Tuesday, December 19, 2023

යුද්ධ කතා සහ ප්‍රේම කතා

අපේ හිතවත් ඩී ජී ඇම් බස්සා මහතාගේ බ්ලොග් එකේ නොබෝ දා පළවුණු මෙන්න මේ කමෙන්ටුව කියවද්දි කාලෙකට කලින් කියවන්න සහ අහන්න ලැබුණු කතා කීපයක් මතක් වුණා. මෙන්න මෙහෙමයි ඒ කතා:

ට්‍රැෆල්ගාර් චතුරස්‍රය


මේක දෙවෙනි ලෝක යුද්ධ කාලෙ. අනිවාර්ය යුධ සේවයට බැඳෙන්න අකමැති වෙච්ච එංගලන්තයේ තරුණයෙක්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයෙ දි තමන්ට ඇස් පෙනීම හොඳ නැති බව අඟවලා බේරෙන්න කල්පනා කළා. ඉතින් සම්මුඛ පරීක්ෂණේ දි එයා ට මේසෙ උඩ තියෙන වාර්තාව කියවන්න කිව්ව ම, “මොන වාර්තාව ද?” කියලා ඇහුවා. පැන්සලක් දික් කරලා වාර්තාව පෙන්නුවහම, “කොසු මිටක් දික් කරන්නෙ ඇයි?” කියලා ඇහුවා. ඔය වගේ කොමිටල් උත්තර දීලා උන්දැ කොහොම හරි සම්මුඛ පරීක්ෂණේ ෆේල් වුණා.

පහුවදා නමියා අර තරුණයා ගියා ෆිල්ම් එකක් බලන්න. ගිහින් සීට් එකක් හොයාගෙන වාඩි වෙලා වටපිට බලද්දි තමයි දැක්කෙ, තමන්ව ඉන්ටවිව් කරපු එක් කෙනෙක් ඉන්නව පිටිපස්සෙ සීට් එකේ. “මළ කෙලියයි. මගෙ වැඩේ මාට්ටු නේ ද?” කියල ටික වෙලාවක් කල්පනා කරපු තරුණයා, එක පාරට ම පිටිපස්සට හැරිලා ඇහුවා, “සර්, මේ බස් එක ට්‍රැෆල්ගාර් චතුරස්‍රයෙ නවත්තනව ද?” කියලා.

මීටරේ ට බොරු කිරීම

මේක ටිකක් අවරයි. ඒ නිසා කියවන්න එපා.


උඩ කතාවෙ වගේ ම තරුණයෙක් අනිවාර්ය හමුදා සේවයට බඳවා ගන්න ඉන්ටවිව් එකේ දි, ඇස් පේන් නෑ කියලා බොරු කරන්න ට්‍රයි කළා. නමුත් ඉන්ටවිව් කරපු හමුදා ලොක්කා ඌට වඩා ටිකක් කපටි කමින් වැඩියි. ඉතින් එයා කරපු වැඩේ, අර තරුණයාට ඒ කාමරේට වෙලා ඉන්න කියලා, එළියට ගිහින්, හැඩ වැඩ ඇති හමුදා සෙබළියක් ඊට යාබද කාමරේට එව්වා. ඒ කාමර දෙක අතර දොර අඩවන් කරලා, අර සෙබළිය එකින් එක එයාගෙ ඇඳුම් අයින් කරන්න ගත්තා, බොහොම හෙමින්. අන්තිමේ පෑන්ටියයි බ්‍රා එකයි විතරක් ඉතරු වෙද්දි හමුදා ලොක්කා ආපහු කාමරේට ඇවිත්, නමියගෙ අර තරුණයගෙ කළිසමේ උඩ හරිය දිහා හොඳ ට බලලා, කිව්වා:

“මල්ලි මේ... මට බොරු කළාට, උඹෙ මීටරේට බොරු කරන්න බෑ. කට්ට උඩ ගිහින් තියෙන්නෙ හොඳට ම” කියලා.

සුහද නිවාඩු

මේ කතාව මම මීට පෙර කොතනක හරි ලියලා තියෙනවා. මට කියවන්න ලැබුණ විදිහට, ඊශ්‍රායල් පලස්තීන සීමාවෙ වෙච්ච කතාවක්...

ඊශ්‍රායෙල් කාලතුවක්කු හමුදාවට අලුතින් බැඳුනු කොල්ලෙක් ට ගමේ යන්න නිවාඩුවක් ගන්න ඕනෙ වුණා. ඒත් හමුදාවට බැඳුන අලුත නිසාත්, යුද්ධෙත් ගණ සැරට යන නිසාත්, ඌට නිවාඩු ලැබුණෙ නෑ. 

ඔහොම ඉද්දි එක දවසක් මූ උදේ පාන්දර ම යුධ පෙරමුණේ ඉඳන් තමන්ගෙ කඳවුරට ආවා, පලස්තීන යුද්ධ ටැංකියක් අල්ලගෙන.

ඌ කරපු වීර කමට, පදක්කමක් රෙකමන්ඩ් කරලා, මාසයකට නිවාඩුවකුත් ලැබුණා. එදා හවස මෙස් එකේ මූ වෙනුවෙන් පාටියකුත් තිබුණා. 

පාටියෙ දි උගෙ යාලුවෙක් ඇහුවා, “උඹ කොහොම ද බං ඔය ටැංකිය අල්ලගත්තෙ?” කියලා.

මූ කියනව, හොඳට ම වෙරි පිට...

“මෙහෙමයි මචං. මං අපේ ටැංකියක් එලවගෙන යුද්ද පෙරමුණ හරියට ගියා. ඒ හරියට, පලස්තීන ටැංකියකුත් ආව. මං ටැංකියෙන් බැස්සා. අරුත් උගෙ ටැංකියෙන් බැස්සා. මං උගෙන් ඇහුවා, ‘උඹට නිවාඩුවක් ගන්න ආස  නැද්ද?’ කියලා. ඌ ඒකට එකඟ වුණා.

“ඊට පස්සෙ අපි දෙන්නා ටැංකි මාරු කරගෙන ආපිට තම තමන්ගෙ කෑම්ප්වලට ගියා. මයෙ හිතේ දැන් උගෙ කෑම්ප් එකෙත් ඌට මේ වගේ ම පාටියක් දෙනව ඇති.”


කැමති ද?

ප්‍රසන්ன චූටි කාලෙ එක වතාවක්, සෑහෙන්න කල්පනා කරලා කරලා, යාලුවොත් එක්ක කතා කරලා, හිතට හොඳට ගට් එක අරගෙන, ගිහිං කෙල්ලෙක්ගෙන් ඇහුවලු. කරුමෙ කියන්නෙ, මුගෙ කලබලේට මූ අදාළ ප්‍රශ්නෙ ඇහුවෙ පැත්ත මාරු කරල.

ඒ කියන්නෙ? ඒ කියන්නෙ මූ ඇහුවෙ: “මේ... නංගි, ඔයා මට කැමතියි, මං ඒ ගැන මොක ද කියන්නෙ?” කියල.

“මං කොහොම ද දන්නෙ?” කියල කෙල්ලත් ගස්සගෙන යන්ඩ ගියා ලු.


කෝලං

දවසක් මහේෂ් කියල කොල්ලෙක් හෙණ අප්සට් එකේ ගියාලු පොරගෙ යාළුවෙක් ගාවට. ඒ යාලුවට කොල්ලො සෙට් එකේ ම කියන්නෙ, “ලව් ඩොක්ටර්” කියල. එච්චරට ඌට එක්ස්පීරියන්ස්, කෙල්ලො ටෝක් කරන විදිහ ගැන.

“මොක ද බං? උඹ නිකං ගොනා පයිං ගහපු ලන්තෑරුම වගේ?” ලව් ඩොක්ටර් ඇහුවා.

“නෑ බං... මං කෙල්ලෙක්ගෙන් ඇහුවා.”

“හා හා හරි හරි...” අරූ ඉතුරු ටික හිතා ගත්තා. “උඹ ඔව්ව ගණං ගන්ඩෙපා බං. ඔය ඕනෙ ම කෙල්ලෙක් දා ගන්ඩ සිම්පල් ටැක්ටික් ටිකක් තියෙන්නෙ.”

“උඹ නං කියයි. උඹ දන් නෑනෙ ඒකි මට කියපු දේවල්...” මහේෂය අඬනව ඉතිං.

“හරි හරි බං. ඔය කොයි කෙල්ලත් එකපාර ම කැමතියි කියන්නෙ නෑ. එතකොට උන් ගැන කොල්ලො හිතන්නෙ උන් බඩු කියලා. ඉතිං ඔය කොයි කෙල්ලත් ඉස්සෙල්ලා බෑ කියනව. උන්, ‘බෑ’ කියන්නෙ, පස්සෙ ‘හා’ කියන එකට ම තමයි බං.”

“ඉතිං ඒකි බෑ කිව්වෙ නෑනෙ බං.”

“එහෙනං? මොකද්ද කිව්වෙ?”

“ ‘මල කෝලං. පළයං යන්ඩ’ කියලනෙ කිව්වෙ බං...”


52 comments:

  1. නියම කථා ටික ඩ්‍රැකී.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න ගේ කථාවට සමාන මේක ඇත්තම කථාවක්.මේ සිද්ධියට සම්බන්ධ කොල්ලො මම දන්න අය. වෙලාව පෙන්නන ටෙලිෆෝන් නොතිබිච්ච කාලේ නුගේගොඩ සිට යන පොදු පාසැල් සේවය බස් එකක වෙච්ච දෙයක්. එකේ ලේඩීස් කොලේජ් එකේ කෙල්ලෙක්ට කථාකරන්න, එක කොල්ලෙක් තමන්ගේ ඔරලෝසුව ගලවලා යාළුවට දීලා, කෙල්ල ලඟට ගිහින් වෙලාව අහන්න. හැබැයි ඌ අහල තියෙන්නේ What's the time? කියන වෙනුවට Where's the time? කියලයි. කෙල්ල වෙලාව කියල. අරූ අහපු එක ඇහිච්ච යාළුව "ආ ඉඳා" කියල උගේ ඔරලෝසුව කෙල්ල ඉස්සරහම මූට දීල. ගොඩ දෙනෙක් කියන්නේ අර දෙවෙනි එකා මූව නෝන්ඩි කරන්න කෙල්ල ඉස්සරහ ඔරලෝසුව දුන්න කියලා. ඒත් ඌ කියන්නේ where's the time කියල කියනකොට අරූ ඔරලෝසුව හොයනව කියල හිතිල ඒක දුන්න කියල.

      Delete
  2. අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු. අර වේලෙනත් කලින් ඉයන් ඇවිත් පත්තරේ දාලා නේද?🤣

    ReplyDelete
  3. තෑන්ක්ස් ඩ්‍රැක්ස්. මිනී මැරුම්, සමූල ඝාතන සහ ඇනෝ වලි වලින් පස්සෙ, මම හිටියෙ "අඳුරු" පැත්තෙ. මේක තමයි බේත. ආයෙ එඤ්ඤ්ඃ ඈ?

    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ලයිට් ස්විච් එක හොයාගත්තද?

      Delete
    2. හොයා ගත්ත ලොකු සර්. ඒත් පත්තු වුනේ ස්විච් එක. හැට්ටර් නං කිව්වෙ පෞස් එකේ අවුලක් කියයි.🤔

      Delete
    3. හැබෑටම ස' ද කොකා සංගමේ ලේඛම්?ඇප්ලිකේෂන් ගාස්තුවට ගන්නෙ බිත්ත්‍රද, බැස්ටිද? පරණ ලිතියම් බැස්ටි උනත් ගන්නවද?🤔

      Delete
    4. ලේකං අර පත්තරය. මම සභාපති. னයින්ට බැට්‍රි වැඩක් නෑ. ඒව අර අලකොමාට වටිනව උගෙ චෝට් එකට දාගන්න.

      Delete
    5. අලකොමා නං කිව්වෙ කෑලි හයේ චෝට් එකෙන් னයින්ට තමයි බැස්ටිය දෙන්නෙ කියලයි. මාත් සාමාජිකත්ව ඇප්ලිකේසොමක් එවන්නද ස'?

      Delete
  4. //මේක ටිකක් අවරයි. ඒ නිසා කියවන්න එපා//

    හා! 😁

    ReplyDelete
    Replies
    1. ඕව කියන්න ඕන අර එල ද බ්‍රා මෙන්ඩට.

      Delete
    2. https://www.facebook.com/100044567583551/posts/pfbid02LrgALKfdnSC7yoYiHwvsmCee1NiShce19bfVmMsupfn4M7n11tLjdwuhz2BBZS39l/?mibextid=CDWPTG

      Delete
    3. නියමයි. තව දාහක් වටිනවා. මම හොය හොය හිටියෙ සිරි ලංකා පොලිටිකල් කාටූන්. නෙලුං කුලුනෙ බෝලෙට බොම්බයි ලූණු ගෙඩියක් දාලා කාටුන් එකක් අඳින්නද?🤔

      Delete
    4. අප්පට හුඩු. ඒක නං නිධානයක්.🙏👌
      තව නැද්ද ඒ වගේ ලින්ක්. දැන් නම් මටත් FB යන්නම හිතෙනවා. FB නලපාන ජාතකේ විල වගේ තමා, ගිය මිස ආ අඩි සළකුනු නැත.😜

      Delete
    5. https://www.facebook.com/share/de7k9eRvmf63BRLK/?mibextid=xfxF2i

      Delete
    6. තෑන්ක්ස්. අනේ, කැමිලස් පෙරේරා නැති වෙලා නේද?😞 කාටුන් කලාවෙ දෑවැන්ත යුග පුරුෂයෙක්!

      Delete
  5. මරු කථා ටික....කැම්පස් වල අවසාන අවුරුද්ද වෙනකං කොල්ලෙක් එක්ක යාලු වෙන්නැති කෙල්ලෙක්ගෙන් පාරේ යන ගමන් වෙලාව ඇහුවත් හා අයියේ මං කැමතියි කියනවා...ලව් ඩොක්ටර් කියනවා වගේ චුට්ටක් ඉවසලා ඉන්නෝනේ 😀 -Mayya

    ReplyDelete
  6. යුද්ධය ගැන කියවෙන කතාවල යටින් දිවෙන හුය තමයි ජීවිකවලට මිනිස්සු තමන්ගේ කොයිතරම් ආදරය කරනවද කියන එක.

    ReplyDelete
  7. නමියගෙ? කට්ට උඩ ගිහිං??? වෙන්න බෑ.

    ReplyDelete
    Replies
    1. නමියට කට්ට කිව්වත් එකයි, කට්ටට නමිය කිව්වත් එකයි.

      Delete
  8. ඇත්තම කියනවනං අර කෙල්ල Pra​සන්னයට කැමතියි කියල කලින් කියලලු තිබ්බෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... මේ තියෙන්නෙ...
      https://www.facebook.com/100087129969420/posts/pfbid037FrFRzgEu5BoeuCGSbXuGKB3t9TJS1ZAY8SMbxdYFqJwmfrud6iwkojRRZpwD7Asl/?mibextid=CDWPTG

      Delete
  9. මහේෂයනං අර කේස් එකෙන් පස්සෙ බොන්න පටං ගන්න පුලුවං රස්සාවක් හොයාගත්තලු.

    ReplyDelete
  10. දවසක් ගැඩවිලෙක්, උදේක පොලොවෙන් මතුවුනාලු. "ෂා, අද හරි අපූරු දවසක් නොවැ? මල් පිපිල. කුරුල්ලො නාද කරනවා."
    එතකොට ගැඩවිලා දැක්කලු තවත් එකෙක් පොලොවෙන් මතු වෙනවා.
    " අම්මට හුඩු පට්ට කෑල්ලක් නේද? ආ.....නංගී, කෝමද?"
    අනිත් ගැඩවිලා කිව්වලු මෙහෙම:
    "පිස්සු කෙලින්නෙ නැතුව ඉන්නව ඕයි. මම තමුසෙගෙ අග කෑල්ල"

    එතකොට

    ReplyDelete
    Replies
    1. එතකොට කතා කලේ පුක ද?
      (පුක යනු කුණුහරුපයක් නොවේ. ක.කා)

      Delete
    2. නයි කයිද රෝස් පාං! එහෙම වෙන්න ඇති නේද?🤔

      Delete
    3. https://drackey.blogspot.com/2021/07/blog-post.html?showComment=1627696083149&m=1#c62782684041559799

      Delete
    4. බොට මාර මතකයක් නෙව තියෙන්නෙ? 🤭

      Delete
    5. The early bird gets the worm; the early worm gets eaten.

      Delete
  11. කියවනකොට උඩ තියෙනා ඔක්කොම
    හිතුණා එක එක දේවල් දිගටම
    කොහොමද එව්වා ලියන්නෙ මෙතනම
    'වැඩි හරියක් අවර'යි නොලියමි මම

    ReplyDelete
  12. මරේ මරු . හි පලස්තීන එවුන්ට කවදාවත් යුධ ටැංකි තිබ්බේ නැහැ.

    ReplyDelete
  13. https://patimes.org/public-administration-and-jokes-we-need-to-vent/

    ReplyDelete
    Replies
    1. කොහොමත්, අපේ රාජ්‍ය පරිපාලනය ජෝක් එකක් වෙලා...

      නෑ, එක්කො ඔ්නෙ නෑ...!

      Delete
  14. කෙටියි
    රසයි.... ඩ්‍රැකී...

    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ඒක හයිකු කවියක් ද?

      Delete
    2. ම්ම්. එහෙම හිතන්නත් පුලුවන්. ඒත් හයිකු තවත් එහා හිතන්න වෙන දෙයක්නේ...
      ඉදිරියේදී හයිකු ටිකකුත් මම ලියන්නම්. ඩ්‍රැකීට බලන්න පුලුවන් එතකොට.
      ජයවේවා

      Delete
  15. බලන්න ඉතින් අපි මේ දන්න කියන උන් කරගෙන තියෙන දේවල්...මරු හැබයි...😇😇

    ReplyDelete
    Replies
    1. ආාාන්න හරි. මතක ද, විනී සල්පිලේ කියපු කවියක්?

      "ආරච්චි මහත්තයෝ...
      මරණය අපේ කොයි කාට ද කියනු බැරී
      ඊළඟ පාර ආරච්චි ද වෙන්ඩ බැරී..."

      අන්න ඒ වගේ, ඊළඟ කතාව සොඳුරු සඳට...

      Delete
  16. හුම්. යුධ කතා අශ්ෂෙ ලව් ඇන්ඩ් වල් ස්ටෞරි.

    ඔය මහේසයට සූම් යන්ට හදිස්සිය. අහන පරක්කුවට හාම්සි වෙනට. ඒකයි ඔය ටැපලුනේ 😁🙈

    ReplyDelete
    Replies
    1. අපේ මහේෂ් රත්නායකට මොකවත් කියන්ඩෙපා හරිය? ඌ මගෙ යාලුවා.

      Delete
  17. කව්ඩ යකෞ මේ වල්හත්ත කතාවලට මාව ඈඳුවෙ........

    ReplyDelete
    Replies
    1. කවුද යකෝ, අදාල නැති තැංවල ගයනු කිත්ත දාල කමෙන්ට් කරන්නෙ?

      කවුද එව්වට ඉමොජි රිප්ලයි කරන්නෙ?

      Delete
  18. බස්සාට අදාලයි
    https://www.facebook.com/1610988599/posts/pfbid0223fjrcRWjGqBui986JJUT7FZX2KFWS3KfAApGMuup4W57zVmbceLiSXovKaF3pJFl/?mibextid=Nif5oz

    ReplyDelete
  19. ඉල ඇට සම්බෝල උනා! මට නං ඇදලම ගියේ ටැංකි හුවමාරුව!

    ReplyDelete
  20. ඉස්සර කාලේ පලවුන ඩයිජස්ට් වර්ගයේ සිංහල සඟරාව, මුතුහර මතක් වුනා. ඒකේ මෙන්න මේ වගේ රසබර කෙටි කතා එකතුවක් යනවා. කාලෙකට පස්සේ ඒ වගේ රසවත් කෙටි එකතුවක් කියෙව්වා, බොහෝම ස්තුතියි!

    මීටරේ තව වර්ෂන් එකක් තියෙනවා අර දෙන්න එකම කාමරයේ, වෙන්කරන්නේ තිර රෙද්දකින්, ඒක ක්‍රම ක්‍රමයෙන් ඉහලට එසවෙනවා. ඇස් පේන්නේ නැති එකාගේ මීටරේ. මේකේ ඔෆිසර් හමුදා සේවයේ වැඩ්ඩෙක්, අස්වෙන්න දෙන්න බැහැ කියන එක ඔප්පු කරන්න කර දෙයක් හැටියටයි අහලා තියෙන්නේ.

    ReplyDelete
  21. මරු කතා ටිකක්. ආසාවෙන් කියෙව්වා.

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි