January 2, 2024

2023 දියුණු වු ප්‍රතිකාර කිහිපයක් - Some Medical Advancements

ලොව ප්‍රථම CRISPR මත පදනම් වූ ජාන ප්‍රතිකාරය, සම්පූර්ණ අක්ෂි බද්ධ කිරීම, චිකුන්ගුන්‍යා සඳහා එන්නතක් වැනි සෞඛ්‍ය හා විද්‍යා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ජයග්‍රහණ කිහිපයක් 2023 දී අත්විඳින ලදී. විද්‍යාව දියුණු වන විට මිනිසාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට විද්‍යාඥයන් විශාල උත්සාහයක් දරයි.

  

1.       CRISPR ජාන සංස්කරණය සඳහා කොළ එළියක්.

දෙසැම්බර් 8 වෙනිදා, එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය ලොව ප්‍රථම CRISPR/Cas9 ජාන සංස්කරණ ප්‍රතිකාරය අනුමත කරන ලදී. Casgevy නමින් හැඳින්වෙන මෙම ප්‍රතිකාරය, රෝගීන්ට නිරෝගී හිමොග්ලොබින් නිපදවීමට උපකාර කිරීමෙන් sickle cell disease රෝගයට ප්‍රතිකාර කරයි.

sickle cell disease රෝගීන්ගේ හිමොග්ලොබින් අසාමාන්‍ය වන අතර එමඟින් රතු රුධිරාණු දැඩි හා ඇලෙන සුළු බවට පත් වී C-හැඩැතිව පෙනෙන අතර එය " Sickle (දෑකැත්ත)" ලෙස හැඳින්වේ. Sickle සෛල ඉක්මනින් මිය යන අතර එමඟින් රතු රුධිර සෛලවල නිරන්තර හිඟයක් ඇති වේ.

2024 මාර්තු වන විට, හිමොග්ලොබින් නිෂ්පාදනය අඩු කරන ආබාධයක් වන බීටා තැලසීමියාවට ප්‍රතිකාර කිරීම සඳහා එම ප්‍රතිකාරයම භාවිතා කළ හැකිද යන්න FDA විසින් තීරණය කරනු ඇත.

2.       මාංශ පේශි ඩිස්ට්‍රොෆි සඳහා ජාන ප්‍රතිකාරයක්.

මාංශපේශී ඩිස්ට්‍රොෆි (MD) යනු ප්‍රවේණිගත ජානමය තත්වයන් සමූහයක් වන අතර එය ක්‍රමයෙන් මාංශ පේශි දුර්වල කිරීමට හේතු වේ. එනිසා ආබාධිත තත්වයන් වැඩි වේ. MD කාලයත් සමඟ නරක අතට හැරේ.

ජුනි මාසයේදී FDA විසින් මාංශපේශි ඩිස්ට්‍රොෆි (Duchenne) සහිත ළමුන් සඳහා පළමු ජාන ප්‍රතිකාරය අනුමත කරන ලදී. දෝෂ සහිත ජානයක් හේතුවෙන්, මෙම මාංශ පේශි දුර්වල කිරීමේ රෝගය ඇති පුද්ගලයින් ප්‍රෝටීන් ඩිස්ට්‍රොෆින් නිපදවන්නේ නැත. එය මාංශ පේශි සෛල නොවෙනස්ව තබා ගැනීමට උපකාරී වේ. අතුරුදහන් වූ ප්‍රෝටීන් අනුවාදයක් ශරීරයට නිපදවීමට මෙම චිකිත්සාව උපකාරී වේ

3.       RSV වලින් ආරක්ෂා වීම

respiratory syncytial virus (ශ්වසන සමමුහුර්ත වෛරසයෙන්/ RSV) ආරක්ෂා වීමට ප්‍රතිකර්ම ක්‍රම කිහිපයක් මේ වසරේ ආරම්භ විය. මැයි මාසයේදී FDA විසින් වයස අවුරුදු 60 සහ ඊට වැඩි වැඩිහිටියන් සඳහා Arexvy නමින් හැඳින්වෙන පළමු RSV එන්නත අනුමත කරන ලදී . අගෝස්තු මාසයේදී, ගර්භනී පුද්ගලයින් සඳහා Abrysvo නම් නව එන්නතක් අනුමත විය.

කුඩා ළමුන් ආරක්ෂා කිරීමට ජූලි මාසයේදී මොනොක්ලෝනල් ප්‍රතිදේහය සදහා (ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ප්‍රෝටීන අනුකරණය කරන රසායනාගාර සාදන ලද ප්‍රතිදේහයක්) අනුමැතිය ලබා දෙන ලදී . නමුත් ඔක්තෝම්බර් මාසයේදී, චිකිත්සාවේ සීමිත සැපයුම් හේතුවෙන් RSV හි සංකූලතා සඳහා ඉහළම අවදානමක් ඇති ළදරුවන් සඳහා එය වෙන් කිරීමට එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන නිර්දේශ කරන ලදි.

4.       ඇල්සයිමර් රෝගය මන්දගාමී කරවීම.

ඇල්සයිමර් (Alzheimer) රෝගය ඩිමෙන්ශියාවේ වඩාත් සුලභ වර්ගයයි. එය මෘදු මතක ශක්තිය නැතිවීමෙන් ආරම්භ වන අතර සමහර විට සංවාදයක් කරගෙන යාමට සහ පරිසරයට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව නැති වීම දක්වා වර්ධනය වීමට  හේතු වේ. ඇල්සයිමර් රෝගය මොළයේ සිතුවිලි, මතකය සහ භාෂාව පාලනය කරන කොටස්වලට බලපායි.

Alzheimer's ඖෂධය lecanemab (වෙළඳ නාමය Leqembi) ජූලි මාසයේදී සම්පූර්ණ FDA අනුමැතිය ලබා ගත්තේය. 2021 දී අනුමත කරන ලද aducanumab drug ඔෳෂධය මෙන්, lecanemab ඇල්සයිමර් රෝගයෙන් පෙළෙන අයගේ මොළයේ ඇති ඇමයිලොයිඩ් ඵලක ඉවත් කරයි. ඖෂධය රෝගය නවත්වන්නේ නැත, නමුත් සායනික පරීක්ෂණයකදී, ප්ලේසෙබෝ සමඟ සසඳන විට ලෙකැනෙමාබ් මාස 18 තුළ සංජානන පරිහානිය සියයට 30 කින් පමණ මන්දගාමී කර තිබේ.

5.       පශ්චාත් ප්‍රසව මානසික අවපීඩනය සඳහා පෙති

අගෝස්තු මාසය වන තෙක්, පශ්චාත් ප්‍රසව මානසික අවපීඩනය ඉලක්ක කරගත් එක්සත් ජනපදයේ ඇති එකම ඖෂධය රෝහලකදී කෙලින්ම රෝගියාගේ නහර තුළට කැනියුලා (පටු, නැමුණු නල) භාවිතා කර ඇතුල් කිරීමක් මගින් සිදුවිය (intravenous infusion). ඒ සදහා දිගු වේලාවක් රෝහලේ ප්‍රතිකාර ගත යුතුය.

මෑතකදී FDA අනුමැතිය ලබාදුන් zuranolone (වෙළඳ නාමය Zurzuvae) ‌‌ ඖෂධය, පශ්චාත් ප්‍රසව මානසික අවපීඩනයෙන් පෙළෙන අයට නිවසේදී මුඛ ඖෂධයක් ලෙස ලබා ගත හැකි අතර දින තුනක් වැනි කෙටි කාලයක් තුළ ප්‍රතිඵල ලබාදේ.

6.       උපත් පාලනය, බෙහෙත් වට්ටෝරුවක් අවශ්‍ය නොවේ

FDA විසින් 1973 දී ප්‍රථම වරට අනුමත කරන ලද මුඛ උපත් පාලන නෝර්ගෙස්ට්‍රෙල් ‌‌ ඖෂධය, බෙහෙත් වට්ටෝරුවකින් තොරව ලබා ගත හැකි බව පසුගිය ජුලි මාසයේදී තීරණය කළේය. එය එක්සත් ජනපදයේ පළමු OTC දෛනික උපත් පාලන පෙත්තයි. සමහර මහජන සෞඛ්‍ය විශේෂඥයින් සදහන් කරන්නේ රාජ්‍ය තහනම් නිසා ගබ්සාවට සීමිත ප්‍රවේශයක් ඇති බැවින් ප්‍රජනන ස්වයං පාලනයට, උපත් පාලන බාධක අඩු කිරීම විශේෂයෙන් වැදගත් වන බවයි.

7.       චිකුන්ගුනියාවට එරෙහිව එන්නතක්

චිකුන්ගුන්යා වෛරසය උණ සහ දරුණු සන්ධි වේදනාව ඇති කළ හැකි අතර අලුත උපන් බිළිඳුන්ට මාරාන්තික විය හැක. නොවැම්බර් මාසයේදී FDA විසින් මදුරුවන්ගෙන් සම්ප්‍රේෂණය වන මෙම වෛරසයට එරෙහි පළමු එන්නත අනුමත කරන ලදී. වෛරසය නිවර්තන කලාපවල බහුලව දක්නට ලැබෙන නමුත් එය ලෝකයේ නව ප්‍රදේශවලට ව්‍යාප්ත වන බවට FDA අනතුරු අඟවයි.

8.       කවුන්ටරය හරහා නාර්කන්

වේදනාව සඳහා බහුලව භාවිතා කරන ඔපියොයිඩ් ඖෂධය, හුස්ම ගැනීම පාලනය කරන මොළයේ කොටසට බලපායි. ශරීරයට දරාගත හැකි ප්‍රමාණයට වඩා ඔපියොයිඩ් ගත්විට (අධික මාත්‍රාව) හුස්ම ගැනීම මන්දගාමී වේ. මෙය සිහිසුන් වීමට හා මරණයට පවා හේතු විය හැක.

මෙලෙස ඇතිවන ඔපියොයිඩ් අධික මාත්‍රාවක බලපෑම නතර කිරීමට නාසික ඉසින Narcan, aka naloxone ට හැකියාව ඇත. FDA විසින් මෙම ජීවිතාරක්ෂක ඖෂධය කවුන්ටරය හරහා වෛද්‍ය වට්ටෝරුවක් නොමැතිව අලෙවි කළ හැකි බව 2023 මාර්තු මාසයේදී තීරණය කළේය. අධි මාත්‍රාව හේතුවෙන් 1999 සිට 2021 දක්වා පුද්ගලයින් 645,000 කට ආසන්න පිරිසකගේ ජීවිත බිලිගත් ඔපියොයිඩ් වසංගතයට එරෙහිව සටන් කිරීමට නාර්කන් වෙත පහසු ප්‍රවේශය උපකාරී වනු ඇතැයි නිලධාරීන් බලාපොරොත්තු වේ.

අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි.

0 comments:

Post a Comment