.

.

Jan 6, 2024

ගැමි සුවය සොයා යෑම (ලෝකප්‍රකට මැක්සිකානූ ධීවරයාගේ කතාව)

 


ගැමි සුවය සොයා යෑම

(ලෝකප්‍රකට මැක්සිකානූ ධීවරයාගේ කතාව)

➖➖➖➖➖➖ 🐟🐟🐟🐟 ➖➖➖➖➖▪️


මුලින්ම කියන්න ඕන... ගමේ සොමිය දෙන ව්‍යාපාරයන් කරන... මගේ යාලුවෝ සෙට්ටෙකම... මේකෙන් මා එක්ක තරහා වෙන්න නම් එපා....


ගම තමයි සුන්දර... ගමේ ජීවිතේ තමයි මාර... කියන දේ කියන්නේ ගමේ ජීවත් වෙන උන් නෙමේ... ගමේ ඉඳන් කොළඹ හෝ... වෙන රටක නම් නගරෙට ආපූ උන් කියන කතාවක්... උන් ජීවත් වෙන්නේ නඟරයේ... නොස්ටැල්ජියානූ ගමනක් තමා ගමට යනේක....


මේක හරි පැහැදිලියි විශේෂයෙන් සිංහළ දෙමළ අළුත් අවුරුද්ද කාළෙට සහ දිග නිවාඩුවක් තියෙන කාළෙට... ඒ කාලෙට කොළඹ නෙමේ බෙයිජින් නඟරයත් හිස් වෙනවා...


ඕන්න ඔය වගේ.... ගමේ සොමිය විදින්න ගිය... උගත් ධනවත් මහාචාර්‍ය ව්‍යාපාරික මෝටිවේස අප්පච්චි කෙනෙක්ට වෙච්චි ඇබැද්දියක් තමා.... මේ ප්‍රසිද්ධ මැක්සිකානූ ධීවර කතාව...


විකෙන්ඩ් එකේ ගමේ ගිහින් බීච් එකේ උන්න අර කෝටිපති මහාචාර්‍ය තුමා දකිනවා.... මාළු කාරයෙක් එයාගේ පොඩි බෝට්ටුවෙන් දියඹට ඇඳෙනවා...


වැඩි වෙලාවක් නොගිහින්... ඒ මාළු කාරයම ආයෙම බීච් එකට එනවා දැක්ක කෝටිපතියා, බෝට්ටුව ළඟට ගිහින් බැලුවාම.... අර පොඩි බෝට්ටුවේ විශාල කහ වරල් ටූනා හෙවත් කෙළවල්ලො 10 - 15 ඉන්නවා දකිනවා...


"ෂා මරු කෙලවල්ලෝ ටිකක් අල්ලලා තියෙන්නේ... ඔහේට මේ ටික අල්ලගන්න කොච්චර වෙලා ගියාද?"


"එච්චර වෙලා ගියේ නෑ... මහත්තයත් දකින්නැති නේ.... මම දැක්කා යනකොටත් මහත්තයා අතනට වෙලා පෝන්නෙක ඔබ ඔබ ඉන්නවා...හා නැතෙයි...


"ඉතින් ඇයි ඔයා ගිය පයින් ආයේ එන්නේ...  වැඩි වෙලාවක් මුහුදේ ඉඳලා වැඩිපුර මාළු අල්ලන්නේ නැත්තේ?" 


"ඉතින් ලොක්කා... මටයි අපේ පවුලෙයි වියදමටයි මේ ටික හොඳටම ඇති... ආයේ අල්ලගන්න මාළු ඉන්නත් එපෑයි..."


"ඒත්.... ඒත් ඉතින් ඉතිරි කාළේ ඔහේ මක්කැයි කොරන්නේ... ?" 


 "දැන් මහන්සියට පොඩි වොෂ් එකක් දාලා නිදාගන්නවා...,ඊට පස්සේ මගේ පොඩි උන් එක්ක සෙල්ලම් කරනවා... උන් එහෙට මෙහෙට වෙනකන් ඉඳලා... ගෑණි එක්ක පොඩි සෙල්ලමක් දානවා... කළුවර වැටීගෙන එනකොට හංදියේ දැල්කඩේ පැත්තේ යනවා... එතනදි සෙටමෝල් වෙන් සෙට් එකත් එක්ක හොඳ බයිට් එකක් එක්ක බජව්වක් දාලා ගෙදර එනවා... ඒ අස්සේ කොටුවක් පනින්න පුලුවන් නම් පැනලා... තල්ලුවක් දාලා එනවා... ඒ එනකොට ගෙදරටත් කෑම ගෙනත්... ගෑණිත් එක්ක පොඩි ආතල්ලෙකක් අරගෙන... කන පැලෙන්න නිදා ගන්නවා... ඒවට මට හොඳට වෙලාව තියෙනවා..." .


"හහ් හහ් හා... ,  දැන් බලනවා... මට ඔක්ස්ෆර්ඩ්  MBA උපාධියක් තියෙන කෙනෙක්.....


ඒ කිව්වේ....


මට මේ ව්‍යාපාර පිළුබඳ ගෞරව උපාධියක් තියෙනවා... මම තමුසෙට උදව් කරන්නම්...


අර කොහොමෙයි....?


ඔහේ තව වැඩි වෙලාවක් මුහුදු ගිහින්... වැඩිපුර මාළු අල්ලන්න ඕන... ඊට පස්සෙ තමුසෙට ට්‍රෝලර් එකක් ගතෑකී... ඒකෙන් එන ආදායමෙන් තව ට්‍රෝලර් කීපයක් ගන්නවා... ඊට පස්සේ ඒවට ස්කිපර්ලා දාලා... මාළු තොග වශයෙන් විකුණනවා... ටික කාළෙකින් ටූනා කෑන් කරන ෆැක්ටරියක් දානවා... කොළඹින් එපාර්ට්මන්ට්ස් ගන්නවා... ඔෆීස් එකත් කොළඹ... දැන් තමුසෙගෙ ටුනා කෑන් ලෝකෙම ප්‍රසිද්ධයි... හැබයි ඉතින් මේ වගේ ඉඳලා බෑ... ටිකක් මැරෙන්නම වෙනවා..."


" ඒත් ලොක්කා.. ඔය ඔක්කෝටම කොච්චර කාළයක් යයිද...?"


"ම්..... අවුරුදු 10 - 15 වගේ යයි... බොහෝ වෙලාවට.."


 "ඒත් ඉතින් මක්කටෙයි ලොක්කෝ....?"


" ආන්න ඒකයි... දැන් තමයි නියම කෑල්ල එන්නේ... දැන් තමුසේ ලෝකප්‍රසිද්ධයි ... බිස්නස් එක විකුණලා දාලා ප්‍රකෝටිපතියෙක් වෙන්න පුලුවන් දැන්..."


" ඊට පස්සේ.....?"


මාළු කාරයාගේ ප්‍රතිචාරවලින් ප්‍රමෝධයට පත් මහාචාර්වරයා... 

"දැන් ඔහේ විශ්‍රාමිකයි.... ඔහේ යනවා ධීවර ගම්මානයකට...  ගිහින් ගමන් මහන්සියට පොඩි නැප් එකක් දානවා... දරුවොයි... උන්ගේ දරුවොයි එක්ක සෙල්ලම් කරනවා... ඊට පස්සේ නෝනා එක්කත් සෙල්ලම් කරනවා... හවස් වෙලා යනවා හංදිය පැත්තේ... පරණ යාලුවෝ එක්ක සෙට් වෙලා අඩ්ඩක් ගගලා... පොඩි බජව්වක් දාලා... එන ගමන් ස්පා එකටත් යනවා... දන්නෙ නැද්දතින්... හහ් හහ් හා....  ඩිනර් එකට ආයේ හොටෙල් එකට එනවා..."


" ඉතින් උක්තෝ.... මම දැන් ගෙවන්නෙත් ඒ ජීවිතේ නේ....."


⭕ හුදී ජන පාන් සංවේගය උදෙසා ....  ජනප්‍රිය මැක්සිකානු කතාවක් මගේ එකක් වගේ... අනුවර්තනය කොට ලියා පලකලේ මහාචාර්ය මාතලන් වන මා විසිනි...


.

22 comments:

  1. මේ සංකල්පයම තියෙන කෙටිකතාවක් 'කල්පනා' සඟරාවේ පල වුණා, කලකට ඉස්සර. මට මතක හැටියට ඉන්දීය කතාවක පරිවර්තනයක්.
    වඩා පරණ කොයි කතාවද කියන්න දන්නෙ නැති වුණත්- දෙන පාඩම නං අපූරුයි! සර්වකාලීනයි!!

    ReplyDelete
  2. මීට වඩා සංවර බාසාවෙන් මේ කථාව කියලවලා තියෙනවා..
    - Mayya

    ReplyDelete
  3. ඔහොම තමයි මාතලන්,

    ලංකාවේ මෝඩ හරක්ට ඇස් ඇරෙන්න නියමෙට ගැලපෙන කතාවක්

    හැමදාම ලංකාවේ උන් ඔහේ මීහරක් වගේ එක එකාගේ කැම්පේන් වල ඉත්තෝ වෙලා පූප ඉරාගෙන රට වටේට දුවනවා අන්තිමට නටපු තොයිලයකුත් නෑ බෙරේ පලුවකුත් නෑ, ඒ දවස්වල IMF පලයව් කියලා රඟලා Tax ගහපියව් බදු වැඩි කරපිය සිස්ටම් එක වෙනස් කාපියව් කියලා ලංකාවේ උඩපැනපු රටහරක් ටික දැන් යූටර්න් ගහලා නේද?

    ඒ කාලේ system change ඉල්ලපු උංම තමයි දැන් එපා කියලා නටන්නේ, ඇත්තටම Tax Identification Number ( TIN) කියන එක මහා ගෝනිබිල්ලෙක් කරගත යුතු එකක් නෙමේ. ඒක රටකට ගොඩ නැගෙන්න හොඳම ක්‍රමවේදයක්. මෙහේ Australiaවෙ TFN ( Tax File Number ) , අවු 14 න් උඩ ඕනම කෙනෙක්ට ගත හැකි , ගෙවීම් ලබන්නට නම් ගත යුතුම දෙයක්.

    ලංකාවේත් මම හොයලා බලපු විදියට TIN එකක් ගත් පමණින් tax ගෙවීමක් වෙන්නෙ නැහැ. ඒකෙන් වෙන්නෙ රටේ ආදායම් ලබන සහ ලබන්නට සැරසෙන අය නිසි ක්‍රමවේදයකට හැඩ ගැසීම සහ විධිමත් වාර්තාගත වීමක් සිදුවීමයි

    තව ඔයවගේ ලංකාවේ ගොන් අරගලියන්ගේ ෆකේ ලොජික්

    1) රනිල්ව පත්කලේ පාර්ලිමේන්තුවෙන්

    # එතකොට උබලා ගෝටව එලෙව්වේ ඊළඟ ජනාධිපති පත්කරන්නේ පාර්ලිමේන්තු ඡන්දෙකින් කියලවත් නොදැනද ?

    # පාර්ලිමේන්තු බහුතරය පොහොට්ටුවේ කියලා දැනන් හිටියේ නැද්ද ?

    # ගෝටා ගියාට පස්සේ කාවද ජනාධිපති කරන්න හිටියේ, කොහොමද පාර්ලිමේන්තු බහුතරය ගන්න හිටියේ ?

    2) රනිල්ව පත්කලේ පොහොට්ටුවෙන්

    # උඩ ටික එහෙම්ම අදාළයි, ඊට අමතරව
    # පොහොට්ටු ජනාධිපතිව එලෙව්වට පස්සේ ඊළඟ ජනාධිපතිවත් පත්කලේ පොහොට්ටුවේ එවුන්ම නම්, උබලෑ පුk අරගලෙන් වැඩක් වෙලා නෑනේ ඕයි. 🤣

    3) බය නැත්නම් රනිල්ට ඡන්දයක් තියන්න කියපන්

    # උබලා රනිල්ට බය නැත්නම් අරගල කරලා ඡන්දයක් ඉල්ල ගනිල්ලකෝ.
    # 69 ලක්ෂයක් ගත්ත, පාර්ලිමේන්තු 2/3 තිබ්බ, ඒකාධිපති ගෝටා එලෙව්ව උබලට,
    ලක්ෂයක්වත් ඡන්ද නැති, පාර්ලිමේන්තු බලයක්වත් නැති සාගලවයි රනිල්වයි ගේමක් නෙමෙයිනේ. 🤣🤣🤣

    ඒ නිසා ඡන්ද තියන්න කිය කිය බුකියේ වැළලෙන් නැතුව රනිල්ට බය නැත්නම් අරගල කරලා ඉල්ලීම් දිනාගනිල්ලා.

    අරගලයකින් තොර ජයග්‍රහණයක් ⁣නොමැත ගේන කෙනා පස්සේ බලමු, මුලින් මුන් එළවලා ඉමු 🤣😂😅🤑😝🤪

    ReplyDelete
  4. අයිසේ මාතලන් බොලාගේ විපත් මගේ ලොක්කා විදියට පෙන්නගෙන හීටපු නාලක ගොඩහේවා කළේ මරු වැඩක්. සජබය හදන්න මුල් වුණු ඕලෙවෙල් පේල් වෙච්ච හොර ආර්ථික විජ්ජා බයිලා සක්විතිලා වන හර්ෂ සහ එරාන් දෙන්නටම එක ගලෙන් ගහලා සජිත්ගේ මුදල් ඇමති වීමත් මරු වැඩක්.

    ඇත්තටම ගොඩහේවට හොඳට පුළුවන් අනෙකාගේ දුර්වලතාවයන් හඳුනාගෙන එතනට ඇණේ ගහන්න. අනෙක් අයව කපලා ඉස්සරහට යන්න. ගොඩහේවා කියන්නේ මම දැකපු වඩාත්ම ආත්මාර්ථකාමී සහ තණ්හාධික චරිතයක්. මෑන්ට ඕනේ කෙටිම කාලයකින් ගහේ මුදුනටම නැගලා පෙන්වන්න. එහෙම නගිද්දී තමන්ට අත දුන්න මිනිහට පයින් ගහලා බිමට දැමීම ගොඩහේවාට සුළු දෙයක්.

    ජනාධිපති නන්දසේන ගෝඨාභය ගොඩහේවට දුන්නේ හොඳම අමාත්‍යංශයක්. ගැසට් කරලම දුන්නා නාගරික සංවර්ධන අධිකාරිය. ගෝඨාභය කොළඹ ඇතුළු නගර පංකාදුවට හැදුවෙත් ඒකෙන්.

    නමුත් ගොඩහේවා ඇමති කෙනෙක් හැටියට ෆේල් වුණා. දක්ෂ පළපුරුදු අවංක නිලධාරීන් සමග ගැටුණා. අන්තිමට කිසිම වැඩක් කළේ නැහැ. එයින් පෙනෙන්නේ ගොඩහේවා කොච්චර කපටි වුණත් එයා ඇත්තටම වැඩකාරයෙක් නොවන බවයි.

    ඒ අතින් පොහොට්ටූවේ නූගතුන් විදියට චාටර්වුණ රාජ්‍ය අමාත්‍යංශ දුන්නු ප්‍රසන්න රණවීර වගේ අය පවා ගොඩහේවට වැඩිය වැඩක් කළා. කාංචන විජේසේකර, ඩී. වී. චානක වගේ තරුණ ඇමතිවරුන් පවා ගොඩහේවාට වැඩිය තමන්ගේ ආයතනවල වැඩ පෙන්නුවා. ඒ නිසා ‘රාජ්‍ය අමාත්‍යංශවල වැඩක් කරන්න බැහැ’ කියලා ගොඩහේවා කියන කතාව නටන්න බැරි මිනිහට පොළොව ඇදයි කියනවා වගේ කතාවක්.

    ඇත්තටම රාජ්‍ය ආයතනවලට සභාපතිලා පත් කරන වැඩේ හෑවෙත් ගොඩහේවා. වියත්මගේ දක්ෂ වෘත්තිකයන්ව කපලා එයාගේ ගම්පහ ඡන්ද කැම්පේන් එකට උදව් කළ අයට තමයි තනතුරු දුන්නේ. වියත්මගට බැන්නට ඇත්තටම වියත්මගේ මිනිස්සුන්ට අවස්ථාවක් දුන්නේ නැත්තේ ගොඩහේවා මිසක් වෙන කවුරුවත් නොවෙයි. ඒකට හේතුව ගොඩහේවා වියත්මග ඇතුළේ කැපිලා හිටියේ. මෙයින් පෙනෙන්නේ ගොඩහේවා තමන්ගේ පුද්ගලික අභිමතාර්ථ සාක්ෂාත් කරගන්න කොච්චර දක්ෂ වුණත්, සාමූහික ආයතනික වැඩ වලදී ෆේල් වෙන බවයි. මිනිහා කවුද කියලා ජනපති ගෝඨාභය දන්න නිසා තමයි ගොඩහේවා කොච්චර ඉල්ලුවත් වියත්මගේ නායකත්වය දුන්නේ නැත්තේ. ඒ වගේම කොච්චර කරදර කළත් මුදල් ඇමතිකම දුන්නෙත් නැත්තේ. හොඳ වෙලාවට මුදල් ඇමතිකම නොදුන්නේ. රෙජීම් චේන්ජ් එක එන වෙලාවේ ගොඩහේවා හිටියා නම් තාමත් රට ගිනි ගන්නවා.

    තමන්ගේ ඒකමතික අධිකාරී බලයක් යටතේ පුද්ගලික අරමුණු ඉටු කරගන්න ඕන නෙකෙකුට පුළුවන්. නමුත් විවිධ අදහස්, විවිධ හැකියාවන් තිබෙන කණ්ඩායමකට නායකත්වය දීලා පොදු අරමුණක් වෙනුවෙන් වැඩ කරන්න ගොඩහේවාට බැහැ.

    ඔය හෙලිකොප්ටරේට වුණත් මුලින්ම ද්‍රෝහී වෙන්නේ ගොඩහේවා කියල අපි කීවේ කොප්ටරේ හදපු දවසේමයි. කැලේ මාරු වුණාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ. ගොඩහේවා අමාත්‍යංශ දැරූ කාලය තුළ එල්ල වෙලා තියෙන වංචා සහ දූෂණ චෝදනා ගැන නම් මා දන්නේ නැහැ. නමුත් ගොඩහේවගේ එක දෙයක් ගැන නම් මා සතුටුයි. ඒ තමයි අඟේ ඉඳන් කණ කන්නේ නැතුව එළිපිටම කල් තියාම රට බූරු ප්‍රේමදාස මලහොල්මනගේ සජබෙට එකතු වීම. කොහොමත් කූජීත වෙන මලදානයක් නිසා ඒකත් විනාශ කරගෙනම ඕකත් මකබෑවිලා යයි.

    ReplyDelete
  5. සංවිධානත්මක කාළකණ්ණි ඩොලර් කාක්කෝ...... ජනතාවගේ දුකෙන් ප්‍රයෝජණ ගත් බඩගෝස්තරවාදීන්....... දැන් කෝ කෝ අරගල නිකමටවත්, අරගලෙන් පසු පාරිභෝගික බඩු මිල තෙගුණයයි, දැන් නොකැඩෙන බලාගාරවලින් විදුලිය තියෙනවා බිල් තුන් ගුණයටත් වැඩියි, වතුර බිල තුන්ගුණයකින් වැඩියි... බදු බර තෙගුණයයි...VAT 8ට 18යි. බෙහෙත් මාපියාව ඉහලයි, මවාපාන බෙහෙත් හිගය, රජයේ රොහල් මහජනයාට එපා කරවීම.... රාජ්‍ය දේපළ වෙන්දේසියේ .... සමාණුපාතයටත් වඩා වැඩිවෙන තෙල් මිල.... අන්තවාදීන්ආගමික ජාතිවාදීන් ක්‍රියාත්මකවීම..... කෝ මේ පසුගිය ස්ට්‍රයික් කාරයෝ,... කෝ මේ අරගල කාරයෝ.... කෝ මේ මුරුක්කු , බුරියානි පරයෝ...... දැන් ගෝල්පේස් පස්කන්‍න නැද්ද.... කෝ මේ ක(න)ළාකරයෝ...... ITNට, රූපවාහිණියට ටෙලි රඟපෑම, නිෂ්පාදනය හෝ ලොකු තනතුරු ලැබුනම, දැන්වීම් ආයතනයට දැන්වීම් ලැබුණම, අරගල ඉවරද... ටියුෂන් ගුරා,පිරිමි නර්ස්, දොස්තර කර්නල් , රැට්ටෝ බෙට්ටෝ යූටියුබි හිගන්නෝ අරගල ඉවර කරල ද..... දමිතගේ ලක් අම්මගේ අමාරුව සනීප ද ජනතාවටත් සහනලැබුණු දුර්වල ආර්ථිකය ප්‍රයෝජනයට අරන්, ආර්ථික අවපාතේ උස්සන්න කරලා අරාබි වසන්තයක් කරන්න හැදුව අවජාතයෝ... NGO කාරයෝ, දේශීය ආගම්වාදී බෙදුම්වාදීන්ගේ, ජාතීවාදීන්ගේ කොන්ත්‍රාත්තුව ඉවරද..... ඩොලර් හම්බුවුණා ඇතිද...?

    ReplyDelete
  6. ඔය කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත ඒ වගේම මට කියන්න තියෙන්නේ මොන දේ මොන වැඩේ තිබ්බත් තමන් ආදරේ කරන අයට.. ගෙදර අයට.. ඒ අය වෙනුවෙන් වෙලාව හදාගන්න... ඕනී කියලයි.. මොකද මගේ දෙවනි අයියා හිටියේ රට... ජැපෑන් වල.. එයා අන්තිම කෝල් එක ගත්ත දවසේ අහලා.. මල්ලි නැද්ද කියලා කතා කරන්න.. මන් ගෙදර ආපු ගමන් ආය ගියා වැඩකට..එයාගේ කටහඩ ඇහුනා.. මට අයියා කියන්නවත් බැරි උනා.. මන් ඉක්මනට ආය ගියා ගෙදරින්.. ඒ අයියා කතා කරපු අන්තිම දවස.. ඊට දවස් දෙකකට පස්සේ අයියා මේ ලොකෙන් ගියා 💔

    ReplyDelete
  7. ලෝකයාම එරෙහි වුවත් තමන්ගේ හිතට එකගව තමන් නිවැරැදි නම් ඉවසීමෙන් බලාඉන්න පුළුවන් හැම තැනම තමන් දියුණු වෙනවා හිටියට වඩා අඩියක් හරි ඉස්සරහට යන්න පුළුවන් ...

    ReplyDelete
  8. මාතේ ලංකාවේ බහුතරයකගේ ජීවිතය ඔය කියන පොරගේ ජීවිතය වගේ ආතල් එකේ ගත වෙන්නේ නමුත් වෙන රටක් තියෙනවා ඒ තරුණ ජීවිත මිලියන ගණනක්, අතලොස්සක් වූ සිමීත අවස්තා කිහිපයකට තරග කරනා රටක්.

    විරැකියාව උපරිම, පහසුකම් අවම එහි සිහින පසුපස හඹා යන තරුණ තරුණියන් මුහුණ දෙන අභියෝග අනන්තයි.

    නොමිලේ අධ්‍යාපනයක් නැති, පොදු ප්‍රවාහනය ඉතා අබලන්, රටෙන් බාගයකට විදුලිය නැති එම රටෙහි තරුණයෙකු වීම පහසු නැහැ.

    දුප්පත්කම විසින් සිහින ඈත් කළ එහි ජීවත් වන තරුණ පිරිස රටට සාප කරන්නේත් නැහැ.

    සිය සිහින වෙනුවෙන් අප්‍රතීහත දෛර්යකින් සටන් කරනා ඔවුන්, රටට දැඩිව ආදරය කරනවා.

    ඒ රට ලංකාවේ අපට අසල්වැසි ඉන්දියාව කියන රටයි.

    සෑම වසරකම ඉන්දියාවේ පැවැත්වෙන රාජ්‍ය සේවා තරග විභාග එරට තරුණ තරුණියන්ගේ සිහිනයක්.

    මිලියනයකට අධික පිරිසක් ඒ විභාග සඳහා මුහුණ දුන්නත්, අවසානයේ තෝරා ගැනෙන්නේ දහසකටත් අඩු පිරිසක්.

    ඒ ලෝකයේ තරගකාරීම විභාගය.

    ලෝකයේ වැඩිම ප්‍රතිශතයක් අසමත් වන, අඩුම ප්‍රතිශතයක් සුදුසුකම් ලබන විභාගය.

    ඉන්දියානු තරුණයන්ගේ පළමු ආදරය සහ පළමු සිහිනය එතරම් තරගකාරීයි. එතරම් අසීරුයි.

    ඒ සිහිනය පසුපස හඹායන තරුණයෙකුගේ ජීවිතය වටා නිර්මාණය කළ 12Th Fail චිත්‍රපටය නැරඹුවා.

    මනෝජ් කුමාර් ශර්මා ඉන්දියාවේ ඈත එපිට ගම්මානයක දුප්පත් පවුලක තරුණයෙක්.

    ඉන්දියාවේ සෙසු සෑම දුෂ්කර ප්‍රදේශයක් මෙන්ම ඔහු ජීවත් වූ ප්‍රදේශයත් වංචා දූෂණ පිරුණු, මැරයන් විසින් පාලනය කරන එකක්.

    යොවුන් මනෝජ් කුමාර් ශර්මාට දිනෙක අවංක පොලිස් නිළධාරියෙකු මුණ ගැහෙනවා.

    එතැන් පටන් එවැනි නිළධාරියෙකු වීම ඔහුගේ සිහිනය වෙනවා.

    ඒ සිහිනය සැබෑ කරගැනීමට ගිය ඔහු අහම්බයකින් නවතින්නේ දිල්ලියේ.

    ඉන්දියාවේ තරගකාරීම IAS, IPS විභාග සඳහා මුහුණ දීමට ගිය ඔහුට නැවතීමට තැනක්, ඇඳුම් පැළඳුම් මේ කිසිවක් නැහැ.

    මනෝජ් කිසිවක් නොමැතිව බිංදුවේ සිට පටන් ගන්නා තරුණයෙක්. ඔහු සතු එකම වත්කම වූ ඔහුගේ පවුලත් ඔහුට උදව් කළ හැකි තැනක නැහැ.

    දිල්ලියේ දී මනෝජ් ට 'ගෞරි අයියා' මුණ ගැහෙනවා.

    ගෞරි අයියා වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම උසස් ගති ඇති මනුෂ්‍යයෙක්.

    බිංදුවේ සිට සියල්ල ආරම්භ කරනා තරුණ ජීවිතයකට 'ගෞරි අයියා' කෙනෙකු මුණ ගැසිය යුතුයි.

    ගෞරි අයියාගේ ජීවන ධර්මය සරලයි.

    ජීවිතයේ ඔබ පරාද වීමට පුලුවන්. අසමත් වීමට පුලුවන්.

    නමුත් ඒ සෑම විටකම ඔබ යළිත් අලුතෙන් ආරම්භ (Restart) කළ යුතුයි.

    ඔබ කඩා වැටෙනා සෑම මොහොතකම ජීවිතය 'රීස්ටාර්ට්' කළ යුතුයි.

    ගෞරි මනෝජ් ට රැකියාවක් සොයා දෙනවා.

    ගෞරි ත් ඉතා දුෂ්කර පළාතකින් IPS සිහිනය සැබෑ කරගැනීමට දිල්ලියට පැමිණි තරුණයෙක්.

    ගෞරි මනෝජ් ට සොයා දුන්නේ ඔහු ඉන්පෙර කළ රැකියාවක්.

    ඒ පුස්තකාලයක රැකියාවක්. මනෝජ් එහි වැසිකිලි පවා පිරිසිදු කළ යුතුයි.

    රාජකාරී අවසන් කර රාත්‍රි කාලයේ දී ඔහු විභාගය සඳහා පාඩම් කරනවා.

    මනෝජ් ට ශ්‍රද්ධා හමුවෙන්නේ පුස්තකාලයේ වැඩ කරමින් ඉන්න කාලයේ.

    ශ්‍රද්ධා වරප්‍රසාදිත පවුලකින් පැමිණි තරුණියක්.

    ඔවුන් ආදරයෙන් බැඳෙනවා.

    පසුකාලීනව මනෝජ් ට පුස්තකාලයේ රැකියාව අහිමි වෙනවා.

    ඉන්පසුව ඔහු කුඩා ඇඹරුම්හලක රැකියාවක් සොයාගන්නවා.

    ඔහු දිනෙකට පැය පහලොවක් ඇඹරුම්හලේ වැඩ කරනවා. පැය හයක් පාඩම් කරනවා. පැය තුනක් නිදාගන්නවා.

    ඔහු උපයනා මුදලින් කොටසක් සිය පවුලටත් යවනවා.

    එවැනි කැපකිරීමක් සමග ඉන්දියාවේ තරගකාරීම විභාගය සමත් විය නොහැකියි.

    කොතරම් අසීරු වූවත් මනෝජ් උදාර ගති ඇති තරුණයෙක්. ඔහු කෙනෙකුගෙන් අනුකම්පාව ලැබීමට ප්‍රිය කරන්නේ නැහැ.

    ගෞරි මනෝජ් ට උපකාර කිරීමට ඉදිරිපත් වූවත් ඔහු එය ප්‍රතික්ෂේප කරනවා.

    ඒ මොහොතේ ගෞරි මනෝජ් ට අපූරු කතාවක් කියනවා.

    "අපි වගේ දුප්පත්, අඩු වරප්‍රසාදිත රංචුවක් කෝච්චි වල එල්ලිලා IPS හීනය වෙනුවෙන් දිල්ලියට එනවා.

    දවස අවසානයේ ඉන් බහුතරය අසමත් වෙනවා. ඒකට කමක් නැහැ. අපේ රැළෙන් එකෙකු හෝ දිනනවා ය කියන්නේ රැළේම ජයග්‍රහණයක්.

    උඹ තනි මිනිහෙක් නෙවෙයි. මේක උඹේ තනි සටනකුත් නෙවෙයි. මේක අපේ සටනක්".

    ගෞරි අයියාගේ උපකාර සමග රැකියා අත් හැරී මනෝජ්, ඔහුට ඉතිරි වී ඇති අවසන් උත්සාහයේදී සියලූම විභාග සමත් වෙනවා.

    නමුත් IPS සිහිනය ජය ගැනීමට එය ප්‍රමාණවත් නැහැ.

    ඒ සඳහා අසීරු සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දී එයින් ද ජයගත යුතුයි.

    චිත්‍රපටයේ අවසන් භාගයේ මනෝජ් ගේ සම්මුඛ පරීක්ෂණය දා ශ්‍රද්ධා මනෝජ්ට ලස්සන කතාවක් කියනවා.

    "මනෝජ්

    ඔබ IPS විභාගය සමත් වී IPS නිළධාරියෙකු වූවත්, එය අසමත් වී ඇඹරුම් කම්හලක සේවය කළත් මගේ ජීවිතයේ ඉතිරි කාලය ගත කරන්නේ ඔබ සමග පමණයි.

    ඔබ මා විවාහ කරගන්නවාද මනෝජ් ?"

    මනෝජ් කුමාර් ශර්මා ගොඩනැගෙන්නේ තනිව නොවෙයි.

    දිල්ලියේ දී ඔහුට මුණ ගැසුනු එවැනි මිනිසුන් නිසයි.

    ReplyDelete
    Replies
    1. ඉතාම අසීරු පසුබිමකින් පැමිණ ඉන්දියාවේ තරගකාරීම විභාගය ජයගෙන පොලිස් සේවයට එක් වූ මනෝජ් කුමාර් ශර්මා ගේ ජීවිතය ඇසුරින් නිර්මාණය කළ 12Th Fail චිත්‍රපටය සත්‍ය කතාවක්.

      12th Fail යනු තවත් එක් සාමාන්‍ය චිත්‍රපටයක් නොවෙයි.

      මේ ජීවිතය බින්දුවේ සිට පටන් ගන්නා තරුණයන්ගේ කතාව.

      සිය රටෙහි දහසකුත් අඩුපාඩු පැවතියත්, කිසිදිනෙක රටට සාප නොකර රට වෙනුවෙන් වැඩ කරනා ඉන්දීය තරුණයන්ගේ කතාව.

      මේ ඔබ නැරඹිය යුතුම කතාවක් මාතේ. මේක බැලුවොත් ලංකාවේ මිනිස්සුන්ට තේරෙයි ලංකාවේ ජීවිතය කොයිතරම් වටිනවද කියල...

      Delete
  9. ඇත්තටම ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේම වෘත්තීකයෝ නැති කාලයක් මේ. මිනිස්සු දුවන්නේ සල්ලි පස්සේ විතරයි. මෙතන වූ හේතුව සාදාරණ දෙයක්ද දන්නේ නැහැ. හැබැයි බොහෝ වෙලාවට වෙන්නේ මුදලට යට වීම තමයි. දොස්තර අරුණි හපංගම වගේ අය මම හිතන විදියට එකපාර බෙහෙත් ලියන්න බැරි field එකක කෙනෙක්. එහෙම විශේෂඥ කෙනෙක්ට ගිනි කසය වගේ ඉක්මනට patientsla බලන්න time machine එකක් ඕනෙ 🤔

    ඒ වුණාට ඇත්තටම කියලා වැඩක් නැ දඩ බඩ ගාල එලෝගන්න හදන්නෙ අනිත් ලෙඩාව ඇතුලට ගන්න හරියට විස්තර ඇතුව ලෙඩේ කියන්න බැ සමහර ඩොක්ටල ලෙඩාට බලෙන්ම මොනව හරි හිතෙන බේතක් ඉක්මනින් මොනා හරි ලෙඩක් ක්ෂණිකව ගෙස් කරලා ලියලා දීලා ලෙඩාව එලෝ ගන්නවා ඊට පස්සේ මාරු වෙනවා.

    ReplyDelete
  10. මාතේ ලංකාවේ සාමාන්‍ය කම්කරුවෙකුගේ දෛනික වැටුපෙන් (රු 2500), ශ්‍රී ලංකාවේ ජලය ලීටර 20,000ක් මිලට ගන්න පුලුවන්.

    දැන් ඒ ඒ රටවල කුකුල් මස් වල මිලයි, දෛනික ආදායමයි සංසන්ධනය කරපු අපේ විදෙස්ගත මිත්‍රයො මට කියන්න.

    ඔයාලා ජීවත් වන රටේ කම්කරුවෙකුගේ දිනෙක ආදායමින් ජලය ලීටර කොච්චර මිලට ගන්න පුලුවන්ද ?

    (ඒකක 20 = රු 2537, ඒකකයක් යනු ජලය ලීටර 1000කි)

    ReplyDelete
  11. මාතලනෝ ඔය ලංකාවේ යක්ඛ පුතුන්ගේ යක්ෂ කෙරුවාව ගැන අදත් හොඳම අත්දැකීමක් තියෙනවා කියන්න

    අද මං ගියා ගෙවීමේ ක්‍රමයට වාහනයක් ගන්න කියලා හිතාගෙන ලංකාවේ අය වැඩි වශයෙන් ගැවසෙන පැත්තක තියෙන toyota වාහන අලෙවිකරන තැනකට. ඔන්න ඉතිං සුපුරුදු පරිදි ජපන් මිනිහෙක් ඇවිත් වාහන ගැන කිය කිය හොඳ වාහන ටිකක් පෙන්නුවා. ඔය අතරේ මං ඇහුවා ලෝන් එකකට ගන්න ඕනේ කොහොමද වෙන්නේ, මසෙකට කීයක් වගේ වෙයිද කියලා. නෝට් බුක් එකකුයි පෑනකුයි අරගෙන මගේ විස්තර ලියාගන්න රට කොහෙද කියලා ඇහුව ගමන් මං හරි ආඩම්බරෙන් "සුරිරන්කා" කියලා කිව්වා. ඒ සැනින් මිනිහගේ තිබුන උනන්දුව අඩුවෙලා යනවා වගේ දැක්කා. ඌට කරන්න දේකුත් නෑ මටත් කරගන්න දෙයක් නෑ. ඉතුරු විස්තරත් අහන ගමන් කිව්වා කතාව තමයි මේ ලියන්නේ.

    "ලංකාවේ ගොඩක් අයට මං වාහන අරන් දුන්නා. CHR, Prius වගේ තමයි ගොඩක් අය ගත්තේ. හැබැයි අරගෙන වාරික තුන හතරකට වඩා ගෙව්වේ නෑ. ඒ මිනිස්සු දැන් හොයන්නත් නෑ. ඒ නිසා ඉතිං දැන්නම් ටිකක් කිබිසියි" කිව්වේ නැතැයි. අතම කින් එක තුනෙක් එකක් ගෙව්වත්, හොශෝනින් කෙනෙක් දැම්මත්, ජපන් ලයිෂන් එක තිබුනත් ශුවර් කරන්න බෑ කිව්වා. ඉස්සරනම් අපි මැනුවල් දැම්මේ දැන් ඔයාගේ ෆෝන් එකෙන් තමන්ම තමයි ශින්ස එක දාන්න ඕනේ කීවා. නම් ටිකක්තු කිව්වා නම් පහක් වගේ. ඊට පස්සේ ඉතිං පස්සේ එන්නම් කියලා හැරිලා ආවා.


    යකෝ ලබ්බේ ලකේපංකන් යක්ඛ පුතුන්නේ, තොපි වාහන ගනිල්ලා. පැදපල්ලා. කිසිම තරහක් අකමැත්තක් ඉරිසියාවක් නෑ. හැබැයි කාලකණ්ණි සක්කිලි වැඩ කරලා තව එකෙක්ට එහෙම දෙයක් කරගන්න තියෙන චාන්ස් නැති කරන්න එපා. ගෙයක් ගන්න ගියත්, ෆෝන් එකක් ගන්න ගියත් ලංකාවේ කිව ගමන් දෙන්න ජප්පො අදිමදි කරනවා. ඒ තරමට අප්පට සිරි වෙන්න අපේ උන් ලංකාවම අප්පිරියා කරලා තියෙන්නේ ජප්පොන්ට.

    අලුතින් ආපු උන්ට කියන්නේ සෙප්පයි උන් කියයි අරහෙම කරපන් මෙහෙම කරපන් ඕවට පොලු තියපල්ලා අවුලක් නෑ කියලා. හැබැයි මතක තියාගනිල්ලා උන් එහෙම කරපු ඒවගෙන් අපිට උබලට මොකුත් කරගන්න බෑ දැන්. උබලා එහෙම කලොත් ඉස්සරහට එන උන්ට කොහොමවත් කරගන්න බෑ. ජපානෙට ඇවිත් ලංකාව තමයි හොඳ. සුපිරි කිව්වට වැඩක් නෑ ඒ රටේ නම රකින්න වැඩ කරපල්ලා. එච්චරයි..

    හරක් පස්සෙ දුවලා හන්දි උඩ බීඩියක් උර උර ඉදන් ජපානයට ආපූ අමු කාලකණ්ණි යක්ඛ පුතුන්ට දෙවි පිහිටයි.

    ReplyDelete
  12. ඇතතටම මාතලන් හොඳක් කරන්න ගිහින් බැනුම් අහන එකත්, නිවැරදිව සම්පූර්ණ ඇත්ත සමාජගත නොකරන එකත් දේශපාලනයේදි කරන ලොකු වරදක්.

    හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධයෙන් අහස පොළව නුහුලන අපරාධයක් වෙන බව හොයාගෙන, නිළධාරීන් එක්කත් ගේම ඉල්ලලා, සී.අයි.ඩි ගිහින් පැමිණිලි දාලා පස්සේ ජාවාරම්කාරයාට විරුද්ධව නඩු දැම්මෙත් කෙහෙළිය රඹූක්වැල්ලයි.

    ජාවාරම්කාරයට සල්ලි ගෙවන එක නවත්තලා, ජාවාරම්කාරයා සෞඛ්‍ය අමාත්‍යංශයේ සප්ලයර් ලිස්ට් වලින් බ්ලැක්ලිස්ට් කළෙත් කෙහෙළිය.

    හොරකම ගැන නීතිපතිට ලියලා නඩුව කඩිනම් කළෙත් කෙහෙළිය.

    අද හොරකමට සම්බන්ධ කිහිපදෙනෙක් හිරේ.

    හැබැයි මාධ්‍ය සහ සමාජමාධ්‍ය වලින් හොරකම ගැන බැනුම් අහන්නෙත් හොරකම අල්ලලා දීපු කෙහෙළිය.

    තමන් හරි දේ කරලා විතරක් මදි.

    තමන් හරි දේ කරපු බව මහ සද්දෙන් මාකට් කරන්නත් ඕන.

    නැත්නම් ලංකාවේ දේශපාලනය කරන්න බෑ.

    (මේ වංචාවේ මම හොයාගත්තු සම්පූර්ණ කතාවම දන්න නමුත් මෙහි නඩුව 10 වෙනිදා නිසාත්, නඩුවට පෙර ඒවා හෙළිනොවිය යුතු නිසාත් දැනට මේ ගැන ලියන්න අමාරුයි නමුත් 10 හවස මම ඒ කතාව නැවත පබ්ලිෂ් කරන්නම්. අනිවාර්යෙන්ම හැමෝටම කියවන්න.

    මේ තමයි මගේ ජීවිත කාලේ මම දැකපු අප්‍රසන්නම සහ අමානුෂිකම හොරකම සහ හොරකම අල්ලපු එකා හොරකමට හංවඩු ගහපු සිදුවීම

    ReplyDelete
  13. මචන් ලංකාව සංවර්ධනය කිරීම ගැන කතා කරන කොට ඉන්දියාව කියන මාකට් එකට වර්දනය වෙන්න ත්‍රයිවු වෙන්න ලෝකයක් ඕන නෑ. උංගේ රටේ එකෙක්ට අවුරුද්දට එක රුපියලේ ටොපිය ගානේ විකුනුවත් උන්ගේ ටර්න් ඕවර් එක රුපියල් බිලියන් එකහමාරක ටර්න් ඕවර් එකක්. අපේ රටේ බිස්නස් එකකට ඉස්සරහට යන්න අපේ රට ඇතුලේ විතරක් මොන දේ කලත් බැහැ. අන්තර්ජාතික මට්ටමට යන්නම වෙනවා. ඒක අද ඊයේ උන දෙයක් නෙමෙයි මහාපරාක්‍රමබාහු රජ්ජුරුවන්ගේ කාලේ ඉඳලා අපේ උං ගොඩ ගියේ අන්තර්ජාතික සම්බන්දතා, ව්‍යාපාර කරලා. ඒක නැති උන යටත් විජිත කාලේ අපේ රට බැක්වර්ඩ් ගියා. ඒ නිසා හමට වඳිනවා කියන කතාව 100% ක්ම හරි නෑ. හැබැයි සුදු හමට පුප දීගෙන හරක් වගේ වඳින සෙට් එකකුත් ඉන්නවා. ඒ වගේ සෙට් එකක් ඉන්දියාවෙත් නැතුව නෙමෙයි.

    ඒත් එහෙ දීපව්‍යාප්ත නිදහස් සටනක් ක්‍රියාත්මක කරලා නිදහස ලැබුවට පස්සෙ ඉන්දියාවෙ ප්‍රතිපත්ති සම්පාදකයො වුනත් ටුවරිසම්වලට වැඩි බරක් තිබ්බෙ නැහැ. අපිරිසිදු, දුප්පත්, මහ උස් හඬින් කතාකරන මිනිස්සු ඉන්න රටකට මොන ටුවරිසම්ද කියල එයාලා හිතන්නත් ඇති.

    හැබැයි ඒ වෙනුවට ඒ මිනිස්සු රටේ තිබුණ යපස් ඇලුමිනියම් වගේ අතිවිශාල ස්වභාවික සම්පත් සහ ලාභ ශ්‍රමය තියෙන අධික තරුණ ජනගහන වර්ධන වේගය සමග ඇති විශාල ශ්‍රම බළකාය වගේ නිශ්පාදන ආර්ථිකයක් එයාලා හොඳට හැදුවා. අපේ ප්‍රතිපත්ති සම්පාදකයො ඇල්පෙනෙත්තික්වත් නිශ්පාදනය කරන ආර්ථිකයක් වෙනුවට රටේ සුන්දරත්වයක් ගැන කියකිය ටුවරිසම් ඕනවට වැඩිය උඩට ගත්තා. අන්තිමට පාස්කු බෝම්බයි කොරෝනයි ඇවිත් ටුවරිසම්වලටයි රටේ ආර්ථිකයටයි දෙකටම කෙලියා. ඉන්දියාවෙ ආර්ථිකයට කොරෝනා ගානක්වත් වුනේ නැහැ. ඒත් අපිට නියුමෝනියාව හැදුනා. තාමත් ඒකෙන් අපේ අය පාඩමක් ඉගෙනගෙන නැහැ. දැන් ආයෙත් ටුවරිසම් ඕනවට වඩා ප්‍රමෝශන් කරනවා, ඔය කතාවෙනුත් ගම්‍ය වෙන්නේ ඒ වගේ සීන් එකක් නමුත් ඕක සස්ටේනබල් නෑ කියන එකයි මගේ නම් අදහස...

    ReplyDelete
    Replies
    1. @ Annonymos 5.10 AM

      එහෙමත් එකක් ඇති ඒත් දැන් ලංකාවේ ටුවරිසම් කියන්නේ වංචාවක්. කාලයක් තිබුනා ලංකාවට යුරෝපයේ එහෙම හයිඑන්ඩ් මිනිස්සු ආපු. දැන් ලංකාවට ඇවිල්ලා ඉන්නේ ලංකාවෙන් හම්බ කරගන්න බලන් එන රුසියානුවො සහ යුද්ධයෙන් පැනලා ආපු යුක්‍රේන්කාරයො.

      අර ඒකාලේ ආපු හයිඑන්ඩ් මිනිස්සු ටික මාලදිවයිනටම එලවලා දැම්මෙත් උන්.

      දැන් සවුත් කෝස්ට් එකෙ තැබිලි විකුණන්නේ, ටුක් පදින්නේ, ෆොටො ගන්නේ, පාරවල් පෙන්නන්නෙ ඔක්කොම රුසියන්කාරයො.

      ලංකාවට ගෙනාවට වඩා වැඩිය ගානක් ලංකාවේ ටුවරිස්ම් කරලා හම්බ කරන් යන්නේ උන් 🤣 ඒ විතරක් නෙවෙයි ලෝකල් උන්ට තගත් දානවා උන්ට විතරක් බිස්නස් එක කරගන්න හිතාගෙන 🤨

      Delete
  14. මාළු.දකුණු පලාතේදි හා මුහුදට මායිම් වන අනෙකුත් දිස්ත්‍රික්කයන් හි දී සාලයා, කෙලවල්ලා,බෝල්ලා,තලපත් ,කොරලි, ලූලා ආදි මෙකී නොකී කරදිය මිරිදිය මත්ස්‍යයන් ව්‍යංජනයට, "මාළු" ලෙස ව්‍යවහාර කරන අතර මධ්‍යම, සබරගමුව, උතුරුමැද පලාත් ඇතුලූ රට අභ්‍යන්තර දිස්ත්‍රීක්ක තුල.කරදිය මිරිදිය මත්ස්‍යයන් ඇරුණු කොට.කොස්දෙල්,අල,කැකිරි,රාබු,ගෝවා.....මෙකී නොකී සියලු ව්‍යංජනයන්ට "මාළු" ලෙස වැවහාර කෙරේ..

    ReplyDelete
  15. දේශපාලකයො ගැන සමාජයේ තියෙන පොදු හැඟීම අවභාවිතා කරල රාජ්‍ය සේවකයො දැවැන්ත වංචා කරනවා.

    මාධ්‍ය වුනත් විකිණෙන ප්‍රවෘත්තිය නිර්මාණය කිරීමට ඇත්ත කරුණු හංගලා සම්පූර්ණ චිත්‍රය වහනවා.

    සිවිල් සමාජ ක්‍රියාකාරිකයො කියාගන්නා අය තමන්ගේ බඩවියත වෙනුවෙන් ඒ බොරුව උස්සන් යනවා.

    අවසානයේ ඇත්තම හොරු බේරෙනවා.

    මේ මොහොතේ කතාබහට ලක්වෙන හියුමන් ඉමියුනොග්ලොබියුලින් (Human Immunoglobulin) වංචාව මේ සිදුවීමට ක්ලැසික් උදාහරණයක්.

    මිනිස් ජීවිත සමග සෙල්ලම් කළ ශ්‍රී ලංකා ඉතිහාසයේ අමානුෂිකම වංචාවක සම්පූර්ණ සත්‍ය ඔබ දැනගත යුතු නිසා මේ සටහන ලියනවා.

    2023 සැප්තැම්බර් මාසයේ ඖෂධයක් නිසා ඇති වූ අසාත්මිකතාවයක් ගැන ප්‍රවෘත්තියක් පුවත්පතක පළ වෙනවා.

    අදාල ඖෂධය හියුමන් ඉමියුනොග්ලොබියුලින්. එය ප්ලාස්මාවක්.

    ඉන් දින කිහිපයකට පසුව සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂ රැස්වීමක් තියෙනවා.

    එවකට සෞඛ්‍ය ඇමතිවරයා (කෙහෙළිය රඹුක්වැල්ල) , ඔහුගේ පුද්ගලික උපදේශක ආචාර්ය සංජය පෙරේරා සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළම නිළධාරීන් ඒ රැස්වීමට සහභාගී වුණා.

    ඒ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ, එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ඇතුලු පිරිසක් හිටියා.

    මෙහිදී සෞඛ්‍ය ඇමතිවරයා විසින් අදාල ඖෂධය, එහි නිෂ්පාදන සමාගම පිළිබඳ විස්තර නිළධාරීන්ගෙන් ඉල්ලනවා.

    මේ ඖෂධය හදිසි මිලදී ගැනීම් යටතේ නිළධාරීන් විසින් මිලට ලබා ගත් ඖෂධයක්.

    ඒ පිළිබඳ ඇමතිවරයා දැනුවත් නැහැ.

    එය ශ්‍රී ලාංකික සමාගමක්. Isolz Biotech Pharma නම් එහි හිමිකරු සුගත් ජානක ප්‍රනාන්දු නැමැත්තෙක්.

    2013 වසරේ සිට 2023 වසර දක්වාම ඔවුන් සෞඛ්‍ය අමාත්‍යංශයට ඖෂධ සැපයූ 'කීර්තිමත්' සමාගමක් බව මෙහිදී නිළධාරීන් කියනවා.

    ඔවුන් මේ 'හියුමන් ඉමියුනොග්ලොබියුලින්' ටෙන්ඩරය ලබා ගෙන තියෙන්නේ ඉන්දියාවෙන් ආනයනය කර මෙරට සෞඛ්‍ය අමාත්‍යංශයට සැපයීමටයි.

    මෙහිදී අමාත්‍යවරයා විසින් එම සමාගමේ වෙබ් අඩවිය නිළධාරීන්ට පෙන්වනවා.

    ඒ වෙබ් අඩවියට අනුව එය ඖෂධ 500කට වඩා දේශීයව නිපදවන සමාගමක්.

    එතරම් ඖෂධ ගණනක් නිපදවන, විශාල සමාගමක් ශ්‍රී ලංකාවේ නැහැ.

    ඒ තර්කයෙන්ම මේ සමාගම නිළධාරීන් කියනා ලෙස 'කීර්තිමත්' සමාගමක් නොව, වංචාකාරී එකක් බව ඇමතිවරයාගේ තර්කය වුණා.

    ඉන්පසුව මේ ඖෂධ මිලට ගැනීමේ ටෙන්ඩර් ලියකියවිලි සහ අනිකුත් විස්තර ඇමතිවරයා විසින් නිළධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

    නමුත් පුදුමයක්.

    නිළධාරීන් දිගින් දිගටම ඒ තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කරනවා.

    නිළධාරීන්ගේ නිදහසට කරුණ වූයේ අභ්‍යන්තර විගනනයක් හේතුවෙන් මේ ලියකියවිලි අස්ථානගත වූ බවයි.

    ඒ මොහොතේම අමාත්‍යවරයා විසින් සිය පුද්ගලික උපදේශක ආචාර්ය සංජය පෙරේරාට, මේ සිදුවීම ගැන සී.අයි.ඩීයට ලිඛිතව පැමිණිලි කිරීමට උපදෙස් දෙනවා. (මාධ්‍ය කිසිදා පළ නොකළ එහි වීඩියෝ ඇත)

    ඒ අනුව 2023 ඔක්තෝම්බර් දෙවෙනිදා සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල වෙනුවෙන්, ඔහුගේ පුද්ගලික උපදේශක සංජය පෙරේරා සී.අයි.ඩීයට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා.

    (ඒ පැමිණිල්ලේ පිටපතක් මෙහි අමුණා තිබේ)

    මේ තමයි මාධ්‍ය ඔබට නොකියූ සත්‍යය....

    ReplyDelete
    Replies
    1. මේ තමයි ලංකාවේ මාධ්‍ය ඔබට නොකියූ සත්‍යය.

      හියුමන් ඉමුයුනොග්ලොබියුලින් වංචාව පිළිබඳ පැමිණිලි කරන්නේ සෞඛ්‍ය ඇමති කෙහෙළිය.

      නමුත් මාධ්‍ය විසින් වංචාවේ පැමිණිලිකරු පිළිබඳ තොරතුරු ඔබෙන් සඟවනවා.

      ඇමතිවරයා පැමිණිලිකරු වූ වංචාවක් ගැන පුවතක් මෙරට විකිණෙන්නේ නැහැ.

      ලංකාවේ විකිණෙන්නේ ඇමතිවරයා විත්තිකරු කරවන වංචාවක් ගැන පුවතක් පමණයි.

      මාධ්‍ය මේ බව දන්නවා.

      සී.අයි.ඩී විමර්ශනය ඇරඹෙනවා.

      ශ්‍රී ලංකා ඉතිහාසයේ මිනිස් ජීවිත සමග සෙල්ලම් කළ මහා අපරාධයක සුලමුල හෙළිවෙන්නේ ඒ අනුවයි.

      ⚫ චූදිත සමාගමට දේශීයව ඖෂධ නිෂ්පාදනය කිරීමට බලපත්‍රයක් නැහැ.

      ⚫ ඖෂධ ආනයනය කිරීමට NMRA විසින් ලබා ගත යුතු බලපත්‍රයක් ද මේ සමාගමට නැහැ.

      ⚫ එක්වරක් පමණක් ඖෂධයක් ආනයනය කිරීමට අවශ්‍ය NMRA බලපත්‍රය ඔවුන් ව්‍යාජව සකස් කරලා.

      ⚫ නිළධාරීන් විසින් "කීර්තිමත්" යැයි හැඳින්වූ සමාගම එවැනි එකක්.

      ⚫ ඒ වනවිට වෛද්‍ය සැපයුම් අංශයට අවශ්‍ය හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඒකක 7500ක් පමණයි.

      ⚫ නමුත් ඒකක 22,500ක් සඳහා නිළධාරීන් විසින් ඔවුන්ට ටෙන්ඩරය ලබා දී තිබුණා.

      ඒකක 15,000ක අතිරික්තයක්.

      ⚫ ටෙන්ඩරයට අනුව සමාගමට නියම වූයේ ආනයනය කරමින් ඖෂධය සැපයීමටයි.

      ⚫ නමුත් සැබැවින්ම ඔවුන් ලබා දෙන්නේ සීදුවේ පිහිටි බලපත්‍ර නොමැති සිය ආයතනය තුල නිපද වූ ද්‍රාවණයක්.

      ⚫ අවසානයේ වෛද්‍ය සැපයුම් අංශයට ලබා දුන් ද්‍රාවණ අසුරනයේ, මෙය ඉන්දියාවේ නිපදවා ආනයනය කළ ඖෂධයක් ලෙසට ව්‍යාජ ලේබල් අලවා තිබුණා.

      මේ ගණුදෙනුවේ ඉතාම තුච්ච, අමානුෂික කරුණ මේ කිසිවක් නෙවෙයි.

      හියුමන් ඉමියුනොග්ලොබියුලින් යනු මිය යමින් පවතින මිනිස් ජීවිතයක අවසන් බලාපොරොත්තුවක් ලෙස අවසන් මොහොතේ භාවිතා කරනා ප්ලාස්මාවක්.

      චූදිත සමාගම ඉතිහාසය පුරා ටෙන්ඩර් ඉදිරිපත් කර ඇත්තේ පිළිකා ඖෂධ වලට සහ මරණාසන්න රෝගීන්ට ලබා දෙන ඖෂධ සඳහා පමණයි.

      හේතුව නම් ඒ ඖෂධ ප්‍රමිතියෙන් තොර වී, මිනිසුන් මිය ගියත් එය ඖෂධයේ ගැටලුවක් බව හසුවීමට ඇති අඩු සම්භාවිතාව.

      විශ්වාස කරන්න.

      හියුමන් ඉමියුනොග්ලොබියුලින් ලෙස වෛද්‍ය සැපයුම් අංශයට මේ සමාගම ලබා දී තිබුණේ හියුමන් ඉමියුනොග්ලොබියුලින් නොවෙයි.

      සේලයින්.

      කුප්පි තුලට සේලයින් පුරවා හියුමන් ඉමියුනොග්ලොබියුලින් ලෙස ලේබල් කර ඔවුන් වෛද්‍ය සැපයුම් අංශයට ලබා දී තිබුණා.

      උගත් යැයි කියනා, බුද්ධිමත් යැයි කියනා, වෛද්‍ය ක්ෂේත්‍රයේ හසල අත්දැකීම් ඇති සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිළධාරීන් කිසිඳු වගවිභාගයකින් තොරවම මේ සේලයින් පිර වූ කුප්පි භාරගෙන තිබුණා.

      ටෙන්ඩරයේ වටිනාකම බිලියන 1යි.

      ඔවුන් විසින් දැනට සැපයූ ඖෂධ සඳහා ගෙවිය යුතු මිල මිලියන 140යි. (ඒකක 3900ක් සඳහා)

      කෙහෙළියගේ පරීක්ෂණය සහ පැමිණිල්ල නොවන්නට දිගින් දිගටම
      මේ රටේ මරණාසන්න රෝගීන්ට හියුමන් ඉමියුනොග්ලොබියුලින් ලෙස ලැබෙන්නේ හිස් කුප්පි වල පිර වූ සේලයින්.

      Delete
    2. රුපියල් බිලියනයක් වෙනුවෙන් ටෙන්ඩරය ලබා දුන්, ඖෂධ භාර ගනිද්දී කිසිදු අධීක්ෂණයක් නොකළ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිළධාරීන් සහ වංචනික සමාගමේ හිමිකරු මෙරට ජනතාවගේ ජීවිත තඹයකට හෝ මායිම් කර නැහැ.

      මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ තුච්චම හොරකමක් වන්නේ ඒකයි.

      2013 වසරේ සිට මේ සමාගම කිසිඳු බලපත්‍රයක් හෝ නොමැතිව සෞඛ්‍ය අමාත්‍යංශයට ඖෂධ සපයා තිබෙනවා.

      ඒ ඖෂධ වල ප්‍රමිතිය පිළිබඳවත් තර්ක කළ යුතු නැහැ.

      ඔහු විසින් සේලයින් පුරවා හියුමන් ඉමියුනොග්ලොබියුලින් ලෙස ලබා දුන් පළමු අවස්තාව මෙය නොවන බවට සැකයක් නැහැ.

      එක් වරකට පමණක් ඔහුට හිමිවන මුදල රුපියල් බිලියනයක්.

      අනිවාර්යෙන්ම එහි හිමිකරුට ඉහළම දේශපාලන සබඳතා ඇති.

      කෙහෙලියගේ පරීක්ෂණය සහ පැමිණිල්ල නොවන්නට ඔවුන් තවමත් මේ වංචනික ඖෂධ සපයනවා.

      ඒ මගින් මුදල් උපයනවා.

      මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මේ සමාගමට මිලියන 40 මුදලක් ගෙවා තිබෙනවා.

      දැනට සැපයූ සේලයින් පිර වූ කුප්පි වෙනුවෙන් තවත් මිලියන 100 ක මුදලක් ගෙවීමට තිබෙනවා.

      2023 ඔක්තෝම්බර් 11 දා සෞඛ්‍ය ඇමති කෙහෙළිය විසින් වහාම මේ සමාගමට ඉතිරි මුදල් නොගෙවන ලෙසට නියෝගයක් ලබා දෙනවා.

      (ඒ ලිපියේ පිටපතක් අමුණා තිබේ)

      එමෙන්ම ඒ සමාගම වෛද්‍ය සැපයුම් අංශයෙන් බ්ලැක් ලිස්ට් කිරීමටත් කටයුතු කරනවා.

      මෙතරම් වංචාවක් සිදු කර ඇතත් කිසිඳු ආකාරයක බියක් අදාල සමාගමට ඇතිවන්නේ නැහැ.

      ඔවුන් විසින් සෞඛ්‍ය ඇමතිවරයාට ලිපියක් එවනවා.

      ඒ ලිපියෙන් ඔවුන් දැඩිව සෞඛ්‍ය ඇමතිවරයා විවේචනය කරනවා. එය විවේචනයකටත් වඩා තර්ජනයක්.

      සිය සමාගමට එරෙහිව නඩු පැවරීමටත්, සිය සමාගමට ගෙවීමට ඇති මුදල් නොගෙවා සිටීමටත් සෞඛ්‍ය ඇමතිවරයාට බලයක් නොමැති බවට මේ ලිපියෙන් ඔවුන් කියනවා.

      මෙතරම් වංචාවකට පසුවත් සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහිව තර්ජනය කර ලිපියක් එවීමට තරම් මේ ජාවාරම්කරුවා බලවත්.

      2023 ඔක්තෝම්බර් මස 11 වෙනිදාම වංචනික ඖෂධ සැපයුම්කරුට එරෙහිව නඩු පැවරීමට අවශ්‍ය උපදෙස් ඉල්ලා සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල නීතිපතිවරයාට ලිපියක් යවනවා.

      කාලයේ වැලිතලාවෙන් සැඟවීමට ගිය, මිනිස් ජීවිත බිල්ලට ගෙන සිදු කළ මහා ජාවාරමකට එරෙහිව නඩු පැවරෙන්නේ කෙහෙළියගේ මැදිහත්වීම නිසයි.

      මේ වනවිට මේ නඩුව හේතුවෙන් අදාල සමාගමේ හිමිකරු, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ, එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ඇතුලු පිරිසක් සිරගත වෙනවා.

      නමුත් මේ සිදුවීම පිළිබඳ වාර්තා කරන මාධ්‍ය මේ කතාව සඟවනවා.

      මේ වංචාව හෙළිකරගන්නේ කෙහෙළිය.

      එයට එරෙහිව පැමිණිලි කරන්නේ කෙහෙළිය.

      ඔවුන්ට එරෙහිව නඩු පවරන්නේ කෙහෙළිය.

      නමුත් මාධ්‍ය විසින් එය හිතාමතාම සගවනවා.

      සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් මෙන් පෙනී සිටිනා දේශපාලන අතකොලු එය සඟවනවා.

      ඔවුන් පැමිණිලිකරුට එරෙහිවම චෝදනා කරනවා. ජනතාව නොමග යනවා.

      සේලයින් පුරවා ආනයනික හියුමන් ඉමියුනොග්ලොබියුලින් ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශයට විකිණූ Isolez හිමිකරු සුගත් ජානක කෝටිපතියෙක්.

      ඔහුට දැඩි දේශපාලනික බලපෑම් ඇති.

      ඔහු විසින් මුදල් ගෙවා මිලට ගෙන ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළම නිළධාරීන් පමණක් නොවෙයි.

      වෛද්‍ය ක්ෂේත්‍රයේ 23 දෙනෙකුට ඔහු විසින් මුදල් ගෙවා ඇති බව දැනට හෙළිවී තිබෙනවා.

      ඒ අතර ප්‍රසිද්ධ වෛද්‍ය මයික් කටාලාත් ඉන්නවා.

      ටික කලකින් නඩුවේ පැමිණිලිකරු සෞඛ්‍ය ඇමති කෙහෙළියට අමාත්‍යධූරය අහිමි වුණා.

      දැන් නඩුව මෙහෙයවන්නේ නව සෞඛ්‍ය අමාත්‍යවරයා යටතේයි.

      ඒ නිසා ජාවාරම්කරුට එරෙහි නඩුව ඉල්ලා අස් කරගනියි ද, සාක්ෂි ඉවත් වෙයිද යන්න අප දන්නේ නැහැ.

      මේ සිදුවීම මේ රටේ මාධ්‍ය සහ දේශපාලන මෙහෙයුම් සිදුවෙන ආකාරයට හොඳ උදාහරණයක්.

      නමුත් මේ මහජන මුදල් කෝටි ගණනක අපරාධයක් නිසාත්, ඒ සියල්ලටම වඩා මිනිස් ජීවිත සමග සිදු කළ අමානුෂික වංචාවක් නිසාත් මෙහි සත්‍ය දැනසිටීම වටිනවා.

      ඔබ රවටා පැමිණිලිකරු, විත්තිකරු කිරීමට ඉඩ දෙන්න එපා.

      ඉන් ගැලවෙන්නේ මිනිස් ජීවිත බිල්ලට ගෙන රුධිරය ගෑවුණු මුදල් ඉපැයූ සැබෑ ජාවාරම්කරුවන් පිරිසයි.

      Delete
  16. සීතල රටක වැඩ පල නොකර මහන්සි නොඋනොත් අනිවාර්යයෙන් මැරෙන්න වෙනව එ නිසා අවුරුදු දාස් ගානක් තිස්සෙ එහෙම කම්මැලි උන් හිටියත් උන් මැරිල යන්න ඇති. ඒ නිසා දැන් ඉන්න උන් වෙහෙස මහන්සිය අගය කරන ස්මාට් විදියට වැඩ කරන ජනතාව බහුතරය ඉන්නේ

    ඒත් ලංකාවේ මහන්සි නොඋනත් කොහේ හරි ඉබේ පැලවෙන මඤ්ඤොක්කා අලයක් හරි උගුලන් කන්න පුළුවන් නෙ එහෙමත් නැත්නම් පංසලකට රිංගල ඒකෙ ඇබිත්ත කම් කර කර කන්න පුළුවන් එ නිදා කම්මැලි කම ලංකාවේ උන්⁣ට අවුරුදු 1000 ගානක් තිස්සෙ ජානගත වෙලා නේද?

    ReplyDelete
  17. ලංකාවේ බොරුවට ආඩම්බර වනපළාත්වල ඒ ආඩම්බරය පිටිපස්සෙ තියෙන්නෙම කුලවාදය. ඒක වෙනම කතාවක්.ඒක අපේ ගෝත්‍රය කියන වචනෙ ප්‍රසිද්ධියේ කියන්න අමාරු නිසා අපේ පළාත කියල කියනවා. ඔය සමහර කුල වලගෝත්‍රික ලක්ෂන තවම තියන නිසයි එහෙම වෙන්නෙ.ගොවිගම අය පළාත ගැන අඩම්බර වෙන්නෙ නැතිම තරම්.

    මට කියන්න අවශ්‍යඒක නෙමෙයි, අනුරාධපුර රාජධානිය දිගුකලක් පැවතීම ගැන.

    ඔය කාරණය මාත් කල්පනා කළා.මට හිතෙන්නෙ මෙහෙම . අනුරාධපුර රාජධානිය අවුරුදු 1500 ක්පැවතියා කියන්නෙ ලොකු දෙයක්. අද අනුරාධපුරයේ ඉන්නෙ එදා සිටි ජනතාව නෙමෙයි . මේක එමර් සන් ටෙනන්න්ට් වගෙ අයත් කියල තියෙනවා . එදා අනුරාධපුර හිටියෙ දියුනු ජනතවක්. මම මේ කියන්නෙජීව විද්‍යාත්මකව. චෝල ආක්‍රමන නිසා මේ ජනතාව විනාශ වුනා හෝ ප්සුකලීන සංක්‍රමනිකයන් අතර මිශ්‍ර වී අතුරුදන් වුනා.

    අනුරාධපුරයේ එදා සිටියේ වර්තමාන උතුරු ඉන්දියානුවන්ට සමාන ප්‍රජාවක් විය හැකියි. යක්ෂ ගෝත්‍රිකයන් වගෙ අයත් හිටියා. මේක මෙහෙම කමෙන්ට් එකකින් කියන්නබැරි තරම්.

    එක වාක්‍යයකින් කියනවනම් එදා අනුරාධපුරයේ හිටියේඅපේ උදාර මීමුත්තන් නම් අද අපි මෙච්චර ගොබ්බ ඇයි? අපි එහෙමනම් අද දියුනු බලවත් ජාතියක් නේද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න