January 14, 2024

උයන, පිරිසිදු කරන සහ ආරක්‍ෂාව සලසන රොබෝවරයා

රොබෝ තාක්ෂණයේ ඉදිරි පිම්මක් ලෙස, 1X නෝර්වීජියානු සමාගම විසින් වැඩි දියුණු කරන ලද EVE ඇන්ඩ්‍රොයිඩ්, ගෘහ සහ කාර්මික කටයුතුවල වත්මන් ක්‍රම වෙනස් කරයි. විද්‍යාත්මක ප්‍රබන්ධ නිසා මෙම ප්‍රවෘත්තියේ නැවුම් බව මද වුවද තවදුරටත් එය විද්‍යා ප්‍රබන්ධයක් නොවීමම සත්‍ය නැවුම් බවක් මතු කරයි. GPT-4 හි නවීකරණයක් භාවිතා කරන මෙම උසස් රොබෝවරයා වට්ටෝරු යෝජනා කිරීමේ සිට ඉතා සූක්ෂම ලෙස පිඟන් සේදීම දක්වා වූ විවිධ කාර්යයන් ඉටු කරයි. EVE Android රොබෝවරුන් විසින් අපගේ නිවෙස් සහ ගබඩා තුළ දෛනික කටයුතුවල වැඩි කොටසක් සිදු කරනු ලබන අනාගතයකට මග පාදයි.

ගෙදර දොරේ වැඩ විප්ලවය.

මුළුතැන්ගෙයි රාක්ක තුල ඇති අමුද්‍රව්‍ය මොනවාදැයි බලා, තිබෙන අමුද්‍රව්‍ය අනුව ප්‍රණීත ආහාර වට්ටෝරු ඉදිරිපත් කළ හැකි රොබෝවක් ගැන සිතන්න. EVE Android එම දර්ශනය යථාර්ථයක් බවට පත් කරයි, GPT-4V මෘදුකාංගය භාවිතා කරන මෙම අති නවීන ඇන්ඩ්‍රොයිඩ්, ලණු/කඹ වැනි මාංශ පේශි මගින් බල ගැන්වෙන වේගවත් 'අත්' වලින් සමන්විත වේ. අධික වේගය සහ බලය බොහෝ විට වටපිටාවේ සහ මානව අන්තර්ක්‍රියා යන දෙකටම අවදානම් ඇති කරයි. එහෙත් පරිසරය සමඟ ආරක්ෂිත අන්තර්ක්‍රියා සහතික කරමින් ශක්තිමත් නමුත් බලශක්ති කාර්යක්ෂම මෝටරවලින් සමන්විත EVE රොබෝවරුන් එවන් ආරක්ෂක අභියෝග බිඳ දමා ඇත. එම රොබෝ අත්වලට විවිධ කාර්යයන් මනාව හා නිශ්චිතව ඉටු කිරීමට හැකි වීම පුදුමයකි.

 1X සහ OpenAI කළ ඩොලර් මිලියන ගණනක ආයෝජනය EVE Android හි විභවය අවධාරණය කරයි. පිඟන් සේදීමේ සිට රසවත් කුකීස් පිළිස්සීම (බේක් කිරීම) දක්වා කටයුතු කිරීමෙන්, එහි බහුකාර්යතාව සහ අනුවර්තනය වීමේ හැකියාව ප්‍රදර්ශනය කරයි. එය නෝර්වීජියානු කුස්සියක සිය දක්ෂතාවය ඔප්පු කර ඇත.

කර්මාන්ත යෙදුම් සඳහා භාවිතය.

 EVE Android ගෙදර දොරේ වැඩවලට පමණක් සීමා නොවේ. එය දැනටමත් කාර්මික සැකසුම් තුළ රැල්ලක් ඇති කර තිබේ. එක්සත් ජනපදයේ, මෙම කැපී පෙනෙන ඇන්ඩ්‍රොයිඩ් ආරක්ෂක මුරකරුවෙකු ලෙස ක්‍රියාත්මක වෙමින් ගබඩාවල ස්වයංක්‍රීයව මුර සංචාරයේ යෙදෙන අතර වැරදි හඳුනාගත් විට මිනිස් ක්‍රියාකරුවන්ට අනතුරු අඟවයි. අතථ්‍ය යථාර්ථය ඒකාබද්ධ කිරීම මඟින් මිනිස් සුපරීක්ෂකවරුන්ට අවශ්‍ය විටෙක පාලනය කිරීමට ඉඩ සලසයි. එනම් රැකියා ස්ථානයේ රොබෝ තාක්ෂණයේ සහයෝගීතා හැකියාව අවධාරණය කරයි.

 ඇසුරුම් කිරීම, වර්ග කිරීම, මුද්‍රණය කිරීම, පිරිසිදු කිරීම සහ අධීක්‍ෂණය වැනි විවිධ ඒකාකාරී, කම්මැලි සහ පුනරාවර්තන කාර්යයන් ඉටු කිරීම මගින් EVE හි හැකියාවන් ආරක්ෂක රාජකාරිවලින් ඔබ්බට විහිදේ. ඇන්ඩ්රොයිඩ් නිරීක්ෂණ, සැපයුම්, සිල්ලර වෙළඳාම සහ ගබඩා සඳහා භාවිතා කළ හැක. ගබඩාවල සිට කර්මාන්තශාලා දක්වා EVE Android හි අනුවර්තනය වීමේ හැකියාව විශේෂිත වේ. බහු කර්මාන්ත සඳහා සකසා ඇති EVE විවිධ හැකියාවන් මගින් ශ්‍රම හිඟය අවම කරන අතර අනතුරුදායක මෙන්ම අපහසු පරිසරයන්හි ශ්‍රමිකයන්ට ආරක්ෂාව ලබාදී දරුපවුල් රකියි.

Brenda Kanana ගේ cryptopolitan හි ලිපිය ඇසුරෙන්

0 comments:

Post a Comment