Saturday, December 16, 2023

 වෙතාල කථා - 6 තරඞ්ගය

5. තරඞ්ගය

"දෙවජාති ඇත්ත, ඒ සියල්ලන් අතුරෙන් ශුද්‍රකරජ තෙමේ ම ශ්‍රෙෂ්‍ඨවීරයා ය"යි රජ පිළිවදන් දින.

"නරපතිය, ලෝකයෙහි අන් කිසිවකු විසිනුදු නො කට හැකි දුෂ්කරක්‍රියාවක් කළ ඒ වීරවරයා කෙසේ නම් වීරශ්‍රෙෂ්ඨ නො වන්නේ ද? සියදූපුතුන් බිලි දෙනු ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දැක ද ධෛර්‍ය්‍යයෙන් නො ගිලිහුනු ඒ ධර්‍මවතිය කවර හෙයින් වීරශ්‍රෙෂ්ඨ නො වන්නී ද? බාලවියෙහි සිටිය ද එබඳු අධිකධෛර්‍ය්‍ය ඇති ඒ සත්‍යවරයා කවර හෙයින් වීරශ්‍රෙෂ්ඨ නො වන්නේ ද? එසේ තිබිය දී ඒ එක ම ශුද්‍රකරජ ප්‍රවර ය යි කවර හෙයින් කියයි දැ?"යි වේතාලයා නැවත ද ප්‍රශ්න කෙළේ ය.

"යක්‍ෂෙශවරය, වීරවර, ධර්‍මවතී, සත්‍යවර යන තිදෙනා වීරශ්‍රෙෂ්ඨ නො වෙතැයි මම නො කියමි. ඔහු ද වීරශ්‍රෙෂ්ඨයෝ ය. එහෙත් ශුද්‍රකරජ ඒ තිදෙනාට ම වඩා වීරශ්‍රෙෂ්ඨයා යයි කියමි. කවර හෙයින් ද යත්:- කුලපුත්‍ර වූ ඒ වීරවරයා ශුද්‍රකරජ වැනි නො වේ. ඔහුට අයත් හැම දෙය ම වියදම් කොට හිමියා රැක ගැන්ම ඔහුගේ යුතුකමකි. ඔහුගේ භාර්‍ය්‍යාව වූ ධර්‍මවතී ද හිමියා ගත් මග ගත්තී ධර්‍මය ම රැක්කා ය. ඒ දෙදෙනාගෙන් උපන් සත්‍යවර තෙමේ ද එබඳු ම ය. හූ (නූල්) යම්බඳු ද, එයින් වියූ පිළිය ද එබඳු ය. රජුවිසින් යම්බඳු මෙහෙකරුවන්ගේ දිවි පුදා සිය දිවි රකිනු ලැබේ ද, එබඳු මෙහෙකරුවන් උදෙසා දිවි පිදූ ශුද්‍රක රජ කෙසේ නම් ඒ මෙහෙකරු වූ වීරවරයන්ට වඩා ශ්‍රෙෂ්ඨවීරයෙක් නො වන්නේ ද?"

රජුගේ බස් අසා වේතාලතෙම පෙර මෙන් ම අතුරුදන් වී ය.

6. තරඞ්ගය

1

රජ තෙමේ ශිංශපා (ඇට්ටේරිය) වෘක්‍ෂමූලයට ගොස් පෙර සේ එල්බෙමින් තිබුණු මළසිරුර බා ගෙණ එන්නට වන. වේතාල තෙමේ ද අනික් කථාවක් ආරම්භ කෙළේ ය.

සොමප්‍රභාකථාව

උදේනි නුවර පුණ්‍යසේන නම් රජුගේ හරිස්වාමි නම් ඇමැතියෙක් වී ය. ඔහුට දෙවස්වාමි නම් පුතෙක් ද සොමප්‍රභා නම් දුවක් දැ යි දරු දෙදෙනෙක් වූහ. වැඩිවිය පත් දූ තොමෝ රූපශ්‍රීයෙන් ද අගතැන් පැමිණියා ය. ස්ත්‍රීන් විසින් දතයුතු සියලු ශිල්ප ශාස්ත්‍ර උගත්තා ය. සියලු ස්ත්‍රී ගුණයන්ගෙන් යුක්ත වූවා. නොයෙක්දෙසින් බොහෝ දෙන ඇය සරණ අසා මඟුල්කපුවන් එවූහ. ඕතොමෝ ඒ සියල්ල ප්‍රතික්‍ෂෙප කොට ස්වකීය නිශ්චය මවට දැන්වූ: "මෑනියෙනි, මම ශූරයෙකු හෝ ඥානියෙකු (ජ්‍යොතිශ්ශාසත්‍රඥයෙකු) නැතහොත් විඥානියෙකු (වඩුවැඩ ආදී ශිල්පයන්හි දක්‍ෂයෙකු) කැමැති වෙමි. එබන්දෙකුට මා විවාහ කොට දිය යුතුය. නො එසේ වූවෙකුට දුන හොත් මම මැරෙන්නෙමි"යි කීවා ය. මවුතොමෝ දුවගේ අභිප්‍රාය සියහිමියාට හා පුතුට ද දැන්වූවා.

එක්දිනෙක්හි හරිස්වාමීහු වෙත තරුණ බමුණෙක් එළඹ මෙසේ කී ය:- "මම ඔබ දුවගේ රූපසෞන්‍දර්‍ය්‍යය අසා ඇය ලබාගණු පිණිස පැමිණියෙමි. මම ඔබගේ කුලයට සුදුසු උතුම් බමුණුකුලයෙක්හි උපන්මි. ධනවත්මි. මට නැත්තේ ගුණවත් බිරින්දක පමණයි,"

"පින්වත් තරුණය, මාගේ දුව ඥානි. විඥානි, ශූරයන් මිස අන් කෙනෙකුන් නො පතයි. ඔවුන් අතුරෙන් පින්වතා කවරෙක් දැ?"යි හරිස්වාමි විචාළේ ය.

"මම විඥානියෙක්මි. මා සමාන විඥානියෙක් අන් තැනෙක නැත්තේ ය"යි තරුණයාගේ පිළිතුර වී ය.

"එසේ නම්, භවත්හුගේ විඥානය දක්වනු මැනවැ"යි හරිස්වාමි නියම කෙළේ ය.

තරුණතෙමේ කීප දිනකින් ගගනයාත්‍රාවක් සාදා හරිස්වාමි එහි නංවා ගෙණ අහසට නැංගේ ලෝකයෙහි නොයෙක් තැන ගොස් රමණීයස්ථාන පෙන්වී ය. එයින් තුටු වූ හරිස්වාමිතෙමේ ඔහුට එයින් සත්වැනි දිනයෙහි සියදුව දෙන්නට ගිවිස්සේ ය.

මේ ගිවිසුම කළ දිනයෙහි ම, එය දැනගන්නට මත්තෙන් එක් තරුණයෙක් තරුණියගේ සොහොයුරා වෙත ද, තව එකෙක් මව වෙත ද අවුත් තරුණිය ප්‍රාර්‍ත්‍ථනා කළහ. හරිස්වාමි මෙන් ම ඔහුගේ පුතා ද තමන් වෙත ආ තරුණයාගෙන් හෙතෙම ශූරාදීන් අතුරෙන් කවරෙක්දැ'යි විචාළේ ය. හෙතෙම "මම ශූරයෙක්මි"යි පිළිණ (ප්‍රතිඥා , පිළිගැණීම) කොට අන්කෙනෙකුන් විසින් නො දත් බොහෝ අවිසරඹ දක්වා දෙවස්වාමි සතුටු කෙළේ ය. දෙවස්වාමි ද එයින් සත්වැනි දිනයෙහි සිය සොහොයුරිය ඔහුට දෙන්නට ප්‍රතිඥා කෙළේ ය.

මව වෙත පැමිණි තරුණ තෙමේ ද, 'ශූරාදීන් අතුරෙන් කවරෙක් දැ'යි විචාරණලද්දේ 'ඥානියෙක්මි'යි කී ය. නැණැති ඒ මවු තොමෝ ද ඔහු අතින් අතීතානාගතකාලයන් පිළිබඳ බොහෝ කරුණු ගැණ ප්‍රශ්න විචාළා ය. සුදුසු පිළිතුරු ද ලැබුවා ය. ඕතොමෝ ඒ තරුණයා ශ්‍රෙෂ්ඨ වූ ඥානියෙකැ යි නිශ්චය කළා ය. එයින් සත්වැනි දිනයෙහි සිය හිමියා හා පුතාත් ගෙට ආ කල්හි සියදුව ඔහුට දෙන්නට ගිවිස්සා ය.

සත්වැනි දිනයෙහි සියල්ලෝ හරිස්වාමිහුගේ ගෙට රැස් වූහ. මවුපියපුත්හු තමන් විසින් වෙන වෙන ම කළ ගිවිසුම් ඔවුනොවුන්ට කීහ. එක ම තරුණිය සඳහා තුන්දෙනා වරයන් තිදෙනෙකුන් කැඳවීමෙන් හරිස්වාමි තෙමේ බෙහෙවින් ව්‍යාකූල වූයේ ය. 'කුමක් කට යුතු දැ?'යි නිශ්චය කළ නො හැකි වී ය.

2

අහෝ, පුදුමයකි! එකල්හි ම ඒ සොමප්‍රභාතොමෝ පෙණෙන්ට නො සිටියා ය. සියල්ලෝ ව්‍යාකූල වූහ. එහෙත් ඥානිතෙමේ ශ්‍රාස්ත්‍ර බලන්ට පටන් ගත. කාන්තාව රකුසෙකු විසින් පැහැර ගෙණ ගොස් වින්‍ධ්‍යවනයෙහි සඟවන ලද බව ඔහුගේ ශාස්ත්‍රයෙන් දත හැකි වි ය. එ තෙමේ ඒ බව අන්‍යයන්ට ද කී ය. විඥානිතෙමේ එකෙණෙහි ම ගගනයාත්‍රාවක් සාදා ඥානියා හා ශූරයාත් කැටි ව වින්‍ධ්‍යවනයෙහි කාන්තාව සඟවනලද තැනට ගියේ ය.


ගල්ලෙන දොරකඩ රකුසා එක් අතකින් මහයගදාවක් ගෙණ අනෙක් අතින් දැළිරැවුලු ඇද ඇද සියලු ම සිරුරින් විසුළු දක්වමින් රැකවල් ගෙණ සිටියේ ය. අඳුන්කුළක් වැනි උස්ගතින් හා මල බැඳුනු යකඩකෙඳි වැනි කෙසින් වැසුනු හිසින් ද, දැලි බැඳුනු මහකොරහක් පමණැති රුදුරු මුහුණ මතුයෙහි පිහිටි කප්කෙළ රිවිමඬුලු (කල්පාන්තයෙහි සූර්‍ය්‍ය මණ්ඩල) දෙකක් වැනි රතැස්යුවලින් හා දික් වුව ද මිටි වූ, මැදින් බුන් නඟුලිසක් වැනි, නැහැයෙන් ද, පුරදියවක් හි ලසඳයුවලක් (පුරපක්‍ෂයෙහි (මාසේපෝය ගිය) දෙවෙනි දින අළුත් සඳවල් දෙකක්) වැනි නැමි දළයුවලින් ද, ඌරුකරක් වැනි කරින් හා සිරුරුබර දැරිය නො හැකිව මෙන් පෙරට නැමීගිය දන යුවලින් ද බිහිසුණු රකුසා ඔවුන් දැක කිපී ඔවුන් හා සටනට පැමිණියේ ය. ශූරතෙමේ දිවි නො තකා ඔහු හා යුදට වැද ඔහු මරා තරුණිය නිදහස් කර ගෙණ ඇයත් සමග ගගන යාත්‍රාවෙන් ම තරුණියගේ ගෘහයට පැමිණියේ ය. එහි දී ඒ තිදෙනා අතර තරුණිය උදෙසා වාක්සංග්‍රාමයක් වී ය.

"මම මගේ ශාස්ත්‍රබලයෙන් මැය සිටිතැන දැන නො කීයෙම් නම්, කිසිවෙක් මෑ ලබා ගැණීමෙහි සමත්‍ථර්‍ නො වේ. එහෙයින් මට ම මේ කාන්තාව අයිතිය"යි ඥානිතෙමේ කී ය.

විඥානිතෙමේ "මම ගගනයාත්‍රාව නො නිමවූයෙම් නම්, තෙපි ඒ දුර්‍ගස්ථානයට එතරම් ශීඝ්‍ර ව කෙසේ යන්නහු ද? අහසෙහි සිට යුද කළ ඒ රකුසා සමග ශූරතෙමේ කෙසේ නම් යුද කරන්නේ ද? මගේ යාත්‍රාව නිසා ම ඒ සියල්ල පහසු වී ය. එහෙයින් කාන්තාවගේ ස්වාමිභාවයට මම ම සුදුසුසෙමි"යි කී ය.

"මම ඒ රකුසා යුද කොට නො මැරීම් නම්, තෙපි දෙදෙන කොතරම් යත්න කළත් මේ කාන්තාව නො ලබන්නහු ය. මාගේ බාහුබලය නිසා ම කාන්තාව ලදිමු. එහෙයින් කාන්තාව මට ම දිය යුතු ය"යි ශූරතෙමේ කී ය.

"රජතුමනි, ඒ තිදෙනාගෙන් කවරෙකුට ඒ කාන්තාව දිය යුතු ද? පෙර මවිසින් කළ ශාපය ද සිහි කරව"යි වේතාලතෙමේ තූෂ්ණීම්භූත ව ගමන් කළ රජුහට කී ය.

60 comments:


  1. මේක කියවන්ට හිමීට එන්නටං... ☺

    ReplyDelete
  2. රෑට නිදිනරගාතේ ෆෝන් එකෙන් බලන්න බෑ අප්පා මේ මහප්‍රාණ...හෙට උදේ ආයෙ එන්නම් 🤗

    ReplyDelete
    Replies
    1. හ්ම්....නිදි "නර-ගාතයකින්" මේක ටයිප් කරල තියෙන බව පේනවා.🤭

      Delete
    2. සොඳුරු සඳ,
      ඇත්ත. ෆොන් එකෙන් බ්ලොග් කියවන්න ගිහිං මගෙ බෙල්ල ඇමැට්ටි වුණා මේ ළග දි.

      බකුස්,
      ඇත්ත. අපි කවුරුත් ටයිප් කරන්නෙ "නර ගාත් ඇඟිලි තුඩුවලින්"

      Delete
    3. බසූ...හි හි හීඊඊඊ...වැඩේ කියන්නෙ උදේ කියවන්න එන්න බැරිඋනා...දැනුත් නිදිමරගාතේ ( ආ හරියට ටටිප් උනා) කියෙව්වෙ.

      Delete
    4. හි හී තමයි. මාත් ඇඳේ ඉඳං සමහර වෙලාවට කමෙන්ට් කරනව, හතර හිනා උදේට කියවද්දි.

      Delete
  3. ආ කාල වරෙන්කො ඉතිම්. මගේ නිදිමතත් ගියා , මොලේට සමනල ගැටේ වැටිලා.🤔

    ReplyDelete
    Replies
    1. බැස්ටියංතුමාගෙ අල්ට්‍රා ටැක්නිකල් පෝස්ට් එකක් මතක්වුනා මේ වේතාලෙ දැක්කාම

      Delete
    2. ඒක මී-ස්පැෂල් වර්ගයේ එකක්. ඇතුලට බැදපු කරවල, පොල් කෑලි ඔක්කොම දාලා හැදුවෙ. ඒත් වටේ කැකුනා මිසක් ඇතුලට ආවෙ නෑ. චොකලට් නෝනෙ ආවා විතරයි. මී සැට් එක ඉහිලුම් නැතුව ගියා.

      අපරාදෙ කියන්න බෑ සහයට ඩ්ර්.....ඩැනී හිටියා. If you get my drift, my good Sir🤭

      Delete
    3. බකුස්,
      ඔබ නිදන්න ඔබ නිදන්න - පවන් සල සලා...

      ප්‍රා,
      ඇත්ත. ඔයත් පටං ගත්තනං ලංකාවෙ නීති ක්ෂේත්‍රය ගැන ලියන්න, අපට රිටන් එක හම්බු වෙනවා.

      බකුස්,
      ඔය මොකක්වත් නැතුව කම්බියක් ඇදල තිබ්බනං ඉවරනෙ. "මීයො" ඇවිත් "කරෝලත් නෑ, පොලුත් නෑ..." කිය කිය ඉඳියි, බෙල්ල කැපෙනකං.

      Delete
  4. ආයෙ එඤ්ඤං කමෙන්ට් වැටුනාම.

    ReplyDelete
    Replies
    1. ආයෙ එඤ්ඤ එහෙනං... තේ එකක් කාරිය බී...ලා.

      Delete
    2. එහෙනං ඈඳි ගන්ඩ. විටක් කමුද?

      Delete
    3. සුරුට්ටුද බොන්නෙ
      බුලත්මද කන්නෙ
      මෙහෙත් හරි වැස්ස
      ගඟත් උතුරන්න

      Delete
    4. ගොඩිං පැන ගත්ත
      හුඟක් ළඟ හින්ද
      හෙනං ගෙන එන්ඩ
      සුරුට්ටුව බොන්ඩ

      Delete
  5. දවස් හතක් කල්පනා කරන්න වෙනවා ඒක විසඳන්න.

    ReplyDelete
    Replies
    1. ඔයා හිතන්නෙ මොකද්ද? කාට ද දෙන්ඩ ඔ්නෙ? එහෙම නැත්තං තරුණියට ස්වයංවරයට ඉඩ දෙමු ද?

      Delete
  6. ඔය නොසන්ඩාල වේතාලය අහන්නෙම ඔහොම උත්තර දෙන්න බැරුව හිරවෙන ,හොට පැටලෙන ප්‍රශ්නමයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඔයා දන්නවද බලන්න ඒව අහන්නෙ. මොකද හිතන්නෙ ඒ ගැන?

      Delete
    2. මට නම් උත්තර දෙනව තියා හිතාගන්නවත් බැහැ.මොකද තුන් දෙනාටම එක වගේ සුදුසුකම් තියන නිසා.

      Delete
    3. එහෙනං තුන්දෙනාට එකගෙයි කන්න කියමු ද?

      Delete
  7. අනප්ලෑං යන්න අරූ කලින් හැදුවනං අර රයිට් බ්‍රෝ ල පුක ඉරාගෙන හැදුවෙ මොකක්ද එතකොට.

    ReplyDelete
    Replies
    1. අඩෝ අඩෝ...! හැල තාක්සනේ ඩෝ! සුද්දො අපෙං හොරකං කරල ඩෝ!...see more

      Delete
    2. මොකද්ද යකෝ ඒ. අර චිකන් රන් එකේ උං ඔයිට වැඩිය හොඳට කරනව.

      Delete
    3. ඒ කාලෙ වඩ්ඩො තමයි නියම වැඩ්ඩො. ලී වලින් තමයි ජප්පො( ජෙප්පො නෙමෙයි) WW2 වලදී, zero කියන යුධ අහස්‍යානා හදල තියෙන්නෙ.

      Delete
    4. ප්‍රසක්ඥ,
      ඒක තමයි යකො! කුකුල් කොටුවටත් ගියෙ අපේ හැල රකුස් ාක්සනේ තමා.

      බකුස්,
      ඒකනෙ, කාෂ්ඨවාහන කතාවෙ සැහැල්ලු ලී දඬුවලින් ගුරුළු යන්ත්‍රය හැදුව කිව්වම මැජික්.

      Delete
  8. මේ බොලාට නිකමටවත් හිතුනෙ නැහ්ද, මේ වේතාල බුවා කොහොමද මෙච්චර කතා තොගයක් දන්නෙ කියල. ඇයි හත්තික්කේ, ඇට්ටේරියා ගහේ එල්ලිලා ඉඳිද්දි ෆෝන් එක ඔබ, ඔබ උන්නා කියලයෑ?

    මට නග් හිතෙන්නෙම ඔඅය යකාත් ගොරොක් යක්ස, ලුණුදෙහි යකිනි, බේගල් සුවාතා පරම්පරාවෙ කියලා.🤔

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං. ඉස්සර කාලෙ මිනිස්සුන්ට වෙන වැඩක් නැනෙ විවේක කාලෙදි කරන්ඩ. කලිං අහල තිබුබ කතාවකට ලුණු ඇඹුල් එකතු කරන එක මිසක්. අපේ තාත්තලගෙ කාලෙට එනකං ම ඔය වැඩේ සිද්ධ වුණා. මට මතකයි අපේ තාත්තා කියනව, කොලොම්බස් රතු ඉන්දියන් කාරයන්ට ඉර අඳුරු කරවපු කතාව. අපේ බාප්ප තමයි කතා හදන්ඩ හපනා. පොරගෙ බේගල් තමා මං මුල් කාලෙ මේකෙ ලිව්වෙ...

      Delete
    2. //කොලොම්බස් රතු ඉන්දියන් කාරයන්ට ඉර අඳුරු කරවපු කතාව//
      සූර්‍යග්‍රහනයක් ගැන කලින් කීමක් වෙන්ටෑ?

      Delete
    3. https://www.space.com/27412-christopher-columbus-lunar-eclipse.html

      ඒක චන්ද්‍රග්‍රහණයක්. පස්සෙ කාලෙක ටිං ටිං කතාවකටත් ඒක අරං තිබුණා.
      http://www.blackkat.net/tintin/pdf/14%20-%20Prisoners%20Of%20The%20Sun.pdf

      Delete
    4. ටිං ටිං කතාව මට මතකයි. ඒකෙ හිටිය හිරු දෙයියො වඳින ඉන්කා/පීරු/මැක්සිකන් ගෝත්‍රයක් නෙව. අහා! එතකොට මේක තමයි ඒකෙ මූලාෂ්‍රය.🤔

      Delete
    5. ඔව් නේ. ඔය වගේ හඳ වහන කතාවක් තිබුණා නේ ද, "සොලමන් රජුගේ ආකර" පොතෙත්?

      Delete
  9. පංචතන්ත්‍රයෙත් මේ වගේම කතා එකතුවක් නේද? වැඩිය තිබුනෙ සත්තුන් ගෙ කතා කියලයි මතක.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. පංචතන්ත්‍රයෙ තියෙන්නෙ, පාලන තන්ත්‍රයෙ පොඩි පොඩි සංකල්ප ගොඩක් පැහැදිලි කරන්න හදපු කතා සෙට් එකක්. කීප සැරයක් කියවද්දි එක එක උපක්‍රම ඔලුවට එනව.

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. නව නළු රසය උතුරයි මේ කතාවලින්
    හිතා බලන්නට පෙළඹෙයි කියවන්නන්
    ඇබ්බැහි වෙල වගෙයි දැන් දැන් පාඨකයන්
    'වේතාලයොත්' එයි නැඟිටල පාතාලෙන්!

    ReplyDelete
    Replies
    1. ඇට්ටේරි ගහට වේතාලය යන්නෙ මොකටද?
      ඒ යනකොට කපපු කඹේ අරන් යනවද?
      සපෝට් එකට ගහ වටේම ඉන්නෙ කවුරුද?
      මට තේරෙන් නෑ ගොයියෝ කියල දෙනවද?

      Delete
    2. සමා වෙන්ඩ නිදි අයියේ වළඳ මගෙ අතේ
      කවි ලියන්ඩ තියා එන්ඩවත් වෙලා නැ‌තේ
      නැණ වඩවන අදහස මේ කතා වල ඇතේ
      සරිත් සාගරේම සිංහලෙන් දාන්ඩ හිතේ

      බකුස්,
      ඔබේ ප්‍රශ්න පත්තරේට
      මෙන්න මගෙන් පිළිතුරු
      1. රජා මඩවන්න වාගෙ ම කතා ටිකක් කීම පිණිස
      2. කඹේ මැජික් බලයෙන් ආපහු හයිවෙනවා
      3. ගහ වටේ ට ‌කවුරුවත් ම නැති බව පේනවා මට
      මට තේරෙන හැටියට ඔන්න උත්තර දුන්නා.

      Delete
  12. ස්වයංවරයට ඉඩ දීපං.. මාත් ඉදිරිපත් වෙනවා

    ReplyDelete
    Replies
    1. ස්වයංවින්දනේ කරන්න කාගෙන්වත් බාදාවක් නෑ බොට.

      Delete
    2. ඈ බං නයෝ, බෝ ඕක ගැන මට කිව්වෙ මොකක්ද හැට්ටරේගෙ ටැට්ටර් කතාවක් නේද?🤔

      Delete
    3. අත්ටැට්ටර් පදින්න ලයිසං ඕන නෑනෙ.

      Delete
    4. ඉවෝන්,
      බොට සෙට් වෙන්නෙ ඉතිං නාකි විදිහට මේකප් දාගෙන ඉන්න උදවිය නෙව.

      ප්‍රසක්ඥ,
      එහෙනං එහෙනං... "එන්ෆීල්ඩ්හි ග්‍රීස් යකා" කියල පත්තරේ හෙඩිමක් තිබුණ.

      බකුස් සහ ප්‍රසක්ඥ,
      https://www.youtube.com/watch?v=WZqVgqD3eMw&pp=ygUSaGFuZCB0cmFjdG9yIGZ1bm55

      Delete
    5. ඒක දැකලා මතක් වෙන, වෙන පාරට හිනා යනවා. අර අන්තිමට කැලේ කඩාගෙන ෂෝර්ට් කට් එකක් ගන්න හැටි තමයි නියම.

      Delete
    6. ආයි මොනව ද? තව එකක් තිබුණා, මට හදිස්සියෙ හොයා ගන්ඩ බැරි උනා. ඔය ලෑන්ඩ් මාස්ටර් එලවද්දි මරු මරු ආතල් තියෙනව.

      දන්නව ද, ලෑන්ඩ් මාස්ටරේ ඉස්සෙල්ල ම හැදුවෙත් විජේවර්ධන කෙනෙක් නෙ. ෆිලිප් රේවත විජේවර්ධන.

      Delete
  13. මෙන්න බොගේ පුඩිම.
    https://frozenlazyowl.blogspot.com/2023/12/blog-post_17.html

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් බකුස්... ඒක මං දාපු ගමං ම වගේ කියෙව්ව, මට මතක හැටියට උදේ කෑම කන ගමං ද කොහෙ ද. ඒ වෙලේ කමෙන්ට් කරන්න පුළුවන් කමක් තිබුණෙ නෑ. ඒ වගෙ ම මේ සඳුද උදේ ඉඳං ගොඩක් වෙලාවට හෙට හවස වෙනකං හිතට නිදහසක් නෑ, එක එක විදිහෙ වැඩ.

      ආයෙ ඇනෝවෙක් ආවොත් එන්නං ඈ...

      Delete
    2. අල වගේද ගෝවා.🙏😁

      Delete
    3. නෑ. දෙක වෙනස්. අල බහින්නෙ පොළොවෙ යට. ගෝව හැදෙන්නෙ උඩ...

      Delete
    4. අල වගේද කැරට්🤣

      Delete
    5. කැරට්, අල ය. අල සියල්ල, නො කැරට් ය. 🙃

      Delete
  14. අංකල් ජොන්සන් ගීතය අයිත සම්ප්‍රදාය මොකක්ද? රැප්ද?

    ReplyDelete
    Replies
    1. ජගත්ට හිතට එන ප්‍රශ්න...

      ඒ සිංදුව අස්සෙ රැපිඩ් කියන කොටසක් තියෙන නිසා රැප් කියල හිතුණට, රැප් කැටගරි එකකටවත් වැටෙන් නෑ කියල තමයි මට හිතෙන්නෙ. ඔය ප්‍රශ්නෙ සුනිල් පෙරේරා ගෙන් ඇහුවනං එයා කියයි, "මං දන්නෙ නෑ. ඔයාට ඔ්නෙ කැටගරියකට දාගන්ඩ" කියල.

      Delete
  15. ඥානි කියන්නේ පොත පත කියවන එකෙක්. විඥානි විද්‍යාඥයෙක් හෝ කාර්මිකයෙක් , ශූර කියන එකා ගහන්න මරන්න දන්නා එකෙක්. කෙල්ල බඳින්නේ පොත පත කියවන එකාව. ඌ තමයි ගෙදර ඉඳන් ළමයි බලන්න උදව් වෙන්නේ. සුපර් මාකට් යන්නේ, ඉඳල හිටලා චොකලට් එකක් මල් පොකුරක් අරන් දෙන්නේ, මැරෙන කන් ඉන්නේ එකට.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඒ හැබැයි, තුලනාත්මකව හිතන කෙල්ලෙක් නම්, සහ කෙල්ලට තීරණය ගන්ඩ දුන්න නම්. මෙතන තීරණය ගන්නෙ තාත්තයි අයියයි නෙ. සාම්ප්‍රදායික කෙල්ලෙක් නෙ ඉතිං.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි