Sunday, December 24, 2023

බ්‍රයන්ගේ ජීවිතය...

අවුරුදු දෙදාහකට පමණ පෙර...

අමුත්තන් තුන් දෙනෙක් යමක් සොයමින් යති. ඔවුන් එළැඹෙන්නේ මවක සහ එදින ම උපන් බිළිඳෙකු වෙත ය. ඔවුන් දකින මව බියපත් වෙයි. නමුත් පසුව ඇය ඔවුන් ගෙන් ප්‍රශ්න කර, ඔවුන් එළවා දමයි. එහිදී ඔවුන් කියන්නේ, තමන් යුදෙව්වන්ට බිහි වූ අලුත් රජු බැහැ දකින්නට තෑගි ද රැගෙන ආ වගයි. "තෑගි" යන වචනය නිසා තරුණ මව ඇගේ බිළිඳා, බ්‍රයන් දකින්නට අමුත්තන්ට ඉඩ සළසයි. 


බ්‍රයන් තරුණ වියට පත් වූ පසු, ජුදයාව රෝමයේ පාලනයෙන් මුදවා ගැනීමේ අරමුණින් පිහිටුවා ගත් ජුදයාවේ මහජන පෙරමුණ නම් සංවිධානයට එක් වෙයි. ඊට එකතු වීමේ දී ඔහුගේ සුදුසුකම් සහ කැපවීම පරීක්ෂා කිරීමට ඔහුට ලැබෙන මුල් ම මෙහෙයුම වන්නේ, "රෝමකයනි, ජුදයාවෙන් පිටවෙයව්!" යන්න, නගරයේ ප්‍රධාන තැනක බිත්තියේ ලිවීමට ය. නිතර රාත්‍රී මුර සංචාර යන ලීජන්වරුන්ගෙන් බේරී මෙය ඉටු කිරීම අති දුෂ්කර කාර්යයකි. නමුත් එය සිතුවාටත් වඩා "සිය ගුණයකින්" ඉටු කිරීමට බ්‍රයන් සමත් වන්නේ මෙසේ ය.


රෝමක සෙබළුන්ට අහුවෙන බ්‍රයන්, ජුදයාවේ රෝමක පාලකයා වන පොන්ටියුස් පිලාත් වෙත අරගෙන යන තැන. පිලාත් ට "ර" යන්න කියවෙන්නෙ නෑනෙ. ඒ වෙනුවට කියවෙන්නෙ "ව" යන්න. ඉතිං බ්‍රයන්ගෙ තාත්තා "රෝමන්" කෙනෙක් කිව්ව ම, පිලාත් ගෙ මුවින් ඔහු "කාන්තාවක්" වෙනව.


ඒ කාලේ තිබුණු යුදෙව් මූලධර්මවාදී සමාජය. දස පනතේ එක් පනතක් වන, "දෙවියන් වහන්සේ ගේ නාමයෙන් බොරුවට දිවුරීම" ට හසු වුණු තැනැත්තෙක්ට ගල් ගැසීම...


අවසානයේ බ්‍රයන් ද, කුරුසියේ තබා ඇණ ගසනවා. 

සෑහෙන ආන්දෝලනයට ලක් වුණු, මොන්ටි පයිතන් කණ්ඩායමේ නිර්මාණයක් වන මේ චිත්‍රපටිය, ඇතැම් රටවල තහනමට පවා ලක් වුණා. ඊට සමගාමීව, "නොට් ද නයින් ඔ'ක්ලොක් නිවුස්" හි කතා බහට ලක් වුණා. මොන්ටි පයිතන් බැතිමතුන්ට අපහසුතාවක් ඇති වුණු, ජේසුස් ක්‍රිස්තුස් ගේ කතාව... 


චිත්‍රපටිය යූ ටියුබ් හි තිබෙනවා. ටොරන්ට් බාගත කරගන්නවානම්, මෙන්න...

48 comments:

  1. ישוע חי
    රිමන්දා නසරා වස‍ෙරනට දෙවවන හා වසලහ මතත ගර්ෂා කලෝව්ව යා යව දො තටුටලහස
    අමුද කනිං දෙයි හඃ
    වසවසවසව නී දොකී ලලලව

    ReplyDelete
    Replies
    1. ඒ දෙමළ සන්නිය.
      මම දැන් ශුද්ධාත්මයෙන් පූර්ණවෙලා ඉන්නේ.
      ශුද්ධාත්මයෙන් පූර්ණවුනාම දෙමළ සන්නිය හැදෙනවා.

      හැබැයි දෙමළ සන්නිය භාවනාවක් වගේ තමයි. ඒක මානසික ආතතිය අඩුකරගන්න හොඳයි වගේ.

      Delete
    2. ඒක ජල සන්නිය වගේ එකක් ද?🙃

      Delete
  2. මම ඔය "බිගස් ඩිකස්" කොටස හින්දම ඕක බාගත්තා. ඒක බලන හැම විටකම හිනාවෙලා පණ යනවා. රටේ ප්‍රධාන ආගම ගැන ඔහොම එකක් කරන්න හැකි වීමම එ රටේ නිදහස ගැන හොඳ සාක්කියක්. කමෙන්ට් වැටුනාම ආයෙ එඤ්ඤං.🤭

    The Cheese Shop sketch, Monty Python

    ReplyDelete
    Replies
    1. මං ආවනෙ ඩ්‍රැකියානිගෙ ගමේ... හද්ද ඩොටේ! ‌‌මේක ලියල දැම්මෙත් ටූන ගහක මුදුනෙ ඉඳං. ලිංක් එක ගෙදර ගිහිං ම බලනව. ඒ වෙනතුරු මේක බලන්ඩ...
      https://www.youtube.com/watch?v=dMbnfxwus0s&pp=ygULcnVkZSBidWRkaGE%3D

      Delete
    2. ඈ යකෝ... තවුසෙ අර නුවරේලියට එන සෙනග කන්දරාවට බයේ පැනල ආව නේද?

      Delete
    3. ටූන ගහක මුදුනෙ ඉඳං? හෑ,
      ඩොටේ වුනාට මොකෑ, ගමටම ආවේනික කෑම එහෙම නැතෑ?🙏👌

      අවු 100 විතර පරණ කතා නාද පිචෑර් එකක්:
      https://www.youtube.com/watch?v=VFBYJNAapyk

      Delete
    4. ප්‍රසක්ඥ,
      "බය" කියන්නෙ මොකද්ද?
      ඒක මොක උණත්, අපි ගමේ ගියෙ මේ මාසෙවත් ලයිට් බිලෙන් යුනිට් පහක් විතර බේර ගන්ඩ හිතාගෙන.

      බකුස්,
      ඒක...!
      ඒ වගේ ම මේක?
      25 ÷ 5 = 14

      එතකොට මේ ඒ වගේ සිංහල එකක්...
      28 ÷ 7 = 13

      Delete
  3. දැන් මේ කියන බ්‍රයන් ඉපදුනා කියන්නේ යේසුස් වහන්සේ ඉපදුන ගවලෙනට අල්ලපු ගව ලෙනේ නේද? -Mayya

    ReplyDelete
    Replies
    1. හරියට හරි. ආන්න එයා තමයි.

      Delete
  4. පුරුදු වට්ටෝරු වලින් මිදිලා වෙනස් වෙනස් තේමා වලින් අපව වෙනස් ඉසව් වලට ගෙනියන ගමන නියමයි .

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අනුරුද්ධ...

      Delete
  5. දැං මෙහෙ පිල්ම් එකක් තියේ කියල කියන්නෙ මෞකක්ද අපිට හිටං

    ReplyDelete
    Replies
    1. ටෝව දීයා කන්න, ඇද්ද නේද අර මක්කා හරි ලියාගෙන එන එකාගෙ කකුලෙන්?🤭
      රජාගෙ කොල්ල කිව්වම හිරේ අරින රටේ, පණමට ගස් හැටේ!

      Delete
    2. හෙහ්... හෙ. නෑ නෑ ඉටිම්.

      අදිනවනං කකුලෙන් නෙවේ. තට්ටෙන් අදින්ට ඕන... පියාබන්ට බැරි වෙන්න හිට

      Delete
    3. නමිනං,
      මාත් බැලුව, තොත් බැලු!

      බස්ස,
      ඕකගෙ දීයට කන්ඩ දෙයක් නෑ. දීයට ටූත් පින් එකක් ඕනේ උනොත් තමයි...

      නම්ය,
      තට්ටෙ තෙල් ගාලා තියෙන්නෙ. ලිස්සනව.

      Delete
  6. මේක බැලුවේ ඒ දවස් වල. මම හිතන්නේ වීඩියෝ එක (කැසට් එක ඈ) තවම තියනවා ලොෆ්ට් එකේ. අයර්ලන්තය, ඉතාලිය , නොර්වේ හෙම තහනම් කළා මම හිතන්නේ. ඔකේ රඟපෑ මයිකල් පැලින් සැහෙන ජනප්‍රියයි. එයාගේ චාරිකා තියනවා බිබිසි එකත් එක්ක කරපු. ඒ ෆිල්ම් ටික මරු.
    https://www.youtube.com/watch?v=Luw-tzgAjcU

    ReplyDelete
    Replies
    1. මයිකල් පැලින් නේ ද, බ්‍රේව් සර් රොබින්?
      ඔය ඔක්කොමත් හරි ඔය මොන්ටි පයිතන්ලගෙ නායකයා වගේ ‌හිටපු ග්‍රැහැම් චැප්මන් ගෙ මරණය ගැන ජෝන් ක්‍ලීස් කරන කතාව...

      Delete
  7. https://www.youtube.com/watch?v=xl6d7S_qln0

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ඔය සැට් එක ම බලන්න ඔ්නෙ, පැන්ෂන් ගියාම වත්...

      Delete
  8. මේ ජේසුගෙ කතාවද, නැත්නම් වෙනම කතාවක් ද? සාමාන්‍ය‍යෙන් "ර" යන්න replace වෙන්නෙ "ල" යන්නෙන්.

    ReplyDelete
    Replies
    1. මයෙ හිතේ ඒ කාලෙ ගොඩක්ඩ යුදෙව් තරුණයන්ගෙ කතාව මේක...
      මෙතන රිප්ලේස් වෙන්නෙ ව යන්නෙං.
      https://www.youtube.com/watch?v=7Lc86JUAwwg

      Delete
  9. "නාසරත්හි යේසුස්!' වගේ නමක් තියෙන ටෙලියක් තිබුනා රූපවාහිනියේ; මම දෙතුන් වරක් බැලූ!

    ReplyDelete
    Replies
    1. නසරතයේ ජේසුහු - ටයිටස් තොටවත්තගෙ ඩබිං
      https://youtu.be/yumoqNlaPCE?si=DkKlo26d77PdLctI

      Delete
  10. නත්තල කියන්නේ වේසාකමක්.
    බයිබලයේ තියෙනවා ආබ්‍රහිම්ගේ පුත්‍රෙයා් ගස් යටත් කඳුමුදුන්වලත් වේසාකම් කලෝය කියලා.
    එයින් අදහස් වන්නේ ඔවුන් ගස්යට පිලිම තියාගෙන ඒවාට වැන්දා, කඳු මුදුන්වල දේවාල හදාගෙන ඒවාට වැන්දා කියලා. එය දෙවිට පිලිකුල්.
    උඹලාගේ දේශයෙන් වේසාකම දුරුකරපල්ලා කියලා බයිබලයේ තියෙනවා.
    යෙෂුවා වහන්සේ කිව්වා මේ වේසා ගැහැණියට ගල් ගහනවා නම් උඹලා අතරින් වේසාකම් නොකල කෙනෙක් පලමු ගල ගහපල්ලා කියලා.
    ඒ නිසා ඔය වේසා උත්සවයෙන් අහක්ව පලයල්ලා.
    උඹලාට දෙසැම්බරයේ උත්සවයක් කරන්ට ඕනෑනම් හනුක්කා මංගල්‍යය සමරපල්ලා

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එක මේකට අදාළ නෑනෙ ජගත්...

      Delete
  11. සුබ නත්තලක් වේවා
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. එසේ ම වේවා!
      කවිත් ලියවේවා!

      Delete
  12. ප්‍රසන්නගේ "ආ....මේන්..." (Amen) ප්‍රතිචාරයට Drakie ගේ හොඳම උත්තරය "කෝ දියං..."
    සැමටම සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. මං හතර වසරෙ ඉ්දදි, මගෙ යාළුවෙක් කිව්වා, "පල්ලියට ගියා ම ෆාදර්, "ආ - මේන්" කියල චූටි සුදුපාට රවුම් බිස්කට් එකක් දෙනව" කියල. ඒක මතක් වුණා ප්‍රසන්නගෙ කමෙන්ට් එක දැක්කම.
      සුබ නව වසරක් වේවා!

      Delete
  13. Replies
    1. මේ වැට ස්පෑම් වෙලා තිබුණෙ

      Delete
  14. Replies
    1. අඩේ... සඳරු සත්සර...
      දැක්ක ද, මේක?

      Delete
  15. අපේ බුදුහාමුදුරුවෝ නම් නියම ජෙනුයින් ඒකීය පුද්ගලයෙක්.
    ඒත් ජේසු කියන්නේ අවතාරයක්.
    එයා අදහන එවුනුත් අවතාර වෙනවා

    ReplyDelete
    Replies
    1. ඔය හැම එකක් ම සමාජයේ පිළිගන්න සංකල්ප සහ විශ්වාස

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි