බව... හරීන් ප්‍රනාන්දු වැනී මොඩර්න් බුවෙකුටත් නොතේරීම රටේම අවාසනාවකි.


අවම වශයෙන් පෝට් සිටිය මෙන් මේ සංචාරක පුරයන් තුල පොලීසියේ හා සුරාබදු දෙපාර්තමේන්තුවේ පිස්සන් පිස්සු කෙලීමෙන් වැලකිය යුතුය... මෙයින් අදහස් වන්නේ සංචාරකයින්ගේ ආරක්ෂාවන් සැපයීමද අත් හිටුවීම නොවේ....


ඇත්තටම කළ යුත්තේ සංචාරක ඇමතිකම ඩයනා ගමගේට ලබා දී.... අමාත්‍යාංශ ලේකම් ලෙස සමන්මලී ගුණසිංහ සහෝදරිය පත් කිරීමය....


ජනාධිපති තුමනි...

ඔබට තවමත් ඒ සඳහා අවස්තාව ඇත.


.


13 comments:

  1. බෞද්ධාමිකයින් ඉන්න තායිලන්තයේ සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් මධ්‍යසාර බද්ද සම්පූර්ණයෙන්ම ඉවත්කලා මාසයකට පෙර. ලංකාවේ මේක කලානම් සිවුරු කාරයො මොනව කරයිද කියල හිතාගන්නවත් පුලුවන්ද? බලෙන් සිල් රක්කවන්න හදන ලංකාවට මොන සංචාරක ව්‍යාපාරද?

    ReplyDelete
    Replies
    1. https://www.thedrinksbusiness.com/2024/01/thai-government-cuts-alcohol-taxes-to-boost-tourism/

      Delete
  2. ඒක තමයි මාත් බැලුවේ ජෙපො වගේ ලිං මැඩ්යො සෙට් එකක් ටිකක් පුලුල්ව බලන්න පුරුදු උනේ කොහොමද  කියලා
    කොහොමත් ලංකාවේ ගණිකා වෘත්තීය තහනම් නෑ..හැබැයි ගණිකා මඩම් පවත්වාගෙන යෑම තහනම්
    හැබැයි ලංකාවේ බූරූ පොලිසිය පාරවල් වල ඉන්න ගණිකා වෘත්තීය කරන ගෑනූ රිමාන්ඩ් කරනවා
    ඒ ගණිකා වරුතිය කලාටනෙමේ
    සුද්දගේ කාලේ තිබ්බ පාදඩ නීතිය යටතෙ
    ගෑනූ නඩු කියන්න බැරි හින්දා පාදඩ නීතිය යටතේ වැරැද්ද පිලි අරං දඩයක්ගෙවලා ආයේ පාරට්ම එනවා

    ReplyDelete
  3. කොහේ කොහොම කෙරුණත් වැඩ යස රඟට
    මෙහෙ එහෙම නැත - හරි යන්නේ 'ලෙසට'
    ලාඩම් ගසා ඇති හින්දා රුවිතේට
    අපේ ගොනුන් යන්නෙම අඩමානේට!

    ReplyDelete
  4. මම කොලඹ තියන ගෙදර විවේකයෙන් හිටියේ. එක පාරටම ගෙදර අයන් ගේට් එකට පිරිසක් තඩිබානවා. මම ස්විච් එක ප්‍රෙස් කරලා ගේට් එක ඇරියා. රතු කමිස ඇඳ ගත්ත ෆයිල් අතේ තියාගත්ත පිරිසක් . "ගේට්ටු ඇරලා තියන්ඩ ඕනේ" රැලේ නායකයා වගේ කෙනා සද්දෙන් කිව්වා. "ගේට් එක ඇරලා තියන්න බෑ බල්ලා එලියට දුවනවා. කාර් එක පරිස්සම් නෑ " මම කිව්වේ කට්ටිය දෙස හොඳින් බලන ගමින්. එහෙම කියලා හරියන්නේ නෑ ; දැන් නීතිය හැම ගෙදරකම ගේට්ටු ඇරල තියන එක​. ප්‍රතිගාමියෝ හැංගිලා ඉන්නවා නම් උන්ව අල්ල ගන්න ඕනේ " රැලේ නායකයා කියනවා.

    මට මිනිහව ටිකක් නෝට් උනා. ඉස්සර නුගේගොඩ මිනිහා ත්‍රී වීල් එකක් එලෙව්වා. මුල් කාලයේ යූ.එන්.පී සපෝටර් කෙනෙක්. දැන් ජවිපෙ ප්‍රාදේශීය නායකයෙක්. මිනිහා මගේ අළුත් කාර් එක දිහා බැළුවා. " මේ වාහනය සඳුදට ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට ගේන්ඩ ඕනේ. එතන අපේ සහෝදරෙක් ඇති. අපි ඔක්කොම ලක්‍ෂරි වාහන රෙජිස්ටර් කරනවා"

    ඒ කතාවට මට ටිකක් අප්සෙට් ගියා. මුං මගේ අළුත් කාර් එක පවරා ගන්න යනව වත්ද ? මට මතක් උනා 1988 කාලේ මගේ යාළුවෙක් ගේ මාමා කෙනෙක් ගේ ලාන්සර් බොක්ස් එක සහෝදරවරු බලෙන් අරගෙන ගිය කතාව​. රැලේ නායකයා කතා කරගෙන යන කොට මිනිහගේ ගෝලයෝ අතේ තියන කැමරා වලින් ගෙදර සහ වත්තේ පින්තූර ගන්නවා.

    "අපිට ගෙදර ඉන්න අයගේ හැඳුනුම්පත් දෙන්ඩ" නායකයා මට අණක් දුන්නා. මම හිතුවේ හැඳුනුම්පත් එකතු කරගෙන යයි කියලා. මොනවා කරන්නද මම පවුලේ අයගේ අයි.ඩී මිනිහගේ අතට දුන්නා. මිනිහා ඒක ෆයිල් එකක් අතේ තියාගෙන හිටපු රැවුල වවගෙන හිටපු එකෙක් ගේ අතට දුන්නා. මෑන් අයි.ඩී වල විස්තර කොලයක ලියාගන්නවා. මුන් ටික යනව නම් හොඳයි කියලා මට හිතුනා. ඒත් යන පාටක් නෑ.

    " ගෙදර කාමර කීයක් තියනවද ? නායකයා ඇහුවා. කාමර හයක් තියනවා මම කිව්වේ ටිකක් හිමීට. " ගෙදර ඉන්නේ හතර දෙනයි , කාමර හයක් මොකටද? රැලේ නායකයා මගෙන් ඇහුවේ සද්ද දමලා. එතකොට මිනිහත් එක්ක හිටපු සෙට් එක මා දිහා බැලුවේ හොරාට විදුලිය ගත්ත එකෙක් දිහා බලනවා වගේ.

    "නායක සහෝදරයා තීරණයක් අරගෙන තියනවා වැඩිපුර කාමර තියන ගෙවල් වලට නිවාස රහිත පවුල් යොමු කරන්න. ඒ නිසා ලබන සුමානේ අපේ සහෝදරයෙක් එයි. වැඩිපුර තියන කාමර දෙක නිවාස අමාත්‍යාංශය පවර ගන්නවා " හිටපු ත්‍රීවීල්කාරයා කියාගෙන යනවා.

    මල කෙලියක් නේ යකෝ මේක මට හිතුනා. මට Doctor Zhivago ෆිල්ම් එක මතක් උනා. මුං අපේ ගේ අස්සට කොහෙවත් යන පවුල් දෙකක් ඔබන්න යනවා. එතකොට බාත්‍ රූම් ඔක්කොම හවුලේ පාචිච්චි කරන්න වෙයි. වයිෆුයි දුවයි නම් මේකට කොහොමත් කැමති වෙන එකක් නෑ. මේ මොන මරාලයක් ද ?

    Read more; https://transyl2014.blogspot.com/2023/09/blog-post_26.html

    ReplyDelete
  5. මාතලන්

    මේ නිව්ස් එක

    ආචාර්ය හරිනි අමරසූරිය කියන මේ කතාවෙ විසංවාදයක් තියෙනවා. ගණිකා වෘත්තිය නීතිගත විය යුතුද නැත්ද යන්නට වඩා මේ විසංවාදය වැදගත්. එය වමේ පොදු විසංවාදයක්. මේ සන්දර්භයෙදි විසංවාදය මතු වෙන්නෙ මෙහෙමයි. එනම් මෙතනදි කියවෙන්නෙ ගණිකාවන් (පිරිමි අයත් ගණිකා වෘත්තියෙ යෙදනෙවා සුළු වශයෙන්. ඒක මෙතනදි නොසලකා හරිමු) සූරාකෑමට ලක්වෙන බව. එනම් ඔවුන්ගෙ වෘත්තියෙ ස්වභාවයම සූරාකෑමක් බව. එනම් ගණිකාවන් පීඩිතයන් පිරිසක් බව.



    ඒ නිසා ඒකට විසදුමක් ලෙස ඒ සූරාකෑම අවම කරන නීති සංශෝධන ගේන බව කියනවා. එනම් සූරාකෑමකින් තොරව ගණිකා වෘත්තියෙ යෙදිය හැකිද? ඒ එක්කම 'ලිංගික ශ්‍රමිකයන්' වගේ වචන භාවිත කරන්නෙ සාමානයෙන් ගණිකා වෘත්තියට වඩා 'සමාජ පිළිගැනීමක්' ඇති කරන්නයි.

    එනම් අවසානයෙ මේ කියන්නෙ 'අපි ගණිකා වෘත්තිය සූරාකෑමක් විදියට දකිනවා. නමුත් ඒක සූරාකෑමක් විදියට අනෙක් අය සහ ඒ වෘත්තියෙ යෙදෙන අයට නොහිතෙන විදියට නීති සංශෝධනය කරන්න අපි කටයුතු කරනවා' කියන එකයි. වෙනත් වචනවලින් කියනවානං වාමාංශිකයන්ගෙ දැක්මකට අනුවම සූරාකෑමක් වන දෙයක් වඩා 'ජීර්ණය කරගැනීමට පහසු' සහ 'සෝෂලි ඇක්සෙප්ටබල්' කිරීමක් කරන බව. එනම් ඒ සූරාකෑම වඩා සෝෂලි ඇක්සෙප්ටබල් කරන බව. එය සූරාකෑම වඩා ප්‍රවර්ධනය කිරීමක් සහ පහසු කිරීමක් නොවේද?

    දැං ගණිකා වෘත්තිය සුරාකෑමක් සහ සූරාකෑමට විරුද්ධයි කියන ගමන් මෙහෙම කියන එක විසංවාදයක් කියලයි මං හිතන්නෙ.




    ලිබරල් දෘෂ්ටිය අනුව ගණිකා වෘත්තිය සූරාකෑමක් නොව. එය හුදෙක් කෙනෙක් කැමැත්තෙන් ලබා දෙන සේවාවක්. හුදු තවත් එක් ගනුදෙනුවක් පමණයි. ඒ නිසා එය 'සෝෂලි ඇක්සෙප්ටබල්' කිරීම ප්‍රශ්නයක් නැහැ. ඒ අනුව එතන විසංවාදයක් නැහැ. එහි ඇති සමාජිය හෝ සංස්කෘතික බලපෑම ගැන ලිබරල්වාදීන් තකන්නෙ නැති බව ඇත්ත. නමුත් අඩුම වශයෙන් ඔවුන්ට විසංවාදයක් නැහැ.

    නමුත් අර සූරාකන කතාවත් එක්ක විසංවාදයක් එනව.

    එනම් වම සහ ලිබරල්වාදය කලවං වීමෙදි එන විසංවාදයක් එන. හරිනි නියෝජනය කරන්නෙ මේ වම සහ ලිබරල්වාදය කලවං වූ මතවාදයයි.

    ReplyDelete
    Replies
    1. මේකයි කතාව

      මාලිමා ආණ්ඩුවෙන් ගණිකා වෘත්තිය නීතිගත කරන්නෑ.. ගණිකාවන් පෙලන නීති වෙනස් කරනවා..

      - හරිනි අමරසූරිය

      Delete
  6. අඩෝ මාතා ලංකාවට කෙලවෙන හේතුව ලංකාවේ බුකියේ ඉන්න ගව සම්පත දාන කමෙන්ට් වලින්ම පේනවා.

    උන්ට ඉෂාර නානායක්කාර, ධම්මික පෙරේරා, ඩඩ්ලි සිරිසේන, කෙන්යාව බාලේන්ද්‍ර කිව්වොත් කපටියා හොරා, කුනු කන්ටෙනර් හාල් මාපියා අර මාෆියා මේ මාෆියා කිය කියා වැලලෙනවා.අමු කුජීත කුහකයෝ.උන්ගැන හෙව්වොත් අමාරුවෙන් අම්ම අප්පොච්චා හම්බ කරපු සල්ලිවලින් හරි මොකෙක්දෝ හරි ඉල්ලගත්ත සල්ලිවලින් ඩේටා කාර්ඩ් එකක්.දාගෙන ඇවිත් මෙතන වැලලෙන්නෙ මෙලෝ වැඩක් නොකරන නිකම්මු හැත්තක්. හොයලා බලන්න ඕකුන් වැඩි හරියක් කුජීත ජෙප්පො බව පැහැදිලිව පේනවා

    ReplyDelete
  7. අතාරින්න අමාරුයි තමයි මාතේ හැබැයි අතෑරියාට පස්සේ දැනේන්නේ මාරම සැනසීමක්. අනික කවදාවත් තමන්ගේ සතුට තව කෙනෙග්ගෙන් හොයන්න එපා. මුලදි සතුටක් උනාට අන්තිමට ඉතුරු වෙන්නේ දුක් ගොඩක් විතරයි. තමන්ට තමන්ගේ හිතවත් පාලනය කරගන්න බැරුව තව කෙනෙග්ගේ හිතක් කොහොම පරිස්සම් කරන්නද. ඔයාට සතුටු වෙන්න ඔනීමනම් කොහේ හරි ඇවිදින්න යන්න.සුරතල් සතුන් ඇතිකරන්න.තමන් ආස කරන දේවල්,කැමති ඔනීම දෙයක් කරන්න.

    ReplyDelete
  8. මාත මචෝ කැමිපස් එකේ ඉද්දි සමාජවාදය හිතුණේ නැතිනමි උඹට හදවතක් නැ.එලියට ආවම ධනවාදය හිතුණේ නැතිනමි උඔට මොලයක් නැ.අයියෙක් මට දුන්න අවවාදයක්. ඔය මාලිමාවට සම්බන්ධ වෙලා සෝෂල්මීඩියා අදහස් ප්‍රකාශ කරන්න එන කට්ටිය බලන්න නිතරම කවුරු හරි රටේ ජනප්‍රිය ව්‍යාපාරිකයෙක්ට බැනලා ඒක මහ ලොකු වැඩක් කියලා හිතන ලිංමැඩි මානසිකත්වක් තියෙන මිනිස්සු තමයි.

    ටසිරිලංකාවේ රාජ්‍ය සේවකයෝ ලක්ෂ 14-15ක් හිටියට අනිත් අය පෙෘද්ගලික අංශයේ සේවකයෝ.
    අපි බහුතරයක් ඒ ව්‍යාපාරිකයන්ගේ ආයතනවල වැඩ කරන්නේ.දරැ පවුල් කියක් යැපෙනවාද ඔවුන් නිසා.
    රජයට විශාල බදු ගෙවන්නේ රටෙි මහපරිමාන ව්‍යාපාරිකයෝ.ඒවගෙන් තමා දුප්පත් මිනිස්සුන්ට මොනාහරි සහනාධාරයක් ලැබෙන්නේ.
    හැම මහපරිමාණ ව්‍යාපාරිකයෙක්ම හැම දේශපාලන නායකයෙක් එක්කම හිතවත්.කාටත් උදවි කරනවා.සමහරවිට ජන්ද පොලට ගිහින් ජන්දයක් දාන්නේ නැ.ඒත් එයාලට කරන්න පුළුවන් ආර්ථික සහය දෙනවා උපරිම.දිනපුවාම ඒවගෙ පුතිලාභ ලැබෙනවා.වැරදි වැඩක් කළත් විවෙිචනය කරන්නේ නැ.විපක්ෂයටත් හොදට සලකන නිසා.

    එයාලා ආව විදිය, පෙෘද්ගලික ජිවිත අමතක කරමුකෝ.
    හිතන්න මමනමි පෙෘද්ගලිකව කැමිපස් ලමයෙකුට research එකකට, intern එකකට, Job එකක් හොයා ගන්න කතා කරන්නේ ව්‍යාපාරිකයෙක්ට තමා.
    අපි හැමෝටම රජයේ රැකියා ලැබෙන් නැ.අපිටත් දවසක ඔය බනින ව්‍යාපාරිකයෙක්ගේ ආයතනයේ වැඩට යන්න වෙන්නත් පුළුවනි.

    අපි කවුරැත් සර්ව සමිපුර්ණ මිනිස්සු නොවෙි.අඩුපාඩු වැරදි තියෙනවා.ඒත් ඉගෙනගත්ත මිනිස්සු මීට වඩා හිතන්න ඔිනේ.

    ධමිමික පෙරේරා,දිලිත් ජයවීර,ඩඩිලි සිරිසේන ලංකාවේ කටිටිය දන්න ලොකු Businessman ලා.එයාලගෙ පෙෘද්ගලිකව ජිවිත, දේශපාලන මතය අපිට වැඩක් නැ.එයාලට ජන්දය දෙන්න කියන්නේ නැ.ඒත් අපිට ඉගෙනගන්න , ගන්න සෑහෙන දෙයක් තියෙනවා එයාල ළඟ.

    අපි අනුන් ළඟ රස්සාවක් කරනවාට වඩා අපි business එකක් පටන්ගත්තොත් අපිටත් පුළුවන් තව කාට හරි රස්සාවක් දෙන්න.
    සමහර මිනිස්සුන්ට තවඑකෙක් v8,BMW,Benz එකක යනකොට ඉන්න බැ.හැබැයි ඒවා ගන්න ඒ මිනිහා කාපු කටිට දන්නේ නැ.

    මට මගේ ජිවිතේ අත්දැමි සහ මිනිස්සු ඇසුර තුලින් දැකපු දෙයක් තමා මොන උගතා වුණත්, මොන බලවත් කෙනෙක් වුණත් ව්‍යාපාර ළඟ දන ගහනවා.අපි කැමති හෝ අකමැති.ඒක තමා ඇත්ත.
    නවලෝක මුදලාලිගේ පෙෘද්ගලික රෝහලේ උගත් හැමෝටම රැකියා දෙනවා, මහ බලවත් මිනිස්සු එතනට එනවා බෙහෙත් ගන්න .නවලෝක මුදලාලිට බැනලා අපේ ලෙඩකට බෙහෙත් ගන්න නවලෝකෙටම යන්න දවසක් එනවා.
    මමත් ආසයි දවසක දක්ෂලෙස ව්‍යාපාර රැසක් පාලනය කරන ව්‍යවසායකයෙක් ⁣වෙලා අපේ campus එකකට ගිහින් lecturer එකක් දෙන්න .
    මම දන්න මගේ යාළුවෝ ඉන්නවා එයාලට එහෙම ආරාධනා එනවා.ගිහින් lectures කරනවා ව්‍යාසායකත්වය ගැන.තමන් ආව මග ගැන.තව එක්කෙනෙක් හරි motivate වෙන්න.

    සමහරැ ව්‍යාපාරවලින් හරියට බදු ගෙවන් නැ.ඔය බනින අයත් එතන හිටියනමි කොහොම හරි වංගුවක් ගහන්න තමා බලන්නේ. TIN එක register වෙන්න බැරි අය තමා බදු ගෙවලා කියක් හරි රජයට දෙන මිනිස්සුන්ට බනින්නේ.
    දෙපාරක් හිතලා බලමු.මෙි මගේ අදහස.

    ReplyDelete
  9. ඔතන ඔය සමන්මලී කියල තියෙන දේවල් ඇත්තටම හරිනි අමරසූරිය කියන කලා අංශයෙන් සමාජ විද්‍යාව පිළිබඳව ඉගෙනගෙන ආචාර්ය උපාධිය ලබාගෙන ලංකාවේ විශ්ව විද්‍යාලවල කලා අංශයේ ඉගැන්වීම කරන ආචාර්යවරිය ඇතුලු එන්පීපී පිරිසගේ බලපෑම මත ජවිපෙ නව මුහුණ වන මාලිමාවට අලුතින්ම එකතු වූ අදහස් සමුදායක් පමණයි

    හරිනි අමරසූරිය ට ජාතික ලැයිස්තු මන්ත්‍රීකම ලැබුනේ රනිල් ගේ උපදෙස් උඩයි.හරිනි අමරසූරියට ජාතික ලැයිස්තු මන්ත්‍රීකම ලබාදීම, ජවිපෙ සිරිකොතට ගැට ගැසීමේ සෝ කෝල්ඩ් රෙඩ් එලිෆන්ට් ව්‍යාන්ත්‍රණයට අයත්වූ ව්‍යාපෘතියේ එක (කුඩා) කොටසක් පමණි.

    ජවිපෙ පූර්ණකාලිනයන් ලංකාවේ බලය මෙහෙයවන එක්සත් ජනපදය බ්‍රිතාන්‍ය ප්‍රමුඛ බටහිර කඳවුරට සම්බන්ධ වී කටයුතු කරන ප්‍රභූ පැලැන්තියට එරෙහිව වැඩ කරන පිරිසක් නොවී ලංකාවේ එම ප්‍රභූ පැලැන්තිය වෙනුවෙන් කත් අදින පිරිසක් බවට පත් වුනේ සෝමවංශ අමරසිංහ යුගය සහ පසුව 2012 අනුර කුමාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමට සමගාමීවයි

    සරලව ගැමි වසරින් කියනවානම්
    ජවිපෙ පූර්ණ කාලීනයන් ළිඳ කපනවා, හරිනි අමරසූරිය වතුර අදිනවා, රනිල් නා ගන්නවා යන වැඩ පිළිවෙල ක්‍රියාත්මක වන්නේ රනිල් විසින් හරිනි අමරසූරිය ව (ඇත්ත වශයෙන්ම කියනවා නම් හරිනි යනු තනි පුද්ගලයෙකු පමණි. ඇගෙන් සංකේත්වත් වන විශාල කණ්ඩායමක්, ජවිපෙ වසා පිළියක් සේ පැතිර ඇති සෝ කෝල්ඩ් රෙඩ් එලිෆන්ට් මාෆියාව තුල වෙයි.) ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීම (නැතහොත් එම ඊනියා රතු අලි ජවිපෙ තුල ස්ථාපිත කිරීම) ඔස්සේය. මාලිමාව යනු ජවිපෙ තුල තීරණ ගැනීමේ බලය රතු අලි මාෆියාව වෙතට මාරු කිරීමේ ව්‍යුහයයි. රනිල් පාලන බලයේ නැති කාලයක වුවද ජවිපෙ පූර්ණ කාලීනයන්ව එම ඇමරිකානු කඳවුරේ ලාංකික නියෝජිත පිරිස වන ප්‍රභූ පැළැන්තියේ න්‍යායපත්‍රයට අනුව මෙහෙයවීම එම සෝකෝල්ඩ් රතු අලි මාෆියාව විසින් සිදු කරනවා ඇති බව පැහැදිලියි නේද?.

    ReplyDelete
  10. ඔය මොනවා කිව්වත් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ මාලිමාවේ ශිෂ්‍ය ව්‍යාපාරය සහ පෙරටුගාමීන්ගේ අන්තරය බලය හොබවන කැළණියේ මාර ගැම්මක් තියෙන්නේ. ඩඩ්ලි සිරිසේන ලොක්කව හරස් කරපු තැන හිටපු සිසුවා කී දේවල් ඇහුවම අපටත් භය හිතුනා. 😂

    "ඩඩ්ලි සිරිසේන ඔයාට ලොකු ඇති. අපිට ලොකු නෑ."

    "අපිට කතා කරපල්ලා... අපි ඇවිල්ලා දේශන දෙන්නම්"

    "ආහ්... අපි කැළණියේ.. වෙන කොහෙවත් නොවෙයි."

    ඩඩ්ලි සිරිසේනට විරෝධය දැක්වීමේ හොඳම නොතේරුම් ගැනීම තියෙන්නේ ඔය ගෝත්‍රික සිසුන්ගේ.

    විශ්ව විද්‍යාලයට බැහැරින් දේවල් එපා නම් සෑම දෙයක්ම එපා. බැහැරින් ආපු ජවිපෙ, පෙරටුගාමි හෝ වෙනත් පක්ෂ දේශපාලනයක් කර තියාගෙන ඉන්න සිසුන්ම තමයි ඔය විරෝධය පළකරන්නේ.

    එකී දේශපාලනයෙන් සිසුන්ට ලැබුණු දේවල්වලට වඩා අහිමි වුනු දේ වැඩියි. චණ්ඩි වගේ හැසිරෙන්න, අනෙකාට වෛර කරන්න, රූකඩ වගේ හැසිරෙන්න, එළියට ගියාට පසු උපාධිධාරී රැකියා පෝලිමට එක් වෙන්න පාර කපලා තියෙන්නේ එකී දේශපාලනයයි.

    හරි හෝ වැරදි ප්‍රායෝගික මිනිසෙක් ප්‍රශ්න කිරීමට ලැබුණු අවස්ථාව මග හැරගත්තේ සිසුන්. හොටු ගෑණියෙක් බදාගෙන ඉන්න ගමන් කැහි ගෑණි නරකයි කියන කැම්පස් එක ඇතුලේ චණ්ඩි ටිකක් තමයි එතන හිටියේ.

    ReplyDelete
  11. එතකොට මාතලන් ඔය ඇමරිකා එක්සත් ජනපදය වගේ රටවල් ගැන මොකද කියන්න තියෙන්නේ? ඇත්තටම ඒවත් එහෙම තමයි. ඔබාමා කතෝලික ආගමේ පිහිට විතරක් නෙවෙයි ජන්දේ කිට්ටුවෙනකොට බුද්ධාගමේ ආශිර්වාදයත් ලබා ගත්තා. හැම රටක්ම එහෙමයි ආගම් අදහනවා ඒ වෙනුවෙන් වැඩ කරනවා ලංකාවට වඩා. ඔයා ඔය කියපු කතාව ලංකාවේ මිනිස්සු දූපත්වාසීකම නිසා නිතරම හිතට එන අදහසක් !

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න